Monday, 24 June 2019

කට හඩක් තිබුණු පමණට සාර්ථක නිවේදකයෙක් වෙන්න බැහැ. සම්මානනීය ගුවන් විදුලි නිවේදිකා චිත‍්‍රා කුමාරි පත්තප්පෙරුම

කට හඩක් තිබුණු පමණට සාර්ථක නිවේදකයෙක් වෙන්න බැහැ.
සම්මානනීය ගුවන් විදුලි නිවේදිකා චිත‍්‍රා කුමාරි පත්තප්පෙරුම

නිවේදන ශිල්පියා සිය ආත්මීය හඩ උපයෝගි කොට පුද්ගල මනස සියුම්ව ආමන්ත‍්‍රණය කළ හැකි පුද්ගලයෙක්. ඒ නිසා පුද්ගලයාට හරවත් දේ ලබා දීම නිවේදන ශිල්පියාගේ ව`ගකීමක් මෙන්ම සමාජමය සේවාවක්. අප මේ සූදානම් වන්නේ හඩ ආත්මය කොටගත් චරිතයක් හා සමග සාකච්ඡුාවට එක්වන්නටයි. ලංකාව පුරා ඇගේ හඩ හ
දුනන්නේ ඇයගේ ආත්මීය නිපුණත්වය විදහා දක්වමිනි. ඇය ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සම්මානනීය නිවේදිකා චිත‍්‍රා කුමාරි පත්තප්පෙරුම යි.

මේ දවස්වල ඔබගේ වැඩකටයුතු මොනවා ද ?

මම මේ දවස්වල බාහිර කතිකාචාර්යවරියක් ලෙස කටයුතු කරනවා. මොකද මම ඉගෙන ගත්තු සන්නිවේදන ශිල්පය ප‍්‍රායෝගිකව හා න්‍යායිකව ඊළ`ග පරපුරට ලබා දෙන්න මම කැමතියි. ඒ වගේම මම මේ දවස්වල වැඩසටහන් සහ ප‍්‍රවෘත්ති නිවේදිකාවක් වශයෙන් සුපුරුදු පරිදි කටයුතු කරගෙන යනවා.

මුලින්ම ඔබගේ පාසල් ජීවිතය ගැන කතා කළොත් ,

මම පාසල් ගියේ කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයට. පාසල් කාලයේ සිටම මම සෞන්දර්්‍ය සහ කී‍්‍රඩා ආදි කටයුතුවල නිරත වුණා. ඒ වගේම පාසල් කාලයේ දී නර්තන, කී‍්‍රඩා සහ ගායන තර`ගවලින් මම ජයග‍්‍රහණ ලබා තිබෙනවා. කුඩා කාලයේ මට නිවේදිකාවක් වෙන්න කියලා ආශාවක් තිබුණේ නැහැ. ඒත් පසුකාලීනව සෞන්දර්්‍ය වෙනුවෙන් තිබු ඇල්ම නිවේදිකාවක් වෙන්න ඉඩ විවිර කරන්න ඇති.

ඔබ ජාතික ගුවන් විදුලියට එක් වන්නේ කොහොම ද ?

මම ජාතික ගුවන් විදුලියට සම්බන්ධ වන්නේ හ`ද මාමා ළමා වැඩසටහන හරහා. එහිදි මගේ මවගේ පෙළඹවීම මත මමයි , මගේ අනිත් සහෝදරයින් තිදෙනායි ගුවන් විදුලියට එකතු වෙනවා. ඒ ළමා මණ්ඩපයේ ශිල්පී පරීක්ෂණය හරහා. ඉන් පසුව ළමා වැඩසටහන් ශිල්පිනියක් වශයෙන් , ළමා ගායන ශිල්පිනියක් ,යෞවන වැඩසටහන් ශිල්පිනියක් වශයෙන් සහ ප‍්‍රවෘත්ති නිවේදිකාවක් වශයෙන් කටයුතු කළා. ඒ වගේම පසුගිය වසර දෙක තුළ වෙළෙ`ද සේවයේ අධ්‍යක්ෂවරිය වශයෙනුත් මම කටයුතු කළා. 

ඔබතුමිය ප‍්‍රවීණ නිවේදිකාවක් ලෙස සන්නිවේදනය දකින්නේ කුමන ආකාරයෙන් ද ?
සන්නිවේදනය කියන්නේ සෑම සත්ත්ව මෙන්ම මානව කොට්ඨාසයක්ම පැවැත්ම වෙනුවෙන් සිදු කරන දෙයක්. සන්නිවේදනය කියන්නේ කිසියම් මාධ්‍යක් හරහා ජනතාව වෙත පුළුල් ආකාරයෙන් තොරතුරු ගෙන යාමක්. ඒ නිසා අප දෛනිකව සිදු කරන සන්නිවේදනය හා මාධ්‍යක් හරහා සිදු කරන සන්නිවේදනය අතර පුළුල් වෙනසක් තියෙනවා. ඒ වගේම සන්නිවේදනය කියන්නේ යුගයෙන් යුගයට වෙනස් වන දැවැන්ත විෂය ධාරාවක්. ඒ වගේම මාධ්‍ය කලාව අද තාක්ෂණය හා සමග එකතු වෙලා තියෙන නිසා සන්නිවේදනය කියන්නේ පුළුල් විෂය ධාරාවක්. ඒ කෙසේ වුවත් පුවත්පත්, රූපවාහිනි හා ගුවන් විදුලි යන කවර මාධ්‍යක් හරහා හෝ ජනතාව වෙත තොරතුරු ගෙන යාමේ සාමුහික කි‍්‍රයාවලිය සන්නිවේදනය වශයෙන් සරලව හදුන්වන්න පුළුවන්.

අද වන තෙක් ඔබගේ මේ ගමනට ගුරුහරුකම් ලබා දුන් ගුරුවරුන් කවුරුන් ද ?

ඔව්. මට මගේ ගුවන් විදුලි ජීවිතයේ දී ක්ෂේත‍්‍රයේ දැවැන්තයින්ගේ මග පෙන්වීම නිරතුරුවම ලැබුණා. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, දයානන්ද ගුණවර්ධන, ගුණසේන ගලප්පත්ති වගේ නාට්‍ය කලාවේ දැවැන්ත චරිතවල ම`ග පෙන්වීම මට නිරතුරුවම ලැබුණා. ඊට අමතරව මම වේදිකා නාට්‍ය ශිල්පිනියක් ලෙස කිරිගරු`ඩ, අම්මයි පුතයි ආදි වේදිකා නාට්‍ය බොහෝමයක රංගනයෙන් දායක වුණා. ඒ වගේම මගේ මේ ගමනට මගේ මව, පියා, සහෝදරයින් සහ මගේ සැමියා වන චන්දන පත්තප්පෙරුමගෙන් ලොකු ම`ග පෙන්වීමක් මෙන්ම ගුරුහරුකම් ලැබුණා.

ඔබගේ මාධ්‍ය ජීවිතය තුළ ඔබ මුහුණ දුන් අමතක නොවන සිදුවීම් මොනවා ද ?

මගේ ජීවිතයේ අමතක නොවන සිදුවීම තමයි, යුධ වාතාරණය මැද වසර දොළහකට පසු යාපනයේ නල්ලූර් කන්දස්වාමි ජනතාව වෙනුවෙන් විවෘත කළ අවස්ථාවේ ගෙන ගිය සජීව විස්තර ප‍්‍රචාරය. රත්මලානේ සිට පළාලි ගුවන් තොටුපළට යන තුරු අපගේ ජීවිතය ගැන බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ඒ වගේම දසදහසක් වු දෙමළ ජනතාව අතර සිට මම ඒ වෙලාවේ හිටපු එකම සිංහල මාධ්‍ය නිවේදිකාව වශයෙන් උතුරේ ජනතාවගේ හද ගැස්ම හ`දුනාගෙන ඒ අවස්ථාවට මුහුණ දුන්නා. ඒ සජීවි විස්තර ප‍්‍රචාරය හරහා මට හැකි වුණා, මගේ හ`ඩ උපයෝගි කරගෙන යාපනයේ පැවැති පරිසරය ගුවන් විදුලියෙන් මවන්න. ඒ වගේම ජාතීන් දෙකක් අතර ඇති වුණු සමගියේ සංකේතයක් වු ඒ අවස්ථාව මගේ ජීවිතයට ඉතාමත් වැදගත් සිදුවීමක් වුණා. ඒ හින්දා මම පළාලි සේවයේ සෑම වසරකම මාස දෙකක් සේවය කරනවා.

සමකාලීන මාධ්‍යකරුවා සහ දේශපාලනය අතර තියෙන සම්බන්ධය ඔබ දකින්නේ කොහොම ද ?

ඔව්. මාධ්‍යකරුවෙක් හැටියට මට දේශපාලනයක්, දේශපාලන අරමුණක් තියෙන්න පුළුවන්. ඒත් මාධ්‍යකරුවෙක් හැටියට මාධ්‍යකරුවාගේ වගකීම වෙන්න  ඕනේ , මාධ්‍යකරුවාගේ දේශපාලන අරමුණු පසෙක තියා , මිනිසුන්ගේ හදවත ගැහෙන, හදවත ඉල්ලන දේ දෙන්න. ඒ නිසා මාධ්‍ය තුළ දි මාධ්‍යකරුවාට දේශපාලන අරමුණක් තියෙන්න බැහැ.

අද ලංකාව තුළ නිවේදන වෘත්තියට පිළිගැනීම ගැන ඔබ තෘප්තිමත් ද ?

මම ජාතික ගුවන් විදුලියෙන් බිහිවුණු සන්නිවේදිකාවක් නිසා ජාතික ගුවන් විදුලියේ අදටත් ආරක්ෂා කරමින් එන ප‍්‍රමිතිය නිසා නිවේදන වෘත්තියට තවමත් හො`ද පිළිගැනීමක් තියෙනවා. ඒත් අද වානිජකරණය සමග බිහිවෙන පෞද්ගලික මාධ්‍ය ආයතන තුළ සිටින සන්නිවේදකයන්ට එහෙම පිළිගැනීමක් තියෙනවා ද කියලා ගැටලූවක් මතු වෙනවා. එහිදි නිවේදන වෘත්තියේ පිළිගැනීමට මාධ්‍ය හිමිකරුවන්ගේ න්‍යාය පත‍්‍ර බෙහෙබින් බලපානවා. ඒ නිසා නිවේදකයාට සිදුවෙනවා ඒ මාධ්‍ය න්‍යාය පත‍්‍රයන්ට අනුකූලව කි‍්‍රයා කරන්න. ඒ අනුව නිවේදන වෘත්තියට තිබෙන පිළිගැනීම ගැන මට සාධනීය තෘප්තියක් පවතිනවා.

ඒ තත්ත්වය කෙසේ වුවත් 2017 වසරේ ඔබ විශිෂ්ටතම ප‍්‍රවෘත්ති නිවේදිකාව බවට පත්වෙනවා නේද ?

ඔව්. 2017 ප‍්‍රථම රාජ්‍ය ගුවන් විදුලි සම්මාන උළෙලේ දී විශිෂ්ටම සිංහල ප‍්‍රවෘත්ති ප‍්‍රකාශිකාව වශයෙන් ගෞරව සම්මානයට පාත‍්‍ර වෙනවා. ඒ ලැබුණු සම්මානය මට නොවෙයි, සමස්ත ගුවන් විදුලි ක්ෂේත‍්‍රය වෙනුවෙන් ලබා දුන් ඇගයීමක් ලෙස මම හ`දුන්වන්න කැමතියි. එසේම ගුවන් විදුලි ඉතිහාසයේ වැදගත් අවස්ථාවක් ලෙස 2017 රාජ්‍ය ගුවන් විදුලි සම්මාන උළෙල පෙන්වා දෙන්නත් පුළුවන්. මීට පෙර ජාතික ගුවන් විදුලිය ඇතුළත එවැනි කි‍්‍රයාදාමයක් පැවතුණත් , සමස්ථ රටම ආවරණය වන පරිදි එවැනි සම්මාන උළෙලක් පවත්වා නැහැ.

ගුවන් විදුලි මාධ්‍ය වෙනුවෙන් පවත්වන ඇගයීම් උළෙලවල හි`ගයක් පවතිනවා. ඒ ගැන දරන අදහස ?

අද ලංකාවේ රූපවාහිනි වැනි මාධ්‍යන් වෙනුවෙන් බොහෝමයක් සම්මාන උළෙලවල් පවතිනවා. ඒත් කණගාටුවට කරුණ වන්නේ මෙරට ප‍්‍රථම විද්්‍යුත් සන්නිවේදන මාධ්‍ය වුණු ගුවන් විදුලිය වෙනුවෙන් කිසිම ආකාරයේ දිගු කාලීන ඇගයිම් උළෙලක් නොපැවතීම. ඒත් 2017 වසරේ දී පැවැත්වුණු ප‍්‍රථම ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙලින් ඒ හිඩැස යම්තාක් දුරට හෝ පිරිමැසුණු ආකාරයක් දැක ගත හැකි වුණා. ඒ නිසා මෙවැනි ඇගයිම් උළෙලවල් මගින් ගුවන් විදුලි ශිල්පීන් දිරිමත් වන ආකාරය දැක්විය යුතුයි. 

වර්තමාන නිවේදන ශිල්පීන්ට, ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයෙක් ලෙස ඔබ දෙන උපදෙස් මොනවා ද ?

 ගුවන් විදුලි ක්ෂේත‍්‍රයට පැමිණ හෝ ක්ෂේත‍්‍රයට පැමිණීමට බලාපොරොත්තු වන අංකුර සන්නිවේදකයින්ට ලබා දෙන උපදෙස තමයි, මුදල සහ ජනපි‍්‍රයත්වය කියන පටු අරමුණ පෙරදැරි කොටගෙන ගුවන් විදුලි ක්ෂේත‍්‍රයට නොපැමිණ ප‍්‍රතිභාව , කුසලතාව සමගින් යහපත් සන්නිවේදකයෙක් ලෙස ක්ෂේත‍්‍රයට පැමිණෙන්නට ආරාධනා කරනවා. එහෙම මුදල් හා ජනපි‍්‍රයත්වය කියන පටු අරමුණු සහිතව ක්ෂේත‍්‍රයට පැමිණීම තාවකාලික දෙයක්. ඒ නිසා විෂය ගැඹුරින් හදාරා , ඉලක්කයක් සහිතව ගුවන් විදුලි ක්ෂේත‍්‍රයට පැමිණියොත් ජනපි‍්‍රයත්වය කියන දෙය ශ‍්‍රාවක ජනතාවගෙන් ඉබේම ලබා ගන්න පුළුවන් දෙයක්. ඒ නිසා අපේ සිත දෙවොලක් කරගෙන මේ කටයුතු නිවැරදිව නියැලූනොත් මේ ක්ෂේත‍්‍රය තුළ දිගු ගමනක් යන්න හැමෝටම පුළුවන් වෙනවා.

අවසාන වශයෙන් ඔබට අද මෙම ස්ථානයට පැමිණිමට රුකුලක් වු පුද්ගලයින් කවුරුන් ද ?

මුලින් ම මගේ මව ශීලා සරත් කුමාරිහාමි, පියා සිමියන් කළුබෝවිල, මගේ සැමියා චන්දන පත්තප්පෙරුම සහ මගේ පුතුන් දෙදෙනා වන තරි`දු පත්තප්පෙරුම හා ගජිත පත්තප්පෙරුම යන අයගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම මගේ ගුවන් විදුලියේ ගුරුවරුන්ගෙනුත් මගේ ගමනට ලොකු සහයක් ලැබුණා. ඒ හැමෝවම මම කෘතවේදීව මේ අවස්ථාවේ සිහි කරනවා.

සාකච්ඡුා කළේ : සුමේන්ද්‍ර පෙරේරා සහ ටිෂානි ශෂි කුමාරි





ලාංකීය සිනමාවේ මහගෙදර වු සරසවි චිත‍්‍රාගාරය

කොළඹ නුවර ප‍්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 10 කණුව පසු වු විට කවුරුත් දන්නා හදුනන කැලණිය ටයර් මංසන්ධිය හමු වේ. එහි සිට මීටර් සියයක් පමණ ඉදිරියට පැමිණෙන විට දකුණු දෙසින් ස්වර්ණාලේපිත ඵලයක් මත ලියවුණු සරසවි චිත‍්‍රාගාරය යැයි සදහනක් දක්නට ඇත. ලාංකීය සිනමාවට ස්වර්ණමය යුගයක් සහ සේවාවක් ඉටු කළ සරසවි චිත‍්‍රාගාරයට එම ඵලකය සහිත වු මාර්ගයෙන් ප‍්‍රවේශ විය හැක්කේය. මෙරට සිනමා කර්මාන්තය උදෙසා සුවිශේෂී කාර්යය භාර්යයක් ඉටු කළ චිත‍්‍රපට සංස්ථාවට අයත් සරසවි චිත‍්‍රාගාරයේ අතීතාවර්ජනයක් සියුම්ව ගෙන හැර දැක්වීම අපගේ වෑයමයි.

ලාංකේය සිනමා කර්මාන්තය මුල් අවධියේ දී මුහුණ පෑ ප‍්‍රධාන ගැටලූවක් වුයේ චිත‍්‍රපට පසු නිෂ්පාදන කටයුතු ස`දහා යොදා ගත හැකි තාක්ෂණික සේවාවන්ගෙන් සමන්විත වන චිත‍්‍රාගාරයක් නොපැවතීමයි. සරසවි චිත‍්‍රාගාරය මගින් ලාංකීය සිනමාව මුහුණ පා සිටි එම අර්බුදකාරී තත්ත්වයට අවශ්‍ය පිළියම් ලබා දීමට සමත් විය. විශේෂයෙන්ම චිත‍්‍රපට කර්මාන්තයේ ශබ්ද පරිපාලන කටයුතු වැනි අතිශය බැ?රුම් කටයුතු සදහා මහගු පිටුවහලක් මෙමගින් හිමිවිය. එමෙන්ම ශී‍්‍ර ලාංකීය සිනමාවේ සුවිශේෂී හැරවුම් ලකුණු සනිටුහන් කළ විශිෂ්ට සිනමා කෘති සදහා මෙහි දායකත්වය නොඅඩුව හිමිවිය. 1989 දී එවකට ජනාධිපති වු රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමා විසින් සරසවි චිත‍්‍රාගාරයේ ප‍්‍රතිසංස්කරණය සහ නවීකරණය කිරීමට අවශ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන ප‍්‍රදානය කරන ලද්දේය. ඒ අනුව 1992 මාර්තු 23 වැනිදා නව ගොඩනැගිලි සංකීර්ණයක් සහිතව සරසවි චිත‍්‍රාගාරය නවීකරණය වන්නේ වර්තමානයේ පවතින ස්වරූපයට චිත‍්‍රාගාරය පත් කරමින් ය. මෙම නවීකරණ කි‍්‍රයාවලියෙන් පසු කළු සුදු සේයාපට ශෝධනය, මුද්‍රණය, ද්විත්ව මැදිරි හරහා අතිනවීන ශබ්ද පටල සැකසීම සහ ශබ්ද පටිගත කිරීම යන කර්තව්‍යන් සියල්ල සරසවි චිත‍්‍රාගාරය තුළින් සිදුකරගත හැකි විය.

විශේෂයෙන් සිනමා කර්මාන්තය උදෙසා විවිධ අංශවලින් සරසවි චිත‍්‍රාගාරයේ සේවාව විහිදි තිබිණ. රසායනාගාර වැඩ කටයුතු ( කළු සුදු ප‍්‍රතිඡුායාපලක පට ශෝධනය, ටේ‍්‍රබල් පි‍්‍රන්ට්ස්, ඩබල් පි‍්‍රන්ටින් , ශබ්ද අංශයේ වැඩ කටයුතු ( චිත‍්‍රපට ගීත පටිගත කිරීම, දෙබස් කැවීම, තැටි කැසට් පට නිෂ්පාදනය , සංස්කරණ වැඩ කටයුතු ( චිත‍්‍රපට සංස්කරණය, ප‍්‍රතිඡුායාපලක පට සංස්කරණය , කැමරා වැඩ කටයුතු ( එළිමහන් සහ ගොඩනැගිිලි තුළ ඡුායාගත කිරීම, චිත‍්‍රාගාර තුළ කැමරාකරණයට අවශ්‍ය පසුතල නිර්මාණය ආදි වශයෙන් සිනමා කර්මාන්තයට අවශ්‍ය නන්විධ සේවාවන් සරසවි චිත‍්‍රාගාරය හරහා ඉටු කරගත හැකි විය.

1973 වසරේ දී පෞද්ගලික අංශය යටතේ පැවති චිත‍්‍රාගාරය , 1972 පිහිටුවන චිත‍්‍රපට සංස්ථාවට පවරා ගන්නා ලදි. පසුකාලීනව එනම්, තාක්ෂණික වශයෙන් 2007 වසරේ දි සරසවි චිත‍්‍රාගාරය ඩිජිටල් තාක්ෂණය හා සමග අත්වැල් බැදගන්නේ එවකට පැවති ඇනලොග් තාක්ෂණයට සමුදෙමිනි. ඩිජිටල් තාක්ෂණය වෙත චිත‍්‍රාගාරය ගමන් කළත් අද වන විටත් ඇනලොග් තාක්ෂණය හා සම්බන්ධව පැවති තාක්ෂණික උපකරණ සියල්ල සංරක්ෂණය කොට තිබෙන්නේය. ඒ අනාගත පරපුර වෙනුවෙන් පුරාවස්තු ලෙස එම උපකරණ ආරක්ෂා කිරිමේ අවශ්‍යතාවය නිසාවෙනි. ඇනලොග් තාක්ෂණය යටතේ චිත‍්‍රපට සදහා අවශ්‍ය වන අතිරේක ශබ්ද පටිගත කොට දැවැන්ත සිනමා නිර්මාණ සදහා ඒවා උපයෝගී කරගත්තේය. එහෙත් නුතන නව්‍ය ඩිජිටල් තාක්ෂණයේ ආගමනය නිසා එවැනි අතිරේක ශබ්ද ඩිජිටල් මෙමරි පත් වෙත ලබාගෙන ඇත. වර්තමානය වන විට සිනමා නිර්මාණවලට අමතරව රූපවාහිනි වැඩසටහන්, රූපවාහිනි වෙළද දැන්වීම් සහ දෙබස් කැවීම් සිදු කරනු ලබයි. එයින් පෙනී යන්නේ යුගයෙන් යුගය වෙනස් වුවත් එදා මෙන් අදත් සරසවි චිත‍්‍රාගාරය ලාංකේය රූප මාධ්‍යට අවශ්‍ය වන ප‍්‍රබල සේවාදායකයෙක් බවය. 

ලාංකේය සිනමා ඉතිහාසයේ සුවිශේෂී සිනමා නිර්මාණ සුරැුකීම සදහා චිත‍්‍රපට සංරක්ෂණාගාරයක් ද චිත‍්‍රාගාර පරිශ‍්‍රය තුළ පවත්වාගෙන යනු ලබයි. ප‍්‍රමුඛ පෙළේ චිත‍්‍රපට ස`දහා ගීත පටිගත කිරිම ද සිදු කර ඇති අතර පේ‍්‍රමසිරි කේමදාස, වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ වැනි ප‍්‍රවීණ ගායන ශිල්පීන්ගේ දායකත්වය ඒ සදහා ලැබී ඇත්තේය. 
චිත‍්‍රපට අංශයෙන් ඉතාමත් සුවිශේෂී ලාංකීය සිනමාවේ හැරවුම් ලක්ෂයන් වු බොහෝමයක් සිනමා නිර්මාණයන්ගේ පසු නිෂ්පාදන කටයුතු ස`දහා යොදා ගෙන ඇත්තේ ද සරසවි චිත‍්‍රාගාරයයි. චිත‍්‍රපට හ`ඩ කැවීම, චිත‍්‍රපට සංස්කරණය සහ අතිරේක ශබ්ද යෙදීම වැනි කාර්යයන් ඒ යටතේ සිදු වූයේය. සුනිල් ටී. පෙරේරා, සරත් ධර්මවර්ධන, රෝයි ද සිල්වා, බන්දු සමරසිංහ, සුනිල් සෝම, උදයකාන්ත වර්ණකුලසූරිය, චන්ද්‍ර රත්න මාපිටිගම වැනි සිනමා කර්මාන්තයේ අති දැවැන්තයින්ගේ සිනමා නිර්මාණ ස`දහා සරසවි චිත‍්‍රාගාරය මාහැ`ගි තෝනැන්නක් වුයේය.

සරසවි චිත‍්‍රාගාරය ලාංකේය සිනමා ක්ෂේත‍්‍රයේ විශිෂ්ට ගණයේ සිනමා කෘති රාශියකට සිය තාක්ෂණික දායකත්වය සැපයු බව ලාංකීය සිනමා ඉතිහාසයෙන් මනාවට පිළිඹිබු වේ. රසික සිත් තුළ ජනාදරයට පාත‍්‍ර වු චිත‍්‍රපට රාශියක් සදහා සරසවි චිත‍්‍රාගාරයේ දායකත්වය ලබා ගත්තේ එවකට චිත‍්‍රපට පසු නිෂ්පාදන කටයුතු සදහා ඉන්දියාවට යාමේ  අපහසුතාවය සහ ශී‍්‍ර ලංකාවේ විශිෂ්ටතම ශ‍්‍රව්‍ය සහ දෘශ්‍ය තාක්ෂණික ක‍්‍රමෝපායන්ගෙන් සමන්විත වු එකම ආයතනය සරසවි චිත‍්‍රාගාරය වු නිසාවෙනි. එදා මෙදා තුර සිංහල සිනමා වංශ කතාවේ විශාල සිනමා කෘති රාශියක් අතුරෙන් ලාංකේය සිනමාවේ විශිෂ්ට සිනමා කෘති කිහිපයක් පිළිබද අවධානය යොමු කළ විට පෙනී යන්නේ එකී චිත‍්‍රපට සදහා සරසවි චිත‍්‍රාගාරය ලබා දුන් දායකත්වය සුළු පටු නොවන බවයි. එම සිනමා කෘති සදහා ඉතා සියුම්ව දෙබස් කැවීම ඇතුළු ශබ්ද පරිපාලනයේ බොහෝ කටයුතු සදහා මූලිකත්වය ගනු ලැබුවේ සරසවි චිත‍්‍රාගාරයයි. අයෝමා , සුදු සෙවනැලි, මතුයම් දවසක, වෑකන්ද වලව්ව, දඩබිම එයින් කිහිපයක් පමණි. එමෙන්ම ලාංකේය සිනමාවේ හැරවුම් ලක්ෂ බවට පත් වු දේශීය මෙන්ම ජ්‍යාත්යන්තර වශයෙන් සම්මානනීයත්වයට පාත‍්‍ර වු ප‍්‍රසන්න විතානගේ වැනි සිනමාකරුවන්ගේ සමාජ පරිඥානය ඔස්සේ දෘශ්ටිගත වුණු පුරහද කළුවර, පවුරු වළලූ වැනි සිනමා පට සදහා සරසවි චිත‍්‍රාගාරයෙන් වු සේවාව අමරණීය ය.

පුරා දශක හයකට ආසන්න කාලයක් සිනමා සහ රූපවාහිනි දෘශ්‍ය මාධ්‍ය සදහා සිය දායකත්වය සැපයු සහ 21 වන සියවස තුළදීත් සිනමා කර්මාන්තයේ දේශීයත්වය විදහා දැක්වෙන දේශීය සිනමා සංස්කෘතියක් නිර්මාණය කිරිමෙහිලා සරසවි චිත‍්‍රාගාරය ලබා දුන් සහ ලබා දෙන සේවාව අනගිබවනීය ය. එමනිසා මෙවන් වු ප්‍රෞඩ උරුමයක් කෙරෙහි රාජ්‍ය අංශයේ මැදිහත්වීම වඩාත් සාධනීය වන්නේ නම් විදේශීය සිනමාව පවා තරණය කළ හැකි මානව සම්පත් සහ භෞතික සම්පත් ඇති බව පවසන්නේ දේශවාත්සල්‍යයෙන් යුතුවය.

සම්පත් දායකත්වය රවීන්ද්‍ර ලාල් මහතා සහ නන්ද කුමාර මහතා 
සටහන් කළේ : සුමේන්ද්‍ර පෙරේරා සහ ටිෂානි ශෂි කුමාරි

Wednesday, 17 April 2019

විමසුම

පුංචි ඡන්දය හා භික්ෂු දේශපාලනය

මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස

ආයෙත් වතාවක් දේශපාලන වාතාවරණය උණුසුම් වෙමින් පවති. ප්‍රාදේශීය සභා, පළාත් සභා ගම් මට්ටමේ නියෝජිතයන් තෝරා ගැනීම සඳහා වු නව ඡන්ද ක්‍රමය හෙවත් සාමානුපාතික ඡන්ද ක්‍රමයට පැමිණීමට පෙර පැවති ඡන්ද ක්‍රමය නැවත වතාවක් හඳුන්වා දෙමින් පවති. මෙහි ඇති ඉතා විශේෂතාවය වන්නේ ගමට , ගමේ සීමාවට තමන්ගේම නියෝජිතයෙක් තෝරා ගැනීමට ඇති හැකියාවයි. පරණ ක්‍රමය යටතේ ඇති හැකි මුදල් තිබෙන ව්‍යාපාරිකයින්ට දේශපාලනය කිරිමට ඇති අවස්ථාව මේ මගින් ඇහිරි යයි. මෙම නවතම ඡන්ද ක්‍රමය සමඟ කාන්තා නියෝජනය ද ඉහළ යමින් තිබේ. මෙය අප විශ්වාස කරන පරිදි ඉතා ප්‍රගතිශීලි අවස්ථාවකි.

 දැනට ලැබෙමින් පවතින තොරතුරු නිරික්ෂණය කිරිමේ දී සෑම ප්‍රාදේශීය සභාවකටම භික්ෂුන් වහන්සේලා ඉදිරිපත් වන ප්‍රවණතාවක් හඳුනා ගත හැකිය.  ප්‍රධාන දේශපාලන පක්ෂ , පොදු ස්වාධින කණ්ඩායම් වශයෙන් මෙම පිරිස දේශපාලන පොර පිටියට පිවිසෙන ආකාරය දැනට ලැබෙන තොරතුරු මගින් හෙලිදරව් වී තිබේ. 
පසුගිය කාලයේ පාර්ලිමේන්තුව තුළ සිදු වු භික්ෂු දේශපාලනයන් මෙය වඩාත් තහවුරු කරන්නේය. විශේෂයෙන් ම ගංගොඩවිල සෝම හිමියන්ගේ අපවත්වීම සමඟ ඇති වු සමාජ විලෝපනය , කම්පනය , සංවේදීතාවය සහ සමාජය පිළිබඳ උන්වහන්සේ දැක් වු යම් යම් විවේචනාත්මක ආකල්ප පදනම් කරගෙන මෙම රැල්ල ඇති වු බව මිනිසුන්ගේ නිරික්ෂණය කළ හැකිය . 

මේ සඳහා යම් උගත් දේශපාලන බලවේගයට හැඟවීමට අපේක්ෂා කළ දේශපාලනඥයින් ද සම්බන්ධ වු ආකාරය එම ඡන්ද ව්‍යාපාරය නිරික්ෂණය කිරිමේ දී හඳුනාගත හැකිය. පාර්ලිමේන්තුවට පැමිණි භික්ෂුන් වහන්සේලා අතින් සිදු වු කාර්යය කුමක් ද ? භික්ෂුන් වහන්සේලාගේ කාර්යය කුමක් ද ? ආගමික පුජකයින් වහන්සේලාගේ සමාජීය, සංස්කෘතික කාර්යය භාර්යය කුමක් ද ? නැවත සමාලෝචනය කිරිමට මෙය එක් අවස්ථාවක් ලෙස මම මෙය උපයෝගි කර ගනිමි. නැවත සොයා බැලීමේ දී භික්ෂුන් වහන්සේලා පාර්ලිමේන්තුවට පැමිණීම සමඟ මෙරට සංස්කෘතිය, සදාචාරය , ශිෂ්ටත්වය, ජාතිකත්වය පිළිබඳ කවර හෝ ආකාරයේ පිබිදීමක් ඇති වුවා ද යන්න නැවත සළකා බැලිය යුතුය. උදාහරණයක් වශයෙන් විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ කටයුතු කරන මා හට ඉතා සංවේදී අත්දැකීමක් තිබේ. 

මෙරට මව් භාෂාව පිළිබඳ පර්යේෂණ කිරිම , අධ්‍යයනය කිරිම , දත්ත රැස් කිරිම ඒ හා බැදුණු විවිධ පර්යේෂණ කටයුතු සිදු කිරිමේ අවශ්‍යතාවය බරපල ලෙස මතු වී තිබේ. භික්ෂුන් වහන්සේලා පාර්ලිමේන්තුවට ආ කාල වකවානුව මෙරට විශ්වවිද්‍යාලවල මව් භාෂාව පිළිබඳ වු කටයුතු නැවත සමාලෝචනය කළ යුතුය. උදාහරණයක් ලෙස උන්වහන්සේලා පාර්ලිමේන්තු ආ වකවානුවල මෙරට විශ්වවිද්‍යාල ප්‍රවේශයට මව් භාෂාව හැදැරිමට පැමිණියේ විශේෂ ප්‍රවේශයෙන් හෙවත් අඩු ලකුණුවලින් පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පමණි. මව් බස පර්යේෂණ කිරිම පිරිහෙමින් තිබේ. වෙනත් භාෂා අරාබි භාෂාව, දෙමළ භාෂාව, ඉංග්‍රීසි භාෂාව සහ වෙනත් විදේශීය භාෂා පර්යේෂණ කිරිම, අධ්‍යයන කිරිම මීට සාපේක්ෂව වර්ධනය වී තිබේ. 

ජාතිය බේරා ගැනීම , හෙළ උරුමය ගොඩ නැඟීම, මව් බසේ සංස්කෘතිය අනන්‍යතාවය රැකීමට උන්වහන්සේලා පාර්ලිමේන්තුවේ සුඛ විහරණය කරද්දි මව් බසේ තත්ත්වය එසේ ඛේදවාචකයට පත් විය. භික්ෂුන් වහන්සේලා නැවත බලය ඉල්ලන්නේ කුමකට ද? මේ වන විට රටේ සමාජ, සංස්කෘතික විලෝපනය බරපල ගැටුමක් බවට පත් වී තිබේ. 
අලුත්ම සංඛ්‍යාලේඛන පෙන්වා දෙන පරිදි එක්සත් ජාතීන්ගේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම තොරතුරු අනුව ලංකාව දැන් ලෝකයේ වැඩිම දිවි නසාගන්නා රට බවට පත් වී තිබේ. 1986 ලෝක ක්‍රිකට් ශූරතාවය දිනා ගන්නා වර්ෂයේ දි අපි දිවි නසා ගැනීමේ කප් එක ද ඔසවා ගත්තෙමු. දැන් නැවත වතාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පහළට වැටෙද්දි අපි දිවි නසාගැනීමේ කප් එක ඔසවා ඇත්තෙමු. මේ පිටිපස ආගමික නායකයින්ට කළ හැකි කාර්යය භාර්යය කුමක් ද ? ආගමික නායකයින්ට කාර්යය භාර්යයක් නොමැති ද ? එය නැවත සමාලෝචනය කළ යුතුව තිබේ. බල තරඟය, බල පොරය , මුදල් ගරා ගැනීම් , අල්ලස් හා දූෂණ වංචා වලට තෝතැන්නක් වු දේශපාලනය තුළ භික්ෂුන් වහන්සේලා කළ යුතු කාර්යය භාර්යය කුමක් ද ? 40 දශකයේ දි විද්‍යාලංකාර පිරිවෙන පදනම් කරගෙන ඓතිහාසික භික්ෂු දේශපාලන ප්‍රකාශනය ප්‍රකාශයට පත් වීමයි. ඉන් උන්වහන්සේලා අපේක්ෂා කළේ රට ජාතිය ආගම පිළිබඳ අවවාද අනුශාසනා කිරිමේ, මඟ පෙන්වීමේ , උපදේශන කාර්යයේ භික්ෂුන් වහන්සේලා සතු වු කාර්යයි. ඒත් අවාසනාවකට මේ වන විට පාර්ලිමේන්තුවට, ප්‍රාදේශීය සභාවට උන්වහන්සේලා පොරකමින් සිටි. උන්වහන්සේලා කළ යුතු කාර්යය කුමක් ද ? මව්වරුන් දරුවන් ගඟට විසි කරයි. දරුවන් අතරමඟ දමා පියවරුන් ගමන් කරති. දිවි නසා ගැනීම, ප්‍රචණ්ඩතාවය, අපරාධ, වංචා , සමාජ දූෂණයන් ඉහවහ ගෙන යමින් තිබේ. භික්ෂුන් වහන්සේලා නැවත දේශපාලනයට පිවිසීමට පෙර තමන්ගේ භූමිකාව නැවත සමාලෝචනය කළ යුතුය. අවසර හාමුදුරුවනේ, මේ ගැන නැවත සිතා බලනු මැනවි. 

සටහන් කළේ : සුමේන්ද්‍ර පෙරේරා

පුංචි රෝමයේ සහජීවනයේ නත්තල


 ලොවට ගැලවීමේ පණිවිඩය ගෙන දුන් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහි කරන මෙන්ම උන්වහන්සේගේ විජයග්‍රාහි දෙවන ආගමනය බලාපොරොත්තුවෙන් ලෝකවාසි කිතුනු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මංගල්‍යකි, නත්තල් මංගල්‍යය. කිතුනු ජනතාවගේ ජීවමාන එf`ඞ්රාණන් වන පාප්තුමා වැඩ සිටින රෝම පුරවරය නත්තලේ සීතලෙන් මෙන්ම නත්තල් අසිරියෙන් ඇලලී යන්නේ ලොවට සාමයේ කුමරුවාණන්ගේ ආශීර්වාදය ගෙන දෙමිනි. ඒ රෝම පුරවරය මෙන් ශ්‍රී ලංකීය කිතු සසුන තුළ වැදගත් කේන්ද්‍රස්ථානයක්  වු පුංචි රෝමය නම් වු මීමුරයේ  අසිරිමත් නත්තල, ලක්වාසි කිතුනු ජනතාවට පසක් කරන්නට වෙර දරන්නේ සාමයේ, සහජීවනයේ පණිවිඩය යි.

මීගමුව නැතිනම් මීමුරය කී සැනින් නිසඟයෙන් අප මුවට ගලා එන්නේ සුන්දර වෙරළබඩ තීරය සහ ඒ හා සමඟ උරෙන් උර ගැටෙමින් ජීවත් වන්නට වෙර දරන ධීවර ප්‍රජාවයි. මීගමුව පුරවරයට ,  පුංචි රෝමය ලෙස නම් පටබැඳීමට හේතූන් වන්නේ මීගමුව පුරවරය තුළ ජීවත් වන ප්‍රජාවගෙන් අති බහුතරය කතෝලික ජනාතාව වීම සහ කතෝලික සසුනේ දැවැන්ත ප්‍රතාපවත් චරිතයන්ගේ නිජ භූමිය මීමුරය වීමයි. මෙහි සුවිශේෂීතාවය වන්නේ කිසිදු දිනක කතෝලික, බෞද්ධ, මුස්ලිම් හා හින්දු ලෙස මීගමුවේ පුරවැසියන් අතර කිසිදු භේදයක් නොමැති වීමයි. බුදු තෙමඟුලට වෙසක් පහන් දල්වන සහෝදරත්වයේ දෑතින්ම නත්තලට නත්තල් ගස සැරසීමෙන් පුංචි රෝමයේ ආගමික සහජීවනය මනාව ත්‍රිව වේ. මීගමුව පුරවරය හෙවත් පුංචි රෝමය තුළ දිවයිනේ ප්‍රධාන  කතෝලික දෙව්මැදුරු රැසක් අපට  හමුවන අතර එම කතෝලික දේවස්ථාන සංඛ්‍යාව විසිපහකටත් අධිකය. එහි සුවිශේෂිබව වන්නේ දිවයිනේ ඓතිහාසික ලෙස වැදගත් කතෝලික දේවස්ථාන ද එම දේවස්ථාන ම වීමය. මීගමුව පුරවරය මධ්‍යයේ පිහිටි මහවීදිය සාන්ත මරියා දේවස්ථානය පුංචි රෝමයේ සියලුම කතෝලික දේවස්ථානයන්ට මව් දේවස්ථානය ලෙස වැජඹෙයි. තවද මහවීදිය සාන්ත මරියා දේවස්ථානයේ සුවිශේෂීභාවය වන්නේ වසර දෙසීයකට ආසන්න ඉතිහාසයකට උරුමකම් කීම සහ නත්තල් සමයේ මීගමු පුරවරයේ විශාලතම ගවලෙන නිර්මාණය වීමයි. මහවීදිය සාන්ත මරියා දේවස්ථානය ගොඬනැගී ඇත්තේ ධීවර ප්‍රජාවගේ අප්‍රතහිත කැපවීමෙනි. එදා ජේසුස් වහන්සේ සිය ගෝලයින් ලෙස තෝරා ගනු ලැබුවේ ද ගලීල මුහුදේ ධීවරයින් වු නිසා එයින් පෙනි යන්නේ පුංචි රෝමය හා කිතු දහම අතර ඇති අන්‍යෝන්‍ය සබඳතාවයයි. සාන්ත සෙබස්බතියන් දේවස්ථානය කටුවපිටිය, සාන්ත අන්තෝනි දේවස්ථානය කොච්චිකඬේ, සාන්ත අන්තෝනි දේවස්ථානය දළුපොත, සාන්ත ආනා දේවස්ථානය කුරණ, සාන්ත ජුසේ මුනි දේවස්ථානය පමුණුගම,ශුද්ධ වු අඩක්කල දේවමාතා දේවස්ථානය තුඩැල්ල, සාන්ත රෝකුස් මුනි දේවස්ථානය දෑලතුර, සාන්ත නිකුලා මුනි දේවස්ථානය බෝපිටිය, ශුද්ධ වු ජපමාල දේවමාතා දේවස්ථානය දෙහියාගාත, සාන්ත සෙබස්තියන් දේවස්ථානය කදාන, ශුද්ධ වු වික්ෂෝප දේවමාතා දේවස්ථානය ජා-ඇල, සාන්ත ආනා දේවස්ථානය වැලිගම්පිටිය, සාන්ත මරිය මග්දලේනා මුනිශ්වරියගේ දේවස්ථානය දුන්ගාල්පිටිය, සාන්ත බාර්බරා මුනිශ්වරියගේ දේවස්ථානය තලාහේන, කැපුන්ගොඩ සාන්ත අන්තෝනි දේවස්ථානය,ශුද්ධ වු කානික්ක දේවමාතා දේවස්ථානය දුන්ගාල්පිටිය ආදි කතෝලික ප්‍රෞඩත්වය හොවා දක්වන දෙව්මැදුරු රාශියකින් නත්තල් දා මධ්‍යම රාත්‍රියේ සීනු හැඬවෙන්නේ පුංචි රෝමයේ අසිරිය සිරිලකෙහි මවා පාමිනි. පෘතුගීසී සමයේ මෙරටට හඳුන්වා දෙන කතෝලික දහම චිරන්තන කාලයක් රැදී පැවතුණු පුංචි රෝමයේ බෞද්ධ බැතිමතුන්, මුස්ලිම් බැතිමතුන් හා හින්දු බැතිමතුන් එක්ව ගායනා කරන කැරෝල් ගීත පසක් කරන්නේ කිතු සමිඳුන් දේශනා කළ සහෝදර ප්‍රේමය යි. චතාරික සමයට දූවේ පාස්කු නාට්‍ය බැලීමට එන ජනතාව නත්තල් සමයට පුංචි රෝමයේ කැරොල් ගායනා රසවිඳින්නේ කිසිදු භේදයකින් තොරව ය. නත්තල් සමය තුළ පුංචි රෝමයටම පමණක් ආවේණික වු කැරොල් කරත්ත සම්ප්‍රදායක් පැවති බව සාහිත්‍ය මූලාශ්‍ර පෙන්වා දෙයි. එහෙත් වර්තමානය වන විට එම නත්තල් කැරොල් කරත්ත සම්ප්‍රදාය අභාවයට ගිය නමුදු, දේවස්ථානවල, පාසල්වල සහ රාජ්‍ය ආයතනවල කැරොල් ගායනා සංවිධානය වේ.

නත්තල් සමයට සූදානම් වන පුංචි රෝමයේ ජනතාව ආගමන සමය තුළ නිවසින් නිවසට ජේසු බිළිඳු ප්‍රතිමාව වැඩම කරවමින් යාච්ඤාාවේ යෙදෙන්නේ නත්තල් සමයට අධ්‍යාත්මිකව සූදානම්වීමේ අවශ්‍යතාවය පෙන්වා දෙමින් ය. පුංචි රෝමය පුරා ව්‍යාප්තව ඇති දේවස්ථානවල සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවති. මෙසේ දේවස්ථාන ආශ්‍රීතව ගොඩ නැඟෙන පරිසරය තුළින් මිගමුව පුරවරයෙන් දැයට දායාද කළ කලාකරුවන් , ජන නායකයින් සහ පූජක පුතුන් ගැන කථා නොකරම බැරිය. පුංචි රෝමය ලෙස මිගමුව පුරවරයට නම් පටබැඳීමට මුඛ්‍ය සාධකයක් වූයේ ශ්‍රී ලාංකීය කතෝලික සසුනට ඉතා විශාල පූජක පුතුන් දායාද කරමින් සමිඳු මිදි උයන අස්වැද්දීමට කළ අප්‍රතහිත මෙහෙයයි. කිතුනු ලක් සසුනේ ප්‍රථම කාදිනල් හිමිපාණන් වන අති උතුම් තෝමස් කාදිනල් කුරේ හිමිපාණන්ගේ උපන් ග්‍රාමය වන්නේ මීගමුව පෙරියමුල්ලයි. කතෝලික සසුනේ දැවැන්ත යුග පුරුෂයින්ගේ නිජ භූමිය වු පුංචි රෝමය තුළින් බිහි වු තවත් වැදගත් චරිතයක් බවට පත්වන්නේ අති උතුම් නික්ලස් මාක්ස් ප්‍රනාන්දු අගරදගුරු හිමිපාණන්ය. උන්වහන්සේ මීගමුවේ මුන්නක්කරය ග්‍රාමයේ ජන්ම ලාභය ලබා කොළඹ අගරදගුරු පදවියේ අගරදගුරු හිමිපාණන් ලෙස වසර විසිපහක් සිදු කළ සේවය පුංචි රෝමයේ අභිමානනීයත්වය විදහා දක්වයි. මානව සිත් සතන් ආගම ධර්මයෙන් මෙන්ම කලාවෙන් සුවපත් කිරිමට වරම් ලද්දාවු කලාකරුවන් රැසකට තෝතැන්නක් වූයේ ද මීගමුව පුරවරයයි. සිංහල සිනමා වංශය තුළ හමුවන ප්‍රථම කාන්තා ප්‍රතිරූපය වන්නේ ඇයයි. නමින් රුක්මණි දේවිය වන ඇය මීගමුව මහවීදිය සාන්ත මරියා දේවස්ථානයේ සැදැහැවතෙකි. සෑම දිනකම දේවස්ථානයට යන ඇය සිය අවසන් ගමන යන්නේ ද මහවීදිය දේවස්ථානයේ දීමය. පුංචි රෝමයේ ජීවත්වන ජනතාවට මහ පල්ලිය වන්නේ මහවීදිය සාන්ත මරියා දේවස්ථානයයි. වසර දෙසියක පමණ ඉතිහාසයකට උරුමකම් කියන මෙම දේවස්ථානය පුංචි රෝමයේ මව් දේවස්ථානයයි.

පුංචි රෝමය පිළිබඳ මෙලෙස අද අපට ඉතා ආඩම්බරයෙන් කතා කිරිමට හැකිවන පරිදි එහි කතෝලික ඉතිහාසය ලියැවීමට මෙන්ම පුංචි රෝමයේ කිතුනු දහම නොනැසී චිරන්තන කාලයක් රැදි පැවතීමට ශුද්ධවර ජුසේවාස් පියතුමන්ගෙන් සිදු වු සේවය ප්‍රශංසනීයය. එවකට එනම්, ලන්දේසී පීඩන යුගයේ දි රහසේ සැඟව සිටින කතෝලික බැතිමතුන් සොයා යන ගමනේ දි මීගමුව ප්‍රදේශයේ කතෝලික බැතිමතුන් සිටින බව දැනගත් ශුද්ධ වු ජුසේවාස් පියතුමා මීගමුවට පැමිණ කතෝලික ජනතාව වෙත ප්‍රසාද නිධාන දානය කරමින් ඔවුන් දිරිමත් කළ ආකාරය සභා ඉතිහාසය තුළ සඳහන්ය. එසේම ලන්දේසී පීඩන යුගයේ දි  පුංචි රෝමයේ වාසය කළ දොන් අපොන්සු පෙරෙයිරා නැමැති ප්‍රභූවරයෙකු තමන් සතු සියල්ල පරිත්‍යාග කර රටින් පිටුවහල් කරන ලද්දේ කතෝලික දහම වෙනුවෙන් සාක්ෂි දැරිම නිසාය. එවන් පසුබිමක් තුළ පුංචි රෝමය අද වන විට දිවයිනේ ප්‍රමුඛතම කතෝලිකයින් ජීවත්වන නගරයක් බවට පත්ව ඇත.

නත්තල කියු සැනින් කතෝලික සහ කතෝලික නොවන අයගේ මුවගට නැඟෙන නමක් වනුයේ නත්තල් කැරොල්ය. නත්තල් කැරොල් ගායනාවල ඉතිහාසය ද පුංචි රෝමය හා සුසැදිව බැඳී පවති. ගෞරවනීය ගෞරවනීය ජකොමේ ගොන්සාල්වෙස් පියතුමා උන්වහන්සේගේ ස්ථිර පදිංචිය ලෙස මීගමුවේ බෝලවත්ත ප්‍රදේශය තෝරා ගන්නේ වර්ෂ 1730 - 1740 අතර කාලයේ දීය. දෙවිඳු උපන්නේ සතුනි, නමෝ නමෝ මරිය ආදි නව කැරොල් ගී සම්ප්‍රදායකට මං පෙත් විවර වන්නේ ද පුංචි රෝමය මුල් කරගනිමිනි. ඒ අනුව පෙනි යන්නේ ශ්‍රී ලාංකීය නත්තල හා පුංචි රෝමය අතර වු චිරන්තන සබැඳියාවයි. ගෞරවනීය ජකොමේ ගොන්සාල්වෙස් පියතුමාගෙන් පසු නත්තල් කැරොල් ගී සම්ප්‍රදාය ඉදිරියට ගෙන යමින් ලාංකික අනන්‍යතාවයෙන් යුතු විචිත්‍රවත් කැරොල් සම්ප්‍රදායක් බිහි කරන්නේ මීගමුවේ දංකොටුවේ උපත ලද මල් පැලේ උපන් පන්සලේ පියතුමා යන විරුදාවලිය ලත් ගරු මර්සලින් ජයකොඩි පියතුමාය. කිතුනු ලේඛන කලාවේ මිණි පහන ලෙස හැඳින්වෙන මර්සලින් ජයකොඩි පියතුමාගේ කැරෝල් ගීතිකා අදටත් ලක්දිව පුරා ගායනා වෙද්දි පුංචි රෝමයේ ප්‍රතාපවත් තව තවත් ආලෝකමත් වන්නේ ය.

කිතු සමිඳුන් දේශනා කළ කිතුනු දහමේ හරය වු“ මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න ” යන  පාඨය පෙරදැරි කරගෙන බලන කල පෙනී යන්නේ සුරලොව දෙව් දුවන්ගේ යශෝ රාවයෙන් එකලු වන සාමයේ සීනු හඬින් නින්නාද වන පුංචි රෝමය නත්තල් සමයේ අසිරිය වැළඳ ගන්නේ සාමයේ, සහජීවනයේ සහ සහෝදරත්වයේ පණිවිඩය පතුරුවාලමිනි. බුදු තෙමඟුලට වෙසක් පහන් දැල්වෙන සහෝදරත්වයේ දෑතින් ඉදිවෙන සාමයේ ගවලෙන බඳු පුංචි රෝමයේ සහජීවනය චිරාත් කාලයක් පැවතේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.

දමිත් සුමේන්ද්‍ර



ඔබ අන්තර්ජාලයේ සැරිසරන්නේ කුමක් සඳහා ද ?


මානව සමාජය තුළ මානවයා සහ සමාජය අතර සබඳතාවය ගොඩ නඟන සේම මානව සමාජයේ පැවැත්ම තීරණය කරනු ලබන ප්‍රධානතම සාධකයක් වන්නේ මානව සන්නිවේදනය යි. ආදි මානව ඉතිහාසය තුළ මානවයා සංකේත, ශබ්ද , රූප හා අක්ෂර භාවිතයෙන් සිය අදහස් හැඟීම් අන්‍යයන් හා බෙදා ගත්තේය. රූපය අක්ෂර බවට පත් වී මුද්‍රණ යන්ත්‍රයේ බිහිවීමත් සමඟ සමාජයේ ඉතා වේගයෙන් මානව අදහස් සංසරණය වන්නට වු අතර පසුව සමාජය තුළ පෙරළියක් ඇති කිරිමට බලපෑ සාධයක් වන්නේ ජන මාධ්‍යයේ ආගමනය යි. පසුකාලීනව ජන මාධ්‍ය අභිබවා නව මාධ්‍යයේ : භැඅ ඵැාස් * ආගමනය සිදු වන්නේ සමස්ථ මාධ්‍ය සංස්කෘතිය වෙනස් කරවමිනි. එනම්, අන්තර්ජාලයේ ආගමනය යි. වර්තමානයේ සාධනීය මෙන්ම නිශේධනීය තත්ත්වයන් යටතේ විග්‍රහයට භාජනය වන අන්තර්ජාලය විශ්ව ගම්මාන : ඨකදඉ්ක ඪසකක්ටැ * සංකල්පයක් කෙරෙහි පවා ව්‍යාප්තව ඇත. ඒ නයින් බලන කල සංකල්පයක්, ක්‍රියාවලියක් මෙන්ම සංස්කෘතියක් යන විවිධ දෘෂ්ටි කෝණයන්ගේ සිට අන්තර්ජාලය යන වදන අරුත් ගැන්විය හැක.

නූතන ජන මාධ්‍ය අන්තර්ගතයට ඉතා ප්‍රබල බලපෑමක් එල්ල කරන අන්තර්ජාලය තවත් මාධ්‍යක් ලෙස නොව විවිධ වූ මාධ්‍යන් ගෙන යන්නාවු මාධ්‍ය වාහකයක් ලෙස හැඳින්විය හැක. පුවත් පත් කියවීම, රූපවාහිනිය නැරඹීම, සිනමා කෘති රසවින්දනය ආදි විවිධ මාධ්‍ය අන්තර්ගතයන් අන්තර්ජාලය ඔස්සේ ලබා ගැනීමට හැකි වීම , නූතන ජන මාධ්‍ය අන්තර්ගතය ප්‍රබල ලෙස වෙනසකට ලක් කර ඇති බවට නිදර්ශනයෝ ය. අන්තර්ජාලය භෞතිකව, සංවර්ධිත රටවල මෙන්ම සංවර්ධනය වෙමින් පවත්නා රටවල ද නාගරික හා ග්‍රාමිය ප්‍රදේශවල ද පවතින සමාජ , ආර්ථික, සංස්කෘතික සාධක පරිවර්තනය කිරිමෙහිලා බලපානු ලබයි. මේ පිළිබඳව විවිධ පර්යේෂණ මගින් අනාවරණය වී ඇති කරනු අනුව අන්තර්ජාලය සාධනීය මෙන්ම නිශේධනීය තත්ත්වයන් සමාජගත කරනු ලබයි.

අන්තර්ජාලය ලෙස අප හඳුන්වන සමස්ථ ජාල පද්ධතිය සැකසෙන්නේ වෙබ් අඩවි ලක්ෂ ගණනක සංයෝජනයකිනි. එබැවින් මෙම විවිධ වු වෙබ් අඩවි විවිධ අරමුණු මුල් කරගනිමින් පරිහරණය කරනු ලබය අතර විනෝදාස්වාදය, තොරතුරු ලබා ගැනීම, අධ්‍යාපනය, මූලික මිනිස් අවශ්‍යතා ඉන් සමහරකි. එසේම පුද්ගලයාට හානිදායක වන අසභ්‍ය වෙබ් අඩවි ද අන්තර්ගත වන අතර ඉන් බාල පරපුරට මෙන්ම තරුණ පරපුරට එල්ල කරනු ලබන බලපෑම ඉතා ප්‍රබලය. මෙවැනි අයහපත් තත්ත්වයන් හමුවේ මෙවැනි අසභ්‍ය වෙබ් අඩවි වාරණය කිරිම වර්තමානයේ සාකච්ඡාවට බඳුන් විය යුතු කරුණක්ව පවති. අන්තර්ජාලය සමාජ සබඳතා ගොඩ නඟනු ලබන ප්‍රධාන මෙවලමක් බවට අද පත්ව ඇත්තේය. ඒ අතරින් සමාජ ජාල ප්‍රධාන වෙයි. අන්තර්ජාලය මුල් කාලයේ දි නිර්මාණය කරනු ලබන්නේ යුධමය කටයුතු සඳහා වූවත් අද වන විට අන්තර්ජාලයේ සීමා ඉන් ඔබ්බට විහිදි ඇත්තේ අන්තර්ජාලයේ පවතින ප්‍රයෝජනවත් බව සහ ජාලමය ස්වරූපය පෙන්වමිනි.

අධ්‍යාපනය හා සම්බන්ධ වෙබ් අඩවි ලක්ෂ සංඛ්‍යාත ගණනාවක් අන්තර්ජාලය තුළ අන්තර්ගත වීමෙන් පෙනී යන්නේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය වඩාත් පුළුල් ලෙස ව්‍යාප්තව පවතින ආකාරයයි. සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයේ සීමා පුළුල් කරමින් වර්තමානයේ ෑ  ෑාමජ්එසදබ සංකල්පය සමාජගතව පවති. ඊට අමතරව විෂයානුබද්ධ කාරණා ද අන්තර්ජාලය හා සමඟ එක්ව පවති. මේ අනුව පෙනි යන්නේ ඉතා ක්ෂණිකව හා ගුණාත්මකව නිවැරදි අධ්‍යාපන ක්‍රමයක් ගොඩ නැංවීමෙහිලා අන්තර්ජාලයේ දායකත්වය යි. අන්තර්ජාලය හා සම්බන්ධ අධ්‍යාපන ක්‍රමයේ දි අප භෞතික ලෙස පරිහරණයට ගන්නා පොත අද වන විට ෑ  ඊදදන නැමැති අන්තර්ජාල පිටපතක් බවට පරිවර්තනය වී ඇත. දිනෙන් දින දියුණු වන අන්තර්ජාලය අධ්‍යාපන ක්ෂේත්‍රයට පමණක් නොව විවිධ වූ සමාජ , ආර්ථික , දේශපාලන ක්ෂේත්‍ර දක්වා පැතිර ගොස් හමාරය. වාණිජ ක්‍රියාවලියට මෙම අන්තර්ජාල සේවා කරනු ලබන බලපෑම අති ප්‍රබලය. ෑ  ඊ්බනසබට ල ෑ  ඵදබැහ ල ෑ  ඔසජනැඑ ල ෑ ඊමිසබැි ල ෑ  ීයදචචසබට ල ෑ  ක්‍ය්බබැකසබට ආදි ලෙස සමස්ථ ආර්ථික ක්‍රියාවලිය වෙනස් කිරිමට අන්තර්ජාලයට හැකි වී ඇත. භෞතික දේශ සීමා අභිබවමින් ගෝලීය සබඳතා දියුණු කරමින් පාරිභෝගික අවශ්‍යතා ඉතා ක්‍රමවත් ව සහ පහසුවෙන් ඉටු කර දීමට වර්තමානයේ බොහෝ ව්‍යාපාරකරුවන් මෙම ෑ  ක්‍දපපැරජැ ක්‍රියාවලිය සහ සම්බන්ධ වී ඇත. මෙය , පාරිභෝගික අවශ්‍යතා වෙනුවෙන් භාණ්ඩ මිල දි ගැනීම වෙනුවෙන් බොහෝ වෙබ් අඩවි නිර්මාණය වී ඇති ආකාරය ජන මාධ්‍ය මගින් සහ අන්තර්ජාල භාවිතයෙන් වටහා ගත හැක. මෙලෙස වාණිජ ක්ෂේත්‍රය කෙරෙහි අන්තර්ජාලයේ ආගමනය ඵලදායි ක්‍රියාවලියක් ලෙස පෙන්වා දිය හැකි අතර ජන මාධ්‍ය අංශයෙන් විමසා බලන කල ද ෑ  භැඅි ඡ්චැර වැනි සංකල්පයන්ගෙන් ජන මාධ්‍ය ක්ෂේත්‍රයේ නිම් වළළු ද පුළුල්ව ඇති ආකාරය පෙනේ.
මේ අනුව නුතන සමාජය තුළ ප්‍රබල ලෙස කතා බහට සහ අවධානයට ලක් වන අන්තර්ජාලය භාවිතා කිරිමේදි බොහෝ සැළකිලිමත් විය යුතු බව දන්වන්නේ අන්තර්ජාලය තාක්ෂණමය උපකරණයක් වූවත් එය ගනුදෙනු කරනු ලබන්නේ මිනිස් ජීවිත හා සමඟ වන නිසාවෙනි. එමනිසා අන්තර්ජාලය නැමැති මාධ්‍ය වාහකය පුද්ගලයාගේ සහ සමාජයේ පැවැත්මට හිතකර ලෙස භාවිතා කිරිමට ශික්ෂණයක් පුද්ගල මනස තුළ ඇති කරගත යුතුය.

දමිත් සුමේන්ද්‍ර
ජන සන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය


කලාවේ මුලාව

මානව පරිණාමයේ ඉතිහාසය දෙස බැලීමේ දි මානවයා විසින් අත්පත් කරගත් ජයග්‍රණ
අතරින් කලාවට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. ඒ මන්දයත් මිනිස් මනස සුවපත් කිරිමට , මනසට විශ්‍රාන්තිය ගෙන ඒමට කලාව සමත් වන හෙයිනි. රූපය, සංගීතය, සිතුවම, රූපනය ආදි විවිධ කලා මාධ්‍යන් මගින් සිදු වන්නේ වෙහෙසකර වු මනසට සහනය , විවේකය ගෙන දීමකි. එමනිසා අන් කවර මානව නිර්මාණයකටත් වඩා කලාව, පුද්ගල මනසට කරනු ලබන බලපෑම සුවිශාලය. යහපත් පුද්ගල චරිතයක් බිහි කිරිමට මෙන්ම යහපත් පුද්ගල චරිතයක් නිශේධනිය තත්ත්වයන් කරා රැගෙන යාමට ද කලාවට ඇත්තේ නිසඟ හැකියාවකි.

නූතන ජන මාධ්‍ය සංදර්භය තුළ කලාවට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි. තොරතුරු සම්පාදනය, පෙළඹවීම හා අධ්‍යාපනය අරමුණු කොට ගත් ජන මාධ්‍ය අරමුණු අතර විනෝදාස්වාද සම්පාදන කාර්යයට මුලික ස්ථානයක් හිමි වේ. ජන මාධ්‍ය රාමුව තුළ දි ජන මාධ්‍යයේ වඟකීම විය යුත්තේ ග්‍රාහකයා වෙත උසස්  මට්ටමේ වැඩසටහන් ගෙන ඒමයි. ජන මාධ්‍යයේ වැඩසටහන් ආකෘතිය සකස් විය යුත්තේ ප්‍රේක්ෂකයා හට වැඩදායි සහ ආදර්ශවත් අන්තර්තයන්ගෙන් ය. මෙවැනි අරමුණු ලිඛිත මාධ්‍යට පමණක් සීමා වී යල් පැන ගිය කරුණු බවට පත් වී හමාරය. වර්තමාන ජන මාධ්‍ය වැඩසටහන් ආකෘති බොහෝමයකට පාදක වන්නේ ආර්ථිකමය කරුණුය. එමනිසා වර්තමාන ජන මාධ්‍ය වැඩසටහන් ආකෘතිය තුළින් සාධනීය තත්ත්වයන් මෙන්ම නිශේධනීය තත්ත්වයන් ද ප්‍රේක්ෂකයා හට ගෙන එනු ලබයි.

 ඒ කෙසේ වෙතත් ප්‍රේක්ෂකයා මුලා නොවි සැබෑ තත්ත්වයන් අවබෝධ කර ගැනීම වඩාත් සුදුසු වෙයි. එමනිසා අතීතයේ පැවති කලාව වර්තමාන ජන මාධ්‍යකරුවා මුලාවක් කොට ප්‍රේක්ෂකයා වෙත ගෙන එන්නේ හුදෙක්ම ප්‍රේක්ෂක රසාස්වාදය උදෙසාම පමණක් නොව ආර්ථිකමය ලාභ ප්‍රයෝජන ද මුල් කරගෙනය. මෙසේ කලාව හා ජන මාධ්‍ය අතර වන සම්බන්ධය ගැන විමසා බලන විට නිසගයෙන්ම අප මුවගට නැගෙන වචනයක් වන්නේ රියැලිටි වැඩසටහන් ය. සංගීතය නැමැති විශ්වීය භාෂාවේ සීඝ්‍ර පරිවර්තනයක් මෙන්ම ජන මාධ්‍ය හා බැඳි කලාවේ නව මානයක් සේ දැක්විය හැකි රියැලිටි කලාව යුරෝපාකරයෙන් ආසියාකරයට හිමි වන කලාත්මක නොවු ආර්ථිකමය උපාය මාර්ගයකි. නමුත් අද වන විට දේශීය වැඩසටහන් රාමුවකට සරිලන සේ නිර්මාණය වී ඇති රියැලිටි වැඩසටහන් ආකෘතිය තුළින් තරු සංකල්පයක් සමාජගත කරනු ලබන්නේ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින්ය. ගායන, නර්තන, රූපන ආදි විවිධ වු ක්ෂේත්‍රයන් කෙරෙහි ව්‍යාප්තව ඇති රියැලිටිකරණය ප්‍රමිතිගත ස්වරූපයකින් ඉදිරිපත් වන්නේ නම් අප කලාව ලෙස ව්‍යවහාර කරනු ලබන සමස්ථයේ දියුණුවට එය මහත් පිටුවහලක් වනු ඇත. ශිල්පීය දක්ෂතාවයට මුල් තැන දෙමින් , ශිල්පියා හුවා දක්වන පෙර කල පැවති යහ කලාවක ආගමනය වර්තමානයට අවශ්‍යව පවති. ලංකාවේ විශිෂ්ට ගණයෙහි ලා සැලකෙන කලාකරුවන් සිටින මෙවන් කලා කෙතකට අවශ්‍ය වන්නේ තවත් අම්බරුවන් නොව කෙත අස්වැද්දිය හැකි ගොවීන්ය. කෙටි පණිවිඩයෙන් ජනප්‍රියතාව ලබා ගන්නා තරු එක රැයෙහි පායා කඩා හැලෙන වල්ගා තරුවක් බවට පත් වන්නේ මෙම රියැලිටිකරණයේ ආදීන පෙන්වමිනි. කලාවෙහි අභිවෘද්ධිය තකා ක්‍රියා කරන කලාකරුවන්ගේ අවධානය මෙම ගැටළුව අරඹයා යොමු වන්නේ නම් ඉහතින් දැක් වු කලාව මීට වඩා යහපත් තත්ත්වයකට පත් කිරිමට රටක් ලෙස අපට හැකි වනු ඇත. එමනිසා ප්‍රේක්ෂකයා හට උසස් රසවින්දනයක් ගෙන දීමට යහ පාලන රජයක් පවතින මෙවන් කාල වකවානුවක , එම යහ පාලනයේ යහපත් භාවය කලාවට ද හිමිවන්නේ නම් එය දේශපාලනයට වඩා දිගු කල් පවතින යහතින් පවතින ක්‍රියාදාමයක් බවට පත්වන්නේ ය. රියැලිටිකරණය පමණක් නොව මෙගා ටෙලිනාට්‍ය රැල්ලේ ද පවතින්නේ ලාංකීය ටෙලිනාට්‍ය කලාවට කණ කොකා හඬන පෙර නිමිතිය. වෙන්දේසි පොළවල් වලින් ලබා ගන්නා ටෙලිනාට්‍ය දේශීය භාෂාවට හඬ කවා විකාශනය කිරිම මගින් ආර්ථිකමය ප්‍රතිලාභ පාලන තන්ත්‍රයට හිමි වූවත් මෙමගින් නව නිර්මාණකරුවන්ට , පර්යේෂකයින්ට නිර්මාණකරණයෙහිලා ඇති ඉඩ කඩ සීමා වනු ඇත. එමනිසා කලාව ආගාධයට ගමන් කරමින් පවත්නා මෙවන් යුගයක කලාව මගින් ප්‍රේක්ෂකයා මුලා කරන මෙවන්  යුගයක අවසානය දැකීමට දැන් කාලය එළැඹ ඇත. යහ පාලන සහ යහ කලාවක පැවැත්ම වර්තමාන ප්‍රේක්ෂකයාට අවශ්‍යව ඇති බව පවසන්නේ කලාව ආර්ථික මෙවලමක් ලෙස යොදා ගනිමින් කලාව මුලා කරන වාණිජ කලාකරුවන්ගේ කලාවට තිත තබන්නට කාලය එළැඹ ඇතැයි යෝජනා කරමිනි.

දමිත් සුමේන්ද්‍ර

ගෞරවනීය පුවත්පත් කලාවේ පෙර ගමන්කරු “ප්‍රව්දා”

ලොව පවතින පැරණිතම කර්මාන්තයන් අතර පුවත්පත් කර්මාන්තය 
ට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක් මෙන් ම අසිරිමත් ස්ථානයකි. ඒ අසිරිමත් ලෝක පුවත්පත් ඉතිහාසය අධ්‍යයනය කිරිමේ දී හමුවන සුප්‍රකට පුවත්පත් විශාරදයෙක් වන්නේ ජෝන් සී. මෙරිල් ය   ( න්‍දයබ ක්‍ග ඵැරරසකක ). ඔහු විසින් 1962 දී රචනා කරන ෑඛෂඔෑ ඡඍෑී නම් සුප්‍රකට ග්‍රන්ථයේ ලෝකයේ පවතින ගෞරවනීය මට්ටමේ පුවත්පත් ලෙස රුසියාවේ ප්‍රව්දා පුවත්පත, ප්‍රංශයේ ලමොන්ඩෙ පුවත්පත, ජපානයේ අසාහි ෂින්බුන් පුවත්පත සහ එංගලන්තයේ ටයිම්ස් පුවත්පත නම් කරනු ලබයි.
ලොව පවතින පුවත්පත් අතර රුසියාවේ ප්‍රව්දා පුවත්පතට හිමිවන්නේ වැදගත් ස්ථානයකි. ජෝන් සී. මෙරිල්ට අනුව එය රුසියානු විප්ලවයට ජීවය ලබා දුන ප්‍රධාන ජීවනාලියක් බඳු විය. ලොව ගෞරවනීය පුවත්පත් ලෙස ජෝන් සී. මෙරිල් දක්වන්නේ සමාජ වඟකීමකින් යුතු ව ප්‍රවෘත්ති වාර්ථාකරණයෙහි යෙදෙන දැනුවත්භාවය අතින් ඉහළ මට්ටමේ පසුවන පුවත්පත් ය. මිනිසුන් මෙන් ම ජන මත නායකයින් ද මෙම පුවත්පත් කියවනු ලබන්නේ මහත් අභිරුචියකිනි. පුවත්පත් කලාව සහ පුවත්පත් පාඨකයා ගැන ගෞරවකින් කටයුතු කිරිම නිසා ඉහත කි පුවත්පත් ජනතාව අතර ප්‍රචලිත වී ඇත. ප්‍රව්දා පුවත්පතට මුලික අඬිතාලම සපයන්නේ 1990 දී නිකුත් වු ඉස්කාරා පුවත්පත යි. මෙම සමයේ රුසියාව පුරා පැතිර යමින් තිබුණු රාජ්‍ය විරෝධි ව්‍යාපාරයන්ට රුකුලක් මෙම පුවත්පත ප්‍රථමයෙන් ම මුද්‍රණය වන්නේ රුසියාවෙන් පිටත ජර්මනියේ මුද්‍රණාලවලය. එමගින් අද මෙන් ම එවකට සමාජයේ පැවති පුවත්පත් වාරණය සහ ප්‍රකාශන නිදහසේ සීමිත බව නිරූපණය වේ. රුසියාවේ සමාජ, දේශපාලන සංස්ථාවේ මහත් ආන්දෝලනයක් ඇති කළ මෙම පුවත්පත පසුව ජර්මනියෙන් පිටත එංගලන්තය කරා මුද්‍රණය කිරීම මාරු කරන ලදි. මෙසේ රහසිගතව මුද්‍රණය වු ඉස්කාරා පුවත්පතට ලෙනින් ආරූඪ නාමයන් භාවිතා කරමින් ලිපි ලියන පද අතර නව දේශපාලන පක්ෂයක් ගොඬ නැඟීමේ කර්තව්‍ය මෙයින් ආරම්භ කරන ලදි. පුවත්පතක් ලෙස රුසියානු සමාජයේ ජනමතය නිර්මාණය කිරීමෙහිලා ඉස්කාරා පුවත්පත ගෙන ගිය ව්‍යාපාරයට ප්‍රතිචාර දැක් වු කම්කරු ප්‍රජාව ප්‍රබල පුවත්පතක අවශ්‍යතාවය පෙන්වා දුන්නේය.
ඒ අනුව 1912 මැයි 05 වන දින දිනපතා ප්‍රව්දා පුවත්පතේ මංගල කලාපය නිකුත් විය. ප්‍රව්දා පුවත්පතේ කතුවරුන්ට නිතර ම උපදෙස් ලබා දුන් ලෙනින් ඔවුන් හා එක්ව එකට වැඩ කළෝය. ලෙනින් ප්‍රව්දා පුවත්පත යොදා ගත්තේ සාමුහික උද්ඝෝෂකයෙකු , ප්‍රචාරකයෙකු ලෙස හා බහු ජනතාව අතර සංවිධායකයෙකු ලෙසය. ජනතාවට වඟකියන පුවත්පතක් ලෙස ප්‍රව්දා ආරම්භයේ සිට ම කටයුතු කළ අතර පුවත්පතේ මුල් වසර දෙක අධ්‍යයනය කිරීමේ දී පළ වු ලිපි විශේෂාංග අතරින් දස දහසක්ම කම්කරු උද්ඝෝෂණ ව්‍යාපාර විය. කම්කරු රක්ෂණ කටයුතු, සාහිත්‍ය හා කලාව , මැතිවරණ, කම්කරු ගොවි සංවිධාන ආදි ලෙස සමාජයේ සෑම අංශයක් ම විද්‍යාමාන වන අන්දමේ ලිපි පළ විය. මෙලෙස ගෞරවනීය ගණයෙහි ලා සලකන ප්‍රව්දා පත්‍රය නිතර ම උත්සහ කළේ බලයේ සිටි සාර් පාලනය අහෝසි කර රුසියාව තුළ ප්‍රබෝධයක් ඇති කිරීමය. දිනෙන් දින රුසියාව තුළ සහ රුසියාවෙන් පිටත හුවමාරු වන ප්‍රව්දා පුවත්පත සාර් පාලනයේ පැවැත්මට මහත් තර්ජනයක් විය. එමනිසා ප්‍රව්දා පුවත්පතේ එවකට සංස්කාරකවරයා අත් අඩංගුවට ගන්නා ලද අතර මුද්‍රණාලය විනාශ කළේය. සේවකයින් අත් අඩංගුවට ගත්තේය. මෙම පසුබිම ඉන් නොනැවතුනු ප්‍රව්දා පුවත්පතේ කාර්යය මණ්ඩලය විවිධ නම් වලින් ප්‍රව්දා පුවත්පත ප්‍රකාශයට පත් කරන ලදි. . 1913 ප්‍රව්දා සාර් පාලකයින් විසින් තහනම් කිරිම සමඟ නිකුත් වු පුවත්පත ‘ රබෝඩියා ප්‍රව්දා ’ ( කම්කරු ඇත්ත ) නම් පුවත්පත 1913 ජුලි 13 සිට අගෝස්තු 1 දක්වා ප්‍රකාශයට පත් විය. එම පුවත්පත ද සාර් පාලකයින් විසින් තහනම් කිරිම සමඟ ‘ සේවර්නයා ප්‍රව්දා ’ ( උතුරු ඇත්ත ) 1913 අගෝස්තු 1 සිට සැප්තැම්බර් 7 දක්වා පලකළ අතර එම පුවත්පත ද තහනම් කරන ලදි. මෙසේ වරින් වර බෝල්ෂෙවික්වරුන් විසින් පළ කළ පුවත්පත තහනම් කිරිම සමඟ විවිධ නම්වලින් ප්‍රව්දා ප්‍රකාශනයට පත් කරන ලදි.  ‘ තෘදා ප්‍රව්දා’ ( ශ්‍රමයේ ඇත්ත ) සැප්තැම්බර් 11 සිට ඔත්තෝම්බර් 9 , ‘ ස ප්‍රව්දා ’ ( ඇත්ත සමග ) ඔක්තෝම්බර් 1 සිට සැප්තැම්බර් සිට දෙසැම්බර් 5 , ‘ප්‍රොලිතාර්ස්කයා ප්‍රව්දා’ ( නිර්ධන පංති ඇත්ත ) 1913- 21 ජනවාරි 1914 තෙක් , ‘ ප්‍රත් ප්‍රව්දා ’ ( ඇත්ත මග ) 22 ජනවාරි සිට 21 මැයි තෙක් , ‘ රබෝචි’ ( කම්කරුවා ) 22 අප්‍රේල් සිට 7 ජූලි , ‘ තෘදවායා ප්‍රව්දා ’ ( ශ්‍රමික ඇත්ත ) 23 මැයි සිට 1914 ජූලි 08 තෙක් . 1912 සිට 1914 දක්වා විවිධ නම්වලින් ප්‍රව්දා පුවත්පතට ආදේශයන් ලෙස මෙම පුවත්පත් 645 වාරයක් ප්‍රකාශයට පත් කරන ලදි. මෙයින් කලාප 190 නට සාර් ආණ්ඩුවේ වාරණ නීති බලපානු ලැබිය. 

1917 ඔක්තෝම්බර් මස 25 වන දින රුසියානු ඔක්තෝම්බර් විප්ලවයේ ජයග්‍රහණ ප්‍රකාශයට පත් කළ අතර යළිත් ප්‍රව්දා පුවත්පත ප්‍රකාශයට පත් කරන බව ද නිවේදනය කළේය. රුසියාවේ ප්‍රව්දා පුවත්පතෙහි නාම ඵලකයට ඉහළින් ලෝකයේ සියලු ම කම්කරුවනි එක් වව් යනුවෙන් මුද්‍රණය කිරීම ආරම්භ විය.
මුල් යුගයේ සිට ම ජනතාවට වඟකීමකින් යුතු ව තොරතුරු වාර්තාකරණයේ යෙදුණු ප්‍රව්දා පුවත්පත සමාජ දැනුවත්භාවය තුළින් ජනතාව දිනා ගත්තේය. ලෝක පුවත්පත් ඉතිහාසය තුළ ප්‍රව්දා පුවත්පතේ වර්ධනය අසිරිමත් කතාන්තරයක් ලෙස ඉතිහාසගත වන්නේ ඉහත දැක් වු හේතුව නිසාය. ජනතාවට වඟකියන ජාතික චින්තනය ගොඩනැඟීමට ප්‍රව්දා ගත් උත්සහය ඉතිහාසගත වන්නේ සමබර තොරතුරු වාර්තාකරණයේ අවශ්‍යතාවය විද්‍යාමාන කරමින්ය.
දමිත් සුමේන්ද්‍ර

රුසියානු විප්ලවයේ සටන්කාමි ප්‍රකාශනයක් වු ප්‍රව්දා රුසියානු ඉතිහාසය අධ්‍යයනය කිරීමේ දී සහ සෝවියට් රුසියාවට මුල් අඬිතාලම දැමිමේ දී ඉතා දුෂ්කර , වෙහෙසකර සටන්කාමී ජනමතය මෙහෙය විමේ කේන්ද්‍රීය පුවත්පතක් ලෙස ප්‍රව්දා පෙන්වා දිය හැකිය. මෙම ප්‍රව්දා පුවත්පත ඉතිහාසය අධ්‍යයනය කරන විට අවස්ථා 15 දී පමණ සාර් ආණ්ඩුව යටතේ තහනමට ලක් වෙයි. නමුත් නැවත ලෙනින් විසින් වෙනත් නම්වලින් ප්‍රව්දා පුවත්පත ප්‍රකාශයට පත් කළේය. සමාජවාදි සෝවියට් දේශයේ ප්‍රධාන ජනමතය මෙහෙය වු ප්‍රව්දා 80 දශකයේ දී විවිධ පාලන ආයතනයන් යටතේ ඵල වු අතර විවිධ සංකීර්ණත්වයන්ට ද මුහුණ දුනි. රුසියානු වර්තමාන රාජ්‍ය නායකයා වන පුටීන් අදහස් දක්වන ආකාරයට සෝවියට් දේශයේ බිඳ වැටීම ඉතිහාසයේ සමාජයේ ඛේදවාචකයක් වු නිසා එම ඉතිහාසයේ වැදගත් ස්ථානයක් ලෙස ප්‍රව්දා පෙන්වා දිය හැකිය. අද වන විට එම ඓතිහාසික ඛේදවාචකය නිවැරදි වෙමින් පවතින බව අද පවතින දේශපාලන ගමන් මඟ දෙස බලන විට පෙනී යයි. ප්‍රව්දා පුවත්පත ඉතිහාසයේ දී සිය කාර්යය භාර්යය ඉටු කළා සේ අනාගතයේ දීත් එම කාර්යය භාර්යය ඉටු කරනු ඇතැයි සමකාලීන දේශපාලන සංදර්භය තුළ සිතිය හැක.” 
                                           - මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස

ප්‍රාදේශීය මාධ්‍ය

  ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය මාධ්‍ය වර්ධනය  සන්නිවේදන අධ්‍යයනය තුළ දී හදුනා ගත හැකි ප්‍රවණා අතුරින් ප්‍රාදේශීය මාධ්‍ය හිමිකාරීත්වය වර්ධනය වීම ක...