පුංචි රෝමයේ සහජීවනයේ නත්තල
ලොවට ගැලවීමේ පණිවිඩය ගෙන දුන් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහි කරන මෙන්ම උන්වහන්සේගේ විජයග්‍රාහි දෙවන ආගමනය බලාපොරොත්තුවෙන් ලෝකවාසි කිතුනු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මංගල්‍යකි, නත්තල් මංගල්‍යය. කිතුනු ජනතාවගේ ජීවමාන එf`ඞ්රාණන් වන පාප්තුමා වැඩ සිටින රෝම පුරවරය නත්තලේ සීතලෙන් මෙන්ම නත්තල් අසිරියෙන් ඇලලී යන්නේ ලොවට සාමයේ කුමරුවාණන්ගේ ආශීර්වාදය ගෙන දෙමිනි. ඒ රෝම පුරවරය මෙන් ශ්‍රී ලංකීය කිතු සසුන තුළ වැදගත් කේන්ද්‍රස්ථානයක් වු පුංචි රෝමය නම් වු මීමුරයේ අසිරිමත් නත්තල, ලක්වාසි කිතුනු ජනතාවට පසක් කරන්නට වෙර දරන්නේ සාමයේ, සහජීවනයේ පණිවිඩය යි.
මීගමුව නැතිනම් මීමුරය කී සැනින් නිසඟයෙන් අප මුවට ගලා එන්නේ සුන්දර වෙරළබඩ තීරය සහ ඒ හා සමඟ උරෙන් උර ගැටෙමින් ජීවත් වන්නට වෙර දරන ධීවර ප්රජාවයි. මීගමුව පුරවරයට , පුංචි රෝමය ලෙස නම් පටබැඳීමට හේතූන් වන්නේ මීගමුව පුරවරය තුළ ජීවත් වන ප්‍රජාවගෙන් අති බහුතරය කතෝලික ජනාතාව වීම සහ කතෝලික සසුනේ දැවැන්ත ප්රතාපවත් චරිතයන්ගේ නිජ භූමිය මීමුරය වීමයි. මෙහි සුවිශේෂීතාවය වන්නේ කිසිදු දිනක කතෝලික, බෞද්ධ, මුස්ලිම් හා හින්දු ලෙස මීගමුවේ පුරවැසියන් අතර කිසිදු භේදයක් නොමැති වීමයි. බුදු තෙමඟුලට වෙසක් පහන් දල්වන සහෝදරත්වයේ දෑතින්ම නත්තලට නත්තල් ගස සැරසීමෙන් පුංචි රෝමයේ ආගමික සහජීවනය මනාව ත්‍රිව වේ. මීගමුව පුරවරය හෙවත් පුංචි රෝමය තුළ දිවයිනේ ප්‍රධාන කතෝලික දෙව්මැදුරු රැසක් අපට හමුවන අතර එම කතෝලික දේවස්ථාන සංඛ්‍යාව විසිපහකටත් අධිකය. එහි සුවිශේෂිබව වන්නේ දිවයිනේ ඓතිහාසික ලෙස වැදගත් කතෝලික දේවස්ථාන ද එම දේවස්ථාන ම වීමය. මීගමුව පුරවරය මධ්‍යයේ පිහිටි මහවීදිය සාන්ත මරියා දේවස්ථානය පුංචි රෝමයේ සියලුම කතෝලික දේවස්ථානයන්ට මව් දේවස්ථානය ලෙස වැජඹෙයි. තවද මහවීදිය සාන්ත මරියා දේවස්ථානයේ සුවිශේෂීභාවය වන්නේ වසර දෙසීයකට ආසන්න ඉතිහාසයකට උරුමකම් කීම සහ නත්තල් සමයේ මීගමු පුරවරයේ විශාලතම ගවලෙන නිර්මාණය වීමයි. මහවීදිය සාන්ත මරියා දේවස්ථානය ගොඬනැගී ඇත්තේ ධීවර ප්‍රජාවගේ අප්‍රතහිත කැපවීමෙනි. එදා ජේසුස් වහන්සේ සිය ගෝලයින් ලෙස තෝරා ගනු ලැබුවේ ද ගලීල මුහුදේ ධීවරයින් වු නිසා එයින් පෙනි යන්නේ පුංචි රෝමය හා කිතු දහම අතර ඇති අන්‍යෝන්‍ය සබඳතාවයයි. සාන්ත සෙබස්බතියන් දේවස්ථානය කටුවපිටිය, සාන්ත අන්තෝනි දේවස්ථානය කොච්චිකඬේ, සාන්ත අන්තෝනි දේවස්ථානය දළුපොත, සාන්ත ආනා දේවස්ථානය කුරණ, සාන්ත ජුසේ මුනි දේවස්ථානය පමුණුගම,ශුද්ධ වු අඩක්කල දේවමාතා දේවස්ථානය තුඩැල්ල, සාන්ත රෝකුස් මුනි දේවස්ථානය දෑලතුර, සාන්ත නිකුලා මුනි දේවස්ථානය බෝපිටිය, ශුද්ධ වු ජපමාල දේවමාතා දේවස්ථානය දෙහියාගාත, සාන්ත සෙබස්තියන් දේවස්ථානය කදාන, ශුද්ධ වු වික්ෂෝප දේවමාතා දේවස්ථානය ජා-ඇල, සාන්ත ආනා දේවස්ථානය වැලිගම්පිටිය, සාන්ත මරිය මග්දලේනා මුනිශ්වරියගේ දේවස්ථානය දුන්ගාල්පිටිය, සාන්ත බාර්බරා මුනිශ්වරියගේ දේවස්ථානය තලාහේන, කැපුන්ගොඩ සාන්ත අන්තෝනි දේවස්ථානය,ශුද්ධ වු කානික්ක දේවමාතා දේවස්ථානය දුන්ගාල්පිටිය ආදි කතෝලික ප්‍රෞඩත්වය හොවා දක්වන දෙව්මැදුරු රාශියකින් නත්තල් දා මධ්‍යම රාත්‍රියේ සීනු හැඬවෙන්නේ පුංචි රෝමයේ අසිරිය සිරිලකෙහි මවා පාමිනි. පෘතුගීසී සමයේ මෙරටට හඳුන්වා දෙන කතෝලික දහම චිරන්තන කාලයක් රැදී පැවතුණු පුංචි රෝමයේ බෞද්ධ බැතිමතුන්, මුස්ලිම් බැතිමතුන් හා හින්දු බැතිමතුන් එක්ව ගායනා කරන කැරෝල් ගීත පසක් කරන්නේ කිතු සමිඳුන් දේශනා කළ සහෝදර ප්‍රේමය යි. චතාරික සමයට දූවේ පාස්කු නාට්‍ය බැලීමට එන ජනතාව නත්තල් සමයට පුංචි රෝමයේ කැරොල් ගායනා රසවිඳින්නේ කිසිදු භේදයකින් තොරව ය. නත්තල් සමය තුළ පුංචි රෝමයටම පමණක් ආවේණික වු කැරොල් කරත්ත සම්ප්රදායක් පැවති බව සාහිත්‍ය මූලාශ්‍ර පෙන්වා දෙයි. එහෙත් වර්තමානය වන විට එම නත්තල් කැරොල් කරත්ත සම්ප්රදාය අභාවයට ගිය නමුදු, දේවස්ථානවල, පාසල්වල සහ රාජ්‍ය ආයතනවල කැරොල් ගායනා සංවිධානය වේ.
නත්තල් සමයට සූදානම් වන පුංචි රෝමයේ ජනතාව ආගමන සමය තුළ නිවසින් නිවසට ජේසු බිළිඳු ප්‍රතිමාව වැඩම කරවමින් යාච්ඤාාවේ යෙදෙන්නේ නත්තල් සමයට අධ්‍යාත්මිකව සූදානම්වීමේ අවශ්‍යතාවය පෙන්වා දෙමින් ය. පුංචි රෝමය පුරා ව්‍යාප්තව ඇති දේවස්ථානවල සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවති. මෙසේ දේවස්ථාන ආශ්‍රීතව ගොඩ නැඟෙන පරිසරය තුළින් මිගමුව පුරවරයෙන් දැයට දායාද කළ කලාකරුවන් , ජන නායකයින් සහ පූජක පුතුන් ගැන කථා නොකරම බැරිය. පුංචි රෝමය ලෙස මිගමුව පුරවරයට නම් පටබැඳීමට මුඛ්‍ය සාධකයක් වූයේ ශ්‍රී ලාංකීය කතෝලික සසුනට ඉතා විශාල පූජක පුතුන් දායාද කරමින් සමිඳු මිදි උයන අස්වැද්දීමට කළ අප්‍රතහිත මෙහෙයයි. කිතුනු ලක් සසුනේ ප්‍රථම කාදිනල් හිමිපාණන් වන අති උතුම් තෝමස් කාදිනල් කුරේ හිමිපාණන්ගේ උපන් ග්‍රාමය වන්නේ මීගමුව පෙරියමුල්ලයි. කතෝලික සසුනේ දැවැන්ත යුග පුරුෂයින්ගේ නිජ භූමිය වු පුංචි රෝමය තුළින් බිහි වු තවත් වැදගත් චරිතයක් බවට පත්වන්නේ අති උතුම් නික්ලස් මාක්ස් ප්‍රනාන්දු අගරදගුරු හිමිපාණන්ය. උන්වහන්සේ මීගමුවේ මුන්නක්කරය ග්‍රාමයේ ජන්ම ලාභය ලබා කොළඹ අගරදගුරු පදවියේ අගරදගුරු හිමිපාණන් ලෙස වසර විසිපහක් සිදු කළ සේවය පුංචි රෝමයේ අභිමානනීයත්වය විදහා දක්වයි. මානව සිත් සතන් ආගම ධර්මයෙන් මෙන්ම කලාවෙන් සුවපත් කිරිමට වරම් ලද්දාවු කලාකරුවන් රැසකට තෝතැන්නක් වූයේ ද මීගමුව පුරවරයයි. සිංහල සිනමා වංශය තුළ හමුවන ප්‍රථම කාන්තා ප්‍රතිරූපය වන්නේ ඇයයි. නමින් රුක්මණි දේවිය වන ඇය මීගමුව මහවීදිය සාන්ත මරියා දේවස්ථානයේ සැදැහැවතෙකි. සෑම දිනකම දේවස්ථානයට යන ඇය සිය අවසන් ගමන යන්නේ ද මහවීදිය දේවස්ථානයේ දීමය. පුංචි රෝමයේ ජීවත්වන ජනතාවට මහ පල්ලිය වන්නේ මහවීදිය සාන්ත මරියා දේවස්ථානයයි. වසර දෙසියක පමණ ඉතිහාසයකට උරුමකම් කියන මෙම දේවස්ථානය පුංචි රෝමයේ මව් දේවස්ථානයයි.
පුංචි රෝමය පිළිබඳ මෙලෙස අද අපට ඉතා ආඩම්බරයෙන් කතා කිරිමට හැකිවන පරිදි එහි කතෝලික ඉතිහාසය ලියැවීමට මෙන්ම පුංචි රෝමයේ කිතුනු දහම නොනැසී චිරන්තන කාලයක් රැදි පැවතීමට ශුද්ධවර ජුසේවාස් පියතුමන්ගෙන් සිදු වු සේවය ප්‍රශංසනීයය. එවකට එනම්, ලන්දේසී පීඩන යුගයේ දි රහසේ සැඟව සිටින කතෝලික බැතිමතුන් සොයා යන ගමනේ දි මීගමුව ප්‍රදේශයේ කතෝලික බැතිමතුන් සිටින බව දැනගත් ශුද්ධ වු ජුසේවාස් පියතුමා මීගමුවට පැමිණ කතෝලික ජනතාව වෙත ප්‍රසාද නිධාන දානය කරමින් ඔවුන් දිරිමත් කළ ආකාරය සභා ඉතිහාසය තුළ සඳහන්ය. එසේම ලන්දේසී පීඩන යුගයේ දි පුංචි රෝමයේ වාසය කළ දොන් අපොන්සු පෙරෙයිරා නැමැති ප්රභූවරයෙකු තමන් සතු සියල්ල පරිත්‍යාග කර රටින් පිටුවහල් කරන ලද්දේ කතෝලික දහම වෙනුවෙන් සාක්ෂි දැරිම නිසාය. එවන් පසුබිමක් තුළ පුංචි රෝමය අද වන විට දිවයිනේ ප්‍රමුඛතම කතෝලිකයින් ජීවත්වන නගරයක් බවට පත්ව ඇත.
නත්තල කියු සැනින් කතෝලික සහ කතෝලික නොවන අයගේ මුවගට නැඟෙන නමක් වනුයේ නත්තල් කැරොල්ය. නත්තල් කැරොල් ගායනාවල ඉතිහාසය ද පුංචි රෝමය හා සුසැදිව බැඳී පවති. ගෞරවනීය ගෞරවනීය ජකොමේ ගොන්සාල්වෙස් පියතුමා උන්වහන්සේගේ ස්ථිර පදිංචිය ලෙස මීගමුවේ බෝලවත්ත ප්‍රදේශය තෝරා ගන්නේ වර්ෂ 1730 - 1740 අතර කාලයේ දීය. දෙවිඳු උපන්නේ සතුනි, නමෝ නමෝ මරිය ආදි නව කැරොල් ගී සම්ප්රදායකට මං පෙත් විවර වන්නේ ද පුංචි රෝමය මුල් කරගනිමිනි. ඒ අනුව පෙනි යන්නේ ශ්‍රී ලාංකීය නත්තල හා පුංචි රෝමය අතර වු චිරන්තන සබැඳියාවයි. ගෞරවනීය ජකොමේ ගොන්සාල්වෙස් පියතුමාගෙන් පසු නත්තල් කැරොල් ගී සම්ප්රදාය ඉදිරියට ගෙන යමින් ලාංකික අනන්‍යතාවයෙන් යුතු විචිත්‍රවත් කැරොල් සම්ප්රදායක් බිහි කරන්නේ මීගමුවේ දංකොටුවේ උපත ලද මල් පැලේ උපන් පන්සලේ පියතුමා යන විරුදාවලිය ලත් ගරු මර්සලින් ජයකොඩි පියතුමාය. කිතුනු ලේඛන කලාවේ මිණි පහන ලෙස හැඳින්වෙන මර්සලින් ජයකොඩි පියතුමාගේ කැරෝල් ගීතිකා අදටත් ලක්දිව පුරා ගායනා වෙද්දි පුංචි රෝමයේ ප්රතාපවත් තව තවත් ආලෝකමත් වන්නේ ය.
කිතු සමිඳුන් දේශනා කළ කිතුනු දහමේ හරය වු“ මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න ” යන පාඨය පෙරදැරි කරගෙන බලන කල පෙනී යන්නේ සුරලොව දෙව් දුවන්ගේ යශෝ රාවයෙන් එකලු වන සාමයේ සීනු හඬින් නින්නාද වන පුංචි රෝමය නත්තල් සමයේ අසිරිය වැළඳ ගන්නේ සාමයේ, සහජීවනයේ සහ සහෝදරත්වයේ පණිවිඩය පතුරුවාලමිනි. බුදු තෙමඟුලට වෙසක් පහන් දැල්වෙන සහෝදරත්වයේ දෑතින් ඉදිවෙන සාමයේ ගවලෙන බඳු පුංචි රෝමයේ සහජීවනය චිරාත් කාලයක් පැවතේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.
දමිත් සුමේන්ද්‍ර
No comments:
Post a Comment