Thursday, 21 June 2018



නිර්මාණය සහ පුද්ගලයා

ලෝකයේ බොහෝ දෙනාගේ අවධානයට ලක්වන පුද්ගලයන් නව නිර්මාණ තුළින් සමාජයට පිවිසි අයවලුන් වෙති . සෑම විටම පවතින තත්ත්වය වෙනස් කිරීමට ඔවුන් උත්සාහ ගැනීම නිසා අද අප කතා කරන නව ගීත කලාව , නර්තන කලාව ,ජනමාධ්‍ය කලාව  ආදී නොයෙකුත් කලාවන් බිහි වී ඇත . කලාව තුළින් සිදු වන්නේ සෑම විටම පුද්ගලයා තුළ ආනන්දය සහ දැනුම නිර්මාණය කිරීමයි .අතීතයේ සිටම වර්තමානය දක්වා බිහි වු කලාව දෙස විමර්ශනය කරන විට එහි යථාර්ථය වටහා ගත හැකිය . නමුත් අදඑනම් , නූතන කලාව නමැති සන්දර්භය තුළ කොතරම් දුරට ඉහත අරමුණු සාක්ෂාත් කරනවාද යන්න තරමක් දුරට ගැටලු සහගත පැනයකි . අතීතයේ සිට පැවත ආ කලාවන් අතර සංගීත කලාවට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක් .

ස්වභාව ධර්මය ඇමතීමට ගනු ලැබූ උත්සාහයෙ වෑයමක් ලෙස සංගීතය ආරම්භ වූයේය .සුළඟ , වැස්ස , අකුණු කෙටීම ආදී වු පරිසර සිදුවීම් තුළින් නූතන සංගීතයෙ නව භාවිතා ආරම්භ වූයේය . කෙසේ වෙතත් සංගීත කලාව අද පවතින ස්ථානයට පත් කිරීමට චිරාත් කාලයක් ගත වු බව පැහැදිලි කරුණකි .

දමිත් පෙරේරා .

ප්‍රාදේශීය මාධ්‍ය

  ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය මාධ්‍ය වර්ධනය  සන්නිවේදන අධ්‍යයනය තුළ දී හදුනා ගත හැකි ප්‍රවණා අතුරින් ප්‍රාදේශීය මාධ්‍ය හිමිකාරීත්වය වර්ධනය වීම ක...