මනෝවිද්‍යාත්මක ප්‍රතිකාරයක් වූ සමගි සන්ධානය
මිනිස් ශරීරයේ හටගත් වේදනා ගෙන දෙන ගෙඩියක් සැත්කමක් ඔස්සේ ඉවත් කරමින්, එම පුද්ගලයාට සහනය ගෙන දිය යුතුය. නො එසේ නම් එම ගෙඩිය හේතුකොට ගෙන පුද්ගලයාගේ කය රෝගී වී අවසානයේ මරණයට වුව ද ළඟා විය හැකිය. මිනිස් කය මෙන් ම මිනිස් සිත ද මේ තත්ත්වයට ගොදුරු විය හැක්කේ ය. මිනිසාගේ සිත තුළ හට ගන්නා සිතුවිලි හේතුවෙන් පුද්ගල සිත රෝගී විය හැකිය. ඒ හේතුවෙන් රෝගී තත්ත්වයේ පසුවන සිතෙහි හටගන්නා සිතුවිලි හේතුවෙන් පුද්ගලයා සියදිවි නසා ගැනීමට වුව ද ගමන් කරයි. එබැවින් වෛද්‍යවරයෙකු මිනිස් කයට ප්‍රතිකාර කරන්නා සේ මිනිස් මනසට ප්‍රතිකාර කිරීමට ද උපදේශකයෙකු හෝ මාර්ගෝපදේශකයෙකු සිටිය යුත්තේ ය. සිග්මන් ෆ්‍රොයිඩ් දක්වන ආකාරයට මෙලොව ජීවත් වන පුද්ගලයින් සිය ජීවන කාලයේ දී කිසියම් එක් අවස්ථාවක හෝ මානසික අපහසුතාවකට මුහුණ දෙනු ලබන අතර එවැනි අවස්ථාවල දී පුද්ගලයින්ගේ මානසික සමතුලිතතාවය ඇති කර ගැනීමට පුද්ගලයාගේ මනස කටයුතු කරනු ලබයි. නමුත් ඇතැම් අවස්ථාවල දී මානසික අපහසුතාවන්ට මුහුණ දීමට මනසට ක්‍රියා කිරීම අපහසු වන කල්හි තවත් පාර්ශවයකගේ සහයෝගය පුද්ගලයාට අවශ්‍ය වේ.
මනෝ විද්‍යාවේ දී භාවිත වන භාවිත වන ‘නිදහස් සංඝටන ක්‍රමය’ Free Association තුළින් මනසට ප්‍රතිකාර කිරීමක් සිදු කරයි. මනෝ විශ්ලේෂණවාදයේ දී භාවිත වන ප්‍රධානත ම මනෝ උපදේශන න්‍යායක් වන නිදහස් සංඝටන ක්‍රමය තුළ දී පුද්ගලයාගේ යටි සිතෙහි තැන්පත් ව සැඟ ව ඇති සිතුවිලි ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දේ. මෙමගින් පුද්ගලයන්ට නොපැකිලි ව තමන්ගේ යටි සිතේ සැඟ ව ඇති අදහස් නිදහසේ තවත් පුද්ගලයෙකු වෙත සන්නිවේදනය කිරීමට හෙවත් ප්‍රකාශ කිරීමට අවස්ථාව උදා වේ. මේ නිසා මනසේ ඇති වේදනාකාරී සිතුවිලිවලින් මිදීමට පුද්ගලයාට අවස්ථාව උදා වන අතර මනසට මේ ඔස්සේ මනසට ලැබෙන්නේ සහනයකි: ප්‍රතිකාරයකි. නිදහස් සංඝටනය තුළින් යටි සිතේ සැඟ ව ඇති දේ තවත් පුද්ගලයෙකු වෙත ප්‍රකාශ කිරීමෙන් අනතුරු ව එම පුද්ගලයාට යටි සිත පිරිසිදු කර ගැනීමට අවස්ථාව උදා වේ. තවද පුද්ගල මනස තුළ තැන්පත් ව ඇති අයහපත් අදහස්වලින් පුද්ගල සිත නිදහස් කර ගැනීමට මෙය මහඟු අවස්ථාවකි. එබැවින් මෙය භාව විමෝචනය වශයෙන් ද මනෝ විද්‍යාව තුළ දී භාවිතයට ගැනෙයි. මෙය මනෝ විද්‍යාවේ දී උපදේශනය ලබා දීමට භාවිත කරනු ලබන ප්‍රධාන උපදේශන ක්රමවේදයකි. මෙම ලිපියේ පරමාර්ථය වන්නේ මනෝ විද්‍යාත්මක ප්‍රතිකාරයක් වූ සමගි සන්ධානය හෙවත් පාපොච්චාරණය දේව ප්‍රසාද නිධානය පිළිබඳ ව නව කියවීමක් වෙත යොමු වීමටයි.
ශ්‍රී ලංකාවේ පුද්ගල සිය දිවි නසා ගැනීම් පිළිබඳ බොහෝ තොරතුරු ජනමාධ්‍ය මෙන් ම නවමාධ්‍ය තුළින් නිරන්තරයේ අපට දැන ගැනීමට අවස්ථාව උදා වෙයි. වරින් වර විවිධ වූ හේතු නිසා පුද්ගලයින් සිය දිවි නසා ගැනීමට යොමු වන්නේ පුද්ගල මනස තුළ ඇති කරගන්නා වූ සංවාදයකින් අනතුරුවයි. එබැවින් සිය දිවි නසා ගැනීමට යොමු වන පුද්ගලයාගේ මනසට නිසි ප්‍රතිකාරයක් ලැබෙන්නේ නම් එම ක්ෂණික සිතුවිල්ලෙන් ඔහුට හෝ ඇයට මිදීමට අවස්ථාව උදා වෙනු ඇත. එක් වසරක් තුළ ශ්‍රී ලංකාවේ සිය දිවි නසා ගැනීම්වලට යොමු වූ පුද්ගලයින්ගේ විස්තර ආශ්රයෙන් ඔවුන්ගේ ආගම පිළිබඳ පර්යේෂණයක් සිදු කළහොත් ඔවුන්ගේ ආගම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට අවස්ථාව අපට අවස්ථාව හිමිවනු ඇත. ඒ අතරින් වාර්ෂික ව කතෝලික බැතිමතුන් කොපමණ සංඛ්‍යාවක් සිය දිවි නසා ගැනීම් සඳහා යොමු වී පවතිනවා ද? යන්න සොයා බැලිය යුතුය. ඉන් එක් පුද්ගයෙකුගේ ජීවිත කතාව ඔස්සේ ඔහු හෝ ඇය සමගි සන්ධාන සක්‍රමේන්තුව කොපමණ වාරයක් ලබාගෙන පවතිනවා ද? යන්න සොයා බැලිය යුතුය. සිය දිවි නසා ගැනීමට යොමු වූ පුද්ගලයා සිය දිවි නසා ගැනීමට යොමූ වීමට බලපෑ හේතු කාරණා පිළිබඳ ව අධ්‍යයනය කළ යුතුය. බොහෝ අවස්ථාවල දී පුද්ගලයාගේ සිතෙහි ඇති වන කිසියම් වේදනාකාරී හැඟීමක් තවත් අයෙකු සමඟ බෙදා ගැනීමට ඇති නොහැකියාව හමුවේ සිය දිවි නසා ගැනීමට යොමු වීම එකම ප්රතිකර්මය බව ඔහුට හෝ ඇයට වැටහේ. එවන් පරිසරයක් තුළ එම සිය දිවි නසා ගැනීමට බලපෑ හේතුවලට සමගි සන්ධානය ප්‍රසාද නිධානය මගින් කොතරම් දුරට සහනයක් හිමි කර ගැනීමට හැකියාව පවතින්නේ දැයි අප අධ්‍යයනය කළ යුතුය. මෙම ලිපියේ දී රචකයා විසින් පෙන්වා දීමට වෙර දරන්නේ පුද්ගල මනසට මානසික ප්‍රතිකාරයක් ලබා ගැනීමට සමගි සන්ධානය ප්‍රසාද නිධානය හේතුවන බවයි. කතෝලික බැතිමතෙකු වශයෙන් මනසට පීඩා ගෙන දෙන සිතුවිලි හමුවේ ගත යුතු ප්‍රධානත ම තීරණය වන්නේ සිය දිවි නසා ගැනීමට යොමු වීම නොව සමගි සන්ධානය සක්‍රමේන්තුව ලබා ගැනීමට යොමු වීමයි. ඒ මේ තුළින් පුද්ගල මනසට මනා වූ ප්‍රතිකාරයක් හිමිවන බැවිනි.
ක්‍රිස්තියානි ධර්මයට අනුව දිවිගෙවන පුද්ගලයෙකුට දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය ලබා ගත හැකි සක්‍රමේන්තු හෙවත් දේව ප්‍රසාද නිධාන හතක් පවති. ප්‍රසාද ස්නාපනය, සමගි සන්ධානය, දිව්‍ය සත්ප්‍රසාදය, අභිවෘද්ධි ආලේපය, ආශිර්වාදකාර බන්ධනය, පූජාත්වරය සහ රෝගීන්ගේ ආලේපය එම ප්‍රසාද නිධාන හත වේ. මේ අතරින් සමගි සන්ධානය ප්‍රසාද නිධානය පාපොච්චාරණය නමින් ද හැඳින්වේ. පාපොච්චාරණය සක්‍රමේන්තුව තුළින් පාපයන් නිසා දෙවියන්ගෙන් දුරස් වූ පුද්ගලයාට සමාව හිමිවන අතර මින් මතු පව් නොකිරීමට අවශ්‍ය ශක්තිය ලබා දේ. මෙම දේව ප්‍රසාද නිධානය තුළින් අප අතින් සිදුවන පාපයන්ට සමාව ලබා ගැනීමට ඉඩ ප්‍රස්තාව සලසා දෙයි. කතෝලික සභා ඉගැන්වීම්වලට අනුව දෙවියන් වහන්සේට විරුද්ධ ව සිදු කරන ලද පාපයන්ට සමාව ලබා ගැනීම උදෙසා පාපොච්චාරණය නැමති සක්‍රමේන්තුව ජේසුස් වහන්සේ විසින් ස්ථාපිත කර ඇත. මෙම සක්‍රමේන්තුව දානය කිරීමේ බලය පැවරෙන්නේ කතෝලික පූජාප්‍රසාදිවරයෙක් හට ය. මෙහිදි පාපොච්චාරණ සක්‍රමේන්තුව ලබා ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයා පූජාප්‍රසාදිවරයෙක් හමු වී නිසි වත්පිළිවෙත්වලට අනුව පාපොච්චාරණ සක්‍රමේන්තුව ලබා ගැනීම සිදු කරයි. තවද පාපොච්චාරණ අපේක්ෂකයා විසින් තමන් විසින් සිදු කරන ලද තමන්ට මතක ඇති පාපයන් පූජාප්‍රසාදිවරයා හමුවේ උච්චාරණය කරයි. පූජාප්‍රසාදිවරයා විසින් අපේක්ෂකයාගේ පාපොච්චාරණයෙන් අනතුරු ව අපේක්ෂකයාට උපදෙස් ලබා දී ඉටු කිරීමට දඬුවමක් ලබා දේ. මෙම අවස්ථාවේ දී ලබා දෙන දඬුවම යාච්ඤාමය දඬුවමකි. මෙම සමගි සන්ධානය සක්‍රමේන්තුව හමුවේ පුද්ගලයාගේ මනස තුළ තැන්පත් ව ඇති පාපයන් පූජාප්‍රසාදිවරයා හමුවේ උච්චාරණය කිරීමට හැකි වේ. මේ තුළින් අදාළ පාපොච්චාරණ අපේක්ෂකයාගේ මනසට සැහැල්ලුවක් හිමිවන අතර, මනසේ පවතින මනසේ පවතින දරාගත නොහැකි හැඟීම්වලට සහනයක් හිමි වේ. මේ ඔස්සේ පුද්ගල මනසට හිමිවන්නේ මානසික සුවයකි. එබැවින් සමගි සන්ධනාය හෙවත් පාපොච්චාරණය එක්තරා ආකාරයකට මනෝවිද්‍යාත්මක ප්‍රතිකාරයකි. කතෝලික බැතිමතුන් සඳහා ම වෙන් වූ මනෝවිද්‍යාත්මක ප්‍රතිකාරයකි. එමනිසා එම මනෝවිද්‍යාත්මක ප්‍රතිකාරය ලබා ගැනීමට සුදුසු පරිසරය සහ ප්‍රතිපත්තිමය රාමුව කතෝලික සභාව විසින් සකස් කොට ඇත්තේ ය.
දමිත් සුමේන්ද්‍ර පෙරේරා