බස්සා ගෙ ගැරහුමට සහ
වවුලන් සමූහයාගේ වියෝ ශබ්දය අවට
පරිසරය දෝංකාර වත් කරන්නීය .
සඳු ගෙ එළිය රන්වන් පැහැයෙන්
අඳුරු පැහැයට ගොදුරු වෙමින් පවතී .
එය අඳුරු රැයක් වුයේ ය.
ගංගාවේ ගලා යාම මොහොතකට
නතර වි ඇත .
ගංගාවේ දිය යට මසුන්ගේ සංචාරය
ඔවුන්ගේ වරල් මඟින් සැඟවී ගොස්ය .
රැයේ පිපි සුවඳ විහිදුවන සමන් මල්
මිලිණ වි ගොස්ය .
එම අඳුරු රැය .....මූසල රැය
පායලා අවසානය .
මවක් සිය මිය නොගිය ...එහෙත්
මිය යාමට ආසන්න දරුවා රැගෙන
වීදි පහන් ආලෝකයෙන් අඳුර නිවාලන
වීදියේ සක්මන් කරන්නීය .
දහසක් වු වීදියේ දෙපස අඳුරු නිවෙස් වල දොරගුළු අද විවර වන්නේ නැත .
කෙළවරක් නොමැතිව ඇදෙනා මහ මගද , ඇයට පිටුපා යති .
ඇති කල බියකරු සිනහව තුළින් ඇයට සිනහව ගෙන දුන් ඇතැමුන් ,අද ඇයගේ හදවතට අතුල් පහර දෙන්නිය .
නොමැරී ,එහෙත් මිය යන බිළිඳා
නිමේශයකින් ඇයගෙන් දුරු වී යන්නට ආසන්නය .
ඇය වැලපෙන්නටත් ,ළතැවීම ටත් යොමු විය .
ඇය වියෝ ගී ගයන්නේ ය.
එහෙත් ඇයගේ වේදනාවට කිසිදු දොරක්
විවර වුයේ නැත .
ඇයගේ බිළිඳා මිය ගොසින් ය.
ඇය නිහඬ ව සිය හඬින්
මියගිය බිළිඳා සමඟ දොඩමළු වන්නිය .
දමිත් පෙරේරා .
No comments:
Post a Comment