Thursday, 21 September 2017

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව

දකුණු ආසියාතික රටක් ලෙස මුල්ම වරට ගුවන් විදුලි සේවයක් හඳුන්වා දෙනු ලැබූ රටක් ලෙස ශ්‍රී ලංකාවට හිමි වන්නේ මහත් ගෞරවයකි .එසේම ලංකාවට හඳුන්වා දුන් මුල්ම විද්යුත් ජනමාධ්‍ය ලෙස මෙරටට ගුවන් විදුලිය හඳුන්වා දීමේ ගෞරවය හිමි වන්නේ යුරෝපා ජාතීන්ට ය. ලංකාවට ගුවන් විදුලිය හඳුන්වා දීමේදී ඊට මුල් වු එක් චරිතයක් වන්නේ Edward Harper මහතා ය.මෙතුමා එක්සත් රාජධානියේ ගුවන් විදුලි ශිල්පය හදාරා ,ගුවන් විදුලි සේවයක සේවය කිරීමෙන් අනතුරුව මෙරටට පැමිණියහ . පසුව මෙරට ගුවන් විදුලි ශිල්පය හැදෑරූ සහ එ පිළිබඳව උනන්දුවක් දැක්වු පිරිස සහ රජයේ අනුදැනුම මත මෙරට ගුවන් විදුලි සේවයක් ආරම්භ කරන ලදි .1925 දෙසැම්බර් 16 වන දින උත්සවශ්‍රීයෙන් ගුවන් විදුලිය ආරම්භ කරන ලදි .1927 දෙසැම්බර් මාසයේදී කොළඹ ගුවන් විදුලි සංදේශ ගොඩනැගිල්ලේ පිහිටි ගුවන් විදුලි ආයතනය ,ටොරින්ටන් චතුරශ්‍රයේ පිහිටි පැරණි මානසික රෝහල් ගොඩනැගිල්ල වෙත ගෙන යන ලදි.

 දෙවැනි ලෝක යුද්ධය නිසා 1924 සැප්තැම්බර් 3 වන දින නැවතත් ගුවන් විදුලිය Buwer ගොඩනැගිල්ල ( kota road)වෙත ගෙන ගිය අතර ,නැවත 1949 ඔක්තෝම්බර් 5 වන දින සිට ටොරින්ටන් චතුරශ්‍රයේ පිහිටි ගොඩනැගිල්ල වෙත ගුවන් විදුලිය ගෙන ආවේය .එය වර්තමානයේ ගුවන් විදුලියේ ස්ථිර භූමියයි . පසුව මෙරට මුල්ම සන්නිවේදන මාධ්‍ය බවට පත් වන ගුවන් විදුලිය ඉන්පසුව උදා වන යුගයේ දි රජයේ අනුග්‍රහය ඇතිව දියුණු වන්නේය .1965 ජූලි මාසයේදී ගුවන් විදුලි කොමිෂන් සභාව මඟින් ,ගුවන් විදුලිය සංස්ථාවක් බවට පත් විය යුතු බවට යෝජනා කරන අතර ,1966 නොවැම්බර් 15 දින අංක 37 දරණ අති විශේෂ ගැසට් නිවේදනයකින් ගුවන් විදුලිය සංස්ථාවක් බවට පත් කරන ලදි . එදා මෙදා තුර මෙරට ගුවන් විදුලි කර්මාන්තය දියුණු කිරීමට ජාතික ගුවන් විදුලිය දැරූ උත්සාහය අසීමිත වන අතර ,වර්තමානයේ ද මෙරට ගුවන් විදුලි කර්මාන්තය දියුණු කිරීමට ගනු ලබන උත්සාහය අති මහත් ය.

       
                           දමිත් පෙරේරා .

No comments:

Post a Comment

කවුද මේ Social Media Influencers කියන්නේ?

  කවුද මේ Social Media Influencer කියන්නේ? 🏷️සමාජයේ ජීවත් වන පුද්ගලයන්ගේ මතවාද සකස් කිරීමට දායක වන පිරිස් ජනමත නායකයින් හෙවත් Public Opinio...