සන්නිවේදන අධ්‍යයනය තුළ දී හදුනා ගත හැකි ප්‍රවණා අතුරින් ප්‍රාදේශීය මාධ්‍ය හිමිකාරීත්වය වර්ධනය වීම කැපී පෙනේ. ශ්‍රී ලංකාවේ මුල් යුගය තුළ මාධ්‍ය ආයතන සියල්ලම පාහේ ආරම්භ වන්නේ අගනුවර කේන්ද්‍රීයවයි. ඒ අතරට පුවත්පත් ආයතන, ගුවන්විදුලි සේවා සහ රූපවාහිනි සේවා අයත් වේ. ජාතික ගුවන්විදුලිය, ජාතික රූපවාහිනීය, ස්වාධීන රූපවාහිනී සේවය වැනි ආයතන මෙන් ම පුද්ගලික මාධ්‍ය ආයතන ද ආරම්භ වන්නේ අගනුවර කේන්ද්‍රීයවයි. මීට හේවක් වශයෙන් පෙන්වා දිය හැක්කේ සම්පත්වල සුලභතාවයි. තාක්ෂණික අංශයෙන් වඩාත් දියුණු මෙන් ම සංවර්ධිත නගරය බවට පත්වන්නේ කොළඹ අගනුවරයි. එබැවින් මුල් යුගයේ මාධ්‍ය ආයතන බහුතරයක් ස්ථාපිත වූයේ අගනුවර කේන්ද්‍රීයවයි. තවද අගනුවර කේන්ද්‍රීයව බිහිවන මාධ්‍ය අන්තර්ගය ද බොහෝ දුරට අගනුවර හා තදාසන්න ප්ර්දේශවල ජනතාවට වඩාත් සමීප තොරතුරු වාර්තාකරණයේ නියැලීම ද සිදු කරන ලදි.
මෙම අගනුවර කේන්ද්‍රීය මාධ්‍ය වෙනුවට ප්‍රාදේශීය මාධ්‍ය ආයතන බිහිවීමක් තුළින් සාර්ථක සන්නිවේදන ක්‍රියාවලියක් කරා ගමන් කිරීමට හැකි බව පසුකාලීන මාධ්‍ය හිමිකාරීත්වය අවබෝධ කර ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රාදේශීය මාධ්‍ය වෙත ඔවුන් ප්‍රවේශ විය. ඒ අනුව රටේ සිටින පොදු ග්රාහක ක්ෂේත්‍ර සදහා ආමන්ත්‍රණය කිරීම වෙනුවට, යම් විශේෂ ප්‍රදේශයන්හි වෙසෙන ඉලක්කගත ග්රාහක පිරිස් වෙත ආමන්ත්‍රණය කිරීම සදහා ප්‍රාදේශීය මාධ්‍ය ආරම්භ වීම හදුනා ගත හැකිය. මේ සදහා පළමු උත්සාහය වශයෙන් ජාතික ගුවන්විදුලියේ ප්‍රාදේශීය සේවා ආරම්භ වීම හදුනා ගත හැකිය. ඒ අනුව රජරට ප්‍රාදේශීය සේවාව, රුහුණු ප්‍රාදේශීය සේවය, මහනුවර ප්‍රාදේශීය සේවය ආරම්භ වීම හදුනා ගත හැකිය. මෙම ප්‍රාදේශීය සේවා සිය විකාශන කටයුතු මෙහෙයවනු ලබන්නේ ද අගනුවරින් බැහැර ප්‍රදේශයන්හි සිටයි. ඒ ඒ ප්‍රදේශයන්හි ඉලක්කගත ග්රාහක ප්‍රජාවගේ අත්දැකීම්වලට සන්නිවේදනය කිරීමට අවකාශය හිමිවීම නිසා මෙය වඩාත් බලපෑම්කාරී සන්නිවේදන භාවිතයක් බවට පත් විය.
ජාතික ගුවන්විදුලිය පමණක් නොව පුද්ගලික ගුවන්විදුලිය සේවාවක් වශයෙන් මීගමුව නගරය කේන්ද්‍රීයව කිතුනු ආගමික ප්‍රජාව මුල් කරගනිමින් සෙත් ගුවන්විදුලිය ද ප්‍රාදේශීය මාධ්‍ය ආයතනයක් වශයෙන් මාධ්‍යකරණයේ නියැලී සිටියි. ඒ තුළින් මීගමුව සහ තදාසන්න පෙදෙස්වල ශ්‍රාවක ප්‍රජාව වෙනුවෙන් ඔවුන්ගේ රුචියට සමපාත වන ආකාරයෙන් සන්නිවේදන ක්‍රියාවලියේ නියැළෙයි.
දඹුල්ල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් රංගිරි ශ්‍රී ලංකා ගුවන්විදුලිය සහ රූපවාහිනිය ද බෞද්ධ ප්‍රජාව වෙනුවෙන් මාමාධ්යකරණයේ නියැළෙයි.
එපමණක් නොව ඉතා විස්තීර්ණ ආකාරයෙන් යාපනය නගරය කේන්ද්‍රීය ව ප්‍රාදේශීය මාධ්‍ය ස්ථාපිත වීමක් දැකිය හැකිය. යාපනය නගරය වෙනුවෙන් මුද්‍රණය වන උදයන් පුවත්පත එහිලා මුද්‍රිත මාධ්‍ය ප්‍රධාන ප්‍රාදේශීය පුවත්පත වේ. එසේම යාපනය නගරය කේන්ද්‍රීය ව කේබල් රූපවාහිනී නාලිකා බහුතරයක් සිය විකාශනයන් යාපනය නගරයේ සිට සිදු කරයි. යාල් ටීවී, පිරෙයි ටීවී, ඩෑන් ටීවී ආදි වශයෙන් Ask Media Group යටතේ රූපවාහිනී සේවා 11ක් විසුරුවා හැරීම සිදු කරයි.
එසේම විවිධ ප්‍රජා කණ්ඩායම් වෙනුවෙන් ප්‍රාදේශීය මාධ්‍ය ආයතන බිහිවීම ද දැකිය හැකිය. විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් විකාශන කටයුතු සිදු කරන විශ්වවිද්‍යාල ගුවන්විදුලි සහ රූපවාහිනී සේවා ද පවති. එසේම දඹාන ආදිවාසි ගුවන්විදුලිය, ප්‍රජා ගුවන්විදුලි සේවා ද අගනුවරින් බැහැර සිට විකාශන කටයුතු මෙහෙයවන මාධ්‍ය ආයතන වේ. ප්‍රාදේශීය මාධ්‍ය බිහිවීම තුළින් අගනුවරින් බැහැර ප්‍රාදේශීය ජන කණ්ඩායම් වෙනුවෙන්, ඔවුන්ට අවශ්‍ය පරිදි මාධ්‍ය අන්තර්ගතය නිර්මාණය කිරීමට මේ ඔස්සේ හැකියාව ලැබෙනු ඇත.
දමිත් සුමේන්ද්‍ර පෙරේරා

