Thursday, 21 September 2017

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව

දකුණු ආසියාතික රටක් ලෙස මුල්ම වරට ගුවන් විදුලි සේවයක් හඳුන්වා දෙනු ලැබූ රටක් ලෙස ශ්‍රී ලංකාවට හිමි වන්නේ මහත් ගෞරවයකි .එසේම ලංකාවට හඳුන්වා දුන් මුල්ම විද්යුත් ජනමාධ්‍ය ලෙස මෙරටට ගුවන් විදුලිය හඳුන්වා දීමේ ගෞරවය හිමි වන්නේ යුරෝපා ජාතීන්ට ය. ලංකාවට ගුවන් විදුලිය හඳුන්වා දීමේදී ඊට මුල් වු එක් චරිතයක් වන්නේ Edward Harper මහතා ය.මෙතුමා එක්සත් රාජධානියේ ගුවන් විදුලි ශිල්පය හදාරා ,ගුවන් විදුලි සේවයක සේවය කිරීමෙන් අනතුරුව මෙරටට පැමිණියහ . පසුව මෙරට ගුවන් විදුලි ශිල්පය හැදෑරූ සහ එ පිළිබඳව උනන්දුවක් දැක්වු පිරිස සහ රජයේ අනුදැනුම මත මෙරට ගුවන් විදුලි සේවයක් ආරම්භ කරන ලදි .1925 දෙසැම්බර් 16 වන දින උත්සවශ්‍රීයෙන් ගුවන් විදුලිය ආරම්භ කරන ලදි .1927 දෙසැම්බර් මාසයේදී කොළඹ ගුවන් විදුලි සංදේශ ගොඩනැගිල්ලේ පිහිටි ගුවන් විදුලි ආයතනය ,ටොරින්ටන් චතුරශ්‍රයේ පිහිටි පැරණි මානසික රෝහල් ගොඩනැගිල්ල වෙත ගෙන යන ලදි.

 දෙවැනි ලෝක යුද්ධය නිසා 1924 සැප්තැම්බර් 3 වන දින නැවතත් ගුවන් විදුලිය Buwer ගොඩනැගිල්ල ( kota road)වෙත ගෙන ගිය අතර ,නැවත 1949 ඔක්තෝම්බර් 5 වන දින සිට ටොරින්ටන් චතුරශ්‍රයේ පිහිටි ගොඩනැගිල්ල වෙත ගුවන් විදුලිය ගෙන ආවේය .එය වර්තමානයේ ගුවන් විදුලියේ ස්ථිර භූමියයි . පසුව මෙරට මුල්ම සන්නිවේදන මාධ්‍ය බවට පත් වන ගුවන් විදුලිය ඉන්පසුව උදා වන යුගයේ දි රජයේ අනුග්‍රහය ඇතිව දියුණු වන්නේය .1965 ජූලි මාසයේදී ගුවන් විදුලි කොමිෂන් සභාව මඟින් ,ගුවන් විදුලිය සංස්ථාවක් බවට පත් විය යුතු බවට යෝජනා කරන අතර ,1966 නොවැම්බර් 15 දින අංක 37 දරණ අති විශේෂ ගැසට් නිවේදනයකින් ගුවන් විදුලිය සංස්ථාවක් බවට පත් කරන ලදි . එදා මෙදා තුර මෙරට ගුවන් විදුලි කර්මාන්තය දියුණු කිරීමට ජාතික ගුවන් විදුලිය දැරූ උත්සාහය අසීමිත වන අතර ,වර්තමානයේ ද මෙරට ගුවන් විදුලි කර්මාන්තය දියුණු කිරීමට ගනු ලබන උත්සාහය අති මහත් ය.

       
                           දමිත් පෙරේරා .

Wednesday, 20 September 2017

නිහඬ හඬ

බස්සා ගෙ ගැරහුමට සහ 
වවුලන් සමූහයාගේ වියෝ ශබ්දය අවට 
පරිසරය දෝංකාර වත් කරන්නීය .
සඳු ගෙ එළිය රන්වන් පැහැයෙන් 
අඳුරු පැහැයට ගොදුරු වෙමින් පවතී .
එය අඳුරු රැයක් වුයේ ය.
ගංගාවේ ගලා යාම මොහොතකට 
නතර වි ඇත .
ගංගාවේ දිය යට මසුන්ගේ සංචාරය 
ඔවුන්ගේ වරල් මඟින් සැඟවී ගොස්ය .
රැයේ පිපි සුවඳ විහිදුවන සමන් මල්
මිලිණ වි ගොස්ය .
එම අඳුරු රැය .....මූසල රැය
පායලා අවසානය .
මවක් සිය මිය නොගිය ...එහෙත් 
මිය යාමට ආසන්න දරුවා රැගෙන
වීදි පහන් ආලෝකයෙන් අඳුර නිවාලන
වීදියේ සක්මන් කරන්නීය .
දහසක් වු වීදියේ දෙපස අඳුරු නිවෙස් වල දොරගුළු අද විවර වන්නේ නැත .
කෙළවරක් නොමැතිව ඇදෙනා මහ මගද , ඇයට පිටුපා යති .
ඇති කල බියකරු සිනහව තුළින් ඇයට සිනහව ගෙන දුන් ඇතැමුන් ,අද ඇයගේ හදවතට අතුල් පහර දෙන්නිය .
නොමැරී ,එහෙත් මිය යන බිළිඳා 
නිමේශයකින් ඇයගෙන් දුරු වී යන්නට ආසන්නය .
ඇය වැලපෙන්නටත් ,ළතැවීම ටත් යොමු විය .
ඇය වියෝ ගී ගයන්නේ ය.
එහෙත් ඇයගේ වේදනාවට කිසිදු දොරක් 
විවර වුයේ නැත .
ඇයගේ බිළිඳා මිය ගොසින් ය.
ඇය නිහඬ ව සිය හඬින් 
මියගිය බිළිඳා සමඟ දොඩමළු වන්නිය .
                         
                          දමිත් පෙරේරා .

මේ ආදරය යයි ,ඇත්තටම අපට ආදරෙයි ද ?

මේ ආදරය යයි ,ඇත්තටම අපට ආදරෙයි ද ?

ලාංකීය ටෙලිවිෂන් කලාවට නිතරම නව මානයක අත්දැකීමක් හඳුන්වා දෙන සිරස නාලිකාව මුල්ම වරට ලංකාවට ඉන්දීය හඬ කැවු mega ටෙලිනාට්‍ය රැල්ල හඳුන්වා දුනි .කාලයෙන් කාලයට විවිධ වර්ගයේ ටෙලිනාට්‍ය විකාශය කරන අතර එම විදේශීය ලාංකීය සමාජයට ඉතා තීව්‍ර බලපෑම් එල්ල කරනු ලබයි .මෙම දිනවල සිරස නාලිකාව ගෙන එන මේ ආදරයයි ටෙලිනාට්‍ය නූතන සමාජයේ රූපවාහිනී රසිකයාට ඉතා තිව්‍රර වු බලපෑම් එල්ල කරයි . මෙම ටෙලිනාට්‍ය තුළ ගෙන එන මූලික තේමාව වන්නේ විවාහයයි .මෙහි එන චරිත මඟින් සමාජය ඉදිරියේ විවාහය හෑල්ලුවට ලක්වන ආකාරය සහ දික්කසාදය සරල අංගයක් බවට ආකාරය විදහා දක්වයි .එසේම නූතන සමාජයේ දරුවා දෙමාපියන්ගේ වැරදි හමුවේ අසරණ වන ආකාරය සහ නොමග යන ආකාරය දක්වයි .එසේම මෙම ටෙලිනාට්‍ය මඟින් ඉදිරිපත් කරනු ලබන සාධනීය ලක්ෂණයක් වන්නේ සංස්කෘති දෙකක් අතර වන සුසංයෝජනය යි . එහෙත් මෙම ටෙලිනාට්‍ය මඟින් සමාජයට ඉතා තිව්‍රර ලෙස නිෂේධාත්මක බලපෑම් එල්ල කරනු ලබයි .
                          දමිත් පෙරේරා .

Comercial Credit Advertisement


නූතන ලෝකයේ බොහෝ අංශයන් රැදී පවතින්නේ මුදල් යන සාධකය පදනම් කැරගෙන ය. නූතන ජන සන්නිවේදන තාක්ෂණය ද සිය සන්නිවේදන කාර්යය ජනතාව වෙත ගෙන එනු ලබන්නේ ආර්ථික වාසි ඉලක්ක කර ගනිමිනි .රූපවාහිනී ,පුවත්පත් ,ගුවන් විදුලි යන විවිධ වු සන්නිවේදන අංශයන් සිය මූලික පරමාර්ථය කර ගනු ලබන්නේ වෙළඳ දැන්වීම් ය. වෙළඳ දැන්වීම් අතර මෑත යුගයේ මහත් පෙරැළියක් ඇති කළ වෙළඳ දැන්වීම් මාලාවක් ලෙස comercial credit ආයතනයේ එම වෙළඳ දැන්වීම් මාලාව පෙන්වා දිය හැක .comercial credit ආයතනය සිය තේමා පාඨය කර ගනු ලබන්නේ ' මනු දම් පිරුණු මූල්‍ය සමාගමක් ' යන්නයි .එමඟින් මොවුන් සිය පාරිභෝගිකයන් හට පැවසීමට වෙර දරන්නේ සිය මූල්‍ය ආයතනය ජනතාවගේ ඕනෑ එපා කමේ දි පිහිට වන බවයි . Comercial credit මූල්‍ය ආයතනය මෙම අදහස ජනතාව අතරට ගෙන යාම සඳහා වෙළඳ දැන්වීම් මාලාවක් නිර්මාණය කළේය . එම වෙළඳ දැන්වීම් අතරින් LOVE ONE වෙළඳ දැන්වීම සුවිශේෂී වෙති .එම දැන්වීම මඟින් සිය පාරිභෝගිකයන් හට ගෙන එනු ලබන්නේ මානුෂීය ගුණයෙන් ඉහළ පියෙකු සහ දියණියකගේ පුවතකි .එම දැන්වීම් මඟින් comercial credit මූල්‍ය ආයතනය පාරිභෝගික ජනතාව වෙත ගෙන එනු ලබන පණිවිඩය වන්නේ සෑම මොහොතේ දීම පාරිභෝගිකයන් හට පිහිට වන බවයි .පියෙකු සිය දියණියට දක්වන ආදරය මෙන් කිසිදු මොහොතක තමන් තනි නොකරන බව දන්වයි .
අද නිර්මාණය වන බොහෝ නිර්මාණ වලට වස්තු විෂය වන්නේ සංස්කෘතික වටිනාකම් සහ m

Tuesday, 19 September 2017

සිඟන්නන්

සිඟන්නන් ....
තොට ළඟ අහසේ ,අහස් මාලිගා තනන්නට වෙර දරන්නෝ ය.
බසයෙන් බසයකට නැග 
සිඟා සිටින්නෝ ය.
දිනකට ලැබෙන සොච්චම් මුදලින් 
දවස ගෙවන්නට වෙර දරන්නෝ ය.
දින දින ඔවුන් තොට ළඟ අහසේ මාලිගා තනන්නට වෙර දරන්නෝ ය.
      



ගිනියම් වු මද්දහනක
ගුරු පාරක පන් මල්ලක්
රැගෙන ඇවිදින ගහැනිය කි.
ඇයගේ හිතේ වු ජීවන අරගලය සහ
දරිද්‍රතාවය ඇය පන් මල්ල
දරා සිටින ආකාරයෙන් කිව හැක්කකි .
ඇය පැළඳ සිටින ආවර්ණ වු
වස්ත්‍ර මඟින් ඇයගේ සිතේ වු ශෝකය සමාජයට කියා පානු ලබයි .
ඇය ඇවිදින ගුරු පාර කෙළවරක් නොවන්නා මෙන් ඇයගේ ජීවන ගමනේ
බාධා දැ කෙළවරක් නොවන බව ඇය
දනී , එහෙත් , ඇය කඳුළු සලන්නේ වත් ,
සුසුම් ලන්නට වෙර දරන්නේ වත් නැත .
ඇය ,ඇයගේ ජීවන ගමන යන්නීය .


කවුද මේ Social Media Influencers කියන්නේ?

  කවුද මේ Social Media Influencer කියන්නේ? 🏷️සමාජයේ ජීවත් වන පුද්ගලයන්ගේ මතවාද සකස් කිරීමට දායක වන පිරිස් ජනමත නායකයින් හෙවත් Public Opinio...