Tuesday, 5 March 2019

ජනමාධ්‍ය අපරාධ සඳහා මුල් පොත් තබයි ද ?

අපරාධ අද සමාජයේ පමණක් නොව අතීතයේ පටන් පවතින දෙයකි . මිනිසා සහ ඔහුගේ මනස අතර වන ගැටුම තුළින් අවසානයේ ඔහුගේ මනසේ වුණු අමානුෂික හැසිරීම නිරූපණය වීම අපරාධයෙ ස්වරූපය වන්නේය .
අපරාධය එලෙස අර්ථ දක්වන විට ජනමාධ්‍ය යනු විසර්ජන සාධකයකි . යථෝක්ත සාධක දෙක එනම් , අපරාධ සහ ජනමාධ්‍ය මිතුරන් වීමට ද හැකිය . මන්ද  අපරාධය සමාජය තුළ රඳා පවතින්නේ ඊට ලැබෙන ජනප්‍රිය බව තුළය . අද ලංකාවේ බොහෝ රූපවාහිනී නාලිකාවල අපරාධ , අනතුරු සඳහා මූලික ස්ථානයක් ලබා දෙයි . විශේෂයෙන් අනතුරු වැනි කාරණා වාර්තා කිරීමේදී cctv දර්ශන, digital remake, ඇසින් දුටුවන්ගේ අදහස් යොදා ගනී . තවද එම පුවත මාසයක් නැතිනම් වසරක් පුරාවට විකුණා කන්නට ජනමාධ්‍යට හැකිය . ඔවුන් එයින් ලාභ ලැබුවත් , එය ජනතාවගේ ජීවිතය අනතුරේ දැමීමකි . එමනිසා නූතන ජනමාධ්‍ය අපරාධ සඳහා ජනතාව යොමු කරන ආයතනයක් බවට පත්වෙයි .

දමිත් පෙරේරා 

No comments:

Post a Comment

ප්‍රාදේශීය මාධ්‍ය

  ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය මාධ්‍ය වර්ධනය  සන්නිවේදන අධ්‍යයනය තුළ දී හදුනා ගත හැකි ප්‍රවණා අතුරින් ප්‍රාදේශීය මාධ්‍ය හිමිකාරීත්වය වර්ධනය වීම ක...