Friday, 19 May 2023

 


මාර්ගගත අධ්‍යාපනය හමුවේ පවතින අභියෝගයන් සඳහා ප්‍රතිකාර සැලැස්මක්


සමස්ත ගෝලීය ගමන් මඟ වෙනස් කිරීම උදෙසා 2019 කොරෝනා වසංගත තත්ත්වය පුරෝගාමී වූයේ ඇතැම් සමාජ සංස්ථාවන්හි පැවති සාම්ප්‍රදායික රටාවන් ද නූතනත්වයට ගැළපෙන ආකාරයෙන් යාවත්කාලීන කරවමිනි. මානව ශරීරයට බලපෑම්කාරී වෛරසයක් වූ කොවිඩ් 19 වෛරසය විසින් සමාජ, ආර්ථික, දේශපාලන සහ සංස්කෘතික වශයෙන් විප්ලවයක් හෙවත් පෙරළියක් සිදු කිරීමට සමත් වූයේ මානව ශරීරයට සිදු කළ බලපෑමට වඩා ප්‍රබල ආකාරයෙනි. පැවති ආර්ථික සම්ප්‍රාදයන්, දේශපාලන සම්ප්‍රදායන්, ආර්ථික සම්ප්‍රදායන් සහ සංස්කෘතික සම්ප්‍රදායන් පුළුල් පරිවර්තනයන්ට ලක් කිරීමට ගෝලීය කොරෝනා වසංගතය බලපෑම්කාරී සාධකයක් වූයේ ය. ඒ අතුරින් අධ්‍යාපනික ක්‍රියාවලියට සිදු කරන ලද බලපෑම කෙරෙහි මෙම අධ්‍යයනයේ දී මූලික අවධානය යොමු විය.

ගෝලීය කොරෝනා වසංගත තත්ත්වය පෙර පාසල් අධ්‍යාපනය, පාසල් අධ්‍යාපනය, විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය දක්වා වූ අධ්‍යාපන ක්ෂේත්‍රයන් කෙරෙහි ප්‍රබල බලපෑමක් සිදු කරන ලදි. මේ සඳහා බලපෑ ප්‍රධාන සාධකය වූයේ කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ඇති වූ සමාජ දුරස්ථභාවය හමුවේ සාම්ප්‍රදායික ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේදයන්ට ප්‍රවේශ වීම සඳහා පැවති ඉඩකඩ ඇහිරී යාමයි. එබැවින් සාම්ප්‍රදායික සහ භෞතික ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියෙන් බැහැර ව දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදයන් කරා යොමු වීමට ගෝලීය ප්‍රජාවට සිදු විය. දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදයේ දී මාර්ගගත අධ්‍යාපන විධික්‍රමය වෙත ප්‍රවේශ වීම සිදු විය. පැවති සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගත වෙමින් ගුරුභවතුන් සහ සිසුන් භෞතික වශයෙන් පාසල වෙත නොගෙන්වා එනම්, අතත්‍ය සන්නිවේදන මාධ්‍යයන් තුළින් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය වෙත ප්‍රවේශ විය. තවද ශ්‍රී ලාංකේය සන්දර්භයට විශේෂිත ව සළකා බලන විට ගුරුභවතුන් සහ ශිෂ්‍යයන් ඩෙක්ස්ටෝප් පරිගණක සහ ලැප්ටොප් පරිගණක භාවිත කරමින් මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය වෙත ප්‍රවේශ විය. මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට ප්‍රවේශ වීම සඳහා ශ්‍රී ලංකාවේ සමස්ත පාසල් පද්ධතිය ක්‍රියා කරන ලදි. මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට ප්‍රවේශ වීමේ දී විවිධ වූ අභියෝගයන්ට සහ ගැටලුකාරී තත්ත්වයන්ට පාසල් ප්‍රජාවට සිදු විය. සමස්ත ශ්‍රී ලංකාව ආවරණය වන පරිදි අන්තර්ජාල සංඥා පද්ධතිය ක්‍රියාත්මක නොවීම, මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා ප්‍රවේශවීමට අවශ්‍ය තාක්ෂණික උපකරණ නොමැති වීම, ගුරුවරුන්ට සහ සිසුන්ට පවතින තාක්ෂණ සාක්ෂරතාව අවම මට්ටමක පැවතීම, ආර්ථිකමය වශයෙන් මතු වන අපහසුතා ආදී ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ශ්‍රී ලාංකේය අධ්‍යාපන සන්දර්භයට ආගන්තුක පරිවර්තනයක් විය. 65%ක් වන වරප්‍රසාද අඩු දරුවන්ට ඉන් ප්‍රයෝජන ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත (ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය සඳහා දුරස්ථ අධ්‍යාපන චක්‍රලේඛය සහ මාර්ගෝපදේශය:2021).

මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය හමුවේ පාසල් ගුරුවරුන්, විදුහල්පතිවරුන්, අධ්‍යාපන උපදේශකයින් ආදී පිරිස් විවිධ වූ ක්‍රමවේදයන් අනුගමනය කරමින් මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේදය සාර්ථක කර ගැනීමට කටයුතු කරන ලදි. ප්‍රාථමික ශ්‍රේණිවල සිට උසස් පෙළ දක්වා වූ සියලු ම අංශ නියෝජනය කරමින් මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ආරම්භ කිරීමට පියවර ගන්නා ලදි. තවද මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේදය සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය රාමුව ද රජය විසින් සකස් කරන ලදි. එම ප්‍රතිපත්ති ප්‍රකාශන බොහෝ ප්‍රමාණයක් තුළ දි මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපදෙස්, විධිවිධාන සහ පවතින ගැටලුකාරී ස්වභාවයන් හඳුන්වා දී තිබුණත් ඒ සඳහා අවශ්‍ය විසදුම් සම්පාදනය කිරීමට එම ප්‍රතිපත්ති ප්‍රකාශන සමත් වී නොතිබුණි.

පාසල් විෂය නිර්දේශයට අනුකූල ව පාසල් අධ්‍යයන වර්ෂයක් තුළ අධ්‍යයන වාරයන් තුනකින් සමන්විත වේ. තවද අධ්‍යයන වර්ෂය අවසානයේ දී එක් එක් විෂයෙන් සිසුවා තුළ සංවර්ධනය කිරීමට අපේක්ෂිත නිපුණතා මට්ටම් පවති. 2019 වසරේ අග භාගයේ දී ආරම්භ වූ ගෝලීය කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මෙම අධ්‍යයන ක්‍රියාදාමය කෙරෙහි ප්‍රබල බලපෑමක් එල්ල වූයේය. මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාදාමය හමුවේ පාසල් සිසුවා තුළ නිපුණතා සංවර්ධනය කිරීමේ දී මතුවන ගැටලු පර්යේෂකයින් විසින් ඉදිරිපත් කරන ලද මුත් එම ගැටලු නිරාකරණය කරගැනීමට අවශ්‍ය ක්‍රියාකාරී මෙන් ම ප්‍රායෝගික සැලැස්මක් සකස් කිරීම කෙරෙහි පර්යේෂකයින්ගේ අවධානය යොමු වූ බවක් හඳුනාගත නොහැකි විය.

වර්තමාන ශ්‍රී ලාංකේය පාසල් පද්ධතියේ හඳුනාගත හැකි වර්ධනීය ලක්ෂණයක් වශයෙන් දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදයක් වූ මාර්ගගත අධ්‍යාපන ක්‍රමවේදයට මෙරට අධ්‍යාපන රටාව යොමු වීම පෙන්වා දිය හැකිය. ශ්‍රී ලංාකාවේ පාසල් අධ්‍යාපනය මාර්ගගත ක්‍රමවේදයට අනුගත වීම කෙරෙහි බලපෑ මෑතකාලීන සාධකය වූයේ 2019 වර්ෂයේ උද්ගත වූ කොරෝනා වසංගත ව්‍යාප්තිය යි. කොරෝනා වසංගතය හමුවේ පනවන ලද සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව වරින් වර රට වසා දැමීමට තීරණය කරන ලදි. එම තීරණයන් හමුවේ ශ්‍රී ලංකාවේ පාසල් ද වසා දමන ලද්දේ එම සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමිනි. පසුව මතු වූ තත්ත්වය හමුවේ අධ්‍යාපන ක්‍රියාවලිය අඛණ්ඩ ව පවත්වා ගෙන යාමේ අභියෝගයට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුද්ගලයින් මුහුණ දුනි. එම අභියෝගය හමුවේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය මාර්ගගත ක්‍රමයට අනුවර්තනය කිරීමට අධ්‍යාපන ක්ෂේත්‍රයේ පිරිස් විසින් තීරණය කරන ලදි. ‘ගෝලීය කොරෝනා වසංගතය සමඟ පෙර පාසල් අවධියේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සිසු දරුවන්ට සාම්ප්‍රදායික අධ්‍යාපනයට ප්‍රවේශ වීමට ඇති අවස්ථා ඉතාමත් සීමිත වී ඇත’ (ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය සඳහා දුරස්ථ අධ්‍යාපන චක්‍රලේඛය සහ මාර්ගෝපදේශ:2021) ඒ අනුව විශ්වවිද්‍යාල, පාසල් සහ වෙනත් අධ්‍යාපන ආයතන විසින් මාර්ගගත ක්‍රමවේදයට අනුගත වෙමින් අධ්‍යාපන ක්‍රියාවලිය පවත්වා ගෙන යාමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලදි. ඒ අතරින් ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය ද මාර්ගගත ක්‍රමවේදයට අනුව අධ්‍යාපන කටයුතු පවත්වා ගෙන යාමට අවශ්‍ය විධි විධාන සකස් කරන ලදි. ඊට අවශ්‍ය ප්‍රතිපත්ති අධ්‍යාපන අමාත්‍යංශය විසින් ඉදිරිපත් කරන ලදි. අධ්‍යාපන අමාත්‍යංශයේ තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන ශාඛාව විසින් නිකුත් කර තිබුණු ‘මාර්ගගත අධ්‍යාපන මාර්ගෝපදේශ සංග්‍රහය’ (2021) මගින් නිවේදනය කර තිබුණේ පාසල් අධ්‍යාපන ක්‍රමවේදය මාර්ගගත ක්‍රමවේදයට අනුව පවත්වා ගෙන යාමට අවශ්‍ය පරිසරය විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ දෙමාපියන් විසින් සකස් කර දිය යුතු බවයි.

කිසියම් වූ ක්ෂේත්‍රයක් තුළ දී මතුවන ගැටලු නිරාකරණය කිරීම උදෙසා කාර්යමූලික පර්යේෂණ උපයා මාර්ගය භාවිත කිරීම පර්යේෂණ සාහිත්‍යයේ දී හඳුනාගත හැකි විය. තවද අධ්‍යාපනික ක්ෂේත්‍රයේ දී මතු ව ඇති සමකාලීන ගැටලු විද්‍යාත්මක පදනමක සිට නිරාකරණය කරගැනීමට සහ ඒවාට අවශ්‍ය විසඳුම් සහ ක්‍රියාකාරී වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා ක්‍රියාකාරී පර්යේෂණ හෙවත් කාර්යමූලික පර්යේෂණ වඩාත් ඉවහල් වේ. ‘අධ්‍යාපනික කාර්යමූලික පර්යේෂණය පන්ති කාමරයක් තුළ හෝ පාසල් ප්‍රජාව තුළ කෙරෙන විධිමත් පරීක්ෂණ දෙකකින් සමන්විත වේ. එනම්, වෘත්තීය අවලෝකනය සහ පර්යේෂණ පාදක කරගත් ව්‍යවහාර භාවිත කිරීම වේ.’ 

මාර්ගගත පන්තියක් පැවැත්වීම සඳහා ක්‍රියාකාරී සැලැස්ම

1. ඉගෙනුම් ක්‍රියාවලිය මාර්ගගත ක්‍රමවේදයට අනුව සකස් කිරීමේ දී පාසල් සිසුන් ව අදාළ තාක්ෂණික කරුණු සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සිදු කළ යුතුය. මෙහිදි මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට යොදාගන්නා තාක්ෂණික මෘදුකාංගයන් භාවිත කිරීම සම්බන්ධයෙන් පාසල් සිසුවාට ප්‍රායෝගික පුහුණුවක් ලබා දීම සිදු කළ යුතුය.

2. මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා සිසුන් වැඩි ප්‍රතිශතයක් සම්බන්ධ වන්නේ ජංගම දුරකථනය තාක්ෂණික මෙවලම වශයෙන් තෝරා ගනිමිනි. එබැවින් මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ දී ඒ පිළිබඳ ව ගුරුවරයා දැනුම්වත් වී තිබිය යුතුය.

3. මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේදයේ දී වඩාත් ප්‍රතිඵලදායී අධ්‍යාපනයක් උදෙසා ගුරුවරයා විසින් ඪසාැද දබ පහසුකම යටතේ පන්තියට සහභාගී වීම අනිවාර්ය සාධකයක් වේ. මෙය සිසුන්ගේ අවධානය රඳවා ගැනීමට සාර්ථක ක්‍රමවේදයකි.

4. ගුරුවරයා පන්තියට සහභාගී වීමේ ්මාසද දබ පහසුකම යටතේ මාර්ගගත පන්තිය සඳහා සහභාගී නොවිය යුතුය. එසේ පන්තියට සහභාගී වීම ඔස්සේ සිසුවාගේ පාඩමට පවතින අවධානය ගිලිහි යයි. එබැවින් ගුරුවරයා විසින් මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ දී  ඪසාැද දබ පහසුකම භාවිත කිරීම සිදු කළ යුතුය.

5. මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ දී ගුරුවරයා විසින් සිය නිපුණතාව ඉගැන්වීම සඳහා ඡදඇර ඡදසබඑ ඡරුිැබඒඑසදබ භාවිත කිරීම සිදු කළ යුතු වන අතර, එය අදාළ නිපුණතා මට්ටම් සංවර්ධනය කිරීම සඳහා බලපෑම්කාරී සාධකයක් වෙයි.

6. මාර්ගගත පන්තියේ දී ගුරුවරයා විසින් උයසඑැ ඊද්රා ආධාරයෙන් ඉගැන්වීම සිදු කළ යුතුය.

7. මාර්ගගත පන්තිය පැවැත්වීමෙන් පසුව එම මාර්ගගත පන්තිය නැවත නැරඹීමට අවස්ථාව ලබා දීමට මෙන් ම මාර්ගගත පන්තියට සහභාගී නොවූ සිසුන්ට එම පන්තිය නැරඹීමට අවස්ථාව ලබා දෙමින් මාර්ගගත පන්තියේ ඍැජදාසබට ලබා දීම සිදු කළ යුතුය. මෙය නිපුණතා මට්ටම් සංවර්ධනය ඉවහල් වේ.

8. ගුරුවරයා විසින් මාර්ගගත පන්තියේ සාර්ථකත්වය උදෙසා සිය පාඩමට අදාළ වන ආකාරයෙන් ශදම ඔමඉැ භාවිත කිරීම වඩාත් ප්‍රතිඵලදායී වේ. මේ තුළින් නිපුණතාවට සිසුන්ගේ ආකාර්ෂණය දිනා ගැනීමට හැකියාව ලැබීම මෙන් ම සිසුන්ගේ අවධානය දිනා ගැනීමට ද මේ ඔස්සේ හැකියාව ඇත.

9. මාර්ගගත පන්තිය සඳහා සිසුන් සහභාගී වීමේ දී සමීක්ෂණයේ දත්ත විශ්ලේෂණය අනුව පෙනී යන්නේ සිසුන් වැඩි ප්‍රතිශතයක් ඪසාැද දබ  පහසුකම යටතේ පන්තියට සහභාගී වීමට අකමැත්ත දක්වන බවයි. නමුත් මාර්ගගත පන්තිය සඳහා සිසුන් සහභාගී වීමේ දී ඪසාැද දබ පහසුකම ඔස්සේ සිසුවා පන්තියට සහභාගී වීම සිසුවා අධීක්ෂණයට ගත හැකි පියවරකි. එමනිසා මාර්ගගත පන්තියේ දී සිසුවා වරින් වර ඪසාැද දබ කිරීම සිදු කළ යුතුය.

10. මාර්ගගත පන්තිය පවත්වන අවස්ථාවේ දී ගුරුවරයා විසින් දේශනා ක්‍රමවේදයට වඩා මාර්ගගත පන්තිය තුළ දී සටහනක් ලිවීමට සිසුවා පෙළඹවිය යුතුය. තවද මාර්ගගත පන්තියට සහභාගී වීමට පෙර සටහනක් ලිවීමට සිසුවා යොමු කර පන්තිය තුළ දී එය සාකච්ඡා කිරීම ද සිදු කළ හැකිය.

11. මාර්ගගත පන්තිය සඳහා සිසුන් සහභාගී වීමේ දී පන්තිය ශ්‍රවණය සඳහා ීචැ්නැර භාවිත කිරීමට සිසුන් යොමු කළ යුතුය.

12. මාර්ගගත පන්තියේ දී ගුරුවරයා විසින් සිසුවා ඵමඑැ කිරීම සිදු කිරීම සුදුසු නොවේ. නමුත් මාර්ගගත පන්තියට එය බාධාවක් නම් ඵමඑැ කිරීම සිදු කළ යුතුය. තවද මාර්ගගත පන්තියේ දී සිසුන්ට ප්‍රතිපෝෂණය දැක්වීම සඳහා අනිවාර්යයෙන් අවස්ථාව ලබා දිය යුතුය. එසේම සිසුන්ට ප්‍රතිපෝෂණය දැක්වීමට ක්‍ය්එ ඊදං  භාවිත කිරීමට අවස්ථාව සලසා දිය යුතුය.

13. මාර්ගගත ඉතිහාසයක් පන්තියක් පැවැත්වීම සඳහා වඩාත් උචිත ම පළමු කාලය වන්නේ උදෑසන කාලයයි. දෙවනුව සවස් කාලය ද මාර්ගගත පන්තියක් පැවැත්වීමට සුදුසු කාලය වේ.

14. විෂය සඳහා පන්තියක් මාර්ගගත ආකාරයෙන් පැවැත්වීමේ දී, එම පන්තියක් පැය 2-2 1/2 අතර කාලයක් පැවැත්වීම වඩාත් යෝග්‍ය වේ.

15. විෂයේ නිපුණතා සිසුවා තුළ සංවර්ධනය කිරීමේ දී ඉතිහාසය මාර්ගගත පන්තියක් පැවැත්වීමට පෙර සටහන සිසුන් වෙත ලැබීමට සලස්වා, එම සටහන සිසුන් විසින් සටහන් කර ගැනීමෙන් අනතුරු ව සිසුන් සම්බන්ධ කරගනිමින් මාර්ගගත පන්තියක් පැවැත්වීම වඩාත් ප්‍රතිඵලදායක වේ.

16. මාර්ගගත පන්තියක් තුළ දී විෂය තුළ අන්තර්ගත න්‍යායික කරුණු පැහැදිලි කිරීම, ප්‍රශ්නෝත්තර සාකච්ඡා කිරීම සහ සිතියම් අධ්‍යයනය කිරීම වැනි අභ්‍යාසය සිදු කිරීම තුළින් විෂය සඳහා සිසුවාගේ අවධානය රඳවා තබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

17. මාර්ගගත පන්තියක් පැවැත්වීමේ දී  ’දදපල ඵසජරදිදඓ ඔැ්පිල උය්එඑි්චච  යන තාක්ෂණික යෙදවුම් භාවිත කිරීම වඩාත් යෝග්‍ය වේ.

18. විෂයට අදාළ විෂය නිපුණතා සංවර්ධනය කිරීමේ දී සිතියම් අධ්‍යයනය කිරීම සඳහා සිතියම් ඡාf මාධ්‍යයෙන් සිසුන් හට ලබා දී, මාර්ගගත පන්තියේ දී සිසුන් හා සම්බන්ධ වෙමින් සිතියම් අධ්‍යයනය කළ යුතුය.

19. විෂයට අදාළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර සාකච්ඡා කිරීමේ දී සිසුන්ට පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ඡාf මාධ්‍යයෙන් ලබා දී, ප්‍රශ්න පත්‍රය ීය්රු දචඑසදබ යටතේ සිසුන්ට ප්‍රදර්ශනය කරමින් සිසුන්ගෙන් පිළිතුරු ලබා ගැනීමට ගුරුවරයා ක්‍රියා කළ යුතුය.

20. විෂයට අදාළ මාර්ගගත පන්තියක් පැවැත්වීමේ දී අදාළ නිපුණතා මට්ටම්වලට වඩාත් සුදුසු සම්පත් දායකයින් සම්බන්ධ කරගනිමින් මාර්ගගත පන්තිය පැවැත්වීම සිදු කළ යුතුය.

21.මාර්ගගත පන්තියක් පැවැත්වීමේ දී ශිෂ්‍යයා අන්තර්ජාලය ඔස්සේ විෂය කරුණු සෙවීමට යොමු කරමින් ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයට ප්‍රමුඛස්ථානයක් ලබා දිය යුතුය.


මේ ආකාරයට මාර්ගගත අධ්‍යාපන ක්‍රමවේදය වඩාත් සාර්ථක ආකාරයෙන් සිදු කිරීමට නම් ඉහත සඳහන් ආකාරයෙන් ප්‍රතිකාරාත්මක සැලැස්මක් අනුගමනය කළ යුත්තේ ය.


දමිත් සුමේන්ද්‍ර පෙරේරා

පශ්චාද් උපාධි අපේක්ෂක

කැලණිය විශ්වවිද්‍යාලය


කවුද මේ Social Media Influencers කියන්නේ?

  කවුද මේ Social Media Influencer කියන්නේ? 🏷️සමාජයේ ජීවත් වන පුද්ගලයන්ගේ මතවාද සකස් කිරීමට දායක වන පිරිස් ජනමත නායකයින් හෙවත් Public Opinio...