ප්‍රඥාවෙන් පාරිශුද්ධත්වයට පත් වීම ආදර්ශ පාඨය කරගත් කැලණිය විශ්ව විද්‍යාලය එකළ විසූ ශ්‍රේෂ්ඨ පැවිදි පඩි රුවනක් වන රත්මලානේ ශ්‍රී ධර්මාලෝක ස්වාමින් වහන්සේ විසින් විද්‍යාලංකාර මහ පිරිවෙණ ලෙස ආරම්භ කරන ලදී.එකළ පැවති ප්‍රධාන පිරිවෙණ් ආයතන ත්‍රිත්වය එනම්,
* විද්‍යෝදය පිරිවෙණ
*විද්‍යාලංකාර පිරිවෙණ
*රත්මලානේ පරමධම්මචේතිය පිරිවෙණ
අතර ප්‍රභල පිරිවෙණක් ලෙස බැබළීමට විද්‍යාලංකාර පිරිවෙණට හැකිවිය.
ඉන් අනතුරුව 1959 ජනවාරි 01 සිට ශ්‍රී ලංකා විද්‍යාලංකාර විශ්ව විද්‍යාලය ලෙස නම් කෙරුණි.ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ විද්‍යාලංකාර මණ්ඩපය ලෙස නම් වූ මෙම සරසවිය පසුව 1978 වසරේ අංක 16 දරණ පනත මගින් කැලණිය විශ්ව විද්‍යාලය-ශ්‍රී ලංකාව ලෙස නම් විය.
දුරාතීතයේ පටන් සංදේශ කාව්‍යයන්ගෙන් පවා වර්ණනා වී ඇති කැලණි ගං මිටියාවතේ පිහිටා ඇති මෙරට සන්නිවේදකයන් බිහි කිරීමෙහිලා කලාවේ මහ උල්පත ලෙසින් සැලකෙන කැලණිය විශ්ව විද්‍යාලයට ලාංකේය සරසවි අතර හිමිවන්නේ හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.මෙම කතාවට මුල පිරෙන්නේ මීට වර්ෂ ගණනාවකට එපිටිනි. ඒ හැත්තෑව දශකයයි.එකල මෙරට වාතාවරණය එතරම් සුභදායී නොවුණි.රැකියා විරහිත තරුණ තරුණියන් රජයට විරුද්ධව අරගල කරන්නට විය.මේ නිසාම වෘත්තීන් අරමුණු කරගත් එනම් වෘත්තියාභිමුඛ්‍ය පාඨමාලා සහ විෂයන් මෙරට විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත් කිරීමට එකළ පාලකයෝ ක්‍රියා කළහ.එකළ අධ්‍යාපන අමාත්‍යවරයා වූ ඊරියගොල්ල මහතා සහ ආචාර්ය එඩ්වින් ආරියදාසයන්ගේ මැදිහත් වීමෙන් ලංකාවට මාධ්‍ය අධ්‍යන විෂය හදුන්වා දුනි.
කලකට පසුව 1973 දී කැලණිය විශ්ව විද්‍යාලයට Mass Communication නම් නව විෂය පැමිණියේය.එම විෂයේ ආගමනයත් සමග මෙම ඉංග්‍රීසි වචනයට සුදුසු සිංහල වචනයක් ලාංකේය සිංහල උගතුන් නිර්මාණය කරන ලදී.එම වචනය නම් "ජන සන්නිවේදනය" යි.ජන සන්නිවේදන අධ්‍යනාංශය නමින් නව අධ්‍යන අංශයක් කැලණි සරසවියේදී ඇරඹුණි.
ප්‍රධාන වශයෙන් අභ්‍යන්තර කථිකාචාර්යවරු දෙදෙනෙකුගෙන් හා බාහිර කථිකාචාර්යවරුන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් විද්‍යාර්ථයින්ට දැනුම ලැබුණි.අද වර්තමානය වන විට ජාත්‍යන්තර කීර්තිය දිනා ඇති මහාචාර්ය විමල් දිසානායකයන් සහ මෙරට ජේෂ්ඨතම මහාචාර්යවරයෙකු වන සුනන්ද මහේන්ද්‍රයන් එකී ජන සන්නිවේදන අධ්‍යනාංශයේ ප්‍රථම අභ්‍යන්තර කථිකාචාර්යවරු විය.බාහිර කථිකාචාර්යවරුන් වශයෙන්
* ආචාර්ය එඩ්වින් ආරියදාස
* කේ.ජයතිලක
* ඩී.බී.නිහාල්සිංහ
* ඩබ්.ඩී.අමරදේව
යන විවිධ විෂය ක්ෂේත්රයන්හි ප්රාමාණිකයින් විද්වතුන් මෙහි ඉගැන්වීම් කටයුතුවල යෙදුනහ.සිංහල,දමිළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම ඇරඹි මෙම අධ්‍යනාංශයේ වර්තමානය වන විට ක්‍රියාත්මක වන්නේ සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය ද්විත්වය පමණි.
ශ්‍රී ලාංකේය විශ්ව විද්‍යාල සංස්කෘතියේ ප්‍රථම සහ එකම මාධ්‍ය උලෙළ වන "සංජනනී" මාධ්‍ය උලෙළ කැලණිය සරසවියෙන් බිහිවූවකි.එමෙන්ම විවාද තරගාවලි සහ නොයෙක් අංශයන්හි තරග තුළින් මෙරට විශ්ව විද්‍යාල පද්ධතියේ සුවිශේෂී ස්ථානයක් හිමි කර ගැනීමට කැලණිය විශ්ව විද්‍යාලය සමත් විය.
අද වන විට දස දිග පුරා විසිරී පැතිරී සිටින සන්නිවේදකයන් බොහෝමයක් කැලණි සරසවියේ විද්‍යාර්ථයින් වීම විශේෂත්වයකි.ඒ අතර රූපවාහිනී ගුවන්විදුලි නිවේදකයන්,පිටපත් රචකයින්,සිනමා අධ්‍යක්ෂකවරුන්,මාධ්‍ය වැඩසටහන් නිෂ්පාදකවරුන් ප්‍රධාන වේ.
මෙලෙසින් ජන සන්නිවේදන අධ්‍යනාංශයෙන් සිදු වන මහගු මෙහෙවර කියා නිමකළ නොහැකිය.සරසවිය වැඩ වෙසෙන කැලණි සරසවියේ සොදුරු සන්නිවේදයන් තනන ජන සන්නිවේදන අධ්‍යනාංශයට තවත් චිරාත් කාළයක් දෙස් විදෙස් පතල කීර්තිමත් සන්නිවේදකයින් බිහි කරන්නට ලැබේවායි ඉති සිතින් ප්‍රාර්ථනා කරමු.
සිනෙත් දින්සර
13 කලා
සාන්ත ජෝසප් විදුහල, නුගේගොඩ
No comments:
Post a Comment