Wednesday, 20 September 2017

මේ ආදරය යයි ,ඇත්තටම අපට ආදරෙයි ද ?

මේ ආදරය යයි ,ඇත්තටම අපට ආදරෙයි ද ?

ලාංකීය ටෙලිවිෂන් කලාවට නිතරම නව මානයක අත්දැකීමක් හඳුන්වා දෙන සිරස නාලිකාව මුල්ම වරට ලංකාවට ඉන්දීය හඬ කැවු mega ටෙලිනාට්‍ය රැල්ල හඳුන්වා දුනි .කාලයෙන් කාලයට විවිධ වර්ගයේ ටෙලිනාට්‍ය විකාශය කරන අතර එම විදේශීය ලාංකීය සමාජයට ඉතා තීව්‍ර බලපෑම් එල්ල කරනු ලබයි .මෙම දිනවල සිරස නාලිකාව ගෙන එන මේ ආදරයයි ටෙලිනාට්‍ය නූතන සමාජයේ රූපවාහිනී රසිකයාට ඉතා තිව්‍රර වු බලපෑම් එල්ල කරයි . මෙම ටෙලිනාට්‍ය තුළ ගෙන එන මූලික තේමාව වන්නේ විවාහයයි .මෙහි එන චරිත මඟින් සමාජය ඉදිරියේ විවාහය හෑල්ලුවට ලක්වන ආකාරය සහ දික්කසාදය සරල අංගයක් බවට ආකාරය විදහා දක්වයි .එසේම නූතන සමාජයේ දරුවා දෙමාපියන්ගේ වැරදි හමුවේ අසරණ වන ආකාරය සහ නොමග යන ආකාරය දක්වයි .එසේම මෙම ටෙලිනාට්‍ය මඟින් ඉදිරිපත් කරනු ලබන සාධනීය ලක්ෂණයක් වන්නේ සංස්කෘති දෙකක් අතර වන සුසංයෝජනය යි . එහෙත් මෙම ටෙලිනාට්‍ය මඟින් සමාජයට ඉතා තිව්‍රර ලෙස නිෂේධාත්මක බලපෑම් එල්ල කරනු ලබයි .
                          දමිත් පෙරේරා .

No comments:

Post a Comment

ප්‍රාදේශීය මාධ්‍ය

  ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය මාධ්‍ය වර්ධනය  සන්නිවේදන අධ්‍යයනය තුළ දී හදුනා ගත හැකි ප්‍රවණා අතුරින් ප්‍රාදේශීය මාධ්‍ය හිමිකාරීත්වය වර්ධනය වීම ක...