ලාංකීය සිනමාවේ මහගෙදර වු සරසවි චිත‍්‍රාගාරය
කොළඹ නුවර ප‍්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 10 කණුව පසු වු විට කවුරුත් දන්නා හදුනන කැලණිය ටයර් මංසන්ධිය හමු වේ. එහි සිට මීටර් සියයක් පමණ ඉදිරියට පැමිණෙන විට දකුණු දෙසින් ස්වර්ණාලේපිත ඵලයක් මත ලියවුණු සරසවි චිත‍්‍රාගාරය යැයි සදහනක් දක්නට ඇත. ලාංකීය සිනමාවට ස්වර්ණමය යුගයක් සහ සේවාවක් ඉටු කළ සරසවි චිත‍්‍රාගාරයට එම ඵලකය සහිත වු මාර්ගයෙන් ප‍්‍රවේශ විය හැක්කේය. මෙරට සිනමා කර්මාන්තය උදෙසා සුවිශේෂී කාර්යය භාර්යයක් ඉටු කළ චිත‍්‍රපට සංස්ථාවට අයත් සරසවි චිත‍්‍රාගාරයේ අතීතාවර්ජනයක් සියුම්ව ගෙන හැර දැක්වීම අපගේ වෑයමයි.
ලාංකේය සිනමා කර්මාන්තය මුල් අවධියේ දී මුහුණ පෑ ප‍්‍රධාන ගැටලූවක් වුයේ චිත‍්‍රපට පසු නිෂ්පාදන කටයුතු ස`දහා යොදා ගත හැකි තාක්ෂණික සේවාවන්ගෙන් සමන්විත වන චිත‍්‍රාගාරයක් නොපැවතීමයි. සරසවි චිත‍්‍රාගාරය මගින් ලාංකීය සිනමාව මුහුණ පා සිටි එම අර්බුදකාරී තත්ත්වයට අවශ්‍ය පිළියම් ලබා දීමට සමත් විය. විශේෂයෙන්ම චිත‍්‍රපට කර්මාන්තයේ ශබ්ද පරිපාලන කටයුතු වැනි අතිශය බැ?රුම් කටයුතු සදහා මහගු පිටුවහලක් මෙමගින් හිමිවිය. එමෙන්ම ශී‍්‍ර ලාංකීය සිනමාවේ සුවිශේෂී හැරවුම් ලකුණු සනිටුහන් කළ විශිෂ්ට සිනමා කෘති සදහා මෙහි දායකත්වය නොඅඩුව හිමිවිය. 1989 දී එවකට ජනාධිපති වු රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමා විසින් සරසවි චිත‍්‍රාගාරයේ ප‍්‍රතිසංස්කරණය සහ නවීකරණය කිරීමට අවශ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන ප‍්‍රදානය කරන ලද්දේය. ඒ අනුව 1992 මාර්තු 23 වැනිදා නව ගොඩනැගිලි සංකීර්ණයක් සහිතව සරසවි චිත‍්‍රාගාරය නවීකරණය වන්නේ වර්තමානයේ පවතින ස්වරූපයට චිත‍්‍රාගාරය පත් කරමින් ය. මෙම නවීකරණ කි‍්‍රයාවලියෙන් පසු කළු සුදු සේයාපට ශෝධනය, මුද්‍රණය, ද්විත්ව මැදිරි හරහා අතිනවීන ශබ්ද පටල සැකසීම සහ ශබ්ද පටිගත කිරීම යන කර්තව්‍යන් සියල්ල සරසවි චිත‍්‍රාගාරය තුළින් සිදුකරගත හැකි විය.
විශේෂයෙන් සිනමා කර්මාන්තය උදෙසා විවිධ අංශවලින් සරසවි චිත‍්‍රාගාරයේ සේවාව විහිදි තිබිණ. රසායනාගාර වැඩ කටයුතු ( කළු සුදු ප‍්‍රතිඡුායාපලක පට ශෝධනය, ටේ‍්‍රබල් පි‍්‍රන්ට්ස්, ඩබල් පි‍්‍රන්ටින් , ශබ්ද අංශයේ වැඩ කටයුතු ( චිත‍්‍රපට ගීත පටිගත කිරීම, දෙබස් කැවීම, තැටි කැසට් පට නිෂ්පාදනය , සංස්කරණ වැඩ කටයුතු ( චිත‍්‍රපට සංස්කරණය, ප‍්‍රතිඡුායාපලක පට සංස්කරණය , කැමරා වැඩ කටයුතු ( එළිමහන් සහ ගොඩනැගිිලි තුළ ඡුායාගත කිරීම, චිත‍්‍රාගාර තුළ කැමරාකරණයට අවශ්‍ය පසුතල නිර්මාණය ආදි වශයෙන් සිනමා කර්මාන්තයට අවශ්‍ය නන්විධ සේවාවන් සරසවි චිත‍්‍රාගාරය හරහා ඉටු කරගත හැකි විය.
1973 වසරේ දී පෞද්ගලික අංශය යටතේ පැවති චිත‍්‍රාගාරය , 1972 පිහිටුවන චිත‍්‍රපට සංස්ථාවට පවරා ගන්නා ලදි. පසුකාලීනව එනම්, තාක්ෂණික වශයෙන් 2007 වසරේ දි සරසවි චිත‍්‍රාගාරය ඩිජිටල් තාක්ෂණය හා සමග අත්වැල් බැදගන්නේ එවකට පැවති ඇනලොග් තාක්ෂණයට සමුදෙමිනි. ඩිජිටල් තාක්ෂණය වෙත චිත‍්‍රාගාරය ගමන් කළත් අද වන විටත් ඇනලොග් තාක්ෂණය හා සම්බන්ධව පැවති තාක්ෂණික උපකරණ සියල්ල සංරක්ෂණය කොට තිබෙන්නේය. ඒ අනාගත පරපුර වෙනුවෙන් පුරාවස්තු ලෙස එම උපකරණ ආරක්ෂා කිරිමේ අවශ්‍යතාවය නිසාවෙනි. ඇනලොග් තාක්ෂණය යටතේ චිත‍්‍රපට සදහා අවශ්‍ය වන අතිරේක ශබ්ද පටිගත කොට දැවැන්ත සිනමා නිර්මාණ සදහා ඒවා උපයෝගී කරගත්තේය. එහෙත් නුතන නව්‍ය ඩිජිටල් තාක්ෂණයේ ආගමනය නිසා එවැනි අතිරේක ශබ්ද ඩිජිටල් මෙමරි පත් වෙත ලබාගෙන ඇත. වර්තමානය වන විට සිනමා නිර්මාණවලට අමතරව රූපවාහිනි වැඩසටහන්, රූපවාහිනි වෙළද දැන්වීම් සහ දෙබස් කැවීම් සිදු කරනු ලබයි. එයින් පෙනී යන්නේ යුගයෙන් යුගය වෙනස් වුවත් එදා මෙන් අදත් සරසවි චිත‍්‍රාගාරය ලාංකේය රූප මාධ්‍යට අවශ්‍ය වන ප‍්‍රබල සේවාදායකයෙක් බවය.
ලාංකේය සිනමා ඉතිහාසයේ සුවිශේෂී සිනමා නිර්මාණ සුරැුකීම සදහා චිත‍්‍රපට සංරක්ෂණාගාරයක් ද චිත‍්‍රාගාර පරිශ‍්‍රය තුළ පවත්වාගෙන යනු ලබයි. ප‍්‍රමුඛ පෙළේ චිත‍්‍රපට ස`දහා ගීත පටිගත කිරිම ද සිදු කර ඇති අතර පේ‍්‍රමසිරි කේමදාස, වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ වැනි ප‍්‍රවීණ ගායන ශිල්පීන්ගේ දායකත්වය ඒ සදහා ලැබී ඇත්තේය.
චිත‍්‍රපට අංශයෙන් ඉතාමත් සුවිශේෂී ලාංකීය සිනමාවේ හැරවුම් ලක්ෂයන් වු බොහෝමයක් සිනමා නිර්මාණයන්ගේ පසු නිෂ්පාදන කටයුතු ස`දහා යොදා ගෙන ඇත්තේ ද සරසවි චිත‍්‍රාගාරයයි. චිත‍්‍රපට හ`ඩ කැවීම, චිත‍්‍රපට සංස්කරණය සහ අතිරේක ශබ්ද යෙදීම වැනි කාර්යයන් ඒ යටතේ සිදු වූයේය. සුනිල් ටී. පෙරේරා, සරත් ධර්මවර්ධන, රෝයි ද සිල්වා, බන්දු සමරසිංහ, සුනිල් සෝම, උදයකාන්ත වර්ණකුලසූරිය, චන්ද්‍ර රත්න මාපිටිගම වැනි සිනමා කර්මාන්තයේ අති දැවැන්තයින්ගේ සිනමා නිර්මාණ ස`දහා සරසවි චිත‍්‍රාගාරය මාහැ`ගි තෝනැන්නක් වුයේය.
සරසවි චිත‍්‍රාගාරය ලාංකේය සිනමා ක්ෂේත‍්‍රයේ විශිෂ්ට ගණයේ සිනමා කෘති රාශියකට සිය තාක්ෂණික දායකත්වය සැපයු බව ලාංකීය සිනමා ඉතිහාසයෙන් මනාවට පිළිඹිබු වේ. රසික සිත් තුළ ජනාදරයට පාත‍්‍ර වු චිත‍්‍රපට රාශියක් සදහා සරසවි චිත‍්‍රාගාරයේ දායකත්වය ලබා ගත්තේ එවකට චිත‍්‍රපට පසු නිෂ්පාදන කටයුතු සදහා ඉන්දියාවට යාමේ අපහසුතාවය සහ ශී‍්‍ර ලංකාවේ විශිෂ්ටතම ශ‍්‍රව්‍ය සහ දෘශ්‍ය තාක්ෂණික ක‍්‍රමෝපායන්ගෙන් සමන්විත වු එකම ආයතනය සරසවි චිත‍්‍රාගාරය වු නිසාවෙනි. එදා මෙදා තුර සිංහල සිනමා වංශ කතාවේ විශාල සිනමා කෘති රාශියක් අතුරෙන් ලාංකේය සිනමාවේ විශිෂ්ට සිනමා කෘති කිහිපයක් පිළිබද අවධානය යොමු කළ විට පෙනී යන්නේ එකී චිත‍්‍රපට සදහා සරසවි චිත‍්‍රාගාරය ලබා දුන් දායකත්වය සුළු පටු නොවන බවයි. එම සිනමා කෘති සදහා ඉතා සියුම්ව දෙබස් කැවීම ඇතුළු ශබ්ද පරිපාලනයේ බොහෝ කටයුතු සදහා මූලිකත්වය ගනු ලැබුවේ සරසවි චිත‍්‍රාගාරයයි. අයෝමා , සුදු සෙවනැලි, මතුයම් දවසක, වෑකන්ද වලව්ව, දඩබිම එයින් කිහිපයක් පමණි. එමෙන්ම ලාංකේය සිනමාවේ හැරවුම් ලක්ෂ බවට පත් වු දේශීය මෙන්ම ජ්‍යාත්යන්තර වශයෙන් සම්මානනීයත්වයට පාත‍්‍ර වු ප‍්‍රසන්න විතානගේ වැනි සිනමාකරුවන්ගේ සමාජ පරිඥානය ඔස්සේ දෘශ්ටිගත වුණු පුරහද කළුවර, පවුරු වළලූ වැනි සිනමා පට සදහා සරසවි චිත‍්‍රාගාරයෙන් වු සේවාව අමරණීය ය.
පුරා දශක හයකට ආසන්න කාලයක් සිනමා සහ රූපවාහිනි දෘශ්‍ය මාධ්‍ය සදහා සිය දායකත්වය සැපයු සහ 21 වන සියවස තුළදීත් සිනමා කර්මාන්තයේ දේශීයත්වය විදහා දැක්වෙන දේශීය සිනමා සංස්කෘතියක් නිර්මාණය කිරිමෙහිලා සරසවි චිත‍්‍රාගාරය ලබා දුන් සහ ලබා දෙන සේවාව අනගිබවනීය ය. එමනිසා මෙවන් වු ප්‍රෞඩ උරුමයක් කෙරෙහි රාජ්‍ය අංශයේ මැදිහත්වීම වඩාත් සාධනීය වන්නේ නම් විදේශීය සිනමාව පවා තරණය කළ හැකි මානව සම්පත් සහ භෞතික සම්පත් ඇති බව පවසන්නේ දේශවාත්සල්‍යයෙන් යුතුවය.
සම්පත් දායකත්වය රවීන්ද්‍ර ලාල් මහතා සහ නන්ද කුමාර මහතා
සටහන් කළේ : සුමේන්ද්‍ර පෙරේරා සහ ටිෂානි ශෂි කුමාරි
No comments:
Post a Comment