Saturday, 15 March 2025

ප්‍රාදේශීය මාධ්‍ය


 ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය මාධ්‍ය වර්ධනය 

සන්නිවේදන අධ්‍යයනය තුළ දී හදුනා ගත හැකි ප්‍රවණා අතුරින් ප්‍රාදේශීය මාධ්‍ය හිමිකාරීත්වය වර්ධනය වීම කැපී පෙනේ. ශ්‍රී ලංකාවේ මුල් යුගය තුළ මාධ්‍ය ආයතන සියල්ලම පාහේ ආරම්භ වන්නේ අගනුවර කේන්ද්‍රීයවයි. ඒ අතරට පුවත්පත් ආයතන, ගුවන්විදුලි සේවා සහ රූපවාහිනි සේවා අයත් වේ. ජාතික ගුවන්විදුලිය, ජාතික රූපවාහිනීය, ස්වාධීන රූපවාහිනී සේවය වැනි ආයතන මෙන් ම පුද්ගලික මාධ්‍ය ආයතන ද ආරම්භ වන්නේ අගනුවර කේන්ද්‍රීයවයි. මීට හේවක් වශයෙන් පෙන්වා දිය හැක්කේ සම්පත්වල සුලභතාවයි. තාක්ෂණික අංශයෙන් වඩාත් දියුණු මෙන් ම සංවර්ධිත නගරය බවට පත්වන්නේ කොළඹ අගනුවරයි. එබැවින් මුල් යුගයේ මාධ්‍ය ආයතන බහුතරයක් ස්ථාපිත වූයේ අගනුවර කේන්ද්‍රීයවයි. තවද අගනුවර කේන්ද්‍රීයව බිහිවන මාධ්‍ය අන්තර්ගය ද බොහෝ දුරට අගනුවර හා තදාසන්න ප්‍ර්දේශවල ජනතාවට වඩාත් සමීප තොරතුරු වාර්තාකරණයේ නියැලීම ද සිදු කරන ලදි.




මෙම අගනුවර කේන්ද්‍රීය මාධ්‍ය වෙනුවට ප්‍රාදේශීය මාධ්‍ය ආයතන බිහිවීමක් තුළින් සාර්ථක සන්නිවේදන ක්‍රියාවලියක් කරා ගමන් කිරීමට හැකි බව පසුකාලීන මාධ්‍ය හිමිකාරීත්වය අවබෝධ කර ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රාදේශීය මාධ්‍ය වෙත ඔවුන් ප්‍රවේශ විය. ඒ අනුව රටේ සිටින පොදු ග්‍රාහක ක්ෂේත්‍ර සදහා ආමන්ත්‍රණය කිරීම වෙනුවට, යම් විශේෂ ප්‍රදේශයන්හි වෙසෙන ඉලක්කගත ග්‍රාහක පිරිස් වෙත ආමන්ත්‍රණය කිරීම සදහා ප්‍රාදේශීය මාධ්‍ය ආරම්භ වීම හදුනා ගත හැකිය. මේ සදහා පළමු උත්සාහය වශයෙන් ජාතික ගුවන්විදුලියේ ප්‍රාදේශීය සේවා ආරම්භ වීම හදුනා ගත හැකිය. ඒ අනුව රජරට ප්‍රාදේශීය සේවාව, රුහුණු ප්‍රාදේශීය සේවය, මහනුවර ප්‍රාදේශීය සේවය ආරම්භ වීම හදුනා ගත හැකිය. මෙම ප්‍රාදේශීය සේවා සිය විකාශන කටයුතු මෙහෙයවනු ලබන්නේ ද අගනුවරින් බැහැර ප්‍රදේශයන්හි සිටයි. ඒ  ඒ ප්‍රදේශයන්හි ඉලක්කගත ග්‍රාහක ප්‍රජාවගේ අත්දැකීම්වලට සන්නිවේදනය කිරීමට  අවකාශය හිමිවීම නිසා මෙය වඩාත් බලපෑම්කාරී සන්නිවේදන භාවිතයක් බවට පත් විය. 

ජාතික ගුවන්විදුලිය පමණක් නොව පුද්ගලික ගුවන්විදුලිය සේවාවක් වශයෙන් මීගමුව නගරය කේන්ද්‍රීයව කිතුනු ආගමික ප්‍රජාව මුල් කරගනිමින් සෙත් ගුවන්විදුලිය ද ප්‍රාදේශීය මාධ්‍ය ආයතනයක් වශයෙන් මාධ්‍යකරණයේ නියැලී සිටියි. ඒ තුළින් මීගමුව සහ තදාසන්න පෙදෙස්වල ශ්‍රාවක ප්‍රජාව වෙනුවෙන් ඔවුන්ගේ රුචියට සමපාත වන ආකාරයෙන් සන්නිවේදන ක්‍රියාවලියේ නියැළෙයි. 

දඹුල්ල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් රංගිරි ශ්‍රී ලංකා ගුවන්විදුලිය සහ රූපවාහිනිය ද බෞද්ධ ප්‍රජාව වෙනුවෙන් මාමාධ්‍යකරණයේ නියැළෙයි. 

එපමණක් නොව ඉතා විස්තීර්ණ ආකාරයෙන් යාපනය නගරය කේන්ද්‍රීය ව ප්‍රාදේශීය මාධ්‍ය ස්ථාපිත වීමක් දැකිය හැකිය. යාපනය නගරය වෙනුවෙන් මුද්‍රණය වන උදයන් පුවත්පත එහිලා මුද්‍රිත මාධ්‍ය ප්‍රධාන ප්‍රාදේශීය පුවත්පත වේ. එසේම යාපනය නගරය කේන්ද්‍රීය ව කේබල් රූපවාහිනී නාලිකා බහුතරයක් සිය විකාශනයන් යාපනය නගරයේ සිට සිදු කරයි. යාල් ටීවී, පිරෙයි ටීවී, ඩෑන් ටීවී ආදි වශයෙන් Ask Media Group යටතේ රූපවාහිනී සේවා 11ක් විසුරුවා හැරීම සිදු කරයි.

එසේම විවිධ ප්‍රජා කණ්ඩායම් වෙනුවෙන් ප්‍රාදේශීය මාධ්‍ය ආයතන බිහිවීම ද දැකිය හැකිය. විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් විකාශන කටයුතු සිදු කරන විශ්වවිද්‍යාල ගුවන්විදුලි සහ රූපවාහිනී සේවා ද පවති. එසේම දඹාන ආදිවාසි ගුවන්විදුලිය, ප්‍රජා ගුවන්විදුලි සේවා ද අගනුවරින් බැහැර සිට විකාශන කටයුතු මෙහෙයවන මාධ්‍ය ආයතන වේ. ප්‍රාදේශීය මාධ්‍ය බිහිවීම තුළින් අගනුවරින් බැහැර ප්‍රාදේශීය ජන කණ්ඩායම් වෙනුවෙන්, ඔවුන්ට අවශ්‍ය පරිදි මාධ්‍ය අන්තර්ගතය නිර්මාණය කිරීමට මේ ඔස්සේ හැකියාව ලැබෙනු ඇත.


දමිත් සුමේන්ද්‍ර පෙරේරා 

Saturday, 30 November 2024

ශ්‍රී ලංකාවට සන්නිවේදන අධ්‍යයනය හදුන්වා දීම.

 ශ්‍රී ලංකාවට සන්නිවේදන අධ්‍යයනය හදුන්වා දීම.

මානව සන්නිවේදනය මිනිසාගේ ආරම්භයත් තෙක් දිවෙන ක්‍රියාවලියක් වූවත්, එය න්‍යායාත්මක විෂයක් වශයෙන් අධ්‍යනය කිරීම ආරම්භ වන්නේ විසිවන සියවසේ මුල් භාගයේදී පමණය. වර්ෂ 1947 දී  ඇමරිකාවේ ඉලිනොයිස් විශ්වවිද්‍යාලය  මුල් කර ගනිමින් සන්නිවේදන අධ්‍යනය වෙනුවෙන් පාඨමාලා ආරම්භ කෙරිණි. තවද සන්නිවේදන අධ්‍යනය ආයතන ගත කිරීමට පුරෝගාමීත්වය ලබා දුන් පුද්ගලයා වශයෙන් සන්නිවේදන ඉතිහාසය තුළ හමුවන්නේ මහාචාර්ය විල්බ ශ්‍රාම්ය. පළමු සහ දෙවන ලෝක මහා සංග්‍රාමයන් මෙන්ම කාර්මික විප්ලවය හේතුවෙන් සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රය ක්‍රමානුකූලව වර්ධනය විය. එසේම සන්නිවේදන අධ්‍යනයේ න්‍යායාත්මක පාර්ෂවය පෝෂණය කිරීම සඳහා ඇමරිකානු විද්වතුන් රාශියකගේ මෙන්ම යුරෝපීය විද්වතුන් රාශියගේ සහයෝගය මුල්කාලීනව ඊට හිමි විය. 

තවද සන්නිවේදන අධ්‍යයන ශික්ෂණය කෙරෙහි යොමුවීමට බලපෑ තවත් හේතුවක් බවට පත් වූයේ යුනෙස්කෝ  විසින් 1982 වසරේදී හඳුන්වා දුන් ගෲන්වල්ට්  ප්‍රකාශනයි. මෙම ගෘෘන්වල්ට් ප්‍රකාශනය  යෝජනා කරන ලද්දේ පාසල්  ප්‍රාථමික ශ්‍රේණියේ සිට විශ්ව විද්‍යාල මට්ටම දක්වාත්, වැඩිහිටි අධ්‍යාපනයෙහිදී ද සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය  පිළිබඳ වැඩසටහන් ආරම්භ කරමින් ප්‍රචලිත කළ යුතු බවයි. ගෲන්වල්ට්  ප්‍රකාශනය විසින් නිකුත් කළ මාධ්‍ය අධ්‍යාපනයේ ඇති අවශ්‍යතාවය පිළිබඳ පාඨයෙන් සනාථ වන්නේ එවකට සමාජය තුළ  පුද්ගලයින්ට සුවිශාල බලපෑමක් කිරීමට ජනමාධ්‍ය හේතු වූ බවයි. එබැවින් ඒ සමාජ සන්දර්භය මත පාදක වෙමින් ගෲන්වල්ට් ප්‍රකාශනය  සන්නිවේදනය හා මාධ්‍යයක් අධ්‍යයනය  විශය අධ්‍යනය කිරීමේ අවශ්‍යතාවය පළමු වරට පෙන්වා දුනි. යුරෝපය සහ ඇමරිකාව කේන්ද්‍ර කර ගනිමින් බිහිවන සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රය පසුකාලීනව සමස්ත ලෝකය පුරා ව්‍යාප්ත වෙයි. ඒ අනුව සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම පිළිබඳ අධ්‍යනය කිරීම මෙම ලිපියේ අරමුණයි. 

ශ්‍රී ලංකාවේ සන්නිවේදන ඉතිහාසය ප්‍රාග් යුගයෙන් ආරම්භව රාජාණ්ඩු සමය සහ බටහිර ජාතීන්ගේ කාලය වන විට ඉතා දියුණු වර්ධනයක් අත්පත් කරගෙන පැවතුණි. සෙල්ලිපි රචනා කිරීම, පුස්කොළ පොත් ලිවීම, සංදේශ කාව්‍ය රචනය, ගද්‍ය සහ පද්‍ය ග්‍රන්ථ රචනය, පුවත්පත් මුද්‍රණය, ගුවන්විදුලිය ආරම්භ වීම, රූපවාහිනිය ආරම්භ වීම සහ සිනමාව ආරම්භ වීම ශ්‍රී ලාංකීය සන්නිවේදන ඉතිහාසයේ සුවිශේෂීය සන්ධිස්ථාන වෙයි. 

සන්නිවේදන ක්ෂේත්‍රය ශ්‍රී ලංකාවේ ප්‍රායෝගික මට්ටමින් ක්‍රියාත්මක වූ නමුත් එය විෂයක් වශයෙන් න්‍යායාත්මක ආකාරයෙන් ස්ථාපිත වන්නේ ඊට බොහෝ කාලයකට පසුවය. සන්නිවේදන අධ්‍යනයේ අවශ්‍යතාවය පළමුවරට පෙන්වා දුන් පුද්ගලයා බවට පත් වන්නේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාය. පුවත්පත් කලාවේදී සහ පුවත්පත් කර්මාන්තයේ ඒකාධිකාරීත්වය අරභයා සිදුකළ කතාවක් තුළින් ඒ බව මනාව පැහැදිලි වෙයි. එසේම ශ්‍රී ලාංකීය විශ්වවිද්‍යාල පද්ධතියට සන්නිවේදන අධ්‍යනය පිළිබඳ උපාධි පාඨමාලා හඳුන්වාදීමට මුල් වූයේ ද එස්. ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාය.

අනතුරුව ශ්‍රී ලංකාව තුළ ක්‍රමවත් සහ විධිමත් ආකාරයට සන්නිවේදන විෂය පිළිබඳ පාඨමාලාවක් ආරම්භ වන්නේ 1968ත් 1969 අතර කාලවකවානුවේදීය. ඒ දෙහිවල කනිෂ්ඨ විශ්වවිද්‍යාලයේ මූලික වීමෙනි. පුවත්පත් කලාව පිළිබඳ ප්‍රාමාණිකයෙකු වූ ආචාර්යය එඩ්වින් ආරියදාස මහතා විසින් පුවත්පත් කලාවේදය නමින් එම පාඨමාලාව ආරම්භ කරන ලදී. එසේම පුවත්පත් කලාවේදය පාඨමාලාව සඳහා අවශ්‍ය විෂය නිර්දේශය සකස් කරමින් එම පාඨමාලාව ක්‍රියාත්මක කිරීමට  මූලිකත්වය ගන්නා ලදී. එවකට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ඇමතිවරයාව සිටි අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතා මෙම පාඨමාලාව සඳහා මූලික නායකත්වය ලබාදෙමින් ආරියදාස මහතාට සහයෝගය දක්වා ඇත. නමුත් දෙහිවල කණිෂ්ඨ  විශ්වවිද්‍යාලයේ ආරම්භ වන පුවත්පත් කලාවේදය පාඨමාලාව වසර දෙකකින් පසු අවලංගු වී ඇත. 

එසේම 1972 වසරේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පුවත්පත් කලාව යනුවෙන්  ඩිප්ලෝමා පාඨමාලාවක් ආරම්භ කර ඇති අතර වසරකින් පමණ පසු එම පුවත්පත් පාඨමාලාව ද අසාර්ථක වී ඇත. එය අනුව පෙනී යන්නේ මුල් කාලයේදී සන්නිවේදන අධ්‍යනය වෙනුවෙන් ආරම්භ කළ පාඨමාලාවන් අතරමග නතරවීමට විවිධ හේතූන් බලපා ඇති බවයි. 1960 සහ 1970 දශකවලදී ලෝකයේ සමාජ, ආර්ථික, දේශපාලන ආදී විවිධ ක්ෂේත්‍රවල උද්ගත වූ අර්බුදමය තත්ත්වය  ශ්‍රී ලංකාවේ දේශපාලනය සහ සමාජය තුළ ද මතු විය. එහි බලපෑම මත 1971 කැරැල්ල දේශීය වශයෙන් සිදු වූ ප්‍රධාන ප්‍රබල වෙනසකි. 1972 කැරැල්ල සිදුවීම හේතුවෙන් නැවත ශ්‍රී ලාංකීය සමාජය පිළිබඳ නැවත හැරී බැලීමකට රාජ්‍ය පාලනයට අවස්ථාව උදාවිය. 1971 කැරැල්ල තුළින් සමාජ දරිද්‍රතාව, තරුණ විරැකියාව, විශේෂයෙන්ම උපාධිධාරීන්ගේ විරැකියා ගැටලුව ආදී සමාජ ප්‍රශ්න මතුවිය. එබැවින් එම සමාජ ප්‍රශ්න පිළිබඳ සොයා බැලීමට රජය විසින් ඔස්මන්ඩ් ජයරත්න කමිටුව පත්කළ අතර එහි නිර්දේශයන් වූයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුළුල් සංශෝධන හා වෙනස්කම් සිදුවිය යුතු බවයි. 1971 කැරැල්ලේ බලපෑම සහ ඔස්මන්ඩ්  ජයරත්න කමිටුවේ යෝජනා මත පදනම් වෙමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් විශ්වවිද්‍යාලවල පවතින සාම්ප්‍රදායික පාඨමාලා වෙනුවට නවාකාරයකින් වෘත්තියා අභිමුඛ පාටමාලා කිරීමට කටයුතු කරන්නේ අනතුරුවය. නවීන ලෝකයට ගැලපෙන ආකාරයෙන් විශ්ව විද්‍යාල පාඨමාලා සකස් කරමින් ලෝකයට අවශ්‍ය වන වෘත්තීයවේදීන් බිහි කිරීමට මෙම ඔස්මන්ඩ් ජයරත්න  කමිටුව මුල්විය. 

1971 කරලින් පසු විශ්වවිද්‍යාල  පද්ධතිය සඳහා නව විෂය පථයන් හඳුන්වා දීමේදී සන්නිවේදන විෂය ද විශ්වවිද්‍යාල  පද්ධතියට හඳුන්වා දී ඇත. මේ සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පත්කරන ලද කමිටුවේ මහාචාර්ය විමල් දිසානායක, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, මහාචාර්ය එම්.බී.ආරියපාල, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර  වැනි පුද්ගලයින් සාමාජිකයින් බවට පත්විය. ඒ අනුව 1973 වසරේදී කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යනාංශයේ යනුවෙන් නව අංශයක් ප්‍රථම වරට ආරම්භ කරන ලදී. ඒ තුළින් ජන සන්නිවේදනය පිළිබඳ සාමාන්‍ය සහ ගෞරව උපාධි පාඨමාලා ලබාදීම සිදුවිය. කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යාංශයේ සන්නිවේදන විෂය සදහා මුල් කාලයේ අභ්‍යන්තර කථිකාචාර්‍යවරුන් දෙදෙනකු විය.මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් සහ මහාචාර්ය විමල් දිසානායකයන් ඔවුන් වේ. තවද බාහිර කතිකාචාර්‍යවරයන් වශයෙන් මහගමසේකර, අමරදේව ඩී.සී. රණතුංග, ඩී.බී. නිහාල්සිංහ, කේ. ජයතිලක, එඩ්වින් ආරියදාස, පියසිරි ගුණරත්න, පියසෝම මේදිස් යන අය වෙති.

ජාතික අධ්‍යාපන ආයතනයේ මූලිකත්වයෙන් 2006 වසරේ දී 10 වසරට ද,  2007 දී 11 වසරට සහ 2008 වසරේ දී උසස් පෙළ සදහා සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය පාසල් පද්ධතියට හදුන්වා දී ඇත.


Friday, 15 November 2024

කවුද මේ Social Media Influencers කියන්නේ?

 කවුද මේ Social Media Influencer කියන්නේ?


🏷️සමාජයේ ජීවත් වන පුද්ගලයන්ගේ මතවාද සකස් කිරීමට දායක වන පිරිස් ජනමත නායකයින් හෙවත් Public Opinion Leaders වශයෙන් හදුන්වා දීම සිදු කළ හැකියි. ආගමික නායකයින්, දේශපාලකයින්, සමාජ ක්‍රියාකාරී පිරිස් ආදීන් එම භූමිකාව තුළ දී හදුනා ගත හැකිය. ඔවුන් විසින් සාමාන්‍ය සන්නිවේදන ක්‍රියාවලියේ දී මෙන් ම ජනමාධ්‍ය සහ නව මාධ්‍ය ආදී වූ සන්නිවේදන මාධ්‍ය මගින් ජනමත සකස් කිරීමට කටයුතු කරයි. එබැවින් ජනමතය සකස් කිරීමට මොවුන් බලපෑම් සිදු කරන බැවින්, බලපෑම් කරන්නන් වශයෙන් ද මෙම පිරිස් හදුන්වා දිය හැකිය.

කාර්මික විප්ලවය සමග ගොඩනැගෙන ජන මාධ්‍ය භාවිත කරමින් ජනමත ප්‍රධානීන් විසින් පුද්ගලයාගේ මතය නිර්මාණය කිරීමට කටයුතු කරන ලදි. නමුත් අන්තර්ජාල මාධ්‍යයේ ආගමනය සමග ගොඩනැගෙන තවත් ජනමත ප්‍රධානීන් වර්ගයක් වශයෙන් Social Media Influencer හදුන්වා දීම සිදු කළ හැකිය. මොවුන් සමාජ මාධ්‍ය වේදිකා මගින් පුද්ගලයා වෙත බලපෑම් කිරීම සිදු කරයි. 

ජනමත ප්‍රධානීන් විසින් පුද්ගලයාගේ දේශපාලනික, ආර්ථික, සමාජීය, ආගමික ආදී විවිධ අංශයන් සම්බන්ධයෙන් පවතින මතවාදයන් සකස් කරයි. උදාහරණයක් වශයෙන් ආගමික නායකයින් විසින් ආගමික කටයුතු තුළ දී සිය ආගමික ප්‍රජාව තුළ පවතින මතවාදය සකස් කිරීමට කටයුතු කරයි. එකී සන්දර්භය මත හිදිමින් සමාජ මාධ්‍ය වේදිකා තුළ හමුවන බලපෑම් කරන්නන් හෙවත් Social Media Influencers පිළිබඳ ව මෙම කෙටි ලිපියේ දී අවධානය යොමු කෙරේ.

නව මාධ්‍ය ප්‍රභේදයක් වශයෙන් සැලකෙන සමාජ මාධ්‍ය යනු, ගිණුමක් නිර්මාණය කිරීමෙන් අනතුරුව එම ජාලයට අදාළ පරිශීලකයන් සමග සන්නිවේදනය තුළින් ගොඩනැගෙන ජාලයයි. ශ්‍රී ලංකාවේ ඉහළ භාවිතයක් පවතින සමාජ මාධ්‍ය වේදිකා (Social Media Platforms) වශයෙන් මුහුණ පොත (Face Book), වට්සැප් (Whatsapp) සහ යූ ටියුබ් (You Tube) පවතින බව සංසංඛ්‍යාලේඛන වාර්තා පෙන්වා දෙයි. (TRCSL Report) මෙම සමාජ මාධ්‍ය වේදිකා මත ක්‍රියාත්මක වෙමින් විවිධ පුද්ගලයින් විසින් විවිධ අන්තර්ගත නිර්මාණය කරමින් සිය ජනප්‍රියතාව වර්ධනය කරගෙන සිටියි. එහි පවතින සුවිශේෂීත්වය වන්නේ එම පුද්ගලයාගේ අන්තර්ගත ලබා ගැනීම සදහා විශාල ග්‍රාහක පිරිසක් මිතුරන් වශයෙන් ඔහුගේ හෝ ඇයගේ ගිණුම තුළ සිටීමයි. අද වන විට මුහුණු පොත සහ යූ ටියුබ් වැනි සමාජ මාධ්‍ය වේදිකා ආශ්‍රිත ව මෙවැනි Social Media Influencers බහුල ව හදුනාගත හැකිය. මොවුන් සමාජ මාධ්‍ය තුළ හිමිකරගෙන සිටින ඉහළ ජනප්‍රියතාව හේතුවෙන් මොවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා විවිධ සන්නාම අලෙවිකරණ කර්යේ නියැලෙයි. එසේම විවිධ සමාජමය අවස්ථාවන්හි දී සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා සිය මතවාදය ඉදිරිපත් කරමින් විවිධ අන්තර්ගත ඉදිරිපත් කිරීමට මොවුන් කටයුතු කරයි. එමනිසා යම් ආකාරයකට ජනමත සැකසීමේ කර්යේ මොවුන් නියැළෙයි.

🖋️ දමිත් සුමේන්ද්‍ර පෙරේරා  

Thursday, 14 November 2024

සන්නිවේදකයා පිළිබඳ කතෝලික දර්ශනය

 



සන්නිවේදකයා පිළිබඳ කතෝලික දර්ශනය


මානව ඉතිහාසයේ අරම්භය දක්වා දිවෙන ක්‍රියාවලියක් වන සන්නිවේදනය තාක්ෂණයේ වර්ධනය සමග කාලානුක්‍රමික ව වර්ධනය වී ඇත. සන්නිවේදන ක්‍රියාවලිය පිළිබඳ ව අධ්‍යයනය කිරීම ද අද වන විට සංකීර්ණත්වයට පත් ව ඇත්තේ තාක්ෂණය සන්නිවේදන ක්‍රියාවලිය උදෙසා සිදු කරන බලපෑම හේතුවෙනි. සන්නිවේදන ක්‍රියාවලිය හා සම්බන්ධ සන්නිවේදන මූලිකාංග ද මුල් යුගයේ ලබා දුන් අර්ථකථනයන්ගෙන් අද වන විට බොහෝ දුරස්ව ඇත. තවද තාක්ෂණය හේතුවෙන් සන්නිවේදන මූලිකාංග පිළිබඳ විග්‍රහයන් ද තාක්ෂණික රාමුවකින් යුක්ත ව විග්‍රහ වීම කැපී පෙනෙන සාධකයකි.


සන්නිවේදන ක්‍රියාවලියේ මූලිකාංග සදහා වර්තමානයේ ලබා දෙන නිර්වචන බහුතරයක් සදහා පාදක වන්නේ තාක්ෂණයයි. මේ නිසා සන්නිවේදන ක්‍රියාවලියේ මූලිකාංගයන්හි අන්තර්ගත මානුෂීය ලක්ෂණ බැහැර වී ඇත.එසේම සන්නිවේදනය හුදෙක් තාක්ෂණය හා සම්බන්ධ ක්‍රියාදාමයක් බවට පත් ව ඇත. නුමුත් සන්නිවේදන ක්‍රියාවලියේ පැවතිය යුතු මානුෂීය ගුණාංග යම්තාක් හෝ දුරකට ආරක්ෂා කර ගැනීමට පෙරදිග පවතින ආගමික ඉගැන්වීම් පාදක කරගත හැක.


ක්‍රිස්තියානි දර්ශනය, බෞද්ධ දර්ශනය, හින්දු දර්ශනය, ඉස්ලාම් දර්ශනය සහ කොන්ෆියුසියස් දර්ශනය ඔස්සේ සන්නිවේදන මූලිකාංග මානුෂීය සහ ආත්මීක රාමුවක් තුළ අර්ථකථනය කිරීමට හැකියාව ඇත. එහිලා ක්‍රිස්තියානි දර්ශනයේ ඉගැන්වීම් මත පදනම් වෙමින් සන්නිවේදන මූලිකාංග අතුරින් සන්නිවේදකයා මූලිකාංගය පෝෂණය කිරීම පිළිබඳ මෙම ලිපියේ දී අවධානය යොමු කෙරේ.


ක්‍රිස්තියානි දර්ශනය උදෙසා මූලාශ්‍රය වශයෙන් ගැනෙන ශුද්ධ වූ බයිබලයේ ග්‍රන්ථ 73න් නව ගිවිසුමට අයත් සුභාරංචි ග්‍රන්ථ හතර තුළ සංගෘහිත වන කන්ද උඩ දේශනාව ආනුසාරයෙන් සන්නිවේදක භූමිකාව තුළ පවතින ආත්මීය ගුණාංග ඉස්මතු කරයි. කන්ද උඩ දේශනාව ජේසුස් වහන්සේගේ විසින් සිය ජනතාව අරඹයා සිදු කරන ලද්දක් වූවත්, සන්නිවේදන විෂයේහිලා එහි විවරණය කිරීමෙන් අන්තර් විෂයාත්මක සම්බන්ධයක් ගොඩනැගිය හැකිය. සුභාරංචි කතුවරයින් වන මතෙව් තුමා සහ ලූක් තුමා විසින් ඔවුන්ගේ ග්‍රන්ථ තුළ දී කන්ද උඩ දේශනාව හෙවත් මංගල  වාක්‍ය ඉදිරිපත් කර ඇත. කන්ද උඩ දේශනාව තුළ අන්තර්ගත වාක්‍ය සංඛ්‍යාව 08කි. මෙහිදී ඉදිරිපත් වන ඉගැන්වීම් ආනුසාරයෙන් සන්නිවේදන විෂය පථය පෝෂණය කළ හැකිය. පුද්ගලයා තුළ පැවතිය යුතු ආත්මීය ගුණාංග ඉස්මතු කරයි. කන්ද උඩ දේශනාව පහත පරිදි වේ.


"ජේසුස් වහන්සේ ජනකාය දැක කන්දකට නැගුණු සේක. උන්වහන්සේ වැඩහුන් කල ශ්‍රාවකයෝ උන් වහන්සේ වෙත ආහ. එවිට උන් වහන්සේ ඔවුන්ට උගන්වමින් මෙසේ වදාළ සේක. බැගැ සිතින් දෙව් සරණ පතන්නෝ භාග්‍යවන්තයෝ ය, ස්වර්ග රාජ්‍ය ඔවුන්ගේය. ශෝක වන්නෝ භාග්‍යවන්තයෝය, ඔවුහු සැනසීම ලබන්නෝය. නිහතමානී ගුණ ඇත්තෝ භාග්‍යවන්තයෝ ය, ඔවුහු දේශය උරුම කරගන්නෝය. යුක්තියට සාපි පාසා ඇත්තෝ භාග්‍යවන්තයෝ ය, ඔවුහු තෘප්තිමත් වන්නෝය. දයාවන්තයෝ භාග්‍යවන්තයෝ ය, ඔවුහු දයාව ලබන්නෝය, නිර්මල සිත් ඇත්තෝ භාග්‍යවන්තයෝය, ඔවුහු දෙවියන් වහන්සේ දකින්නෝය. සාමය ඇති කරන්නෝ භාග්‍යවන්තයෝ ය, ඔවුහු දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ යැයි කියනු ලබන්නෝය. යුක්තිය උදෙසා පීඩා විඳින්නෝ භාග්‍යවන්තයෝ ය, ස්වර්ග රාජ්‍ය ඔවුන්ගේය. මිනිසුන් මා උදෙසා ඔබට නින්දා පීඩා කොට නානා විධ අයුතු චෝදනා නගන කල ඔබ භාග්‍යවන්තයෝ ය, ප්‍රීති ප්‍රමෝද වන්න. මන්ද ස්වර්ගයෙහි ඔබේ පලවිපාක ඉමහත්ය. ඔබට පෙර සිටි දිවැසිවරයන්ටත් ඔවුහු එලෙසම පීඩා කළහ." (මතෙව් 5:1-12),  (ලූක් 6:20-23)


කන්ද උඩ දේශනාව විශ්ලේෂණය කරන විට සන්නිවේදක භූමිකාව තුළ පැවතිය යුතු ආත්මීය ගුණාංග 08ක්  පිළිබඳ ව හදුනාගත හැකිය.


1. සන්නිවේදකයා බැහැපත් විය යුතු බව

2. සන්නිවේදකයා සංවේදී විය  යුතු බව 

3. සන්නිවේදකයා නිහතමානී විය යුතු බව 

4. සන්නිවේදකයා යුක්ති ගරුක විය යුතු බව

5. සන්නිවේදකයා දයාවන්ත විය යුතු බව 

6. සන්නිවේදකයා නිර්මල සිත් ඇත්තෙකු  බව

7. සන්නිවේදකයා සාමය ඇති කරන්නෙක් බව

8. සන්නිවේදකයා යුක්තිය වෙනුවෙන් පීඩා විදින බව


ඉහත ලක්ෂණ අනුව නූතන ජනසන්නිවේදනයේ සහ නව මාධ්‍ය තුළ පවතින සන්නිවේදක භූමිකාව ආත්මීය ආකාරයෙන් සකස් විය යුතු ආකාරය සම්බන්ධයෙන් ක්‍රිස්තියානි දර්ශනයෙන් පූර්වාදර්ශ ලබාගත හැකි ආකාරය පෙනේ.


දමිත් සුමේන්ද්‍ර පෙරේරා

Monday, 12 August 2024

කාන්තාවගේ ලිංගිකමය ගුණය මාධ්‍ය විසින් උත්කර්ෂයට පත් කිරීම කාන්තාව අවප්‍රමාණ කිරීමක් ද?

 

කාන්තාවගේ ලිංගිකමය ගුණය මාධ්‍ය විසින් උත්කර්ෂයට පත් කිරීම කාන්තාව අවප්‍රමාණ කිරීමක්  ද?


යම්කිසි භාෂාවක් ලිවීමට සහ කියවීමටත්, භාෂාවේ අර්ථ නිසි පරිදි අවබෝධ කර ගැනීමටත් පුද්ගලයා දක්වන සමත්කම සාක්ෂරතාව වශයෙන් හැදින්වේ. නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්ති බලාත්මක වීම නිසා දකුණු ආසියානු කලාපයේ උසස් සාකච්ඡාවක් හිමි රටක් බවට පත්වීමට ශ්‍රී ලංකාවට හැකියාව හිමි ව තිබේ. සාක්ෂරතාව භාෂාවට පමණක් ලඝු නොකළ යුතුය. ආර්ථික සාක්ෂරතාව, දේශපාලන සාක්ෂරතාව, පරිගණක සාක්ෂරතාව, තාක්ෂණික සාක්ෂරතාව, නීතීමය සාක්ෂරතාව ආදී වශයෙන් මෙම සංකල්පය පුළුල්ව සාකච්ඡා කළ හැකිය. ඒ අනුව පෙනී යන්නේ යම්කිසි විෂයක් පිළිබඳ ව පුද්ගලයා තුළ පවතින දැනුම සාක්ෂරතාව වශයෙන් නිර්වචනය කළ හැකි බවයි.

විචාරය සහ සාක්ෂරතාව අතර පවතින්නේ අවියෝජනීය සම්බන්ධයකි. යම් දෙයක ගුණ අගුණ අවබෝධ කර ගැනීමට නම් පුද්ගලයා තුළ විචාරශීලී බව පැවතිය යුතුයි. යම් නව කතාවක් කියවීම සාක්ෂරතාව වන අතර, එම නව කතාව පිළිබඳ ගුණ දොස් දැක්වීම විචාරය වශයෙන් පෙන්වා දිය හැකිය. ඒ අනුව පෙනී යන්නේ සාක්ෂරතාව මූලික කරගෙන විචාරය ගොඩනැගෙන බවයි.

මාධ්‍ය සන්දේශයක් තුළ පවතින සැබෑ අර්ථය අවබෝධ කර ගැනීමට පුද්ගලයා තුළ මාධ්‍ය සාක්ෂරතාව පැවතිය යුතුයි. ප්‍රවෘත්ති, ටෙලි නාට්‍ය, දැන්වීම්, ගීත, පුවත්පත් ලිපි, චිත්‍රපට, වීඩීයෝ, නව කතා, කෙටි කතා ආදී සියල්ල ම මාධ්‍ය සන්දේශ වශයෙන් හුවා දැක්විය හැකිය. මෙම මාධ්‍ය සන්දේශ මගින් පුද්ගලයා වෙත එල්ල කරන බලපෑම අවබෝධ කර ගැනීමට මාධ්‍ය සාක්ෂරතාව අවශ්‍ය වේ. ඒ අනුව " මාධ්‍ය සන්දේශ ලබා ගැනීම, විශ්ලේෂණය කිරීම, ඇගයීම, නිර්මාණය කිරීම" මාධ්‍ය සාක්ෂරතාව වශයෙන් හැදින්විය හැකිය. මාධ්‍ය විචාරය වශයෙන් ඉහත දක්වන ලද මාධ්‍ය සන්දේශ තුළ පවතින ගුණ දොස් පෙන්වා දීම මාධ්‍ය විචාරය වේ. මාධ්‍ය බලපෑමෙන් ආරක්ෂා වීමට නම් ග්‍රාහකයා විචාරශීලී ග්‍රාහකයෙක් බවට අනුවර්තනය විය යුතුයි. එසේ නම් මාධ්‍ය සන්දේශයක් තුළ පවතින ගුණ දොස් මැනීම සදහා පිළිගත් මිනුම් දඩු පවති. ඒවා මාධ්‍ය විචාර දෘෂ්ටිවාද වශයෙන් පෙන්වා දිය හැකිය. සරලාර්තයෙන් ගත් විට මෙම දෘෂ්ටිවාද පුද්ගලයා මාධ්‍ය සන්දේශ කියවීමට භාවිත කරන උපැස් යුවලක් වශයෙන් පෙන්වා දිය හැකිය. ඒ ඒ දෘෂ්ටිවාද උපැස් යුවල හරහා ඔබට අදාළ මාධ්‍ය සන්දේශයේ දෘෂ්ටිවාදයට අදාළ කොටස් දැක බලාගත හැකිය. එසේම එකම මාධ්‍ය සන්දේශයක් දෘෂ්ටිවාද කිහිපයක් ඔස්සේ විචාරයට ලක් කිරීම ද සිදු කළ හැකිය. එවැනි දෘෂ්ටිවාද කිහිපයක් පහත පරිදි වේ.

1. ස්ත්‍රීවාදී මාධ්‍ය දෘෂ්ටිවාදය

2. මාක්ස්වාදී මාධ්‍ය දෘෂ්ටිවාදය

3. මනෝ විශ්ලේෂණ මාධ්‍ය දෘෂ්ටිවාදය

මෙම ලිපිය මගින් ස්ත්‍රීවාදී දෘෂ්ටිවාදය පිළිබඳ ව සන්නිදර්ශන ඇසුරෙන් සාකච්ඡා කෙරේ.

ස්ත්‍රීවාදී දෘෂ්ටිවාදය තුළ පවතින කේන්ද්‍රීය තේමාව බවට පත්වන්නේ මාධ්‍ය තුළ කාන්තාව අවප්‍රමාණ කිරීමයි. අවප්‍රමාණ කිරීම වශයෙන් අසාධාරණයට ලක් වීම, නොසළකා හැරීම, හෑල්ලුවට ලක් කිරීම, අපහාසයට ලක් කිරීම, ගර්හාවට ලක් කිරීම ආදී අර්ථ පවති. අවප්‍රමාණය යන වචනයේ අනුලෝම වචනය බවට පත්වන්නේ ප්‍රමාණ කිරීම යන්නයි. එහි අර්ථය නිසි ගෞරවය ලබා දීම,  සාධනීය ස්ථානයක් ලබා දීම ආදියයි.

මාධ්‍ය සන්දේශ ගත් විට බොහෝ විට පුවත්පත, ගුවන්විදුලිය, රූපවාහිනී ආදී මාධ්‍ය තුළින් මෙම ලක්ෂණ මනාව මතු කරගත හැකිය. වර්තමානයේ ජනමාධ්‍ය මෙන් ම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන කාන්තා රූපලාවණ්‍ය දැන්වීම් මගින් කාන්තාවට සම පැහැපත් කර ගැනීම, Dark Spot ඉවත් කර ගැනීම, සම රන්වන් පැහැ කර ගැනීම, සුන්දර කෙස් කළඹක් ලබා ගැනීමට ආරාධනා කරයි. මෙම දැන්වීම් හරහා සිදු වන්නේ කාන්තාවගේ පවතින ලිංගිකමය ගුණය ඔප් නැංවීමට කටයුතු කිරීමයි. ඒ අනුව සමාජයේ කාන්තාව බෝනික්කන් බවට පත් කිරීමට මාධ්‍ය කටයුතු කරයි. එසේම කාන්තාව පිළිබඳ ව මාධ්‍ය හරහා මවා පෙන්වන සංකල්ප තුළ දී ද කාන්තාවගේ මෙම ලිංගිකමය ගුණය, සුරූපී බව ඔප් නංවයි. නිදසුනක් වශයෙන් ටෙලි නාට්‍ය තුළ දී අපට දක්නට ලැබෙන මව, බිරිඳ, සහෝදරිය තුළ ඉහත දක්වන ලද ලිංගිකමය ගුණය උත්කර්ෂවත් ආකාරයෙන් පෙන්වා දෙයි. මෙවැනි දැන්වීම් සහ ටෙලි නාට්‍ය නරඹන කාන්තාවට අවශ්‍ය වන්නේ තමාගේ සුරූපී බව වර්ධනය කර ගැනීමයි. මින් සමාජයට හිමිවන්නේ ලද බොළඳ කාන්තාවන් ය. එසේම කාන්තාව තුළ පවතින මෙම ලිංගිකමය ගුණය ඉස්මතු වීම නිසා කාන්තාවට සමාජයේ හිමිවන්නේ නිසි ස්ථානය නොවේ. ඒ අනුව පෙනී යන්නේ ලාභය උදෙසා කාන්තාව ලිංගිකමය භාණ්ඩයක් සහ වෙළෙඳ භාණ්ඩයක් බවට මාධ්‍ය පත් කරන ආකාරයයි. මේ අනුව පෙනී යන්නේ මාධ්‍ය තුළ කාන්තාව අවප්‍රමාණ කිරීමයි.

ස්ත්‍රීවාදී මාධ්‍ය විචාරය තුළ දී කාන්තා චරිතය මාධ්‍ය තුළ ඒකාකෘතික ආකාරයෙන් ප්‍රතිනිර්මාණය කරනු ලබයි. බහුතරයක් ටෙලි නාට්‍යවල මව, බිරිඳ වැනි චරිත නිවසට කොටු වී සිටින, ගෙදර වැඩ කරනු ලබන, ස්වාමියාගේ පීඩාවට පත් වන, සමාජ අසාධාරණයට ලක්වන, දරුවන් හදා වඩා ගන්නා චරිත වශයෙන් හුවා දක්වයි. ඉන් මාධ්‍ය උත්සාහ කරන්නේ කාන්තාව එක් රාමුවකට සීමා කිරීමටයි. එය මාධ්‍ය තුළ කාන්තාව ඒකාකෘතික කිරීමකි. එසේම දැන්වීම් තුළ දී සුරූපී ලද බොළඳ කාන්තාවක් නිර්මාණය කිරීම හේතුවෙන් කාන්තාව තමන්ගේ උපරිම විභව ශක්තිය භාවිත නොකරයි. ඒ අනුව ද කාන්තාව සුරූපී යන රාමුවට කොටු කරනු ලබයි. මේ නිදර්ශන ඇසුරෙන් පෙනී යන්නේ කාන්තාව ඒකාකෘතික කිරීමට මාධ්‍ය යත්න දරන ආකාරයයි.

කාන්තාව සෘජු ව සංවර්ධනය ක්‍රියාවලියට සම්බන්ධ කරගත හැකිය. කාන්තාවගේ ශක්තීන් රටේ සංවර්ධනයට යොදාගත හැකිය. කාන්තාවගේ හැකියාවන් ප්‍රවර්ධනය වන ආකාරයෙන් මාධ්‍ය සන්දේශ නිර්මාණය කළ යුතුයි. නමුත් සංවර්ධනය වෙර දරන කාන්තාවකට වඩා මාධ්‍ය විසින් නිර්මාණය කරනු ලබන්නේ අව්වට වැස්සටවත් ඔරොත්තු නොදෙන බොනික්කන් ය. මේ අනුව නැවත පෙනී යන්නේ මාධ්‍ය තුළ කාන්තාව අවප්‍රමාණ කිරීමක් වේ.

මාධ්‍ය සන්දේශ තුළ දී ස්වභාවික කාන්තා ප්‍රතිරූපය මුළුමනින්ම විනාශයට ලක් කරමින් කෘතිම කාන්තා ප්‍රතිරූප නිර්මාණය කරනු ලබයි. බොහෝ දැන්වීම්වල දී අපට හමුවන මව, බිරිඳ, පෙම්වතිය සහ සහෝදරිය ස්වභාවිකත්වය ඉක්මවා ගිය චරිත බවට පත් වී ඇත. ඒ අනුව පෙනී යන්නේ ස්වභාවිකත්වයට එහා ගිය ස්ත්‍රී චරිත මාධ්‍ය මගින් නිර්මාණය කරන බවයි. තවද එම ස්ත්‍රීන් සැබෑ සමාජයේ සෙවීමට කටයුතු කිරීම ද ඛේදවාචකයකි.

මේ සෑම ආකාරයෙන් ම පෙනී යන්නේ ස්ත්‍රීත්වය පිළිබඳ වටිනාකම් වෙනස් කරමින් මාධ්‍ය විසින් සිය ලාභ උපයා ගැනීමට ස්ත්‍රීය භාවිත කරන ආකාරයයි. මාධ්‍ය මගින් ස්ත්‍රීත්වය තුළ පවතින වටිනාකම් සමාජය තුළ ස්ථාපිත කිරීමට ක්‍රියා කළ යුතුය. ස්ත්‍රීයගේ හැකියාවන්, විභවතාවන් හදුනා ගැනීම සිදු කළ යුතුයි.

දමිත් සුමේන්ද්‍ර පෙරේරා
MSSC (Reading), BA (Hons) Mass Communication, University of Kelaniya.
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය භාර ආචාර්ය
සාන්ත ජෝසප් විදුහල, නුගේගොඩ

Monday, 5 August 2024

මැන්ජා ප්‍රජාව

ශ්‍රී ලාංකේය අප්‍රිකානු ප්‍රජාව හෙවත් මැන්ජා ප්‍රජාව 



සෑම පුද්ගලයෙක් ම සමාජීය සත්ත්වයෙක් වශයෙන් යම්කිසි ප්‍රජාවකට අයත් වන්නෝය. එසේම එම ප්‍රජාවන් සතු ව ඔවුන්ට ම ආවේණික වූ සංස්කෘතිමය රාමුවක් පවති. එම සංස්කෘතික රාමුව විසින් ඔවුන්ගේ අනන්‍යතාවය පිළිඹිබු කරයි. සිංහල, දෙමළ, මුස්ලිම්, කතෝලික, හින්දු, බෞද්ධ ආදි වශයෙන් එම ප්‍රජා කණ්ඩායම් පෙන්වා දිය හැකිය. සෑම අවස්ථාවක් තුළ දී ම යම්කිසි පොදු ලක්ෂණයක් හේතුවෙන් පුද්ගලයින් සමූහයක් තුළ සමානතා ලක්ෂණ පෙන්නුම් කරන විට එම පිරිස පොදුවේ ප්‍රජාවක් වශයෙන් අර්ථකථනය කරයි. මෙම ලිපිය තුළින් ශ්‍රී ලංකාවේ ජීවත් වන අප්‍රිකානු සම්භවයක් සහිත ශ්‍රී ලාංකිකයන් පිළිබඳ සාකච්ඡාවට බදුන් කෙරේ. 


බටහිර ජාතීන් වන පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි පාලන සමයන්වල දි මෙරට වහල් සේවය සදහා විවිධ වූ රටවල ප්‍රජාවන් මෙරටට ගෙන එන ලදි. එම ප්‍රජාවන් අතර දකුණු ඉන්දීය දමිළ ප්‍රජාව ජනප්‍රිය තලයේ වෙසෙයි. නමුත් පෘතුගීසි පාලන සමයේ දී ශ්‍රී ලංකාවට ගෙන එන ලද අප්‍රිකානු ජනතාව පිළිබඳ ව සමාජය තුළ පවතින්නේ අල්ප දැනුම්වත්භාවයකි. 1505න් පසුව ශ්‍රී ලංකාවට ගෙන එන ලද අප්‍රිකානු ප්‍රජාව විවිධ නගරවල සේවය සදහා යොමු කරන ලදි. එම අප්‍රිකානු ප්‍රජාව වර්තමානයේ දී "Ceylon Affrican Manja" වශයෙන් හදුන්වා දෙයි. මැන්ජා ප්‍රජාව පිළිබඳ ව ශාස්ත්‍රාලීය අධ්‍යයන සිදු වන නමුත් එය ප්‍රමාණවත් මට්ටමක නොපවතී. මුල් යුගයේ දී බටහිර ජාතීන් විසින් මෙරට සේවයට ගෙන එන ලද අප්‍රිකානු ප්‍රජාව නැවත අප්‍රිකාවට ගෙන යන මුත්, ඇතැම් අප්‍රිකානු පිරිස් මෙරට ජාතීන් සමග විවාහ වී සිටීම හේතුවෙන්, යම් පිරිසක් මෙරට සිය වාසස්ථානය වශයෙන් තෝරා ගන්නා ලදි. එම ප්‍රජාව ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල වර්තමානයේ වාසය කරයි. අගනුවර ප්‍රදේශයවල සහ රට අභ්‍යන්තර ප්‍රදේශවලත්, මීගමුව ප්‍රදේශයෙත්, පුත්තලමේ සිරම්බිඅඩිය ප්‍රදේශයෙත් මෙම අප්‍රිකානු ප්‍රජාව වර්තමානයේ හදුනාගත හැකිය. මෙම ලිපිය සදහා දත්ත ලබා ගැනීමට පුත්තලමේ සිරම්බිඅඩිය ප්‍රදේශයේ මැන්ජා ප්‍රජාව සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවක් භාවිත කෙරේ. 


පුත්තලම ප්‍රදේශයේ සිරම්බිඅඩිය ගම්මානයක් ලක්ෂණ පෙන්නුම් කරන යම්තාක් භෞතික වශයෙන් ගැටලු උද්ගත වූ ප්‍රදේශයකි. මෙම ගම්මානය තුළ අප්‍රිකානු සම්භවයක් සහිත මැන්ජා ප්‍රජාව වාසය කරයි. සීමා සහිත පවුල් සංඛ්‍යාවකින් සමන්විත මෙහි පරම්පරාව තුනක් වර්තමානයේ වාසය කරනු ලබයි. ආර්ථික වශයෙන් මෙම ප්‍රජාව ප්‍රදේශයේ කර්මාන්ත ශාලවල සේවය කරනු ලබයි. තවද එහිලා නිවසේ වෙසෙන සියලු ම සාමාජිකයන් සහභාගී වෙයි. ඇතැම් අවස්ථාවවල වයෝවෘද්ධ පිරිස් පමණක් නිවස තුළ සිටියි. 


මැන්ජා ප්‍රජාව සිරම්බිඅඩිය ප්‍රදේශයේ ජීවත් වීමේ දී හදුනාගත හැකි සුවිශේෂ ලක්ෂණයක් වන්නේ සෙසු ප්‍රදේශවාසීන්ගෙන් දුරස් වූ බවයි. ඇතැම් අවස්ථාවන්හි දී ඔවුන්ගේ සාකච්ඡාවලින් හෙලිදරව් වන්නේ සමාජමය වශයෙන් ඔවුන්ට අඩු සැළකිල්ලක් හිමිවන ආකාරයයි. මැන්ජා සංස්කෘතිය  අනාගත පරම්පරාව වෙත සම්ප්‍රේෂණය කිරීමේ දී පළමු සහ දෙවන පරම්පරාව වැදගත් වේ. නමුත් තුන්වැනි පරම්පරාවේ අයවලුන් විසින් ප්‍රමාණවත් ආකාරයෙන් සංස්කෘතිය පැතිරවීමට කටයුතු කරන ආකාරය හදුනාගත නොහැකිය.


මැන්ජා ප්‍රජාව විසින් ඔවුන්ගේ කණ්ඩායමේ සාමාජිකයන් සමග සමූහ සන්නිවේදන කාර්‍යයේ නියැළෙයි. ඔවුන් විසින් සමූහයක් වශයෙන් ඔවුන්ගේ සංස්කෘතිය සෙසු ප්‍රජාවන් වෙත ගෙන යාම උදෙසා කුඩා කණ්ඩායම් සන්නිවේදනයේ නියැළෙයි. ප්‍රජාවක් වශයෙන් මැන්ජා ප්‍රජාව තුළ පවතින සන්නිවේදනාත්මක ක්‍රියාවලිය ඔවුන්ගේ සංස්කෘතිය අන් ප්‍රජාවන් වෙත සන්නිවේදනය කිරීමටත්, සංචාරකයන් හට සිය සංස්කෘතික ක්‍රියාකාරකම් ඉදිරිපත් කිරීමටත් භාවිත කරයි.


දමිත් සුමේන්ද්‍ර පෙරේරා

Wednesday, 19 July 2023

ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා


ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා

මානව වංශ කතාව තුළ ආරම්භයේ සිටම මානවයා විසින් තමන්ගේ පරිසරය සහ සාමාජිකයන් අතර අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධතාව පවත්වා ගනිමින් යහපත සහ අයහපත පිළිබඳ නිවැරදි දේ හඳුනාගනිමින් ජීවත් වන්නට වූයේ ය. ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටි මානවයා දියුණු මානව කොටසක් බවට පරිණාමය වන්නට වූයේ මානවයා ශිෂ්ටාචාරගත වීමත් සමඟ ය. එසේ ශිෂ්ටාචාරගත වීමත් සමඟ මානවයා විවිධ වූ සාමාජීය හා පරිසරාත්මක අංගයන් සමඟ සම්බන්ධ වෙමින් ඔවුන්ගේ පරිසරය සහ වටපිටාව තේරුම් ගැනීමට මෙන්ම ඒ සමඟ සහසම්බන්ධතාව පැවැත්වීමට උත්සහ ගත් අතර ඒ තුළින් ‘සංස්කෘතිය’ නම් වූ ප්‍රපංචයේ ප්‍රාරම්භය සිදු වන්නේ ය. එබැවින් මානවයා සංස්කෘතියේ නිර්මාතෘවරයා මෙන්ම වාහකයා වශයෙන් සුවිශාල කාර්යය භාර්යයක් සිදු කරන අතර, යුගයෙන් යුගයට මානව සංස්කෘතියේ විවිධ වූ පරිණාමයන් ඇති වන්නට විණි. එබැවින් සංස්කෘතිය, මිනිසා හා සාමාජීය පරිසරය අතර ගොඩනැඟෙන්නක් වන බැවින් ප්‍රදේශයෙන් ප්‍රදේශයට, යුගයෙන් යුගයට සංස්කෘතිය නම් වූ ප්‍රපංචයේ ගතික බව මනාව පිළිඹිබු වන්නේ ය. එම සංස්කෘතියෙහි උත්පත්තිය මානව වංශ කතාවේ ආරම්භය එනම්, මිනිසාගේ ඉතිහාසය දක්වා පැරණි වන බව ඇල්ෆඩ් ක්‍රෝබර් සහ ක්ලයිඩ් ක්ලක්හෝන් පෙන්වා දෙයි. ‘සංස්කෘතිය මිනිසා විසින් නිර්මාණය කර ගන්නා ලද දෙයකි’ (ක්‍රෝබර් සහ ක්ලක්හෝන්:1952).

සංස්කෘතිය සහ මිනිසා අතර පවතින්නේ අවියෝජනීය සබඳතාවකි. ඒ මන්දයත් සංස්කෘතියෙහි නිර්මාපකයා සහ සංස්කෘතියේ ප්‍රධාන වාහකයා මිනිසා වන බැවිනි. එබැවින් සංස්කෘතිය මිනිසාගෙන් සහ සාමාජිය පරිසරයෙන් ව්‍යුක්තව තේරුම් ගත නොහැක. සංස්කෘතිය මිනිසා විසින් නිර්මාණය කරන ලද්දක් වන බැවින් සංස්කෘතියෙහි සංරචක සහ මානවයා අතර පවතින්නේ ද අවියෝජනීය සබැඳියාවකි. තවද මානව දිවිය සහ සංස්කෘතිය අතර පවතින සහසම්බන්ධතාවය ඉන් නිරූපණය වේ. “සංස්කෘතිය හෝ සභ්‍යත්වය යනු, ඇදහිලි, කලා, නීති රීති, සදාචාර, සිරිත් විරිත්, සමාජයේ ජීවත් වන පුද්ගලයෙකු ලෙස ලබාගත් අනෙකුත් කුමන ආකාරයේ හෝ පුරුදු, හැකියාවන් ඇතුළු සංකීර්ණ සමස්ථය යි ”(ටයිලර්:1971). මිනිසාසාමාජීය වශයෙන් ලබා ගන්නා සියලුම අංගයන්, හුරු පුරුදු, ආකල්ප, සිරිත් විරිත්, ආගම, සෞන්දර්්‍ය ආදි තවත් බොහෝ දෑ සංස්කෘතිය නම් වු ප්‍රපංචයේ සංරකයන් වෙති. එබැවින් සංස්කෘතිය වටහා ගැනීම තුළින් මානව සමාජය පිළිබඳව පුළුල් වූ අවබෝධයක් ලබා ගත හැකිය. “සංස්කෘතිය යනු, සමාජයක හෝ සමාජ කණ්ඩායමක ලක්ෂණ පෙන්වන ආවේණික වූ ආත්මික, භෞතික, බුද්ධිමය සහ හැඟීම් ඇතුළු සංකීර්ණ අංගයන්ගෙන් සමන්විත වූ දෙයකි. එයට කලාව සහ අකුරු පමණක් නොව ජීවන ක්‍රමය, මානවයාගේ මූලික අයිතිවාසිකම්, අගයන් සම්ප්‍රදායන් සහ ඇදහිලි ඇතුළත් වෙයි” (සංස්කෘතික ප්‍රතිපත්තිය පිළිබඳ මෙකේසිකෝ සිටි ප්‍රඥප්තිය:1982). සංස්කෘතිය පිළිබඳ පර්යේෂණ සිදු කර ඇති ප්‍රධාන පෙළේ පර්යේෂකයන් සියලුම දෙනාගේ පාහේ සංස්කෘතික නිර්වචනයන් කේන්ද්‍රගත වන්නේ ‘සංස්කෘතිය මිනිසා විසින් සමාජීය බලපෑම මත නිර්මාණය කර ගන්නා ලද උසස් ජීවන රටාවක් ’ යන මූලික අදහස වෙතටයි. එමනිසා මිනිසාගේ සමාජයේ එදිනදා ඔවුනට හමුවන දෑ සංස්කෘතිය තුළින් නිරූපණය වන්නට විය. “ඕනෑම සංස්කෘතියක් තුළින් විවිධ අංගෝපාංග නිර්මාණය වේ. ඒ අනුව භාෂාව, ආගම, අනන්‍යතාවය, ජාතිකත්වය, සිරිත් විරිත්, ගති පැවතුම්, පුරුෂාර්ථ, කලා නිමැවුම්, සෞන්දර්්‍ය නිර්මාණ, පරිසරය, ස්මාරක හා ගෘහ නිර්මාණ යනාදියෙහි සමස්තය සංස්කෘතිය නැමති සංකල්පය සඳහා විවිධ අරුත් සම්පාදනය කරයි” (අමාලි:2018).

සංස්කෘතියේ සංරචක අතර මිනිසා විසින් සිය රසවින්දනය උදෙසා නිර්මාණය කරගන්නා ලද කලාවට අද්විතිය ස්ථානයක් හිමි වෙයි. තවද වර්තමානය තෙක් සංස්කෘතික පරිණාමය මත, එම කලාවන් ද පරිණාමය වෙමින් නූතනය දක්වා පැමිණ ඇත්තේ ය. එසේම කිසියම් සමාජ පද්ධතියක සංස්කෘතිය නිරූපණය කිරීමට සහ ඒ පිළිබඳ ග්‍රාහකයාට දැනුම සන්නිවේදනය කිරීම ‘කලාව’ ට හැකි වන්නේ ය. “කලා කෘතීන්, සමාජ ක්‍රමය, චර්යා ධර්ම සහ වත්පිළිවෙත්, ආගම් ධර්ම යනාදියෙන් සංස්කෘතිය විදහා දැක්වෙයි” (එලියට්:1962). 

කලාව මිනිසා විසින්ම නිර්මාණය කරගන්නා ලද සංස්කෘතික සංරචකයක් වන අතර, කලාව තුළින් විද්‍යාමන වන්නේ ද මිනිසාගේ හෝ සමාජ කණ්ඩායමක් තුළ පැවති අපේක්ෂාවන් සහ අවශ්‍යතාවයන් ය. ඒ බව මහාචාර්ය ආරියරත්න ඇතුලයන් නූතන රංග භූමිය කෘතියේ දී දක්වන්නේ මෙසේ ය; “මිනිසා සතු කලාත්මක උරුමය මානව ස්වාභාවිකත්වයේම නිෂ්පත්තියකි. කලාව  විශ්ව ක්‍රියාදාමයක් වන්නේ ද එබැවිනි. කලාව යන වදන ලතින් භාෂාවෙන් නිර්මාණය වූවක් වන අතර එහි මුල් තේරුම ‘කුසලතා හා ශිල්පීය’ යන්න යි. කලාව යන්නෙහි සරල වචනාර්ථය එසේ වුවත් කලාව මානව අධ්‍යයන විෂය කේෂත්‍රයේ පෘථුල පරිධියක් ආවරණය කරයි.” කලාව මානව අධ්‍යයන විෂය පථය අධ්‍යයනය කිරීම උදෙසා වඩාත් සුදුසුම ප්‍රවේශයක් වන බැවින් එම කලාව තුළ පවතින වචන, රූප, ශබ්ද වූ ත්‍රිවිධ ආකාරයන් තුළින් මානව සමාජය තුළ පවතින ආගමික, දේශපාලනික, ආර්ථික යනාදි බොහෝ සාමාජීය අංගයන් වෙත ප්‍රවේශ වීමේ හැකියාව පවතින්නේ ය.

එම කලාවේ පැවති වචන තුළින් නිර්මාණය වූ සාහිත්‍යය කලාවේ එක් නිරූපණ අවස්ථාවක් වන අතර ආදි යුගයේ පටන් වාචිකව පැවති සාහිත්‍යය පසුකාලීනව ග්‍රන්ථකරණය හරහා සංස්කෘතිය වෙත පැමිණෙන්ට වූ අතර සාහිත්‍යය අධ්‍යයනය තුළින් ද කිසියම් හෝ ප්‍රදේශයක, යුගයක සංස්කෘතික ලක්ෂණ පිළිබඳ පෘථුල අවබෝධයක් ලබා ගත හැක්කේ ය. එබැවින් සාහිත්‍යය අධ්‍යයනය තුළින් ලැබෙන්නා වූ දත්තයන් මත දේශීය සහ විදේශීය වශයෙන් කිසියම් වූ කාල සීමාවක සමාජ පරිසරය පිළිබඳ මනා වූ තොරතුරු සමූහයක් වෙත පිවිසිය හැකි වන්නේ ය. ‘තොරතුරු, අධ්‍යාපනය, විනෝදාස්වාදය හා අභිප්‍රේරණ කාර්යය උදෙසා සාහිත්‍යය රචනා වී ඇති ආකාරය අනුව එකී සාහිත්‍යය යුගයන්හි පැවති සමාජ, ආර්ථික, දේශපාලන ලක්ෂණ ප්‍රකට කෙරේ’ (අමාලි:2016). සංස්කෘතික සන්නිවේදන විෂය පථයේ දී සංස්කෘතිය නිරූපණය වන අවස්ථාවක් බවට සාහිත්‍යය පත් වන අතර, සාහිත්‍යය මගින් පුළුල් සංස්කෘතික දැනුමක් ග්‍රාහකයා වෙත ලබා ගත හැකි වන්නේ ය. සාහිත්‍යය මගින් කිසියම් කාල සීමාවක දී යම් තොරතුරක් හෝ පණිවිඩයක් ඉලක්කගත ග්‍රාහක පිරිසකට සන්නිවේදනය කිරීමට උත්සහ ගත් අතර, එය සන්නිවේදනාත්මක කාර්යයකි. එබැවින් සාහිත්‍යය මගින් සන්නිවේදනය වන තොරතුරු මත පදනම්ව සංස්කෘතික ගති ලක්ෂණ මැනවින් හඳුනාගත හැකි වන්නේ ය.

‘සංස්කෘතිය සන්නිවේදනය යි’ (විලියම්ස්:1960). සංස්කෘතිය මගින් දේශපාලන, ආර්ථික, සමාජීය කරුණු නිරූපණය කරනු ලැබීම නිසා සංස්කෘතිය යනු, සන්නිවේදන කාර්යයකි. ‘දෙපාර්ශවයක් අතර එක හා සමාන මානසික තත්ත්වයක් ඇති වන්නේ නම් එය සන්නිවේදනය යි’ (ශ්‍රාම්:1982). පුද්ගලයින් දෙදෙනෙකු අතර මෙන්ම පුද්ගල කණ්ඩායම් අතර එක හා සමාන මානසික තත්ත්වයක් ඇති වන්නේ ඔවුන් එක හා සමාන සංජානනයක් ලැබූ විට දී ය. එවිට සන්නිවේදකයා සහ ග්‍රාහකයා අතර මනා වැටහීමකින් යුතුව, එක හා සමාන අත්දැකීම් පරිසරයක් තුළ යහපත් සන්නිවේදන කාර්යයක නියැළීමට හැකි ය. ඒ අනුව පුද්ගලයින් දෙදෙනෙකු හෝ කණ්ඩායමක් අතර එක සංදේශයක් පිළිබඳව සමාන තේරුම් ගැනීමක් ඇති වීමට නම්, එම ප්‍රජාවන් අතර පවතින අත්දැකීම්, අධ්‍යාපනය සහ සංස්කෘතිය යන සාධක එක හා සමාන විය යුතුය. විල්බර් ශ්‍රාම් දක්වන සන්නිවේදන ආකෘතියට පර්යේෂණ ගැටලුව ආදේශ කිරීමේ දී ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා විසින් කතෝලික ජනතාවගේ  සමාජ පරිසරය නිසියාකාරව වටහා ගැනීම නිසා එතුමාට සිය සන්නිවේදන කාර්යය වඩාත් සාර්ථක කර ගැනීමට හැකි විය. එබැවින් ගොන්සාල්වෙස් පියතුමාගේ ධර්මදූත ව්‍යාපාරය සාර්ථක වීමෙහිලා එතුමා භාවිතයට ගත් සන්නිවේදන ආකෘතීන් සුවිශාල දායකත්වයක් සපයනු ලැබීය.

තවද සන්නිවේදන කාර්යයේ දි පුද්ගලයින් දෙදෙනෙකු අතර එක හා සමාන මානසික තත්ත්වයක් ඇති කිරීම පිණිස හේතු වන්නේ අදාළ සංදේශය යි. සන්නිවේදකයා සහ ග්‍රාහකයා අතර සම්බන්ධය ගොඩනංවනු ලබන ප්‍රධාන සාධකය වන අතරම, ‘සංදේශය හෙවත් පණිවිඩය යනු සන්නිවේදන ක්‍රියාවලියේ දී සම්පූර්ණ විය යුතු ලක්ෂණ තුනෙන් එකකි’ (රාජපක්ෂ:2104). සංදේශය මූලික වශයෙන් සන්නිවේදනයේ අරමුණු වන තොරතුරු සම්පාදනය, විනෝදාස්වාදය ලබා දීම, අධ්‍යාපනය සහ පෙළඹවීම යන සිව් වැදෑරුම් කරුණු ග්‍රාහකයා වෙත ගෙන යනු ලබයි. එහිදි පෙළඹවීම සන්නිවේදනයේ ප්‍රධාන අරමුණකි. ‘මහජනතාව නොයෙකුත් සමාජීය, සංස්කෘතික හා දේශපාලන, ආර්ථික අවශ්‍යතා කෙරෙහි මහජනතාව පොළඹවා ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වීම ජනමාධ්‍යයේ පුළුල් මෙන්ම අතිශය සියුම් ලෙස ක්‍රියාත්මක කෙරෙන කාර්යයකි’ (ජිනදාස:2015). ඒ අනුව ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමාගේ කාර්යාවලිය පර්යේෂණයට ලක් කිරීමේ දී පෙනී යන්නේ පෙළඹවීම නැමති සාධකය එතුමාගේ ග්‍රන්ථ මගින් නිරූපණය වන බවයි. එබැවින් ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා අනුගමනය කළ පුළුල් සන්නිවේදන ව්‍යාපාරය පිළිබඳ අධ්‍යයනය කිරීම මෙම පර්යේෂණයේ දී සිදු කෙරේ.

 ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමාගේ ග්‍රන්ථ තුළින් මතුවන දේශීය සංස්කෘතික සන්නිවේදන ලක්ෂණ තුළින් එවකට එනම්, ලන්දේසී පාලන සමය තුළ දී මෙරට පැවති දේශීය සංස්කෘතික සහ සන්නිවේදන ලක්ෂණ පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා ගත හැකි බව . තවද ඉහත දී දැක්වු ආකාරයට සාහිත්‍යය තුළින් සංස්කෘතිය නිරූපණය වන බැවින් උක්ත පර්යේෂණයේ දී එවකට ශ්‍රී ලංකාවේ පැවති දේශීය සංස්කෘතික සහ සන්නිවේදන ලක්ෂණ හඳුනාගත හැකි වන්නේ ය. ඒ මන්දයත් සංස්කෘතිය සහ සාහිත්‍යය අතර පවතින අවියෝජනීය සම්බන්ධතාව තුළින් උක්ත පර්යේෂණ මාතෘකාව පර්යේෂණයට ලක් කළ හැකි නිසාය.

සංස්කෘතික සන්නිවේදන විෂය ක්ෂේත්‍රය යටතේ  ආගමික සන්නිවේදනයට විශේෂිතව මෙම පර්යේෂණය සිදු කෙරේ. එහිදි පර්යේෂණ මාතෘකාවට ප්‍රස්තුතය වූයේ  රෝමානු කතෝලික පියතුමෙකු වන ඉන්දියානු ජාතික, කොණ්කණි බ්‍රහ්ම වංශිකගෞරවනීය ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමාගේ සාහිත්‍යය සේවාව යි. ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා විසින් ලන්දේසී පාලන සමයේ දී මෙරටට පැමිණ, සිංහල භාෂාව හදාරා ශ්‍රී ලාංකේය කතෝලික සාහිත්‍යයේ දියුණුව උදෙසා සාහිත්‍යකරණයේ නියැලුණු අතර ක්‍රි.ව. 1676 සිට ක්‍රි.ව. 1742 දක්වා කාලයේ දී එකි සාහිත්‍යයකරණය සිදු විය. ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමන් විසින් රචනය කරන ලද සාහිත්‍යය ග්‍රන්ථයන් පසුකාලීන පර්යේෂකයන් විසින් කොටස් තුනකට බෙදා වෙන් කොට දක්වයි. නමුත් එම වර්ගීකරණය තුළ ද පරස්පරතා ඇති බව පර්යේෂණයේ දී පෙනී යයි. එනම්, සුනිල් ආරියරත්නයන් විසින් ගද්‍ය කෘති, පද්‍ය කෘති සහ ගීත ප්‍රබන්ධ ලෙස එම වර්ගීකරණය පෙන්වා දෙන අතරම, ඇන්තනි ප්‍රනාන්දුපුල්ලේ පියතුමා පෙන්වා දෙන්නේ ගද්‍ය කෘති, පද්‍ය කෘති සහ නාට්‍ය යන තෙවැදෑරුම් වර්ගයන් ය.

කෙසේ නමුත් එම සියලුම වර්ගීකරණයන්ට යටත්ව ගොන්සාල්වෙස් පියතුමාගේ සමස්ත සාහිත්‍යය ග්‍රන්ථ සංඛ්‍යාව හතළිස් දෙකක් වන අතර, ඉන් විසි දෙකක් සිංහල භාෂාවෙන් ද පහළොවක් දෙමළ භාෂාවෙන් ද හයක් පෘතුගීසි භාෂාවෙන් ද ඕලන්ද භාෂාවෙන් එක් කෘතියක් ද වෙති. තවද ගොන්සාල්වෙස් පියතුමා විසින් ධර්ම ග්‍රන්ථවලට අමතරව ශබ්දකෝෂ කිහිපයක් ද නිර්මාණය කර ඇති අතර පෘතුගීසී-සිංහල, සිංහල-පෘතුගීසී, දෙමළ-සිංහල ආදී වශයෙන් ඒවා වෙති. තවද එම ශබ්දකෝෂයන් තුළින් ගොන්සාල්වෙස් පියතුමාගේ භාෂා නිපුණත්වය මනාවට නිරූපණය වන ආකාරය පෙනී යන්නේ ය.


ගොන්සාල්වෙස් පියතුමන් විසින් රචිත සිංහල ග්‍රන්ථ නාමාවලිය

 

1. දේව වේද පුරාණය

2. අඥාන ඖෂධය

3. භේදකාරයින්ගේ තර්කය

4. දේව වේද සංක්ෂේපය

5. ක්‍රිස්තියානි පල්ලිය

6. ඥානාංජනය

7. ප්‍රාතිහාර්්‍යාවලිය

8. වේද කාව්‍ය

9. ආනන්ද කලිප්පුව

10. සුකෘත දර්පණය

11. මංගල ගීතය

12. බුද්ධ බණ ප්‍රත්‍යක්ෂය

13. දේව නීති විසර්ජනය

14. සුවිශේෂ විසාධනය

15. දුක්ප්‍රාප්ති ප්‍රසංගය

16. ධර්මෝද්‍යානය

17. දේව පරිහාරිය

18. පසන් පොත

19. ලතෝනි පොත

20. දිනෝ භක්තිය

21. පව් පරීක්ෂාව 

මෙම අධ්‍යයනයේ දී ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා විසින් රචනය කරන ලද සිංහල ග්‍රන්ථ විසි දෙකෙන් තෝරාගත් ග්‍රන්ථ පහකට විශේෂිතව පර්යේෂණය සිදු කෙරේ. එබැවින් වේද කාව්‍යය, පසන් පොත, ආනන්ද කලිප්පුව, මංගල ගීතය සහ ලතෝනි පොත ආදි ග්‍රන්ථයෝ මෙම අධ්‍යයනයට සාධකයන් සපයති.

තවද ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා පිළිබඳ අධ්‍යයනය කිරීම කාලීන අවශ්‍යතාවයක් වන අතර එහිදි ගොන්සාල්වෙස් සාහිත්‍යය පිළිබඳ සිදු කර ඇති පර්යේෂණ එම වැදගත්කම උදෙසා හේතුපාදක විය. ගොන්සාල්වෙස් සාහිත්‍යය පිළිබඳ පර්යේෂණ සිදු කර ඇති ප්‍රමුඛ පෙළේ පර්යේෂකයන් රැසක් සිටිති. (එඩ්මන්ඩ් පීරිස්: 1905, දොන් පීටර්: 1991, එම්.එච්. ගුණතිලක: 2001, සුනිල් ආරියරත්න: 2003, විජිත් රොහාන්: 2006, රොමේෂ් නෝනිස්: 2014, ප්‍රනාන්දුපුල්ලේ:2017)

එම පර්යේෂකයන් අතර ගොන්සාල්වෙස් සාහිත්‍යය පිළිබඳ පර්යේෂණ සිදු කළ පුරෝගාමියා ආචාර්ය දොන් පීටර් මාහිමියන් (1991) වන අතර, පීටර් මාහිමියන්ගේ පර්යේෂණ ගොන්සාල්වෙස් සාහිත්‍යය කේන්ද්‍ර කරගනිමින් සිදු වූ පර්යේෂණ විය. තවද පීටර් මාහිමියන් පසුකාලීනව සිදු කළ පර්යේෂණ ග්‍රන්ථ හතරක් මගින් ද (ගොන්සාල්වෙස් පඬිවරයාණෝ:1991, ගොන්සාල්වෙස් පාඨාවලි:2001, ඥානාජනය:1994) අවධානය යොමු කරන්නේ ගොන්සාල්වෙස් සාහිත්‍යය සහ දේශීය සාහිත්‍යය අතර පවතින සම්බන්ධතාව වෙත ය.

එඩ්මන්ඩ් පීරිස් රදගුරුතුමා මුල් කාලීනව ගොන්සාල්වෙස් සාහිත්‍යය පිළිබඳ පර්යේෂණ සිදු කළ පුරෝගාමී විද්වතෙක් වන අතර ‘සිංහල ක්‍රිස්තියානි වංශය’ නැමති පර්යේෂණ ග්‍රන්ථයේ දී ගොන්සාල්වෙස් සාහිත්‍යය අරඹයා දක්වන්නේ සිංහල සාහිත්‍යයට පමණක් නොව, සිංහල නාට්‍ය අරඹයා ද ගොන්සාල්වෙස් සාහිත්‍යයේ අභාෂාය පවතින බවයි. තවද ගොන්සාල්වෙස් සාහිත්‍යය අරඹයා මෙතෙක් සිදු වී ඇති පර්යේෂණ අතුරින් මහාචාර්ය එම්.එච්.ගුණතිලකයන් ගොන්සාල්වෙස් සාහිත්‍යයේ ආභාෂය අනුව මෙරට ස්ථාපනය වූ නාට්‍ය කලාව පිළිබඳ ‘සිංහල නාඩගම් හා දමිළ කූත්තු’ පර්යේෂණ ග්‍රන්ථයේ දී සිය නිගමනයන් ඉදිරිපත් කරයි. තවද ගොන්සාල්වෙස් සාහිත්‍යය පිළිබඳව සිදු කෙරී ඇති පර්යේෂණ අතරින් මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ පර්යේෂණ කේන්ද්‍රගත වන්නේ ගොන්සාල්වෙස් සාහිත්‍යය තුළින් පෝෂණය වූ දේශීය සංගීතය සහ නාට්‍ය කලාව අරඹයා ය. ආචාර්ය ඇන්තනී ප්‍රනාන්දුපුල්ලේ පියතුමන් විසින් සිය ආචාර්ය උපාධිය සඳහා ඉදිරිපත් කරන පර්යේෂණය අද වන විට ගොන්සාල්වෙස් සාහිත්‍යය පිළිබඳව කෙරී ඇති සුවිශේෂම අධ්‍යයනය වශයෙන් සැලකිය හැකි අතර, ගොන්සාල්වෙස් පියතුමන්ගේ සාහිත්‍යය ව්‍යාපාරය පිළිබඳව වැදගත් නිගමනයන් ඒ තුළින් මතු කරලීමට ඔහු සමත් වී ඇත. ඒ හා සමගාමීව පර්යේෂකයන් විසින් විවිධ වූ කාල පරාසයන් තුළ දී ගොන්සාල්වෙස් සාහිත්‍යය පිළිබඳව මූලික අවධානය යොමු කර ඇතත්, ගොන්සාල්වෙස් පියතුමාගේ ග්‍රන්ථ තුළින් මතු වන දේශීය සංස්කෘතික නිරූපණය සහ සන්නිවේදන ව්‍යාපාරය සහ ඒ ආශ්‍රීත පර්යේෂණ හිඩැසක් පවති. එබැවින් එම පර්යේෂණ හිඩැස අරඹයා මාගේ පර්යේෂය සිදු කිරීමට අපේක්ෂා කරමි.

තවද ඒ තුළින් එවකට ශ්‍රී ලංකාවේ පැවති දේශීය ජන සිරිත්, විශ්වාස, ඇදහිලි ක්‍රම, දේශපාලන තොරතුරු වැනි සංස්කෘතික ලක්ෂණ මෙන්ම ගොන්සාල්වෙස් පියතුමාගේ සන්නිවේදන ප්‍රතිභාව මෙම පර්යේෂණය තුළින් අධ්‍යයනය කිරීමට බලපොරොත්තු වෙමි.



Thursday, 1 June 2023

ජනසන්නිවේදන මහගෙදර - කැලණිය විශ්වවිද්‍යාලය


ප්‍රඥාවෙන් පාරිශුද්ධත්වයට පත් වීම ආදර්ශ පාඨය කරගත් කැලණිය විශ්ව විද්‍යාලය එකළ විසූ ශ්‍රේෂ්ඨ පැවිදි පඩි රුවනක් වන රත්මලානේ ශ්‍රී ධර්මාලෝක ස්වාමින් වහන්සේ විසින් විද්‍යාලංකාර මහ පිරිවෙණ ලෙස ආරම්භ කරන ලදී.එකළ පැවති ප්‍රධාන පිරිවෙණ් ආයතන ත්‍රිත්වය එනම්,

* විද්‍යෝදය පිරිවෙණ

*විද්‍යාලංකාර පිරිවෙණ

*රත්මලානේ පරමධම්මචේතිය පිරිවෙණ 

අතර ප්‍රභල පිරිවෙණක් ලෙස බැබළීමට විද්‍යාලංකාර පිරිවෙණට හැකිවිය.

ඉන් අනතුරුව 1959 ජනවාරි 01 සිට ශ්‍රී ලංකා විද්‍යාලංකාර විශ්ව විද්‍යාලය ලෙස නම් කෙරුණි.ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ විද්‍යාලංකාර මණ්ඩපය ලෙස නම් වූ මෙම සරසවිය පසුව 1978 වසරේ අංක 16 දරණ පනත මගින් කැලණිය විශ්ව විද්‍යාලය-ශ්‍රී ලංකාව ලෙස නම් විය.  

දුරාතීතයේ පටන් සංදේශ කාව්‍යයන්ගෙන් පවා වර්ණනා වී ඇති කැලණි ගං මිටියාවතේ පිහිටා ඇති මෙරට සන්නිවේදකයන් බිහි කිරීමෙහිලා කලාවේ මහ උල්පත ලෙසින් සැලකෙන කැලණිය විශ්ව විද්‍යාලයට ලාංකේය සරසවි අතර හිමිවන්නේ හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.මෙම කතාවට මුල පිරෙන්නේ මීට වර්ෂ ගණනාවකට එපිටිනි. ඒ  හැත්තෑව දශකයයි.එකල මෙරට වාතාවරණය එතරම් සුභදායී නොවුණි.රැකියා විරහිත තරුණ තරුණියන් රජයට විරුද්ධව අරගල කරන්නට විය.මේ නිසාම වෘත්තීන් අරමුණු කරගත් එනම් වෘත්තියාභිමුඛ්‍ය පාඨමාලා සහ විෂයන් මෙරට විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත් කිරීමට එකළ පාලකයෝ ක්‍රියා කළහ.එකළ අධ්‍යාපන අමාත්‍යවරයා වූ ඊරියගොල්ල මහතා සහ ආචාර්‍ය එඩ්වින් ආරියදාසයන්ගේ මැදිහත් වීමෙන් ලංකාවට මාධ්‍ය අධ්‍යන විෂය හදුන්වා දුනි.


කලකට පසුව 1973 දී කැලණිය විශ්ව විද්‍යාලයට Mass Communication නම් නව විෂය පැමිණියේය.එම විෂයේ ආගමනයත් සමග මෙම ඉංග්‍රීසි වචනයට සුදුසු සිංහල වචනයක් ලාංකේය සිංහල උගතුන් නිර්මාණය කරන ලදී.එම වචනය නම් "ජන සන්නිවේදනය" යි.ජන සන්නිවේදන අධ්‍යනාංශය නමින් නව අධ්‍යන අංශයක් කැලණි සරසවියේදී ඇරඹුණි.

ප්‍රධාන වශයෙන් අභ්‍යන්තර කථිකාචාර්‍යවරු දෙදෙනෙකුගෙන් හා බාහිර කථිකාචාර්‍යවරුන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් විද්‍යාර්ථයින්ට දැනුම ලැබුණි.අද වර්තමානය වන විට ජාත්‍යන්තර කීර්තිය දිනා ඇති මහාචාර්‍ය විමල් දිසානායකයන් සහ මෙරට ජේෂ්ඨතම මහාචාර්‍යවරයෙකු වන සුනන්ද මහේන්ද්‍රයන් එකී ජන සන්නිවේදන අධ්‍යනාංශයේ ප්‍රථම අභ්‍යන්තර කථිකාචාර්යවරු විය.බාහිර කථිකාචාර්‍යවරුන් වශයෙන් 

* ආචාර්‍ය එඩ්වින් ආරියදාස

* කේ.ජයතිලක

* ඩී.බී.නිහාල්සිංහ

* ඩබ්.ඩී.අමරදේව 

යන විවිධ විෂය ක්ෂේත්‍රයන්හි ප්‍රාමාණිකයින් විද්වතුන් මෙහි ඉගැන්වීම් කටයුතුවල යෙදුනහ.සිංහල,දමිළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම ඇරඹි මෙම අධ්‍යනාංශයේ වර්තමානය වන විට ක්‍රියාත්මක වන්නේ සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය ද්විත්වය පමණි.

ශ්‍රී ලාංකේය විශ්ව විද්‍යාල සංස්කෘතියේ ප්‍රථම සහ එකම මාධ්‍ය උලෙළ වන "සංජනනී" මාධ්‍ය උලෙළ කැලණිය සරසවියෙන් බිහිවූවකි.එමෙන්ම විවාද තරගාවලි සහ නොයෙක් අංශයන්හි තරග තුළින් මෙරට විශ්ව විද්‍යාල පද්ධතියේ සුවිශේෂී ස්ථානයක් හිමි කර ගැනීමට කැලණිය විශ්ව විද්‍යාලය සමත් විය.

 අද වන විට දස දිග පුරා විසිරී පැතිරී සිටින සන්නිවේදකයන් බොහෝමයක් කැලණි සරසවියේ විද්‍යාර්ථයින් වීම විශේෂත්වයකි.ඒ අතර රූපවාහිනී ගුවන්විදුලි නිවේදකයන්,පිටපත් රචකයින්,සිනමා අධ්‍යක්ෂකවරුන්,මාධ්‍ය වැඩසටහන් නිෂ්පාදකවරුන් ප්‍රධාන වේ.

මෙලෙසින් ජන සන්නිවේදන අධ්‍යනාංශයෙන් සිදු වන මහගු මෙහෙවර කියා නිමකළ නොහැකිය.සරසවිය වැඩ වෙසෙන කැලණි සරසවියේ සොදුරු සන්නිවේදයන් තනන ජන සන්නිවේදන අධ්‍යනාංශයට තවත් චිරාත් කාළයක් දෙස් විදෙස් පතල කීර්තිමත් සන්නිවේදකයින් බිහි කරන්නට ලැබේවායි ඉති සිතින් ප්‍රාර්ථනා කරමු.


සිනෙත් දින්සර

13 කලා

සාන්ත ජෝසප් විදුහල, නුගේගොඩ 



Friday, 19 May 2023

 


මාර්ගගත අධ්‍යාපනය හමුවේ පවතින අභියෝගයන් සඳහා ප්‍රතිකාර සැලැස්මක්


සමස්ත ගෝලීය ගමන් මඟ වෙනස් කිරීම උදෙසා 2019 කොරෝනා වසංගත තත්ත්වය පුරෝගාමී වූයේ ඇතැම් සමාජ සංස්ථාවන්හි පැවති සාම්ප්‍රදායික රටාවන් ද නූතනත්වයට ගැළපෙන ආකාරයෙන් යාවත්කාලීන කරවමිනි. මානව ශරීරයට බලපෑම්කාරී වෛරසයක් වූ කොවිඩ් 19 වෛරසය විසින් සමාජ, ආර්ථික, දේශපාලන සහ සංස්කෘතික වශයෙන් විප්ලවයක් හෙවත් පෙරළියක් සිදු කිරීමට සමත් වූයේ මානව ශරීරයට සිදු කළ බලපෑමට වඩා ප්‍රබල ආකාරයෙනි. පැවති ආර්ථික සම්ප්‍රාදයන්, දේශපාලන සම්ප්‍රදායන්, ආර්ථික සම්ප්‍රදායන් සහ සංස්කෘතික සම්ප්‍රදායන් පුළුල් පරිවර්තනයන්ට ලක් කිරීමට ගෝලීය කොරෝනා වසංගතය බලපෑම්කාරී සාධකයක් වූයේ ය. ඒ අතුරින් අධ්‍යාපනික ක්‍රියාවලියට සිදු කරන ලද බලපෑම කෙරෙහි මෙම අධ්‍යයනයේ දී මූලික අවධානය යොමු විය.

ගෝලීය කොරෝනා වසංගත තත්ත්වය පෙර පාසල් අධ්‍යාපනය, පාසල් අධ්‍යාපනය, විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය දක්වා වූ අධ්‍යාපන ක්ෂේත්‍රයන් කෙරෙහි ප්‍රබල බලපෑමක් සිදු කරන ලදි. මේ සඳහා බලපෑ ප්‍රධාන සාධකය වූයේ කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ඇති වූ සමාජ දුරස්ථභාවය හමුවේ සාම්ප්‍රදායික ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේදයන්ට ප්‍රවේශ වීම සඳහා පැවති ඉඩකඩ ඇහිරී යාමයි. එබැවින් සාම්ප්‍රදායික සහ භෞතික ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියෙන් බැහැර ව දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදයන් කරා යොමු වීමට ගෝලීය ප්‍රජාවට සිදු විය. දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදයේ දී මාර්ගගත අධ්‍යාපන විධික්‍රමය වෙත ප්‍රවේශ වීම සිදු විය. පැවති සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගත වෙමින් ගුරුභවතුන් සහ සිසුන් භෞතික වශයෙන් පාසල වෙත නොගෙන්වා එනම්, අතත්‍ය සන්නිවේදන මාධ්‍යයන් තුළින් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය වෙත ප්‍රවේශ විය. තවද ශ්‍රී ලාංකේය සන්දර්භයට විශේෂිත ව සළකා බලන විට ගුරුභවතුන් සහ ශිෂ්‍යයන් ඩෙක්ස්ටෝප් පරිගණක සහ ලැප්ටොප් පරිගණක භාවිත කරමින් මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය වෙත ප්‍රවේශ විය. මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට ප්‍රවේශ වීම සඳහා ශ්‍රී ලංකාවේ සමස්ත පාසල් පද්ධතිය ක්‍රියා කරන ලදි. මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට ප්‍රවේශ වීමේ දී විවිධ වූ අභියෝගයන්ට සහ ගැටලුකාරී තත්ත්වයන්ට පාසල් ප්‍රජාවට සිදු විය. සමස්ත ශ්‍රී ලංකාව ආවරණය වන පරිදි අන්තර්ජාල සංඥා පද්ධතිය ක්‍රියාත්මක නොවීම, මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා ප්‍රවේශවීමට අවශ්‍ය තාක්ෂණික උපකරණ නොමැති වීම, ගුරුවරුන්ට සහ සිසුන්ට පවතින තාක්ෂණ සාක්ෂරතාව අවම මට්ටමක පැවතීම, ආර්ථිකමය වශයෙන් මතු වන අපහසුතා ආදී ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ශ්‍රී ලාංකේය අධ්‍යාපන සන්දර්භයට ආගන්තුක පරිවර්තනයක් විය. 65%ක් වන වරප්‍රසාද අඩු දරුවන්ට ඉන් ප්‍රයෝජන ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත (ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය සඳහා දුරස්ථ අධ්‍යාපන චක්‍රලේඛය සහ මාර්ගෝපදේශය:2021).

මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය හමුවේ පාසල් ගුරුවරුන්, විදුහල්පතිවරුන්, අධ්‍යාපන උපදේශකයින් ආදී පිරිස් විවිධ වූ ක්‍රමවේදයන් අනුගමනය කරමින් මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේදය සාර්ථක කර ගැනීමට කටයුතු කරන ලදි. ප්‍රාථමික ශ්‍රේණිවල සිට උසස් පෙළ දක්වා වූ සියලු ම අංශ නියෝජනය කරමින් මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ආරම්භ කිරීමට පියවර ගන්නා ලදි. තවද මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේදය සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය රාමුව ද රජය විසින් සකස් කරන ලදි. එම ප්‍රතිපත්ති ප්‍රකාශන බොහෝ ප්‍රමාණයක් තුළ දි මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපදෙස්, විධිවිධාන සහ පවතින ගැටලුකාරී ස්වභාවයන් හඳුන්වා දී තිබුණත් ඒ සඳහා අවශ්‍ය විසදුම් සම්පාදනය කිරීමට එම ප්‍රතිපත්ති ප්‍රකාශන සමත් වී නොතිබුණි.

පාසල් විෂය නිර්දේශයට අනුකූල ව පාසල් අධ්‍යයන වර්ෂයක් තුළ අධ්‍යයන වාරයන් තුනකින් සමන්විත වේ. තවද අධ්‍යයන වර්ෂය අවසානයේ දී එක් එක් විෂයෙන් සිසුවා තුළ සංවර්ධනය කිරීමට අපේක්ෂිත නිපුණතා මට්ටම් පවති. 2019 වසරේ අග භාගයේ දී ආරම්භ වූ ගෝලීය කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මෙම අධ්‍යයන ක්‍රියාදාමය කෙරෙහි ප්‍රබල බලපෑමක් එල්ල වූයේය. මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාදාමය හමුවේ පාසල් සිසුවා තුළ නිපුණතා සංවර්ධනය කිරීමේ දී මතුවන ගැටලු පර්යේෂකයින් විසින් ඉදිරිපත් කරන ලද මුත් එම ගැටලු නිරාකරණය කරගැනීමට අවශ්‍ය ක්‍රියාකාරී මෙන් ම ප්‍රායෝගික සැලැස්මක් සකස් කිරීම කෙරෙහි පර්යේෂකයින්ගේ අවධානය යොමු වූ බවක් හඳුනාගත නොහැකි විය.

වර්තමාන ශ්‍රී ලාංකේය පාසල් පද්ධතියේ හඳුනාගත හැකි වර්ධනීය ලක්ෂණයක් වශයෙන් දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදයක් වූ මාර්ගගත අධ්‍යාපන ක්‍රමවේදයට මෙරට අධ්‍යාපන රටාව යොමු වීම පෙන්වා දිය හැකිය. ශ්‍රී ලංාකාවේ පාසල් අධ්‍යාපනය මාර්ගගත ක්‍රමවේදයට අනුගත වීම කෙරෙහි බලපෑ මෑතකාලීන සාධකය වූයේ 2019 වර්ෂයේ උද්ගත වූ කොරෝනා වසංගත ව්‍යාප්තිය යි. කොරෝනා වසංගතය හමුවේ පනවන ලද සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව වරින් වර රට වසා දැමීමට තීරණය කරන ලදි. එම තීරණයන් හමුවේ ශ්‍රී ලංකාවේ පාසල් ද වසා දමන ලද්දේ එම සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමිනි. පසුව මතු වූ තත්ත්වය හමුවේ අධ්‍යාපන ක්‍රියාවලිය අඛණ්ඩ ව පවත්වා ගෙන යාමේ අභියෝගයට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුද්ගලයින් මුහුණ දුනි. එම අභියෝගය හමුවේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය මාර්ගගත ක්‍රමයට අනුවර්තනය කිරීමට අධ්‍යාපන ක්ෂේත්‍රයේ පිරිස් විසින් තීරණය කරන ලදි. ‘ගෝලීය කොරෝනා වසංගතය සමඟ පෙර පාසල් අවධියේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සිසු දරුවන්ට සාම්ප්‍රදායික අධ්‍යාපනයට ප්‍රවේශ වීමට ඇති අවස්ථා ඉතාමත් සීමිත වී ඇත’ (ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය සඳහා දුරස්ථ අධ්‍යාපන චක්‍රලේඛය සහ මාර්ගෝපදේශ:2021) ඒ අනුව විශ්වවිද්‍යාල, පාසල් සහ වෙනත් අධ්‍යාපන ආයතන විසින් මාර්ගගත ක්‍රමවේදයට අනුගත වෙමින් අධ්‍යාපන ක්‍රියාවලිය පවත්වා ගෙන යාමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලදි. ඒ අතරින් ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය ද මාර්ගගත ක්‍රමවේදයට අනුව අධ්‍යාපන කටයුතු පවත්වා ගෙන යාමට අවශ්‍ය විධි විධාන සකස් කරන ලදි. ඊට අවශ්‍ය ප්‍රතිපත්ති අධ්‍යාපන අමාත්‍යංශය විසින් ඉදිරිපත් කරන ලදි. අධ්‍යාපන අමාත්‍යංශයේ තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන ශාඛාව විසින් නිකුත් කර තිබුණු ‘මාර්ගගත අධ්‍යාපන මාර්ගෝපදේශ සංග්‍රහය’ (2021) මගින් නිවේදනය කර තිබුණේ පාසල් අධ්‍යාපන ක්‍රමවේදය මාර්ගගත ක්‍රමවේදයට අනුව පවත්වා ගෙන යාමට අවශ්‍ය පරිසරය විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ දෙමාපියන් විසින් සකස් කර දිය යුතු බවයි.

කිසියම් වූ ක්ෂේත්‍රයක් තුළ දී මතුවන ගැටලු නිරාකරණය කිරීම උදෙසා කාර්යමූලික පර්යේෂණ උපයා මාර්ගය භාවිත කිරීම පර්යේෂණ සාහිත්‍යයේ දී හඳුනාගත හැකි විය. තවද අධ්‍යාපනික ක්ෂේත්‍රයේ දී මතු ව ඇති සමකාලීන ගැටලු විද්‍යාත්මක පදනමක සිට නිරාකරණය කරගැනීමට සහ ඒවාට අවශ්‍ය විසඳුම් සහ ක්‍රියාකාරී වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා ක්‍රියාකාරී පර්යේෂණ හෙවත් කාර්යමූලික පර්යේෂණ වඩාත් ඉවහල් වේ. ‘අධ්‍යාපනික කාර්යමූලික පර්යේෂණය පන්ති කාමරයක් තුළ හෝ පාසල් ප්‍රජාව තුළ කෙරෙන විධිමත් පරීක්ෂණ දෙකකින් සමන්විත වේ. එනම්, වෘත්තීය අවලෝකනය සහ පර්යේෂණ පාදක කරගත් ව්‍යවහාර භාවිත කිරීම වේ.’ 

මාර්ගගත පන්තියක් පැවැත්වීම සඳහා ක්‍රියාකාරී සැලැස්ම

1. ඉගෙනුම් ක්‍රියාවලිය මාර්ගගත ක්‍රමවේදයට අනුව සකස් කිරීමේ දී පාසල් සිසුන් ව අදාළ තාක්ෂණික කරුණු සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සිදු කළ යුතුය. මෙහිදි මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට යොදාගන්නා තාක්ෂණික මෘදුකාංගයන් භාවිත කිරීම සම්බන්ධයෙන් පාසල් සිසුවාට ප්‍රායෝගික පුහුණුවක් ලබා දීම සිදු කළ යුතුය.

2. මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා සිසුන් වැඩි ප්‍රතිශතයක් සම්බන්ධ වන්නේ ජංගම දුරකථනය තාක්ෂණික මෙවලම වශයෙන් තෝරා ගනිමිනි. එබැවින් මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ දී ඒ පිළිබඳ ව ගුරුවරයා දැනුම්වත් වී තිබිය යුතුය.

3. මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේදයේ දී වඩාත් ප්‍රතිඵලදායී අධ්‍යාපනයක් උදෙසා ගුරුවරයා විසින් ඪසාැද දබ පහසුකම යටතේ පන්තියට සහභාගී වීම අනිවාර්ය සාධකයක් වේ. මෙය සිසුන්ගේ අවධානය රඳවා ගැනීමට සාර්ථක ක්‍රමවේදයකි.

4. ගුරුවරයා පන්තියට සහභාගී වීමේ ්මාසද දබ පහසුකම යටතේ මාර්ගගත පන්තිය සඳහා සහභාගී නොවිය යුතුය. එසේ පන්තියට සහභාගී වීම ඔස්සේ සිසුවාගේ පාඩමට පවතින අවධානය ගිලිහි යයි. එබැවින් ගුරුවරයා විසින් මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ දී  ඪසාැද දබ පහසුකම භාවිත කිරීම සිදු කළ යුතුය.

5. මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ දී ගුරුවරයා විසින් සිය නිපුණතාව ඉගැන්වීම සඳහා ඡදඇර ඡදසබඑ ඡරුිැබඒඑසදබ භාවිත කිරීම සිදු කළ යුතු වන අතර, එය අදාළ නිපුණතා මට්ටම් සංවර්ධනය කිරීම සඳහා බලපෑම්කාරී සාධකයක් වෙයි.

6. මාර්ගගත පන්තියේ දී ගුරුවරයා විසින් උයසඑැ ඊද්රා ආධාරයෙන් ඉගැන්වීම සිදු කළ යුතුය.

7. මාර්ගගත පන්තිය පැවැත්වීමෙන් පසුව එම මාර්ගගත පන්තිය නැවත නැරඹීමට අවස්ථාව ලබා දීමට මෙන් ම මාර්ගගත පන්තියට සහභාගී නොවූ සිසුන්ට එම පන්තිය නැරඹීමට අවස්ථාව ලබා දෙමින් මාර්ගගත පන්තියේ ඍැජදාසබට ලබා දීම සිදු කළ යුතුය. මෙය නිපුණතා මට්ටම් සංවර්ධනය ඉවහල් වේ.

8. ගුරුවරයා විසින් මාර්ගගත පන්තියේ සාර්ථකත්වය උදෙසා සිය පාඩමට අදාළ වන ආකාරයෙන් ශදම ඔමඉැ භාවිත කිරීම වඩාත් ප්‍රතිඵලදායී වේ. මේ තුළින් නිපුණතාවට සිසුන්ගේ ආකාර්ෂණය දිනා ගැනීමට හැකියාව ලැබීම මෙන් ම සිසුන්ගේ අවධානය දිනා ගැනීමට ද මේ ඔස්සේ හැකියාව ඇත.

9. මාර්ගගත පන්තිය සඳහා සිසුන් සහභාගී වීමේ දී සමීක්ෂණයේ දත්ත විශ්ලේෂණය අනුව පෙනී යන්නේ සිසුන් වැඩි ප්‍රතිශතයක් ඪසාැද දබ  පහසුකම යටතේ පන්තියට සහභාගී වීමට අකමැත්ත දක්වන බවයි. නමුත් මාර්ගගත පන්තිය සඳහා සිසුන් සහභාගී වීමේ දී ඪසාැද දබ පහසුකම ඔස්සේ සිසුවා පන්තියට සහභාගී වීම සිසුවා අධීක්ෂණයට ගත හැකි පියවරකි. එමනිසා මාර්ගගත පන්තියේ දී සිසුවා වරින් වර ඪසාැද දබ කිරීම සිදු කළ යුතුය.

10. මාර්ගගත පන්තිය පවත්වන අවස්ථාවේ දී ගුරුවරයා විසින් දේශනා ක්‍රමවේදයට වඩා මාර්ගගත පන්තිය තුළ දී සටහනක් ලිවීමට සිසුවා පෙළඹවිය යුතුය. තවද මාර්ගගත පන්තියට සහභාගී වීමට පෙර සටහනක් ලිවීමට සිසුවා යොමු කර පන්තිය තුළ දී එය සාකච්ඡා කිරීම ද සිදු කළ හැකිය.

11. මාර්ගගත පන්තිය සඳහා සිසුන් සහභාගී වීමේ දී පන්තිය ශ්‍රවණය සඳහා ීචැ්නැර භාවිත කිරීමට සිසුන් යොමු කළ යුතුය.

12. මාර්ගගත පන්තියේ දී ගුරුවරයා විසින් සිසුවා ඵමඑැ කිරීම සිදු කිරීම සුදුසු නොවේ. නමුත් මාර්ගගත පන්තියට එය බාධාවක් නම් ඵමඑැ කිරීම සිදු කළ යුතුය. තවද මාර්ගගත පන්තියේ දී සිසුන්ට ප්‍රතිපෝෂණය දැක්වීම සඳහා අනිවාර්යයෙන් අවස්ථාව ලබා දිය යුතුය. එසේම සිසුන්ට ප්‍රතිපෝෂණය දැක්වීමට ක්‍ය්එ ඊදං  භාවිත කිරීමට අවස්ථාව සලසා දිය යුතුය.

13. මාර්ගගත ඉතිහාසයක් පන්තියක් පැවැත්වීම සඳහා වඩාත් උචිත ම පළමු කාලය වන්නේ උදෑසන කාලයයි. දෙවනුව සවස් කාලය ද මාර්ගගත පන්තියක් පැවැත්වීමට සුදුසු කාලය වේ.

14. විෂය සඳහා පන්තියක් මාර්ගගත ආකාරයෙන් පැවැත්වීමේ දී, එම පන්තියක් පැය 2-2 1/2 අතර කාලයක් පැවැත්වීම වඩාත් යෝග්‍ය වේ.

15. විෂයේ නිපුණතා සිසුවා තුළ සංවර්ධනය කිරීමේ දී ඉතිහාසය මාර්ගගත පන්තියක් පැවැත්වීමට පෙර සටහන සිසුන් වෙත ලැබීමට සලස්වා, එම සටහන සිසුන් විසින් සටහන් කර ගැනීමෙන් අනතුරු ව සිසුන් සම්බන්ධ කරගනිමින් මාර්ගගත පන්තියක් පැවැත්වීම වඩාත් ප්‍රතිඵලදායක වේ.

16. මාර්ගගත පන්තියක් තුළ දී විෂය තුළ අන්තර්ගත න්‍යායික කරුණු පැහැදිලි කිරීම, ප්‍රශ්නෝත්තර සාකච්ඡා කිරීම සහ සිතියම් අධ්‍යයනය කිරීම වැනි අභ්‍යාසය සිදු කිරීම තුළින් විෂය සඳහා සිසුවාගේ අවධානය රඳවා තබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

17. මාර්ගගත පන්තියක් පැවැත්වීමේ දී  ’දදපල ඵසජරදිදඓ ඔැ්පිල උය්එඑි්චච  යන තාක්ෂණික යෙදවුම් භාවිත කිරීම වඩාත් යෝග්‍ය වේ.

18. විෂයට අදාළ විෂය නිපුණතා සංවර්ධනය කිරීමේ දී සිතියම් අධ්‍යයනය කිරීම සඳහා සිතියම් ඡාf මාධ්‍යයෙන් සිසුන් හට ලබා දී, මාර්ගගත පන්තියේ දී සිසුන් හා සම්බන්ධ වෙමින් සිතියම් අධ්‍යයනය කළ යුතුය.

19. විෂයට අදාළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර සාකච්ඡා කිරීමේ දී සිසුන්ට පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ඡාf මාධ්‍යයෙන් ලබා දී, ප්‍රශ්න පත්‍රය ීය්රු දචඑසදබ යටතේ සිසුන්ට ප්‍රදර්ශනය කරමින් සිසුන්ගෙන් පිළිතුරු ලබා ගැනීමට ගුරුවරයා ක්‍රියා කළ යුතුය.

20. විෂයට අදාළ මාර්ගගත පන්තියක් පැවැත්වීමේ දී අදාළ නිපුණතා මට්ටම්වලට වඩාත් සුදුසු සම්පත් දායකයින් සම්බන්ධ කරගනිමින් මාර්ගගත පන්තිය පැවැත්වීම සිදු කළ යුතුය.

21.මාර්ගගත පන්තියක් පැවැත්වීමේ දී ශිෂ්‍යයා අන්තර්ජාලය ඔස්සේ විෂය කරුණු සෙවීමට යොමු කරමින් ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයට ප්‍රමුඛස්ථානයක් ලබා දිය යුතුය.


මේ ආකාරයට මාර්ගගත අධ්‍යාපන ක්‍රමවේදය වඩාත් සාර්ථක ආකාරයෙන් සිදු කිරීමට නම් ඉහත සඳහන් ආකාරයෙන් ප්‍රතිකාරාත්මක සැලැස්මක් අනුගමනය කළ යුත්තේ ය.


දමිත් සුමේන්ද්‍ර පෙරේරා

පශ්චාද් උපාධි අපේක්ෂක

කැලණිය විශ්වවිද්‍යාලය


Sunday, 16 April 2023

මනෝවිදයාව සහ පාපොච්චාරණය

 මනෝවිද්‍යාත්මක ප්‍රතිකාරයක් වූ සමගි සන්ධානය


මිනිස් ශරීරයේ හටගත් වේදනා ගෙන දෙන ගෙඩියක් සැත්කමක් ඔස්සේ ඉවත් කරමින්, එම පුද්ගලයාට සහනය ගෙන දිය යුතුය. නො එසේ නම් එම ගෙඩිය හේතුකොට ගෙන පුද්ගලයාගේ කය රෝගී වී අවසානයේ මරණයට වුව ද ළඟා විය හැකිය. මිනිස් කය මෙන් ම මිනිස් සිත ද මේ තත්ත්වයට ගොදුරු විය හැක්කේ ය. මිනිසාගේ සිත තුළ හට ගන්නා සිතුවිලි හේතුවෙන් පුද්ගල සිත රෝගී විය හැකිය. ඒ හේතුවෙන් රෝගී තත්ත්වයේ පසුවන සිතෙහි හටගන්නා සිතුවිලි හේතුවෙන් පුද්ගලයා සියදිවි නසා ගැනීමට වුව ද ගමන් කරයි. එබැවින් වෛද්‍යවරයෙකු මිනිස් කයට ප්‍රතිකාර කරන්නා සේ මිනිස් මනසට ප්‍රතිකාර කිරීමට ද උපදේශකයෙකු හෝ මාර්ගෝපදේශකයෙකු සිටිය යුත්තේ ය. සිග්මන් ෆ්‍රොයිඩ් දක්වන ආකාරයට මෙලොව ජීවත් වන පුද්ගලයින් සිය ජීවන කාලයේ දී කිසියම් එක් අවස්ථාවක හෝ මානසික අපහසුතාවකට මුහුණ දෙනු ලබන අතර එවැනි අවස්ථාවල දී පුද්ගලයින්ගේ මානසික සමතුලිතතාවය ඇති කර ගැනීමට පුද්ගලයාගේ මනස කටයුතු කරනු ලබයි. නමුත් ඇතැම් අවස්ථාවල දී මානසික අපහසුතාවන්ට මුහුණ දීමට මනසට ක්‍රියා කිරීම අපහසු වන කල්හි තවත් පාර්ශවයකගේ සහයෝගය පුද්ගලයාට අවශ්‍ය වේ.

මනෝ විද්‍යාවේ දී භාවිත වන භාවිත වන ‘නිදහස් සංඝටන ක්‍රමය’ Free  Association තුළින් මනසට ප්‍රතිකාර කිරීමක් සිදු කරයි. මනෝ විශ්ලේෂණවාදයේ දී භාවිත වන ප්‍රධානත ම මනෝ උපදේශන න්‍යායක් වන නිදහස් සංඝටන ක්‍රමය තුළ දී පුද්ගලයාගේ යටි සිතෙහි තැන්පත් ව සැඟ ව ඇති සිතුවිලි ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දේ. මෙමගින් පුද්ගලයන්ට නොපැකිලි ව තමන්ගේ යටි සිතේ සැඟ ව ඇති අදහස් නිදහසේ තවත් පුද්ගලයෙකු වෙත සන්නිවේදනය කිරීමට හෙවත් ප්‍රකාශ කිරීමට අවස්ථාව උදා වේ. මේ නිසා මනසේ ඇති වේදනාකාරී සිතුවිලිවලින් මිදීමට පුද්ගලයාට අවස්ථාව උදා වන අතර මනසට මේ ඔස්සේ මනසට ලැබෙන්නේ සහනයකි: ප්‍රතිකාරයකි. නිදහස් සංඝටනය තුළින් යටි සිතේ සැඟ ව ඇති දේ තවත් පුද්ගලයෙකු වෙත ප්‍රකාශ කිරීමෙන් අනතුරු ව එම පුද්ගලයාට යටි සිත පිරිසිදු කර ගැනීමට අවස්ථාව උදා වේ. තවද පුද්ගල මනස තුළ තැන්පත් ව ඇති අයහපත් අදහස්වලින් පුද්ගල සිත නිදහස් කර ගැනීමට මෙය මහඟු අවස්ථාවකි. එබැවින් මෙය භාව විමෝචනය වශයෙන් ද මනෝ විද්‍යාව තුළ දී භාවිතයට ගැනෙයි. මෙය මනෝ විද්‍යාවේ දී උපදේශනය ලබා දීමට භාවිත කරනු ලබන ප්‍රධාන උපදේශන ක්‍රමවේදයකි. මෙම ලිපියේ පරමාර්ථය වන්නේ මනෝ විද්‍යාත්මක ප්‍රතිකාරයක් වූ සමගි සන්ධානය හෙවත් පාපොච්චාරණය දේව ප්‍රසාද නිධානය පිළිබඳ ව නව කියවීමක් වෙත යොමු වීමටයි.

ශ්‍රී ලංකාවේ පුද්ගල සිය දිවි නසා ගැනීම් පිළිබඳ බොහෝ තොරතුරු ජනමාධ්‍ය මෙන් ම නවමාධ්‍ය තුළින් නිරන්තරයේ අපට දැන ගැනීමට අවස්ථාව උදා වෙයි. වරින් වර විවිධ වූ හේතු නිසා පුද්ගලයින් සිය දිවි නසා ගැනීමට යොමු වන්නේ පුද්ගල මනස තුළ ඇති කරගන්නා වූ සංවාදයකින් අනතුරුවයි. එබැවින් සිය දිවි නසා ගැනීමට යොමු වන පුද්ගලයාගේ මනසට නිසි ප්‍රතිකාරයක් ලැබෙන්නේ නම් එම ක්ෂණික සිතුවිල්ලෙන් ඔහුට හෝ ඇයට මිදීමට අවස්ථාව උදා වෙනු ඇත. එක් වසරක් තුළ ශ්‍රී ලංකාවේ සිය දිවි නසා ගැනීම්වලට යොමු වූ පුද්ගලයින්ගේ විස්තර ආශ්‍රයෙන් ඔවුන්ගේ ආගම පිළිබඳ පර්යේෂණයක් සිදු කළහොත් ඔවුන්ගේ ආගම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට අවස්ථාව අපට අවස්ථාව හිමිවනු ඇත. ඒ අතරින් වාර්ෂික ව කතෝලික බැතිමතුන් කොපමණ සංඛ්‍යාවක් සිය දිවි නසා ගැනීම් සඳහා යොමු වී පවතිනවා ද? යන්න සොයා බැලිය යුතුය. ඉන් එක් පුද්ගයෙකුගේ ජීවිත කතාව ඔස්සේ ඔහු හෝ ඇය සමගි සන්ධාන සක්‍රමේන්තුව කොපමණ වාරයක් ලබාගෙන පවතිනවා ද? යන්න සොයා බැලිය යුතුය. සිය දිවි නසා ගැනීමට යොමු වූ පුද්ගලයා සිය දිවි නසා ගැනීමට යොමූ වීමට බලපෑ හේතු කාරණා පිළිබඳ ව අධ්‍යයනය කළ යුතුය. බොහෝ අවස්ථාවල දී පුද්ගලයාගේ සිතෙහි ඇති වන කිසියම් වේදනාකාරී හැඟීමක් තවත් අයෙකු සමඟ බෙදා ගැනීමට ඇති නොහැකියාව හමුවේ සිය දිවි නසා ගැනීමට යොමු වීම එකම ප්‍රතිකර්මය බව ඔහුට හෝ ඇයට වැටහේ. එවන් පරිසරයක් තුළ එම සිය දිවි නසා ගැනීමට බලපෑ හේතුවලට සමගි සන්ධානය ප්‍රසාද නිධානය මගින් කොතරම් දුරට සහනයක් හිමි කර ගැනීමට හැකියාව පවතින්නේ දැයි අප අධ්‍යයනය කළ යුතුය. මෙම ලිපියේ දී රචකයා විසින් පෙන්වා දීමට වෙර දරන්නේ පුද්ගල මනසට මානසික ප්‍රතිකාරයක් ලබා ගැනීමට සමගි සන්ධානය ප්‍රසාද නිධානය හේතුවන බවයි. කතෝලික බැතිමතෙකු වශයෙන් මනසට පීඩා ගෙන දෙන සිතුවිලි හමුවේ ගත යුතු ප්‍රධානත ම තීරණය වන්නේ සිය දිවි නසා ගැනීමට යොමු වීම නොව සමගි සන්ධානය සක්‍රමේන්තුව ලබා ගැනීමට යොමු වීමයි. ඒ මේ තුළින් පුද්ගල මනසට මනා වූ ප්‍රතිකාරයක් හිමිවන බැවිනි.

ක්‍රිස්තියානි ධර්මයට අනුව දිවිගෙවන පුද්ගලයෙකුට දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය ලබා ගත හැකි සක්‍රමේන්තු හෙවත් දේව ප්‍රසාද නිධාන හතක් පවති. ප්‍රසාද ස්නාපනය, සමගි සන්ධානය, දිව්‍ය සත්ප්‍රසාදය, අභිවෘද්ධි ආලේපය, ආශිර්වාදකාර බන්ධනය, පූජාත්වරය සහ රෝගීන්ගේ ආලේපය එම ප්‍රසාද නිධාන හත වේ. මේ අතරින් සමගි සන්ධානය ප්‍රසාද නිධානය පාපොච්චාරණය නමින් ද හැඳින්වේ. පාපොච්චාරණය සක්‍රමේන්තුව තුළින් පාපයන් නිසා දෙවියන්ගෙන් දුරස් වූ පුද්ගලයාට සමාව හිමිවන අතර මින් මතු පව් නොකිරීමට අවශ්‍ය ශක්තිය ලබා දේ. මෙම දේව ප්‍රසාද නිධානය තුළින් අප අතින් සිදුවන පාපයන්ට සමාව ලබා ගැනීමට ඉඩ ප්‍රස්තාව සලසා දෙයි. කතෝලික සභා ඉගැන්වීම්වලට අනුව දෙවියන් වහන්සේට විරුද්ධ ව සිදු කරන ලද පාපයන්ට සමාව ලබා ගැනීම උදෙසා පාපොච්චාරණය නැමති සක්‍රමේන්තුව ජේසුස් වහන්සේ විසින් ස්ථාපිත කර ඇත. මෙම සක්‍රමේන්තුව දානය කිරීමේ බලය පැවරෙන්නේ කතෝලික පූජාප්‍රසාදිවරයෙක් හට ය. මෙහිදි පාපොච්චාරණ සක්‍රමේන්තුව ලබා ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයා පූජාප්‍රසාදිවරයෙක් හමු වී නිසි වත්පිළිවෙත්වලට අනුව පාපොච්චාරණ සක්‍රමේන්තුව ලබා ගැනීම සිදු කරයි. තවද පාපොච්චාරණ අපේක්ෂකයා විසින් තමන් විසින් සිදු කරන ලද තමන්ට මතක ඇති පාපයන් පූජාප්‍රසාදිවරයා හමුවේ උච්චාරණය කරයි. පූජාප්‍රසාදිවරයා විසින් අපේක්ෂකයාගේ පාපොච්චාරණයෙන් අනතුරු ව අපේක්ෂකයාට උපදෙස් ලබා දී ඉටු කිරීමට දඬුවමක් ලබා දේ. මෙම අවස්ථාවේ දී ලබා දෙන දඬුවම යාච්ඤාමය දඬුවමකි. මෙම සමගි සන්ධානය සක්‍රමේන්තුව හමුවේ පුද්ගලයාගේ මනස තුළ තැන්පත් ව ඇති පාපයන් පූජාප්‍රසාදිවරයා හමුවේ උච්චාරණය කිරීමට හැකි වේ. මේ තුළින් අදාළ පාපොච්චාරණ අපේක්ෂකයාගේ මනසට සැහැල්ලුවක් හිමිවන අතර, මනසේ පවතින මනසේ පවතින දරාගත නොහැකි හැඟීම්වලට සහනයක් හිමි වේ. මේ ඔස්සේ පුද්ගල මනසට හිමිවන්නේ මානසික සුවයකි. එබැවින් සමගි සන්ධනාය හෙවත් පාපොච්චාරණය එක්තරා ආකාරයකට මනෝවිද්‍යාත්මක ප්‍රතිකාරයකි. කතෝලික බැතිමතුන් සඳහා ම වෙන් වූ මනෝවිද්‍යාත්මක ප්‍රතිකාරයකි. එමනිසා එම මනෝවිද්‍යාත්මක ප්‍රතිකාරය ලබා ගැනීමට සුදුසු පරිසරය සහ ප්‍රතිපත්තිමය රාමුව කතෝලික සභාව විසින් සකස් කොට ඇත්තේ ය.

දමිත් සුමේන්ද්‍ර පෙරේරා

Wednesday, 28 October 2020

 වෙබ් මාධ්‍ය ආචාරධර්ම පිළිබඳ හැරී බැලීමක්

(ඔක්තෝම්බර් 29 දිනට යෙදී ඇති ජාත්‍යන්තර අන්තර්ජාල දිනය නිමිත්තෙන්)

නූතන පුද්ගලයා තුළ පවතින සාක්ෂරතාව විමසීමේ දී ඔහුට හෝ ඇයට අන්තර්ජාල භාවි
ත කිරීමේ හැකියාව පැවතීම ද ඊට අනුගත වේ. ඒ මන්දයත් වර්තමාන සමාජය තොරතුරු මත පදනම් වෙමින් නිර්මාණය සහ ක්‍රියාත්මක වන බැවිනි. එබැවින් ජාත්‍යන්තර අන්තර්ජාල දිනය සමරන අද වැනි දිනක දී අන්තර්ජාලය පිළිබඳව ඔබව දැනුවත් කිරීම අරඹයා මෙම ලිපිය සම්පාදනය කෙරේ. 


1950 දශකය වන විට පරිගණක අතර පාලම් ගොඩනඟමින් කිසියම් වූ ජාලමය ස්වරූපයක් එම පරිගණක පද්ධති අතර ක්‍රියාත්මක විය. අන්තර්ජාලය පිළිබඳව අදහස් දක්වන ජේ්‍ය්ෂ්ඨ කථිකාචාර්ය මනෝජ් ජීනදාස විසින් සිය නව මාධ්‍ය ඉතිහාසය ග්‍රන්ථයේ දී පෙන්වා දෙන්නේ පරිගණකය ආශ්‍රයෙන් එකිනෙකා අතර විශේෂයෙන්ම පර්යේෂණ පදනම් කරගෙන විද්‍යාත්මක තොරතුරු සංසරණයේ ප්‍රතිඵලයක් වශයෙන් අන්තර්ජාලය බිහි වූ බවයි. අන්තර්ජාලය පිළිබඳ ඉතිහාසය අධ්‍යනය කිරීමේ දී මුල් යුගයේ දී අන්තර්ජාලය සඳහා පදනම ලබා දීමට මුල් වූ ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක වූ අතර එහි අග්‍රතම ප්‍රතිඵලය වශයෙන් අන්තර්ජාලය බිහි විය. රැන්ඞ් ව්‍යාපෘතිය 1950, ඩාර්පා ව්‍යාපෘතිය 1962 සහ ආර්පානෙට් ව්‍යාපෘතිය ඒ අතර වේ. තවද මේ අතරින් වඩාත් කතා බහට ලක්වන ව්‍යාපෘතිය වන්නේ ආර්පානෙට් ව්‍යාපෘතියයි. ඇමරිකාවේ මිට් සරසවියේ ලෝරන්ස් රොබට් විසින් මැසවුසෙට් සහ කැලිෆෝනියාවේ පරිගණක දෙකක් මගින් පුළුල් ක්ෂේත්‍රයක් ජාලගතකරණයට ලක් කළේය. විවිධ වූ පුද්ගලයින් රැසකගේ සහ පර්යේෂණ ආයතන රැසකගේ දායකත්වයෙන් බිහි වූ අන්තර්ජාලයේ සේවාව මුල් කාලයේ දී ලබා ගත්තේ පරිගණක විශේෂඥයින්, ඉංජිනේරුවරුන්, විද්‍යාඥයින් සහ පුස්තකාලාධිපතිවරුන් පමණි. පසුකාලීනව ටිම් බර්න්ස් ලී වැනි පර්යේෂකයන්ගේ දායකත්වය නිසා අන්තර්ජාලය නමැති ලෝක ව්‍යාප්ති ජාලයේ සේවාව ලබා ගැනීමට සෑම පුද්ගලයෙකුටම අවස්ථාව සැලසුණි. සංඛ්‍යා ලේඛන අනුව අන්තර්ජාල භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව ලෝක මට්ටමින් වර්ධනය වෙමින් පවති.

අන්තර්ජාල පරිශීලකයන් සංඛ්‍යාව දිනෙන් ඉහළ යෑම වර්ධනීය තත්ත්වයක් වශයෙන් දිස්වූවත් අන්තර්ජාලය භාවිත කිරීමේ දී පරිශීලකයා තුළ පැවතිය යුතු සාක්ෂරතාව පිළිබඳ වර්තමානය වන විට ගැටලු මතුවෙමින් පවති. එසේ ගැටලු මතුවීම අරඹයා බලපාන මූලික සාධකය වන්නේ නෛතිකමය රාමුවක් යටතට ගෙන අන්තර්ජාලය පාලනය කළ නොහැකි වීමයි. එමනිසා අන්තර්ජාලය ප්‍රධාන සංරචකය බවට පත් කරගනිමින් ක්‍රියාත්මක වන සමාජ මාධ්‍යවල ආචාරධර්ම මහත් අර්බුදයකට ලක් ව ඇත. මේ අතරින් සමාජ මාධ්‍ය වර්තමානයේ මහජනතාව අතර වඩාත් කතාබහට ලක් වූ අවස්ථා රාශියක් උත්පාදනය කළේය. අන්තර්ජාලය තුළ පවතින අසීමාන්තික ප්‍රවේශය, වේගවත් තොරතුරු ගලනය, විශාල ග්‍රාහක පිරිසක් එකවර ආමන්ත්‍රණය කිරීමේ හැකියාව සහ ක්ෂණික බව ආදී ලක්ෂණ නිසා සාධනීය සහ නිශේධනීය ප්‍රතිඵල උද්ගත වන්නේ ය.

පසුගිය දිනක සමාජ මාධ්‍යක් වූ මුහුණු පොත හරහා රෝමානු කතෝලික සභාවේ අගරදගුරුවරයා සහ කාදිනල්වරයා වූ මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට මුහුණ දීමට සිදු වූ සිදුවීම අන්තර්ජාලය සඳහා නෛතිකමය රාමුවක් අවැසි බැව් කියා පාන කදිම අවස්ථාවකි. අදාළ අවස්ථාවේ දී එම කාන්තාව විසින් සමාජ මාධ්‍ය වෙත මුදා හැරී වීඩියෝව මුහුණු පොත හරහා විවිධ ගිණුම්වලට සංසරණය විය. මේ තුළින් පෙනී යන්නේ අදාළ කාන්තාවගේ පමණක් නොව මුහුණු පොත භාවිත කරනු ලබන ඇතැම් පරීශීලකයන් තුළ ද මාධ්‍ය සාක්ෂරතාව නොපවතින බවයි. එබැවින් වර්තමානය වන විට අන්තර්ජාලය ප්‍රධාන සංරචකය බවට පත් කරගනිමින් ක්‍රියාත්මක වන සමාජ මාධ්‍ය සඳහා බලාත්මක ආචාරධර්ම පද්ධතියක් අවැසි බව පෙනී යයි. සමාජ මාධ්‍ය තුළ දී පුද්ගලයාට හිමිවන නිදහස නිසා පරිශීලකයාට සිය සිතැඟි සියලුම දේ සමාජ මාධ්‍ය පළ කිරීමට අවස්ථාව හිමි වේ. එවැනි පහසුකම් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වන රටකට ගැලපෙන්නේ ද යන්න මතුවන ගැටලුවකි. උසස් මාධ්‍ය සාක්ෂරතාවක් සහිත සමාජ මාධ්‍ය පරිශීලකයන් විසින් සමාජ මාධ්‍ය භාවිත කිරීම සහ මාධ්‍ය සාක්ෂරතාවක් නොමැති පරිශීලකයින් විසින් සමාජ මාධ්‍ය භාවිත කිරීම අතර විශාල වෙනසක් පවති.

එවැනි සමාජ පසුබිමක් තුළ දී සමාජ මාධ්‍ය උදෙසා බලාත්මක ආචාරධර්ම පද්ධතියක අවශ්‍යතාව වර්තමානයේ මතු වී ඇත. එසේම වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය වැනි සංවිධාන විසින් සම්පාදිත ආචාරධර්ම පද්ධති මහජනතාව අතරට ගෙන යාම අත්‍යවශ්‍ය වේ. තවද අන්තර්ජාලය භාවිත කිරීමේ දී පවතින ක්‍රමවේදයන්ට වඩා විධිමත් ක්‍රමවේදයකට අනුව අන්තර්ජාල ගිණුම් සැකසීම වැනි කාර්යයන් සිදු කිරීම වඩාත් ප්‍රතිඵලදායක වන්නේය. එමනිසා ජාත්‍යන්තර අන්තර්ජාල දිනය සමරන මෙවැනි දිනක දී මහජනතාවගේ සහ අදාළ බලධාරීන්ගේ අවධානය යොමු විය යුත්තේ සමාජ මාධ්‍ය උදෙසා බලාත්මක ආචාරධර්ම පද්ධතියක් නිර්මාණය කිරීම උදෙසායි.

සුමේන්ද්‍ර පෙරේරා


Saturday, 24 October 2020

 අනුකරණය නොකරන්නෙමු. අනුගමනය කරන්නෙමු.

අනුකරණය සහ අනුගමනය පදාර්ථය අතර ඇත්තේ සුළු වෙනසකි. නමුත් එකී පදාර්ථයේ සුළු වෙනස පිළිබඳ පැවතුණු නොවැටහීම නිසා සිදු වූ සමාජ විපර්යාසය සුවිශාල ය. ඇතැම් විටෙක අනුකරණය මෙන් ම අනුගමනය ද යහපත් ප්‍රතිඵල ගෙන දෙන අවස්ථා ඇත. එසේම අනුකරණය සහ අනුගමනය අයහපත් ප්‍රතිඵල ගෙන දෙන අවස්ථා ද ඇත්තේ ය. කොරෝනා වංසගත තත්ත්වය හමුවේ පුරවැසියා විසින් සිදු කළ යුත්තේ අනුගමනය ද අනුකරණය ද ? යන්න තවමත් අප හඳුනාගෙන නොමැති ගැටලුවකි. ගැටලුව ආරම්භයේ දී හඳුනාගනු ලැබුවා නම් කොරෝනා රැළි සිරිලංකාවේ දියඹ යළි සිපගන්නේ නැත.

2020 වසරේ මාර්තු මාසය වන විට හඳුනා ගැනෙන කොරෝනා වංසගත තත්ත්වය හමුවේ සිට රාජ්‍ය පාලනාධිකාරිය විසින් ජනතාව වෙත උපදෙස් දෙන ලද්දේ කොරෝනා වංසගත තත්ත්වයෙන් ආරක්ෂා වීමට පමණි. උපදෙස් පිළිපැදි ජනතාව විසින් කෙටි කාලයකට පමණක් රජය විසින් ලබා දුන්, සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපැද ඒවා අනුගමනය කරන්නට විය. නමුත් අනුගමනය, අනුකරණයක් බවට පත් වීමට ගත වූයේ දින කිහිපයකි. දිවයින පුරා ක්‍රියාත්මක වූ ඇඳිරි නීති තත්ත්වය ලිහිල් වන්නේ මැතිවරණ සමයේ දී ය. එවක් පටන් ශ්‍රී ලාංකිකයා විසින් ලද්දේ නිදහසකි. මාස ගණනක් සිය නිවසට වී දිවි ගෙවූ ජනයාට හිමි වූ නිදහස හමුවේ, ඔවුන් ඇඳිරි සමයේ අනුගමනය කළ නිසි සෞඛ්‍යාරක්ෂිත පුරුදු අනුකරණය කිරීම දක්වා ලඝු කළේ ය. ලිහිල් වූ ඇඳිරි නීතිය යටතේ පුරවැසියා තමන්ගේ දෛනික රැකී රක්ෂා, ආගමික කටයුතු, ප්‍රවාහන කටයුතු, විනෝදය උදෙසා සිදු කරන කටයුතුවල නියැළෙන්නට විය. නිසි සෞඛ්‍යාරක්ෂිත පුරුදු අනුගමනය කිරීමට රජය සහ ජනමාධ්‍ය පුන පුනා මහජනතාව යොමු කරනු ලැබූවත්, මහජනතාව එය අනුගමනය නොව අනුකරණය කරන තත්ත්වයට පත් විය. පිටකොටුව ලංකාවේ මහජනතාව වඩාත් ගැවසෙන කාර්ය බහුලත්වයෙන් පිරි පුරවරයකි. පශ්චාත් කොරෝනා සමයේ දී පිටකොටුව නගරය පිළිබඳ අධ්‍යයනය කරන්නෙකුට පෙනී යන්නේ, කොරෝනා සමයක් පැවතියා ද වත් මහජනතාව නොදන්නා බවකි. මීටරයේ දුර තබා හුස්ම වැටෙන දුරකින්වත් පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීමට අපට නොහැකි වුයෙමූ. පොදු ප්‍රවාහන සේවා තුළ දී මුව ආවරණය පැළදූවත්, නොපැළදූවත් ගැටලුවක් නොවීය. පොදු ප්‍රවාහන සේවයේ දී ද මීටරයේ දුර අවශ්‍ය නොවීය. පශ්චාත් කොරෝනා සමයෙන් පසු පුද්ගලයා විසින් පිළිගන්නේ කොරෝනාවෙන් යුක්ත සමාජයක් නොව, කොරෝනා රහිත සමාජයකි. එයින් පෙනී යන්නේ නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්නට නොව, එම සෞඛ්‍ය පුරුදු අනුකරණය කරන්නට මහජනතාව යොමු වූ සෙයකි.

තවත් එක් උදාහරණයක් ගනිමු. පළමු කොරෝනා රැල්ලෙන් පසු සෑම වෙළඳ සැලක් හෝ කිසියම් වූ ආයතනයකට ඇතුළු වීමට ප්‍රථම දෑත් සේදීම, මුඛ ආවරණ පැළඳීම සහ ශරීර උෂ්ණත්වය මැන බැලීම වැනි සාධක සඳහා ප්‍රමුඛස්ථානයක් හිමිවිය. නමුත්, කොරෝනා උණුසුම පහව ගොස් වෙනත් දේශපාලන කාරණා සමාජය දෙසින් මතුව එද්දී, ඉහත දැක් වූ සෞඛ්‍ය පුරුදු මහජනතාවගෙන් දුරස් වන්නට විය. මහජනතාවගෙන් පමණක් නොව පළමු කොරෝනා අවධියේ දී ජනමාධ්‍ය තුළ පැවති සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් වැඩපිළිවෙල ද අඩාලව ගියේය. ඒ නයින් පෙනී යන්නේ මහජනතාව පමණක් නොව ජනමාධ්‍ය ද නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකර අනුකරණය කර ඇති සෙයකි. තවත් පුන පුනා පැවසිය යුත්තේ ද අනුගමනය කිරීම; අනුකරණයට වඩා වැදගත් දෙයක් බවයි.

ජනමාධ්‍ය විසින් දක්වන ආකාරයට කොරෝනා රැළි තුනක් දක්නට ඇත. පළමු රැල්ල පහව ගියේය. දෙවන රැල්ල පැමිණියේය; එය ද පහව ගියේය. ඉන්පසු සමාජය නැවත සුපුරුදු ජීවන රටාවට යොමු වූයේය. මහජනතාව අනුගමනය නොව අනුකරණය කළේය. එබැවින් තෙවනි කොරෝනා රැල්ල ද පැමිණියේය. දැන් නැවතත් ජනමාධ්‍ය ජනතාවට ඒත්තු ගන්වන්නට යන්නේ නිසි සෞඛ්‍ය ආරක්ෂණ පුරුදු සඳහා යොමුවීම තුළින් කොරෝනා තත්ත්වය මර්දනය කළ හැකි බවයි. නමුත් ජනමාධ්‍ය විසින් පළමු කොරෝනා අවධියේ පටන් සිය උපදෙස් සම්පාදන කාර්යය නිවැරදිව සිදු කළේ නම්, අද වැනි දවසක ඔවුන්ට අලුත් ආකාරයෙන් කොරෝනාව ගැන කතා කිරීමට සිදු වන්නේ නැත. පළමු කොරෝනා සමයේ ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ රූපවාහිනි ආයතනයක් විසින් වෛද්‍යවරියක් මගින් උපදේශාත්මක දැන්වීමක් නිර්මාණය කොට එම දැන්වීම සිය රූපවාහිනි නාලිකාවේ වරින් වර ප්‍රචාරය කරන ලදි. නමුත්, පළමු සහ දෙවන කොරෝනා රැල්ලෙන් පසු එම රැලිවලට ම හසු වී එම වෛද්‍යවරියගේ උපදේශාත්මක දැන්වීම ද රූපවාහිනියෙන් ගසා ගෙන ගියේය. සැබවින්ම කිව යුත්තේ තෙවනි කොරෝනා අවධියේ දී නැවත එම උපදේශාත්මක දැන්වීම මතක් වීම සිනහව උපදවන සුලු බවයි. උක්ත රූපවාහිනි වෙළඳ දැන්වීමේ දි එම වෛද්‍යවරිය විසින් අවධාරණය කරන ලද්දේ ද කොරෝනාව සමාජයෙන් ඉවත් නොවන බවත්, එය සමඟ ජීවත් වීමට සිදු වන බවත් ය. එබැවින් මහජනතාව සහ ජනමාධ්‍ය විසින් අනුකරණය නොව අනුගමනය සිදු කළ යුත්ත වශයෙන් දන්වා සිටිමි.

සුමේන්ද්‍ර පෙරේරා


Monday, 24 June 2019

කට හඩක් තිබුණු පමණට සාර්ථක නිවේදකයෙක් වෙන්න බැහැ. සම්මානනීය ගුවන් විදුලි නිවේදිකා චිත‍්‍රා කුමාරි පත්තප්පෙරුම

කට හඩක් තිබුණු පමණට සාර්ථක නිවේදකයෙක් වෙන්න බැහැ.
සම්මානනීය ගුවන් විදුලි නිවේදිකා චිත‍්‍රා කුමාරි පත්තප්පෙරුම

නිවේදන ශිල්පියා සිය ආත්මීය හඩ උපයෝගි කොට පුද්ගල මනස සියුම්ව ආමන්ත‍්‍රණය කළ හැකි පුද්ගලයෙක්. ඒ නිසා පුද්ගලයාට හරවත් දේ ලබා දීම නිවේදන ශිල්පියාගේ ව`ගකීමක් මෙන්ම සමාජමය සේවාවක්. අප මේ සූදානම් වන්නේ හඩ ආත්මය කොටගත් චරිතයක් හා සමග සාකච්ඡුාවට එක්වන්නටයි. ලංකාව පුරා ඇගේ හඩ හ
දුනන්නේ ඇයගේ ආත්මීය නිපුණත්වය විදහා දක්වමිනි. ඇය ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සම්මානනීය නිවේදිකා චිත‍්‍රා කුමාරි පත්තප්පෙරුම යි.

මේ දවස්වල ඔබගේ වැඩකටයුතු මොනවා ද ?

මම මේ දවස්වල බාහිර කතිකාචාර්යවරියක් ලෙස කටයුතු කරනවා. මොකද මම ඉගෙන ගත්තු සන්නිවේදන ශිල්පය ප‍්‍රායෝගිකව හා න්‍යායිකව ඊළ`ග පරපුරට ලබා දෙන්න මම කැමතියි. ඒ වගේම මම මේ දවස්වල වැඩසටහන් සහ ප‍්‍රවෘත්ති නිවේදිකාවක් වශයෙන් සුපුරුදු පරිදි කටයුතු කරගෙන යනවා.

මුලින්ම ඔබගේ පාසල් ජීවිතය ගැන කතා කළොත් ,

මම පාසල් ගියේ කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයට. පාසල් කාලයේ සිටම මම සෞන්දර්්‍ය සහ කී‍්‍රඩා ආදි කටයුතුවල නිරත වුණා. ඒ වගේම පාසල් කාලයේ දී නර්තන, කී‍්‍රඩා සහ ගායන තර`ගවලින් මම ජයග‍්‍රහණ ලබා තිබෙනවා. කුඩා කාලයේ මට නිවේදිකාවක් වෙන්න කියලා ආශාවක් තිබුණේ නැහැ. ඒත් පසුකාලීනව සෞන්දර්්‍ය වෙනුවෙන් තිබු ඇල්ම නිවේදිකාවක් වෙන්න ඉඩ විවිර කරන්න ඇති.

ඔබ ජාතික ගුවන් විදුලියට එක් වන්නේ කොහොම ද ?

මම ජාතික ගුවන් විදුලියට සම්බන්ධ වන්නේ හ`ද මාමා ළමා වැඩසටහන හරහා. එහිදි මගේ මවගේ පෙළඹවීම මත මමයි , මගේ අනිත් සහෝදරයින් තිදෙනායි ගුවන් විදුලියට එකතු වෙනවා. ඒ ළමා මණ්ඩපයේ ශිල්පී පරීක්ෂණය හරහා. ඉන් පසුව ළමා වැඩසටහන් ශිල්පිනියක් වශයෙන් , ළමා ගායන ශිල්පිනියක් ,යෞවන වැඩසටහන් ශිල්පිනියක් වශයෙන් සහ ප‍්‍රවෘත්ති නිවේදිකාවක් වශයෙන් කටයුතු කළා. ඒ වගේම පසුගිය වසර දෙක තුළ වෙළෙ`ද සේවයේ අධ්‍යක්ෂවරිය වශයෙනුත් මම කටයුතු කළා. 

ඔබතුමිය ප‍්‍රවීණ නිවේදිකාවක් ලෙස සන්නිවේදනය දකින්නේ කුමන ආකාරයෙන් ද ?
සන්නිවේදනය කියන්නේ සෑම සත්ත්ව මෙන්ම මානව කොට්ඨාසයක්ම පැවැත්ම වෙනුවෙන් සිදු කරන දෙයක්. සන්නිවේදනය කියන්නේ කිසියම් මාධ්‍යක් හරහා ජනතාව වෙත පුළුල් ආකාරයෙන් තොරතුරු ගෙන යාමක්. ඒ නිසා අප දෛනිකව සිදු කරන සන්නිවේදනය හා මාධ්‍යක් හරහා සිදු කරන සන්නිවේදනය අතර පුළුල් වෙනසක් තියෙනවා. ඒ වගේම සන්නිවේදනය කියන්නේ යුගයෙන් යුගයට වෙනස් වන දැවැන්ත විෂය ධාරාවක්. ඒ වගේම මාධ්‍ය කලාව අද තාක්ෂණය හා සමග එකතු වෙලා තියෙන නිසා සන්නිවේදනය කියන්නේ පුළුල් විෂය ධාරාවක්. ඒ කෙසේ වුවත් පුවත්පත්, රූපවාහිනි හා ගුවන් විදුලි යන කවර මාධ්‍යක් හරහා හෝ ජනතාව වෙත තොරතුරු ගෙන යාමේ සාමුහික කි‍්‍රයාවලිය සන්නිවේදනය වශයෙන් සරලව හදුන්වන්න පුළුවන්.

අද වන තෙක් ඔබගේ මේ ගමනට ගුරුහරුකම් ලබා දුන් ගුරුවරුන් කවුරුන් ද ?

ඔව්. මට මගේ ගුවන් විදුලි ජීවිතයේ දී ක්ෂේත‍්‍රයේ දැවැන්තයින්ගේ මග පෙන්වීම නිරතුරුවම ලැබුණා. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, දයානන්ද ගුණවර්ධන, ගුණසේන ගලප්පත්ති වගේ නාට්‍ය කලාවේ දැවැන්ත චරිතවල ම`ග පෙන්වීම මට නිරතුරුවම ලැබුණා. ඊට අමතරව මම වේදිකා නාට්‍ය ශිල්පිනියක් ලෙස කිරිගරු`ඩ, අම්මයි පුතයි ආදි වේදිකා නාට්‍ය බොහෝමයක රංගනයෙන් දායක වුණා. ඒ වගේම මගේ මේ ගමනට මගේ මව, පියා, සහෝදරයින් සහ මගේ සැමියා වන චන්දන පත්තප්පෙරුමගෙන් ලොකු ම`ග පෙන්වීමක් මෙන්ම ගුරුහරුකම් ලැබුණා.

ඔබගේ මාධ්‍ය ජීවිතය තුළ ඔබ මුහුණ දුන් අමතක නොවන සිදුවීම් මොනවා ද ?

මගේ ජීවිතයේ අමතක නොවන සිදුවීම තමයි, යුධ වාතාරණය මැද වසර දොළහකට පසු යාපනයේ නල්ලූර් කන්දස්වාමි ජනතාව වෙනුවෙන් විවෘත කළ අවස්ථාවේ ගෙන ගිය සජීව විස්තර ප‍්‍රචාරය. රත්මලානේ සිට පළාලි ගුවන් තොටුපළට යන තුරු අපගේ ජීවිතය ගැන බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ඒ වගේම දසදහසක් වු දෙමළ ජනතාව අතර සිට මම ඒ වෙලාවේ හිටපු එකම සිංහල මාධ්‍ය නිවේදිකාව වශයෙන් උතුරේ ජනතාවගේ හද ගැස්ම හ`දුනාගෙන ඒ අවස්ථාවට මුහුණ දුන්නා. ඒ සජීවි විස්තර ප‍්‍රචාරය හරහා මට හැකි වුණා, මගේ හ`ඩ උපයෝගි කරගෙන යාපනයේ පැවැති පරිසරය ගුවන් විදුලියෙන් මවන්න. ඒ වගේම ජාතීන් දෙකක් අතර ඇති වුණු සමගියේ සංකේතයක් වු ඒ අවස්ථාව මගේ ජීවිතයට ඉතාමත් වැදගත් සිදුවීමක් වුණා. ඒ හින්දා මම පළාලි සේවයේ සෑම වසරකම මාස දෙකක් සේවය කරනවා.

සමකාලීන මාධ්‍යකරුවා සහ දේශපාලනය අතර තියෙන සම්බන්ධය ඔබ දකින්නේ කොහොම ද ?

ඔව්. මාධ්‍යකරුවෙක් හැටියට මට දේශපාලනයක්, දේශපාලන අරමුණක් තියෙන්න පුළුවන්. ඒත් මාධ්‍යකරුවෙක් හැටියට මාධ්‍යකරුවාගේ වගකීම වෙන්න  ඕනේ , මාධ්‍යකරුවාගේ දේශපාලන අරමුණු පසෙක තියා , මිනිසුන්ගේ හදවත ගැහෙන, හදවත ඉල්ලන දේ දෙන්න. ඒ නිසා මාධ්‍ය තුළ දි මාධ්‍යකරුවාට දේශපාලන අරමුණක් තියෙන්න බැහැ.

අද ලංකාව තුළ නිවේදන වෘත්තියට පිළිගැනීම ගැන ඔබ තෘප්තිමත් ද ?

මම ජාතික ගුවන් විදුලියෙන් බිහිවුණු සන්නිවේදිකාවක් නිසා ජාතික ගුවන් විදුලියේ අදටත් ආරක්ෂා කරමින් එන ප‍්‍රමිතිය නිසා නිවේදන වෘත්තියට තවමත් හො`ද පිළිගැනීමක් තියෙනවා. ඒත් අද වානිජකරණය සමග බිහිවෙන පෞද්ගලික මාධ්‍ය ආයතන තුළ සිටින සන්නිවේදකයන්ට එහෙම පිළිගැනීමක් තියෙනවා ද කියලා ගැටලූවක් මතු වෙනවා. එහිදි නිවේදන වෘත්තියේ පිළිගැනීමට මාධ්‍ය හිමිකරුවන්ගේ න්‍යාය පත‍්‍ර බෙහෙබින් බලපානවා. ඒ නිසා නිවේදකයාට සිදුවෙනවා ඒ මාධ්‍ය න්‍යාය පත‍්‍රයන්ට අනුකූලව කි‍්‍රයා කරන්න. ඒ අනුව නිවේදන වෘත්තියට තිබෙන පිළිගැනීම ගැන මට සාධනීය තෘප්තියක් පවතිනවා.

ඒ තත්ත්වය කෙසේ වුවත් 2017 වසරේ ඔබ විශිෂ්ටතම ප‍්‍රවෘත්ති නිවේදිකාව බවට පත්වෙනවා නේද ?

ඔව්. 2017 ප‍්‍රථම රාජ්‍ය ගුවන් විදුලි සම්මාන උළෙලේ දී විශිෂ්ටම සිංහල ප‍්‍රවෘත්ති ප‍්‍රකාශිකාව වශයෙන් ගෞරව සම්මානයට පාත‍්‍ර වෙනවා. ඒ ලැබුණු සම්මානය මට නොවෙයි, සමස්ත ගුවන් විදුලි ක්ෂේත‍්‍රය වෙනුවෙන් ලබා දුන් ඇගයීමක් ලෙස මම හ`දුන්වන්න කැමතියි. එසේම ගුවන් විදුලි ඉතිහාසයේ වැදගත් අවස්ථාවක් ලෙස 2017 රාජ්‍ය ගුවන් විදුලි සම්මාන උළෙල පෙන්වා දෙන්නත් පුළුවන්. මීට පෙර ජාතික ගුවන් විදුලිය ඇතුළත එවැනි කි‍්‍රයාදාමයක් පැවතුණත් , සමස්ථ රටම ආවරණය වන පරිදි එවැනි සම්මාන උළෙලක් පවත්වා නැහැ.

ගුවන් විදුලි මාධ්‍ය වෙනුවෙන් පවත්වන ඇගයීම් උළෙලවල හි`ගයක් පවතිනවා. ඒ ගැන දරන අදහස ?

අද ලංකාවේ රූපවාහිනි වැනි මාධ්‍යන් වෙනුවෙන් බොහෝමයක් සම්මාන උළෙලවල් පවතිනවා. ඒත් කණගාටුවට කරුණ වන්නේ මෙරට ප‍්‍රථම විද්්‍යුත් සන්නිවේදන මාධ්‍ය වුණු ගුවන් විදුලිය වෙනුවෙන් කිසිම ආකාරයේ දිගු කාලීන ඇගයිම් උළෙලක් නොපැවතීම. ඒත් 2017 වසරේ දී පැවැත්වුණු ප‍්‍රථම ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙලින් ඒ හිඩැස යම්තාක් දුරට හෝ පිරිමැසුණු ආකාරයක් දැක ගත හැකි වුණා. ඒ නිසා මෙවැනි ඇගයිම් උළෙලවල් මගින් ගුවන් විදුලි ශිල්පීන් දිරිමත් වන ආකාරය දැක්විය යුතුයි. 

වර්තමාන නිවේදන ශිල්පීන්ට, ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයෙක් ලෙස ඔබ දෙන උපදෙස් මොනවා ද ?

 ගුවන් විදුලි ක්ෂේත‍්‍රයට පැමිණ හෝ ක්ෂේත‍්‍රයට පැමිණීමට බලාපොරොත්තු වන අංකුර සන්නිවේදකයින්ට ලබා දෙන උපදෙස තමයි, මුදල සහ ජනපි‍්‍රයත්වය කියන පටු අරමුණ පෙරදැරි කොටගෙන ගුවන් විදුලි ක්ෂේත‍්‍රයට නොපැමිණ ප‍්‍රතිභාව , කුසලතාව සමගින් යහපත් සන්නිවේදකයෙක් ලෙස ක්ෂේත‍්‍රයට පැමිණෙන්නට ආරාධනා කරනවා. එහෙම මුදල් හා ජනපි‍්‍රයත්වය කියන පටු අරමුණු සහිතව ක්ෂේත‍්‍රයට පැමිණීම තාවකාලික දෙයක්. ඒ නිසා විෂය ගැඹුරින් හදාරා , ඉලක්කයක් සහිතව ගුවන් විදුලි ක්ෂේත‍්‍රයට පැමිණියොත් ජනපි‍්‍රයත්වය කියන දෙය ශ‍්‍රාවක ජනතාවගෙන් ඉබේම ලබා ගන්න පුළුවන් දෙයක්. ඒ නිසා අපේ සිත දෙවොලක් කරගෙන මේ කටයුතු නිවැරදිව නියැලූනොත් මේ ක්ෂේත‍්‍රය තුළ දිගු ගමනක් යන්න හැමෝටම පුළුවන් වෙනවා.

අවසාන වශයෙන් ඔබට අද මෙම ස්ථානයට පැමිණිමට රුකුලක් වු පුද්ගලයින් කවුරුන් ද ?

මුලින් ම මගේ මව ශීලා සරත් කුමාරිහාමි, පියා සිමියන් කළුබෝවිල, මගේ සැමියා චන්දන පත්තප්පෙරුම සහ මගේ පුතුන් දෙදෙනා වන තරි`දු පත්තප්පෙරුම හා ගජිත පත්තප්පෙරුම යන අයගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම මගේ ගුවන් විදුලියේ ගුරුවරුන්ගෙනුත් මගේ ගමනට ලොකු සහයක් ලැබුණා. ඒ හැමෝවම මම කෘතවේදීව මේ අවස්ථාවේ සිහි කරනවා.

සාකච්ඡුා කළේ : සුමේන්ද්‍ර පෙරේරා සහ ටිෂානි ශෂි කුමාරි





ලාංකීය සිනමාවේ මහගෙදර වු සරසවි චිත‍්‍රාගාරය

කොළඹ නුවර ප‍්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 10 කණුව පසු වු විට කවුරුත් දන්නා හදුනන කැලණිය ටයර් මංසන්ධිය හමු වේ. එහි සිට මීටර් සියයක් පමණ ඉදිරියට පැමිණෙන විට දකුණු දෙසින් ස්වර්ණාලේපිත ඵලයක් මත ලියවුණු සරසවි චිත‍්‍රාගාරය යැයි සදහනක් දක්නට ඇත. ලාංකීය සිනමාවට ස්වර්ණමය යුගයක් සහ සේවාවක් ඉටු කළ සරසවි චිත‍්‍රාගාරයට එම ඵලකය සහිත වු මාර්ගයෙන් ප‍්‍රවේශ විය හැක්කේය. මෙරට සිනමා කර්මාන්තය උදෙසා සුවිශේෂී කාර්යය භාර්යයක් ඉටු කළ චිත‍්‍රපට සංස්ථාවට අයත් සරසවි චිත‍්‍රාගාරයේ අතීතාවර්ජනයක් සියුම්ව ගෙන හැර දැක්වීම අපගේ වෑයමයි.

ලාංකේය සිනමා කර්මාන්තය මුල් අවධියේ දී මුහුණ පෑ ප‍්‍රධාන ගැටලූවක් වුයේ චිත‍්‍රපට පසු නිෂ්පාදන කටයුතු ස`දහා යොදා ගත හැකි තාක්ෂණික සේවාවන්ගෙන් සමන්විත වන චිත‍්‍රාගාරයක් නොපැවතීමයි. සරසවි චිත‍්‍රාගාරය මගින් ලාංකීය සිනමාව මුහුණ පා සිටි එම අර්බුදකාරී තත්ත්වයට අවශ්‍ය පිළියම් ලබා දීමට සමත් විය. විශේෂයෙන්ම චිත‍්‍රපට කර්මාන්තයේ ශබ්ද පරිපාලන කටයුතු වැනි අතිශය බැ?රුම් කටයුතු සදහා මහගු පිටුවහලක් මෙමගින් හිමිවිය. එමෙන්ම ශී‍්‍ර ලාංකීය සිනමාවේ සුවිශේෂී හැරවුම් ලකුණු සනිටුහන් කළ විශිෂ්ට සිනමා කෘති සදහා මෙහි දායකත්වය නොඅඩුව හිමිවිය. 1989 දී එවකට ජනාධිපති වු රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමා විසින් සරසවි චිත‍්‍රාගාරයේ ප‍්‍රතිසංස්කරණය සහ නවීකරණය කිරීමට අවශ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන ප‍්‍රදානය කරන ලද්දේය. ඒ අනුව 1992 මාර්තු 23 වැනිදා නව ගොඩනැගිලි සංකීර්ණයක් සහිතව සරසවි චිත‍්‍රාගාරය නවීකරණය වන්නේ වර්තමානයේ පවතින ස්වරූපයට චිත‍්‍රාගාරය පත් කරමින් ය. මෙම නවීකරණ කි‍්‍රයාවලියෙන් පසු කළු සුදු සේයාපට ශෝධනය, මුද්‍රණය, ද්විත්ව මැදිරි හරහා අතිනවීන ශබ්ද පටල සැකසීම සහ ශබ්ද පටිගත කිරීම යන කර්තව්‍යන් සියල්ල සරසවි චිත‍්‍රාගාරය තුළින් සිදුකරගත හැකි විය.

විශේෂයෙන් සිනමා කර්මාන්තය උදෙසා විවිධ අංශවලින් සරසවි චිත‍්‍රාගාරයේ සේවාව විහිදි තිබිණ. රසායනාගාර වැඩ කටයුතු ( කළු සුදු ප‍්‍රතිඡුායාපලක පට ශෝධනය, ටේ‍්‍රබල් පි‍්‍රන්ට්ස්, ඩබල් පි‍්‍රන්ටින් , ශබ්ද අංශයේ වැඩ කටයුතු ( චිත‍්‍රපට ගීත පටිගත කිරීම, දෙබස් කැවීම, තැටි කැසට් පට නිෂ්පාදනය , සංස්කරණ වැඩ කටයුතු ( චිත‍්‍රපට සංස්කරණය, ප‍්‍රතිඡුායාපලක පට සංස්කරණය , කැමරා වැඩ කටයුතු ( එළිමහන් සහ ගොඩනැගිිලි තුළ ඡුායාගත කිරීම, චිත‍්‍රාගාර තුළ කැමරාකරණයට අවශ්‍ය පසුතල නිර්මාණය ආදි වශයෙන් සිනමා කර්මාන්තයට අවශ්‍ය නන්විධ සේවාවන් සරසවි චිත‍්‍රාගාරය හරහා ඉටු කරගත හැකි විය.

1973 වසරේ දී පෞද්ගලික අංශය යටතේ පැවති චිත‍්‍රාගාරය , 1972 පිහිටුවන චිත‍්‍රපට සංස්ථාවට පවරා ගන්නා ලදි. පසුකාලීනව එනම්, තාක්ෂණික වශයෙන් 2007 වසරේ දි සරසවි චිත‍්‍රාගාරය ඩිජිටල් තාක්ෂණය හා සමග අත්වැල් බැදගන්නේ එවකට පැවති ඇනලොග් තාක්ෂණයට සමුදෙමිනි. ඩිජිටල් තාක්ෂණය වෙත චිත‍්‍රාගාරය ගමන් කළත් අද වන විටත් ඇනලොග් තාක්ෂණය හා සම්බන්ධව පැවති තාක්ෂණික උපකරණ සියල්ල සංරක්ෂණය කොට තිබෙන්නේය. ඒ අනාගත පරපුර වෙනුවෙන් පුරාවස්තු ලෙස එම උපකරණ ආරක්ෂා කිරිමේ අවශ්‍යතාවය නිසාවෙනි. ඇනලොග් තාක්ෂණය යටතේ චිත‍්‍රපට සදහා අවශ්‍ය වන අතිරේක ශබ්ද පටිගත කොට දැවැන්ත සිනමා නිර්මාණ සදහා ඒවා උපයෝගී කරගත්තේය. එහෙත් නුතන නව්‍ය ඩිජිටල් තාක්ෂණයේ ආගමනය නිසා එවැනි අතිරේක ශබ්ද ඩිජිටල් මෙමරි පත් වෙත ලබාගෙන ඇත. වර්තමානය වන විට සිනමා නිර්මාණවලට අමතරව රූපවාහිනි වැඩසටහන්, රූපවාහිනි වෙළද දැන්වීම් සහ දෙබස් කැවීම් සිදු කරනු ලබයි. එයින් පෙනී යන්නේ යුගයෙන් යුගය වෙනස් වුවත් එදා මෙන් අදත් සරසවි චිත‍්‍රාගාරය ලාංකේය රූප මාධ්‍යට අවශ්‍ය වන ප‍්‍රබල සේවාදායකයෙක් බවය. 

ලාංකේය සිනමා ඉතිහාසයේ සුවිශේෂී සිනමා නිර්මාණ සුරැුකීම සදහා චිත‍්‍රපට සංරක්ෂණාගාරයක් ද චිත‍්‍රාගාර පරිශ‍්‍රය තුළ පවත්වාගෙන යනු ලබයි. ප‍්‍රමුඛ පෙළේ චිත‍්‍රපට ස`දහා ගීත පටිගත කිරිම ද සිදු කර ඇති අතර පේ‍්‍රමසිරි කේමදාස, වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ වැනි ප‍්‍රවීණ ගායන ශිල්පීන්ගේ දායකත්වය ඒ සදහා ලැබී ඇත්තේය. 
චිත‍්‍රපට අංශයෙන් ඉතාමත් සුවිශේෂී ලාංකීය සිනමාවේ හැරවුම් ලක්ෂයන් වු බොහෝමයක් සිනමා නිර්මාණයන්ගේ පසු නිෂ්පාදන කටයුතු ස`දහා යොදා ගෙන ඇත්තේ ද සරසවි චිත‍්‍රාගාරයයි. චිත‍්‍රපට හ`ඩ කැවීම, චිත‍්‍රපට සංස්කරණය සහ අතිරේක ශබ්ද යෙදීම වැනි කාර්යයන් ඒ යටතේ සිදු වූයේය. සුනිල් ටී. පෙරේරා, සරත් ධර්මවර්ධන, රෝයි ද සිල්වා, බන්දු සමරසිංහ, සුනිල් සෝම, උදයකාන්ත වර්ණකුලසූරිය, චන්ද්‍ර රත්න මාපිටිගම වැනි සිනමා කර්මාන්තයේ අති දැවැන්තයින්ගේ සිනමා නිර්මාණ ස`දහා සරසවි චිත‍්‍රාගාරය මාහැ`ගි තෝනැන්නක් වුයේය.

සරසවි චිත‍්‍රාගාරය ලාංකේය සිනමා ක්ෂේත‍්‍රයේ විශිෂ්ට ගණයේ සිනමා කෘති රාශියකට සිය තාක්ෂණික දායකත්වය සැපයු බව ලාංකීය සිනමා ඉතිහාසයෙන් මනාවට පිළිඹිබු වේ. රසික සිත් තුළ ජනාදරයට පාත‍්‍ර වු චිත‍්‍රපට රාශියක් සදහා සරසවි චිත‍්‍රාගාරයේ දායකත්වය ලබා ගත්තේ එවකට චිත‍්‍රපට පසු නිෂ්පාදන කටයුතු සදහා ඉන්දියාවට යාමේ  අපහසුතාවය සහ ශී‍්‍ර ලංකාවේ විශිෂ්ටතම ශ‍්‍රව්‍ය සහ දෘශ්‍ය තාක්ෂණික ක‍්‍රමෝපායන්ගෙන් සමන්විත වු එකම ආයතනය සරසවි චිත‍්‍රාගාරය වු නිසාවෙනි. එදා මෙදා තුර සිංහල සිනමා වංශ කතාවේ විශාල සිනමා කෘති රාශියක් අතුරෙන් ලාංකේය සිනමාවේ විශිෂ්ට සිනමා කෘති කිහිපයක් පිළිබද අවධානය යොමු කළ විට පෙනී යන්නේ එකී චිත‍්‍රපට සදහා සරසවි චිත‍්‍රාගාරය ලබා දුන් දායකත්වය සුළු පටු නොවන බවයි. එම සිනමා කෘති සදහා ඉතා සියුම්ව දෙබස් කැවීම ඇතුළු ශබ්ද පරිපාලනයේ බොහෝ කටයුතු සදහා මූලිකත්වය ගනු ලැබුවේ සරසවි චිත‍්‍රාගාරයයි. අයෝමා , සුදු සෙවනැලි, මතුයම් දවසක, වෑකන්ද වලව්ව, දඩබිම එයින් කිහිපයක් පමණි. එමෙන්ම ලාංකේය සිනමාවේ හැරවුම් ලක්ෂ බවට පත් වු දේශීය මෙන්ම ජ්‍යාත්යන්තර වශයෙන් සම්මානනීයත්වයට පාත‍්‍ර වු ප‍්‍රසන්න විතානගේ වැනි සිනමාකරුවන්ගේ සමාජ පරිඥානය ඔස්සේ දෘශ්ටිගත වුණු පුරහද කළුවර, පවුරු වළලූ වැනි සිනමා පට සදහා සරසවි චිත‍්‍රාගාරයෙන් වු සේවාව අමරණීය ය.

පුරා දශක හයකට ආසන්න කාලයක් සිනමා සහ රූපවාහිනි දෘශ්‍ය මාධ්‍ය සදහා සිය දායකත්වය සැපයු සහ 21 වන සියවස තුළදීත් සිනමා කර්මාන්තයේ දේශීයත්වය විදහා දැක්වෙන දේශීය සිනමා සංස්කෘතියක් නිර්මාණය කිරිමෙහිලා සරසවි චිත‍්‍රාගාරය ලබා දුන් සහ ලබා දෙන සේවාව අනගිබවනීය ය. එමනිසා මෙවන් වු ප්‍රෞඩ උරුමයක් කෙරෙහි රාජ්‍ය අංශයේ මැදිහත්වීම වඩාත් සාධනීය වන්නේ නම් විදේශීය සිනමාව පවා තරණය කළ හැකි මානව සම්පත් සහ භෞතික සම්පත් ඇති බව පවසන්නේ දේශවාත්සල්‍යයෙන් යුතුවය.

සම්පත් දායකත්වය රවීන්ද්‍ර ලාල් මහතා සහ නන්ද කුමාර මහතා 
සටහන් කළේ : සුමේන්ද්‍ර පෙරේරා සහ ටිෂානි ශෂි කුමාරි

Wednesday, 17 April 2019

විමසුම

පුංචි ඡන්දය හා භික්ෂු දේශපාලනය

මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස

ආයෙත් වතාවක් දේශපාලන වාතාවරණය උණුසුම් වෙමින් පවති. ප්‍රාදේශීය සභා, පළාත් සභා ගම් මට්ටමේ නියෝජිතයන් තෝරා ගැනීම සඳහා වු නව ඡන්ද ක්‍රමය හෙවත් සාමානුපාතික ඡන්ද ක්‍රමයට පැමිණීමට පෙර පැවති ඡන්ද ක්‍රමය නැවත වතාවක් හඳුන්වා දෙමින් පවති. මෙහි ඇති ඉතා විශේෂතාවය වන්නේ ගමට , ගමේ සීමාවට තමන්ගේම නියෝජිතයෙක් තෝරා ගැනීමට ඇති හැකියාවයි. පරණ ක්‍රමය යටතේ ඇති හැකි මුදල් තිබෙන ව්‍යාපාරිකයින්ට දේශපාලනය කිරිමට ඇති අවස්ථාව මේ මගින් ඇහිරි යයි. මෙම නවතම ඡන්ද ක්‍රමය සමඟ කාන්තා නියෝජනය ද ඉහළ යමින් තිබේ. මෙය අප විශ්වාස කරන පරිදි ඉතා ප්‍රගතිශීලි අවස්ථාවකි.

 දැනට ලැබෙමින් පවතින තොරතුරු නිරික්ෂණය කිරිමේ දී සෑම ප්‍රාදේශීය සභාවකටම භික්ෂුන් වහන්සේලා ඉදිරිපත් වන ප්‍රවණතාවක් හඳුනා ගත හැකිය.  ප්‍රධාන දේශපාලන පක්ෂ , පොදු ස්වාධින කණ්ඩායම් වශයෙන් මෙම පිරිස දේශපාලන පොර පිටියට පිවිසෙන ආකාරය දැනට ලැබෙන තොරතුරු මගින් හෙලිදරව් වී තිබේ. 
පසුගිය කාලයේ පාර්ලිමේන්තුව තුළ සිදු වු භික්ෂු දේශපාලනයන් මෙය වඩාත් තහවුරු කරන්නේය. විශේෂයෙන් ම ගංගොඩවිල සෝම හිමියන්ගේ අපවත්වීම සමඟ ඇති වු සමාජ විලෝපනය , කම්පනය , සංවේදීතාවය සහ සමාජය පිළිබඳ උන්වහන්සේ දැක් වු යම් යම් විවේචනාත්මක ආකල්ප පදනම් කරගෙන මෙම රැල්ල ඇති වු බව මිනිසුන්ගේ නිරික්ෂණය කළ හැකිය . 

මේ සඳහා යම් උගත් දේශපාලන බලවේගයට හැඟවීමට අපේක්ෂා කළ දේශපාලනඥයින් ද සම්බන්ධ වු ආකාරය එම ඡන්ද ව්‍යාපාරය නිරික්ෂණය කිරිමේ දී හඳුනාගත හැකිය. පාර්ලිමේන්තුවට පැමිණි භික්ෂුන් වහන්සේලා අතින් සිදු වු කාර්යය කුමක් ද ? භික්ෂුන් වහන්සේලාගේ කාර්යය කුමක් ද ? ආගමික පුජකයින් වහන්සේලාගේ සමාජීය, සංස්කෘතික කාර්යය භාර්යය කුමක් ද ? නැවත සමාලෝචනය කිරිමට මෙය එක් අවස්ථාවක් ලෙස මම මෙය උපයෝගි කර ගනිමි. නැවත සොයා බැලීමේ දී භික්ෂුන් වහන්සේලා පාර්ලිමේන්තුවට පැමිණීම සමඟ මෙරට සංස්කෘතිය, සදාචාරය , ශිෂ්ටත්වය, ජාතිකත්වය පිළිබඳ කවර හෝ ආකාරයේ පිබිදීමක් ඇති වුවා ද යන්න නැවත සළකා බැලිය යුතුය. උදාහරණයක් වශයෙන් විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ කටයුතු කරන මා හට ඉතා සංවේදී අත්දැකීමක් තිබේ. 

මෙරට මව් භාෂාව පිළිබඳ පර්යේෂණ කිරිම , අධ්‍යයනය කිරිම , දත්ත රැස් කිරිම ඒ හා බැදුණු විවිධ පර්යේෂණ කටයුතු සිදු කිරිමේ අවශ්‍යතාවය බරපල ලෙස මතු වී තිබේ. භික්ෂුන් වහන්සේලා පාර්ලිමේන්තුවට ආ කාල වකවානුව මෙරට විශ්වවිද්‍යාලවල මව් භාෂාව පිළිබඳ වු කටයුතු නැවත සමාලෝචනය කළ යුතුය. උදාහරණයක් ලෙස උන්වහන්සේලා පාර්ලිමේන්තු ආ වකවානුවල මෙරට විශ්වවිද්‍යාල ප්‍රවේශයට මව් භාෂාව හැදැරිමට පැමිණියේ විශේෂ ප්‍රවේශයෙන් හෙවත් අඩු ලකුණුවලින් පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පමණි. මව් බස පර්යේෂණ කිරිම පිරිහෙමින් තිබේ. වෙනත් භාෂා අරාබි භාෂාව, දෙමළ භාෂාව, ඉංග්‍රීසි භාෂාව සහ වෙනත් විදේශීය භාෂා පර්යේෂණ කිරිම, අධ්‍යයන කිරිම මීට සාපේක්ෂව වර්ධනය වී තිබේ. 

ජාතිය බේරා ගැනීම , හෙළ උරුමය ගොඩ නැඟීම, මව් බසේ සංස්කෘතිය අනන්‍යතාවය රැකීමට උන්වහන්සේලා පාර්ලිමේන්තුවේ සුඛ විහරණය කරද්දි මව් බසේ තත්ත්වය එසේ ඛේදවාචකයට පත් විය. භික්ෂුන් වහන්සේලා නැවත බලය ඉල්ලන්නේ කුමකට ද? මේ වන විට රටේ සමාජ, සංස්කෘතික විලෝපනය බරපල ගැටුමක් බවට පත් වී තිබේ. 
අලුත්ම සංඛ්‍යාලේඛන පෙන්වා දෙන පරිදි එක්සත් ජාතීන්ගේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම තොරතුරු අනුව ලංකාව දැන් ලෝකයේ වැඩිම දිවි නසාගන්නා රට බවට පත් වී තිබේ. 1986 ලෝක ක්‍රිකට් ශූරතාවය දිනා ගන්නා වර්ෂයේ දි අපි දිවි නසා ගැනීමේ කප් එක ද ඔසවා ගත්තෙමු. දැන් නැවත වතාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පහළට වැටෙද්දි අපි දිවි නසාගැනීමේ කප් එක ඔසවා ඇත්තෙමු. මේ පිටිපස ආගමික නායකයින්ට කළ හැකි කාර්යය භාර්යය කුමක් ද ? ආගමික නායකයින්ට කාර්යය භාර්යයක් නොමැති ද ? එය නැවත සමාලෝචනය කළ යුතුව තිබේ. බල තරඟය, බල පොරය , මුදල් ගරා ගැනීම් , අල්ලස් හා දූෂණ වංචා වලට තෝතැන්නක් වු දේශපාලනය තුළ භික්ෂුන් වහන්සේලා කළ යුතු කාර්යය භාර්යය කුමක් ද ? 40 දශකයේ දි විද්‍යාලංකාර පිරිවෙන පදනම් කරගෙන ඓතිහාසික භික්ෂු දේශපාලන ප්‍රකාශනය ප්‍රකාශයට පත් වීමයි. ඉන් උන්වහන්සේලා අපේක්ෂා කළේ රට ජාතිය ආගම පිළිබඳ අවවාද අනුශාසනා කිරිමේ, මඟ පෙන්වීමේ , උපදේශන කාර්යයේ භික්ෂුන් වහන්සේලා සතු වු කාර්යයි. ඒත් අවාසනාවකට මේ වන විට පාර්ලිමේන්තුවට, ප්‍රාදේශීය සභාවට උන්වහන්සේලා පොරකමින් සිටි. උන්වහන්සේලා කළ යුතු කාර්යය කුමක් ද ? මව්වරුන් දරුවන් ගඟට විසි කරයි. දරුවන් අතරමඟ දමා පියවරුන් ගමන් කරති. දිවි නසා ගැනීම, ප්‍රචණ්ඩතාවය, අපරාධ, වංචා , සමාජ දූෂණයන් ඉහවහ ගෙන යමින් තිබේ. භික්ෂුන් වහන්සේලා නැවත දේශපාලනයට පිවිසීමට පෙර තමන්ගේ භූමිකාව නැවත සමාලෝචනය කළ යුතුය. අවසර හාමුදුරුවනේ, මේ ගැන නැවත සිතා බලනු මැනවි. 

සටහන් කළේ : සුමේන්ද්‍ර පෙරේරා

ප්‍රාදේශීය මාධ්‍ය

  ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය මාධ්‍ය වර්ධනය  සන්නිවේදන අධ්‍යයනය තුළ දී හදුනා ගත හැකි ප්‍රවණා අතුරින් ප්‍රාදේශීය මාධ්‍ය හිමිකාරීත්වය වර්ධනය වීම ක...