ශ්‍රී ලංකාවට සන්නිවේදන අධ්‍යයනය හදුන්වා දීම.
මානව සන්නිවේදනය මිනිසාගේ ආරම්භයත් තෙක් දිවෙන ක්‍රියාවලියක් වූවත්, එය න්‍යායාත්මක විෂයක් වශයෙන් අධ්‍යනය කිරීම ආරම්භ වන්නේ විසිවන සියවසේ මුල් භාගයේදී පමණය. වර්ෂ 1947 දී ඇමරිකාවේ ඉලිනොයිස් විශ්වවිද්‍යාලය මුල් කර ගනිමින් සන්නිවේදන අධ්‍යනය වෙනුවෙන් පාඨමාලා ආරම්භ කෙරිණි. තවද සන්නිවේදන අධ්‍යනය ආයතන ගත කිරීමට පුරෝගාමීත්වය ලබා දුන් පුද්ගලයා වශයෙන් සන්නිවේදන ඉතිහාසය තුළ හමුවන්නේ මහාචාර්ය විල්බ ශ්‍රාම්ය. පළමු සහ දෙවන ලෝක මහා සංග්‍රාමයන් මෙන්ම කාර්මික විප්ලවය හේතුවෙන් සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රය ක්‍රමානුකූලව වර්ධනය විය. එසේම සන්නිවේදන අධ්‍යනයේ න්‍යායාත්මක පාර්ෂවය පෝෂණය කිරීම සඳහා ඇමරිකානු විද්වතුන් රාශියකගේ මෙන්ම යුරෝපීය විද්වතුන් රාශියගේ සහයෝගය මුල්කාලීනව ඊට හිමි විය.
තවද සන්නිවේදන අධ්‍යයන ශික්ෂණය කෙරෙහි යොමුවීමට බලපෑ තවත් හේතුවක් බවට පත් වූයේ යුනෙස්කෝ විසින් 1982 වසරේදී හඳුන්වා දුන් ගෲන්වල්ට් ප්‍රකාශනයි. මෙම ගෘෘන්වල්ට් ප්‍රකාශනය යෝජනා කරන ලද්දේ පාසල් ප්‍රාථමික ශ්‍රේණියේ සිට විශ්ව විද්‍යාල මට්ටම දක්වාත්, වැඩිහිටි අධ්‍යාපනයෙහිදී ද සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය පිළිබඳ වැඩසටහන් ආරම්භ කරමින් ප්‍රචලිත කළ යුතු බවයි. ගෲන්වල්ට් ප්‍රකාශනය විසින් නිකුත් කළ මාධ්‍ය අධ්‍යාපනයේ ඇති අවශ්‍යතාවය පිළිබඳ පාඨයෙන් සනාථ වන්නේ එවකට සමාජය තුළ පුද්ගලයින්ට සුවිශාල බලපෑමක් කිරීමට ජනමාධ්‍ය හේතු වූ බවයි. එබැවින් ඒ සමාජ සන්දර්භය මත පාදක වෙමින් ගෲන්වල්ට් ප්‍රකාශනය සන්නිවේදනය හා මාධ්‍යයක් අධ්‍යයනය විශය අධ්‍යනය කිරීමේ අවශ්‍යතාවය පළමු වරට පෙන්වා දුනි. යුරෝපය සහ ඇමරිකාව කේන්ද්‍ර කර ගනිමින් බිහිවන සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රය පසුකාලීනව සමස්ත ලෝකය පුරා ව්‍යාප්ත වෙයි. ඒ අනුව සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම පිළිබඳ අධ්‍යනය කිරීම මෙම ලිපියේ අරමුණයි.
ශ්‍රී ලංකාවේ සන්නිවේදන ඉතිහාසය ප්‍රාග් යුගයෙන් ආරම්භව රාජාණ්ඩු සමය සහ බටහිර ජාතීන්ගේ කාලය වන විට ඉතා දියුණු වර්ධනයක් අත්පත් කරගෙන පැවතුණි. සෙල්ලිපි රචනා කිරීම, පුස්කොළ පොත් ලිවීම, සංදේශ කාව්‍ය රචනය, ගද්‍ය සහ පද්‍ය ග්‍රන්ථ රචනය, පුවත්පත් මුද්‍රණය, ගුවන්විදුලිය ආරම්භ වීම, රූපවාහිනිය ආරම්භ වීම සහ සිනමාව ආරම්භ වීම ශ්‍රී ලාංකීය සන්නිවේදන ඉතිහාසයේ සුවිශේෂීය සන්ධිස්ථාන වෙයි.
සන්නිවේදන ක්ෂේත්‍රය ශ්‍රී ලංකාවේ ප්‍රායෝගික මට්ටමින් ක්‍රියාත්මක වූ නමුත් එය විෂයක් වශයෙන් න්‍යායාත්මක ආකාරයෙන් ස්ථාපිත වන්නේ ඊට බොහෝ කාලයකට පසුවය. සන්නිවේදන අධ්‍යනයේ අවශ්‍යතාවය පළමුවරට පෙන්වා දුන් පුද්ගලයා බවට පත් වන්නේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාය. පුවත්පත් කලාවේදී සහ පුවත්පත් කර්මාන්තයේ ඒකාධිකාරීත්වය අරභයා සිදුකළ කතාවක් තුළින් ඒ බව මනාව පැහැදිලි වෙයි. එසේම ශ්‍රී ලාංකීය විශ්වවිද්‍යාල පද්ධතියට සන්නිවේදන අධ්‍යනය පිළිබඳ උපාධි පාඨමාලා හඳුන්වාදීමට මුල් වූයේ ද එස්. ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාය.
අනතුරුව ශ්‍රී ලංකාව තුළ ක්‍රමවත් සහ විධිමත් ආකාරයට සන්නිවේදන විෂය පිළිබඳ පාඨමාලාවක් ආරම්භ වන්නේ 1968ත් 1969 අතර කාලවකවානුවේදීය. ඒ දෙහිවල කනිෂ්ඨ විශ්වවිද්‍යාලයේ මූලික වීමෙනි. පුවත්පත් කලාව පිළිබඳ ප්‍රාමාණිකයෙකු වූ ආචාර්යය එඩ්වින් ආරියදාස මහතා විසින් පුවත්පත් කලාවේදය නමින් එම පාඨමාලාව ආරම්භ කරන ලදී. එසේම පුවත්පත් කලාවේදය පාඨමාලාව සඳහා අවශ්‍ය විෂය නිර්දේශය සකස් කරමින් එම පාඨමාලාව ක්‍රියාත්මක කිරීමට මූලිකත්වය ගන්නා ලදී. එවකට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ඇමතිවරයාව සිටි අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතා මෙම පාඨමාලාව සඳහා මූලික නායකත්වය ලබාදෙමින් ආරියදාස මහතාට සහයෝගය දක්වා ඇත. නමුත් දෙහිවල කණිෂ්ඨ විශ්වවිද්‍යාලයේ ආරම්භ වන පුවත්පත් කලාවේදය පාඨමාලාව වසර දෙකකින් පසු අවලංගු වී ඇත.
එසේම 1972 වසරේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පුවත්පත් කලාව යනුවෙන් ඩිප්ලෝමා පාඨමාලාවක් ආරම්භ කර ඇති අතර වසරකින් පමණ පසු එම පුවත්පත් පාඨමාලාව ද අසාර්ථක වී ඇත. එය අනුව පෙනී යන්නේ මුල් කාලයේදී සන්නිවේදන අධ්‍යනය වෙනුවෙන් ආරම්භ කළ පාඨමාලාවන් අතරමග නතරවීමට විවිධ හේතූන් බලපා ඇති බවයි. 1960 සහ 1970 දශකවලදී ලෝකයේ සමාජ, ආර්ථික, දේශපාලන ආදී විවිධ ක්ෂේත්‍රවල උද්ගත වූ අර්බුදමය තත්ත්වය ශ්‍රී ලංකාවේ දේශපාලනය සහ සමාජය තුළ ද මතු විය. එහි බලපෑම මත 1971 කැරැල්ල දේශීය වශයෙන් සිදු වූ ප්‍රධාන ප්‍රබල වෙනසකි. 1972 කැරැල්ල සිදුවීම හේතුවෙන් නැවත ශ්‍රී ලාංකීය සමාජය පිළිබඳ නැවත හැරී බැලීමකට රාජ්‍ය පාලනයට අවස්ථාව උදාවිය. 1971 කැරැල්ල තුළින් සමාජ දරිද්‍රතාව, තරුණ විරැකියාව, විශේෂයෙන්ම උපාධිධාරීන්ගේ විරැකියා ගැටලුව ආදී සමාජ ප්‍රශ්න මතුවිය. එබැවින් එම සමාජ ප්‍රශ්න පිළිබඳ සොයා බැලීමට රජය විසින් ඔස්මන්ඩ් ජයරත්න කමිටුව පත්කළ අතර එහි නිර්දේශයන් වූයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුළුල් සංශෝධන හා වෙනස්කම් සිදුවිය යුතු බවයි. 1971 කැරැල්ලේ බලපෑම සහ ඔස්මන්ඩ් ජයරත්න කමිටුවේ යෝජනා මත පදනම් වෙමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් විශ්වවිද්‍යාලවල පවතින සාම්ප්‍රදායික පාඨමාලා වෙනුවට නවාකාරයකින් වෘත්තියා අභිමුඛ පාටමාලා කිරීමට කටයුතු කරන්නේ අනතුරුවය. නවීන ලෝකයට ගැලපෙන ආකාරයෙන් විශ්ව විද්‍යාල පාඨමාලා සකස් කරමින් ලෝකයට අවශ්‍ය වන වෘත්තීයවේදීන් බිහි කිරීමට මෙම ඔස්මන්ඩ් ජයරත්න කමිටුව මුල්විය.
1971 කරලින් පසු විශ්වවිද්‍යාල පද්ධතිය සඳහා නව විෂය පථයන් හඳුන්වා දීමේදී සන්නිවේදන විෂය ද විශ්වවිද්‍යාල පද්ධතියට හඳුන්වා දී ඇත. මේ සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පත්කරන ලද කමිටුවේ මහාචාර්ය විමල් දිසානායක, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, මහාචාර්ය එම්.බී.ආරියපාල, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර වැනි පුද්ගලයින් සාමාජිකයින් බවට පත්විය. ඒ අනුව 1973 වසරේදී කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යනාංශයේ යනුවෙන් නව අංශයක් ප්‍රථම වරට ආරම්භ කරන ලදී. ඒ තුළින් ජන සන්නිවේදනය පිළිබඳ සාමාන්‍ය සහ ගෞරව උපාධි පාඨමාලා ලබාදීම සිදුවිය. කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යාංශයේ සන්නිවේදන විෂය සදහා මුල් කාලයේ අභ්‍යන්තර කථිකාචාර්‍යවරුන් දෙදෙනකු විය.මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් සහ මහාචාර්ය විමල් දිසානායකයන් ඔවුන් වේ. තවද බාහිර කතිකාචාර්‍යවරයන් වශයෙන් මහගමසේකර, අමරදේව ඩී.සී. රණතුංග, ඩී.බී. නිහාල්සිංහ, කේ. ජයතිලක, එඩ්වින් ආරියදාස, පියසිරි ගුණරත්න, පියසෝම මේදිස් යන අය වෙති.
ජාතික අධ්‍යාපන ආයතනයේ මූලිකත්වයෙන් 2006 වසරේ දී 10 වසරට ද, 2007 දී 11 වසරට සහ 2008 වසරේ දී උසස් පෙළ සදහා සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය පාසල් පද්ධතියට හදුන්වා දී ඇත.


