Monday, 24 June 2019

කට හඩක් තිබුණු පමණට සාර්ථක නිවේදකයෙක් වෙන්න බැහැ. සම්මානනීය ගුවන් විදුලි නිවේදිකා චිත‍්‍රා කුමාරි පත්තප්පෙරුම

කට හඩක් තිබුණු පමණට සාර්ථක නිවේදකයෙක් වෙන්න බැහැ.
සම්මානනීය ගුවන් විදුලි නිවේදිකා චිත‍්‍රා කුමාරි පත්තප්පෙරුම

නිවේදන ශිල්පියා සිය ආත්මීය හඩ උපයෝගි කොට පුද්ගල මනස සියුම්ව ආමන්ත‍්‍රණය කළ හැකි පුද්ගලයෙක්. ඒ නිසා පුද්ගලයාට හරවත් දේ ලබා දීම නිවේදන ශිල්පියාගේ ව`ගකීමක් මෙන්ම සමාජමය සේවාවක්. අප මේ සූදානම් වන්නේ හඩ ආත්මය කොටගත් චරිතයක් හා සමග සාකච්ඡුාවට එක්වන්නටයි. ලංකාව පුරා ඇගේ හඩ හ
දුනන්නේ ඇයගේ ආත්මීය නිපුණත්වය විදහා දක්වමිනි. ඇය ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සම්මානනීය නිවේදිකා චිත‍්‍රා කුමාරි පත්තප්පෙරුම යි.

මේ දවස්වල ඔබගේ වැඩකටයුතු මොනවා ද ?

මම මේ දවස්වල බාහිර කතිකාචාර්යවරියක් ලෙස කටයුතු කරනවා. මොකද මම ඉගෙන ගත්තු සන්නිවේදන ශිල්පය ප‍්‍රායෝගිකව හා න්‍යායිකව ඊළ`ග පරපුරට ලබා දෙන්න මම කැමතියි. ඒ වගේම මම මේ දවස්වල වැඩසටහන් සහ ප‍්‍රවෘත්ති නිවේදිකාවක් වශයෙන් සුපුරුදු පරිදි කටයුතු කරගෙන යනවා.

මුලින්ම ඔබගේ පාසල් ජීවිතය ගැන කතා කළොත් ,

මම පාසල් ගියේ කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයට. පාසල් කාලයේ සිටම මම සෞන්දර්්‍ය සහ කී‍්‍රඩා ආදි කටයුතුවල නිරත වුණා. ඒ වගේම පාසල් කාලයේ දී නර්තන, කී‍්‍රඩා සහ ගායන තර`ගවලින් මම ජයග‍්‍රහණ ලබා තිබෙනවා. කුඩා කාලයේ මට නිවේදිකාවක් වෙන්න කියලා ආශාවක් තිබුණේ නැහැ. ඒත් පසුකාලීනව සෞන්දර්්‍ය වෙනුවෙන් තිබු ඇල්ම නිවේදිකාවක් වෙන්න ඉඩ විවිර කරන්න ඇති.

ඔබ ජාතික ගුවන් විදුලියට එක් වන්නේ කොහොම ද ?

මම ජාතික ගුවන් විදුලියට සම්බන්ධ වන්නේ හ`ද මාමා ළමා වැඩසටහන හරහා. එහිදි මගේ මවගේ පෙළඹවීම මත මමයි , මගේ අනිත් සහෝදරයින් තිදෙනායි ගුවන් විදුලියට එකතු වෙනවා. ඒ ළමා මණ්ඩපයේ ශිල්පී පරීක්ෂණය හරහා. ඉන් පසුව ළමා වැඩසටහන් ශිල්පිනියක් වශයෙන් , ළමා ගායන ශිල්පිනියක් ,යෞවන වැඩසටහන් ශිල්පිනියක් වශයෙන් සහ ප‍්‍රවෘත්ති නිවේදිකාවක් වශයෙන් කටයුතු කළා. ඒ වගේම පසුගිය වසර දෙක තුළ වෙළෙ`ද සේවයේ අධ්‍යක්ෂවරිය වශයෙනුත් මම කටයුතු කළා. 

ඔබතුමිය ප‍්‍රවීණ නිවේදිකාවක් ලෙස සන්නිවේදනය දකින්නේ කුමන ආකාරයෙන් ද ?
සන්නිවේදනය කියන්නේ සෑම සත්ත්ව මෙන්ම මානව කොට්ඨාසයක්ම පැවැත්ම වෙනුවෙන් සිදු කරන දෙයක්. සන්නිවේදනය කියන්නේ කිසියම් මාධ්‍යක් හරහා ජනතාව වෙත පුළුල් ආකාරයෙන් තොරතුරු ගෙන යාමක්. ඒ නිසා අප දෛනිකව සිදු කරන සන්නිවේදනය හා මාධ්‍යක් හරහා සිදු කරන සන්නිවේදනය අතර පුළුල් වෙනසක් තියෙනවා. ඒ වගේම සන්නිවේදනය කියන්නේ යුගයෙන් යුගයට වෙනස් වන දැවැන්ත විෂය ධාරාවක්. ඒ වගේම මාධ්‍ය කලාව අද තාක්ෂණය හා සමග එකතු වෙලා තියෙන නිසා සන්නිවේදනය කියන්නේ පුළුල් විෂය ධාරාවක්. ඒ කෙසේ වුවත් පුවත්පත්, රූපවාහිනි හා ගුවන් විදුලි යන කවර මාධ්‍යක් හරහා හෝ ජනතාව වෙත තොරතුරු ගෙන යාමේ සාමුහික කි‍්‍රයාවලිය සන්නිවේදනය වශයෙන් සරලව හදුන්වන්න පුළුවන්.

අද වන තෙක් ඔබගේ මේ ගමනට ගුරුහරුකම් ලබා දුන් ගුරුවරුන් කවුරුන් ද ?

ඔව්. මට මගේ ගුවන් විදුලි ජීවිතයේ දී ක්ෂේත‍්‍රයේ දැවැන්තයින්ගේ මග පෙන්වීම නිරතුරුවම ලැබුණා. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, දයානන්ද ගුණවර්ධන, ගුණසේන ගලප්පත්ති වගේ නාට්‍ය කලාවේ දැවැන්ත චරිතවල ම`ග පෙන්වීම මට නිරතුරුවම ලැබුණා. ඊට අමතරව මම වේදිකා නාට්‍ය ශිල්පිනියක් ලෙස කිරිගරු`ඩ, අම්මයි පුතයි ආදි වේදිකා නාට්‍ය බොහෝමයක රංගනයෙන් දායක වුණා. ඒ වගේම මගේ මේ ගමනට මගේ මව, පියා, සහෝදරයින් සහ මගේ සැමියා වන චන්දන පත්තප්පෙරුමගෙන් ලොකු ම`ග පෙන්වීමක් මෙන්ම ගුරුහරුකම් ලැබුණා.

ඔබගේ මාධ්‍ය ජීවිතය තුළ ඔබ මුහුණ දුන් අමතක නොවන සිදුවීම් මොනවා ද ?

මගේ ජීවිතයේ අමතක නොවන සිදුවීම තමයි, යුධ වාතාරණය මැද වසර දොළහකට පසු යාපනයේ නල්ලූර් කන්දස්වාමි ජනතාව වෙනුවෙන් විවෘත කළ අවස්ථාවේ ගෙන ගිය සජීව විස්තර ප‍්‍රචාරය. රත්මලානේ සිට පළාලි ගුවන් තොටුපළට යන තුරු අපගේ ජීවිතය ගැන බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ඒ වගේම දසදහසක් වු දෙමළ ජනතාව අතර සිට මම ඒ වෙලාවේ හිටපු එකම සිංහල මාධ්‍ය නිවේදිකාව වශයෙන් උතුරේ ජනතාවගේ හද ගැස්ම හ`දුනාගෙන ඒ අවස්ථාවට මුහුණ දුන්නා. ඒ සජීවි විස්තර ප‍්‍රචාරය හරහා මට හැකි වුණා, මගේ හ`ඩ උපයෝගි කරගෙන යාපනයේ පැවැති පරිසරය ගුවන් විදුලියෙන් මවන්න. ඒ වගේම ජාතීන් දෙකක් අතර ඇති වුණු සමගියේ සංකේතයක් වු ඒ අවස්ථාව මගේ ජීවිතයට ඉතාමත් වැදගත් සිදුවීමක් වුණා. ඒ හින්දා මම පළාලි සේවයේ සෑම වසරකම මාස දෙකක් සේවය කරනවා.

සමකාලීන මාධ්‍යකරුවා සහ දේශපාලනය අතර තියෙන සම්බන්ධය ඔබ දකින්නේ කොහොම ද ?

ඔව්. මාධ්‍යකරුවෙක් හැටියට මට දේශපාලනයක්, දේශපාලන අරමුණක් තියෙන්න පුළුවන්. ඒත් මාධ්‍යකරුවෙක් හැටියට මාධ්‍යකරුවාගේ වගකීම වෙන්න  ඕනේ , මාධ්‍යකරුවාගේ දේශපාලන අරමුණු පසෙක තියා , මිනිසුන්ගේ හදවත ගැහෙන, හදවත ඉල්ලන දේ දෙන්න. ඒ නිසා මාධ්‍ය තුළ දි මාධ්‍යකරුවාට දේශපාලන අරමුණක් තියෙන්න බැහැ.

අද ලංකාව තුළ නිවේදන වෘත්තියට පිළිගැනීම ගැන ඔබ තෘප්තිමත් ද ?

මම ජාතික ගුවන් විදුලියෙන් බිහිවුණු සන්නිවේදිකාවක් නිසා ජාතික ගුවන් විදුලියේ අදටත් ආරක්ෂා කරමින් එන ප‍්‍රමිතිය නිසා නිවේදන වෘත්තියට තවමත් හො`ද පිළිගැනීමක් තියෙනවා. ඒත් අද වානිජකරණය සමග බිහිවෙන පෞද්ගලික මාධ්‍ය ආයතන තුළ සිටින සන්නිවේදකයන්ට එහෙම පිළිගැනීමක් තියෙනවා ද කියලා ගැටලූවක් මතු වෙනවා. එහිදි නිවේදන වෘත්තියේ පිළිගැනීමට මාධ්‍ය හිමිකරුවන්ගේ න්‍යාය පත‍්‍ර බෙහෙබින් බලපානවා. ඒ නිසා නිවේදකයාට සිදුවෙනවා ඒ මාධ්‍ය න්‍යාය පත‍්‍රයන්ට අනුකූලව කි‍්‍රයා කරන්න. ඒ අනුව නිවේදන වෘත්තියට තිබෙන පිළිගැනීම ගැන මට සාධනීය තෘප්තියක් පවතිනවා.

ඒ තත්ත්වය කෙසේ වුවත් 2017 වසරේ ඔබ විශිෂ්ටතම ප‍්‍රවෘත්ති නිවේදිකාව බවට පත්වෙනවා නේද ?

ඔව්. 2017 ප‍්‍රථම රාජ්‍ය ගුවන් විදුලි සම්මාන උළෙලේ දී විශිෂ්ටම සිංහල ප‍්‍රවෘත්ති ප‍්‍රකාශිකාව වශයෙන් ගෞරව සම්මානයට පාත‍්‍ර වෙනවා. ඒ ලැබුණු සම්මානය මට නොවෙයි, සමස්ත ගුවන් විදුලි ක්ෂේත‍්‍රය වෙනුවෙන් ලබා දුන් ඇගයීමක් ලෙස මම හ`දුන්වන්න කැමතියි. එසේම ගුවන් විදුලි ඉතිහාසයේ වැදගත් අවස්ථාවක් ලෙස 2017 රාජ්‍ය ගුවන් විදුලි සම්මාන උළෙල පෙන්වා දෙන්නත් පුළුවන්. මීට පෙර ජාතික ගුවන් විදුලිය ඇතුළත එවැනි කි‍්‍රයාදාමයක් පැවතුණත් , සමස්ථ රටම ආවරණය වන පරිදි එවැනි සම්මාන උළෙලක් පවත්වා නැහැ.

ගුවන් විදුලි මාධ්‍ය වෙනුවෙන් පවත්වන ඇගයීම් උළෙලවල හි`ගයක් පවතිනවා. ඒ ගැන දරන අදහස ?

අද ලංකාවේ රූපවාහිනි වැනි මාධ්‍යන් වෙනුවෙන් බොහෝමයක් සම්මාන උළෙලවල් පවතිනවා. ඒත් කණගාටුවට කරුණ වන්නේ මෙරට ප‍්‍රථම විද්්‍යුත් සන්නිවේදන මාධ්‍ය වුණු ගුවන් විදුලිය වෙනුවෙන් කිසිම ආකාරයේ දිගු කාලීන ඇගයිම් උළෙලක් නොපැවතීම. ඒත් 2017 වසරේ දී පැවැත්වුණු ප‍්‍රථම ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙලින් ඒ හිඩැස යම්තාක් දුරට හෝ පිරිමැසුණු ආකාරයක් දැක ගත හැකි වුණා. ඒ නිසා මෙවැනි ඇගයිම් උළෙලවල් මගින් ගුවන් විදුලි ශිල්පීන් දිරිමත් වන ආකාරය දැක්විය යුතුයි. 

වර්තමාන නිවේදන ශිල්පීන්ට, ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයෙක් ලෙස ඔබ දෙන උපදෙස් මොනවා ද ?

 ගුවන් විදුලි ක්ෂේත‍්‍රයට පැමිණ හෝ ක්ෂේත‍්‍රයට පැමිණීමට බලාපොරොත්තු වන අංකුර සන්නිවේදකයින්ට ලබා දෙන උපදෙස තමයි, මුදල සහ ජනපි‍්‍රයත්වය කියන පටු අරමුණ පෙරදැරි කොටගෙන ගුවන් විදුලි ක්ෂේත‍්‍රයට නොපැමිණ ප‍්‍රතිභාව , කුසලතාව සමගින් යහපත් සන්නිවේදකයෙක් ලෙස ක්ෂේත‍්‍රයට පැමිණෙන්නට ආරාධනා කරනවා. එහෙම මුදල් හා ජනපි‍්‍රයත්වය කියන පටු අරමුණු සහිතව ක්ෂේත‍්‍රයට පැමිණීම තාවකාලික දෙයක්. ඒ නිසා විෂය ගැඹුරින් හදාරා , ඉලක්කයක් සහිතව ගුවන් විදුලි ක්ෂේත‍්‍රයට පැමිණියොත් ජනපි‍්‍රයත්වය කියන දෙය ශ‍්‍රාවක ජනතාවගෙන් ඉබේම ලබා ගන්න පුළුවන් දෙයක්. ඒ නිසා අපේ සිත දෙවොලක් කරගෙන මේ කටයුතු නිවැරදිව නියැලූනොත් මේ ක්ෂේත‍්‍රය තුළ දිගු ගමනක් යන්න හැමෝටම පුළුවන් වෙනවා.

අවසාන වශයෙන් ඔබට අද මෙම ස්ථානයට පැමිණිමට රුකුලක් වු පුද්ගලයින් කවුරුන් ද ?

මුලින් ම මගේ මව ශීලා සරත් කුමාරිහාමි, පියා සිමියන් කළුබෝවිල, මගේ සැමියා චන්දන පත්තප්පෙරුම සහ මගේ පුතුන් දෙදෙනා වන තරි`දු පත්තප්පෙරුම හා ගජිත පත්තප්පෙරුම යන අයගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම මගේ ගුවන් විදුලියේ ගුරුවරුන්ගෙනුත් මගේ ගමනට ලොකු සහයක් ලැබුණා. ඒ හැමෝවම මම කෘතවේදීව මේ අවස්ථාවේ සිහි කරනවා.

සාකච්ඡුා කළේ : සුමේන්ද්‍ර පෙරේරා සහ ටිෂානි ශෂි කුමාරි





ලාංකීය සිනමාවේ මහගෙදර වු සරසවි චිත‍්‍රාගාරය

කොළඹ නුවර ප‍්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 10 කණුව පසු වු විට කවුරුත් දන්නා හදුනන කැලණිය ටයර් මංසන්ධිය හමු වේ. එහි සිට මීටර් සියයක් පමණ ඉදිරියට පැමිණෙන විට දකුණු දෙසින් ස්වර්ණාලේපිත ඵලයක් මත ලියවුණු සරසවි චිත‍්‍රාගාරය යැයි සදහනක් දක්නට ඇත. ලාංකීය සිනමාවට ස්වර්ණමය යුගයක් සහ සේවාවක් ඉටු කළ සරසවි චිත‍්‍රාගාරයට එම ඵලකය සහිත වු මාර්ගයෙන් ප‍්‍රවේශ විය හැක්කේය. මෙරට සිනමා කර්මාන්තය උදෙසා සුවිශේෂී කාර්යය භාර්යයක් ඉටු කළ චිත‍්‍රපට සංස්ථාවට අයත් සරසවි චිත‍්‍රාගාරයේ අතීතාවර්ජනයක් සියුම්ව ගෙන හැර දැක්වීම අපගේ වෑයමයි.

ලාංකේය සිනමා කර්මාන්තය මුල් අවධියේ දී මුහුණ පෑ ප‍්‍රධාන ගැටලූවක් වුයේ චිත‍්‍රපට පසු නිෂ්පාදන කටයුතු ස`දහා යොදා ගත හැකි තාක්ෂණික සේවාවන්ගෙන් සමන්විත වන චිත‍්‍රාගාරයක් නොපැවතීමයි. සරසවි චිත‍්‍රාගාරය මගින් ලාංකීය සිනමාව මුහුණ පා සිටි එම අර්බුදකාරී තත්ත්වයට අවශ්‍ය පිළියම් ලබා දීමට සමත් විය. විශේෂයෙන්ම චිත‍්‍රපට කර්මාන්තයේ ශබ්ද පරිපාලන කටයුතු වැනි අතිශය බැ?රුම් කටයුතු සදහා මහගු පිටුවහලක් මෙමගින් හිමිවිය. එමෙන්ම ශී‍්‍ර ලාංකීය සිනමාවේ සුවිශේෂී හැරවුම් ලකුණු සනිටුහන් කළ විශිෂ්ට සිනමා කෘති සදහා මෙහි දායකත්වය නොඅඩුව හිමිවිය. 1989 දී එවකට ජනාධිපති වු රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමා විසින් සරසවි චිත‍්‍රාගාරයේ ප‍්‍රතිසංස්කරණය සහ නවීකරණය කිරීමට අවශ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන ප‍්‍රදානය කරන ලද්දේය. ඒ අනුව 1992 මාර්තු 23 වැනිදා නව ගොඩනැගිලි සංකීර්ණයක් සහිතව සරසවි චිත‍්‍රාගාරය නවීකරණය වන්නේ වර්තමානයේ පවතින ස්වරූපයට චිත‍්‍රාගාරය පත් කරමින් ය. මෙම නවීකරණ කි‍්‍රයාවලියෙන් පසු කළු සුදු සේයාපට ශෝධනය, මුද්‍රණය, ද්විත්ව මැදිරි හරහා අතිනවීන ශබ්ද පටල සැකසීම සහ ශබ්ද පටිගත කිරීම යන කර්තව්‍යන් සියල්ල සරසවි චිත‍්‍රාගාරය තුළින් සිදුකරගත හැකි විය.

විශේෂයෙන් සිනමා කර්මාන්තය උදෙසා විවිධ අංශවලින් සරසවි චිත‍්‍රාගාරයේ සේවාව විහිදි තිබිණ. රසායනාගාර වැඩ කටයුතු ( කළු සුදු ප‍්‍රතිඡුායාපලක පට ශෝධනය, ටේ‍්‍රබල් පි‍්‍රන්ට්ස්, ඩබල් පි‍්‍රන්ටින් , ශබ්ද අංශයේ වැඩ කටයුතු ( චිත‍්‍රපට ගීත පටිගත කිරීම, දෙබස් කැවීම, තැටි කැසට් පට නිෂ්පාදනය , සංස්කරණ වැඩ කටයුතු ( චිත‍්‍රපට සංස්කරණය, ප‍්‍රතිඡුායාපලක පට සංස්කරණය , කැමරා වැඩ කටයුතු ( එළිමහන් සහ ගොඩනැගිිලි තුළ ඡුායාගත කිරීම, චිත‍්‍රාගාර තුළ කැමරාකරණයට අවශ්‍ය පසුතල නිර්මාණය ආදි වශයෙන් සිනමා කර්මාන්තයට අවශ්‍ය නන්විධ සේවාවන් සරසවි චිත‍්‍රාගාරය හරහා ඉටු කරගත හැකි විය.

1973 වසරේ දී පෞද්ගලික අංශය යටතේ පැවති චිත‍්‍රාගාරය , 1972 පිහිටුවන චිත‍්‍රපට සංස්ථාවට පවරා ගන්නා ලදි. පසුකාලීනව එනම්, තාක්ෂණික වශයෙන් 2007 වසරේ දි සරසවි චිත‍්‍රාගාරය ඩිජිටල් තාක්ෂණය හා සමග අත්වැල් බැදගන්නේ එවකට පැවති ඇනලොග් තාක්ෂණයට සමුදෙමිනි. ඩිජිටල් තාක්ෂණය වෙත චිත‍්‍රාගාරය ගමන් කළත් අද වන විටත් ඇනලොග් තාක්ෂණය හා සම්බන්ධව පැවති තාක්ෂණික උපකරණ සියල්ල සංරක්ෂණය කොට තිබෙන්නේය. ඒ අනාගත පරපුර වෙනුවෙන් පුරාවස්තු ලෙස එම උපකරණ ආරක්ෂා කිරිමේ අවශ්‍යතාවය නිසාවෙනි. ඇනලොග් තාක්ෂණය යටතේ චිත‍්‍රපට සදහා අවශ්‍ය වන අතිරේක ශබ්ද පටිගත කොට දැවැන්ත සිනමා නිර්මාණ සදහා ඒවා උපයෝගී කරගත්තේය. එහෙත් නුතන නව්‍ය ඩිජිටල් තාක්ෂණයේ ආගමනය නිසා එවැනි අතිරේක ශබ්ද ඩිජිටල් මෙමරි පත් වෙත ලබාගෙන ඇත. වර්තමානය වන විට සිනමා නිර්මාණවලට අමතරව රූපවාහිනි වැඩසටහන්, රූපවාහිනි වෙළද දැන්වීම් සහ දෙබස් කැවීම් සිදු කරනු ලබයි. එයින් පෙනී යන්නේ යුගයෙන් යුගය වෙනස් වුවත් එදා මෙන් අදත් සරසවි චිත‍්‍රාගාරය ලාංකේය රූප මාධ්‍යට අවශ්‍ය වන ප‍්‍රබල සේවාදායකයෙක් බවය. 

ලාංකේය සිනමා ඉතිහාසයේ සුවිශේෂී සිනමා නිර්මාණ සුරැුකීම සදහා චිත‍්‍රපට සංරක්ෂණාගාරයක් ද චිත‍්‍රාගාර පරිශ‍්‍රය තුළ පවත්වාගෙන යනු ලබයි. ප‍්‍රමුඛ පෙළේ චිත‍්‍රපට ස`දහා ගීත පටිගත කිරිම ද සිදු කර ඇති අතර පේ‍්‍රමසිරි කේමදාස, වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ වැනි ප‍්‍රවීණ ගායන ශිල්පීන්ගේ දායකත්වය ඒ සදහා ලැබී ඇත්තේය. 
චිත‍්‍රපට අංශයෙන් ඉතාමත් සුවිශේෂී ලාංකීය සිනමාවේ හැරවුම් ලක්ෂයන් වු බොහෝමයක් සිනමා නිර්මාණයන්ගේ පසු නිෂ්පාදන කටයුතු ස`දහා යොදා ගෙන ඇත්තේ ද සරසවි චිත‍්‍රාගාරයයි. චිත‍්‍රපට හ`ඩ කැවීම, චිත‍්‍රපට සංස්කරණය සහ අතිරේක ශබ්ද යෙදීම වැනි කාර්යයන් ඒ යටතේ සිදු වූයේය. සුනිල් ටී. පෙරේරා, සරත් ධර්මවර්ධන, රෝයි ද සිල්වා, බන්දු සමරසිංහ, සුනිල් සෝම, උදයකාන්ත වර්ණකුලසූරිය, චන්ද්‍ර රත්න මාපිටිගම වැනි සිනමා කර්මාන්තයේ අති දැවැන්තයින්ගේ සිනමා නිර්මාණ ස`දහා සරසවි චිත‍්‍රාගාරය මාහැ`ගි තෝනැන්නක් වුයේය.

සරසවි චිත‍්‍රාගාරය ලාංකේය සිනමා ක්ෂේත‍්‍රයේ විශිෂ්ට ගණයේ සිනමා කෘති රාශියකට සිය තාක්ෂණික දායකත්වය සැපයු බව ලාංකීය සිනමා ඉතිහාසයෙන් මනාවට පිළිඹිබු වේ. රසික සිත් තුළ ජනාදරයට පාත‍්‍ර වු චිත‍්‍රපට රාශියක් සදහා සරසවි චිත‍්‍රාගාරයේ දායකත්වය ලබා ගත්තේ එවකට චිත‍්‍රපට පසු නිෂ්පාදන කටයුතු සදහා ඉන්දියාවට යාමේ  අපහසුතාවය සහ ශී‍්‍ර ලංකාවේ විශිෂ්ටතම ශ‍්‍රව්‍ය සහ දෘශ්‍ය තාක්ෂණික ක‍්‍රමෝපායන්ගෙන් සමන්විත වු එකම ආයතනය සරසවි චිත‍්‍රාගාරය වු නිසාවෙනි. එදා මෙදා තුර සිංහල සිනමා වංශ කතාවේ විශාල සිනමා කෘති රාශියක් අතුරෙන් ලාංකේය සිනමාවේ විශිෂ්ට සිනමා කෘති කිහිපයක් පිළිබද අවධානය යොමු කළ විට පෙනී යන්නේ එකී චිත‍්‍රපට සදහා සරසවි චිත‍්‍රාගාරය ලබා දුන් දායකත්වය සුළු පටු නොවන බවයි. එම සිනමා කෘති සදහා ඉතා සියුම්ව දෙබස් කැවීම ඇතුළු ශබ්ද පරිපාලනයේ බොහෝ කටයුතු සදහා මූලිකත්වය ගනු ලැබුවේ සරසවි චිත‍්‍රාගාරයයි. අයෝමා , සුදු සෙවනැලි, මතුයම් දවසක, වෑකන්ද වලව්ව, දඩබිම එයින් කිහිපයක් පමණි. එමෙන්ම ලාංකේය සිනමාවේ හැරවුම් ලක්ෂ බවට පත් වු දේශීය මෙන්ම ජ්‍යාත්යන්තර වශයෙන් සම්මානනීයත්වයට පාත‍්‍ර වු ප‍්‍රසන්න විතානගේ වැනි සිනමාකරුවන්ගේ සමාජ පරිඥානය ඔස්සේ දෘශ්ටිගත වුණු පුරහද කළුවර, පවුරු වළලූ වැනි සිනමා පට සදහා සරසවි චිත‍්‍රාගාරයෙන් වු සේවාව අමරණීය ය.

පුරා දශක හයකට ආසන්න කාලයක් සිනමා සහ රූපවාහිනි දෘශ්‍ය මාධ්‍ය සදහා සිය දායකත්වය සැපයු සහ 21 වන සියවස තුළදීත් සිනමා කර්මාන්තයේ දේශීයත්වය විදහා දැක්වෙන දේශීය සිනමා සංස්කෘතියක් නිර්මාණය කිරිමෙහිලා සරසවි චිත‍්‍රාගාරය ලබා දුන් සහ ලබා දෙන සේවාව අනගිබවනීය ය. එමනිසා මෙවන් වු ප්‍රෞඩ උරුමයක් කෙරෙහි රාජ්‍ය අංශයේ මැදිහත්වීම වඩාත් සාධනීය වන්නේ නම් විදේශීය සිනමාව පවා තරණය කළ හැකි මානව සම්පත් සහ භෞතික සම්පත් ඇති බව පවසන්නේ දේශවාත්සල්‍යයෙන් යුතුවය.

සම්පත් දායකත්වය රවීන්ද්‍ර ලාල් මහතා සහ නන්ද කුමාර මහතා 
සටහන් කළේ : සුමේන්ද්‍ර පෙරේරා සහ ටිෂානි ශෂි කුමාරි

Wednesday, 17 April 2019

විමසුම

පුංචි ඡන්දය හා භික්ෂු දේශපාලනය

මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස

ආයෙත් වතාවක් දේශපාලන වාතාවරණය උණුසුම් වෙමින් පවති. ප්‍රාදේශීය සභා, පළාත් සභා ගම් මට්ටමේ නියෝජිතයන් තෝරා ගැනීම සඳහා වු නව ඡන්ද ක්‍රමය හෙවත් සාමානුපාතික ඡන්ද ක්‍රමයට පැමිණීමට පෙර පැවති ඡන්ද ක්‍රමය නැවත වතාවක් හඳුන්වා දෙමින් පවති. මෙහි ඇති ඉතා විශේෂතාවය වන්නේ ගමට , ගමේ සීමාවට තමන්ගේම නියෝජිතයෙක් තෝරා ගැනීමට ඇති හැකියාවයි. පරණ ක්‍රමය යටතේ ඇති හැකි මුදල් තිබෙන ව්‍යාපාරිකයින්ට දේශපාලනය කිරිමට ඇති අවස්ථාව මේ මගින් ඇහිරි යයි. මෙම නවතම ඡන්ද ක්‍රමය සමඟ කාන්තා නියෝජනය ද ඉහළ යමින් තිබේ. මෙය අප විශ්වාස කරන පරිදි ඉතා ප්‍රගතිශීලි අවස්ථාවකි.

 දැනට ලැබෙමින් පවතින තොරතුරු නිරික්ෂණය කිරිමේ දී සෑම ප්‍රාදේශීය සභාවකටම භික්ෂුන් වහන්සේලා ඉදිරිපත් වන ප්‍රවණතාවක් හඳුනා ගත හැකිය.  ප්‍රධාන දේශපාලන පක්ෂ , පොදු ස්වාධින කණ්ඩායම් වශයෙන් මෙම පිරිස දේශපාලන පොර පිටියට පිවිසෙන ආකාරය දැනට ලැබෙන තොරතුරු මගින් හෙලිදරව් වී තිබේ. 
පසුගිය කාලයේ පාර්ලිමේන්තුව තුළ සිදු වු භික්ෂු දේශපාලනයන් මෙය වඩාත් තහවුරු කරන්නේය. විශේෂයෙන් ම ගංගොඩවිල සෝම හිමියන්ගේ අපවත්වීම සමඟ ඇති වු සමාජ විලෝපනය , කම්පනය , සංවේදීතාවය සහ සමාජය පිළිබඳ උන්වහන්සේ දැක් වු යම් යම් විවේචනාත්මක ආකල්ප පදනම් කරගෙන මෙම රැල්ල ඇති වු බව මිනිසුන්ගේ නිරික්ෂණය කළ හැකිය . 

මේ සඳහා යම් උගත් දේශපාලන බලවේගයට හැඟවීමට අපේක්ෂා කළ දේශපාලනඥයින් ද සම්බන්ධ වු ආකාරය එම ඡන්ද ව්‍යාපාරය නිරික්ෂණය කිරිමේ දී හඳුනාගත හැකිය. පාර්ලිමේන්තුවට පැමිණි භික්ෂුන් වහන්සේලා අතින් සිදු වු කාර්යය කුමක් ද ? භික්ෂුන් වහන්සේලාගේ කාර්යය කුමක් ද ? ආගමික පුජකයින් වහන්සේලාගේ සමාජීය, සංස්කෘතික කාර්යය භාර්යය කුමක් ද ? නැවත සමාලෝචනය කිරිමට මෙය එක් අවස්ථාවක් ලෙස මම මෙය උපයෝගි කර ගනිමි. නැවත සොයා බැලීමේ දී භික්ෂුන් වහන්සේලා පාර්ලිමේන්තුවට පැමිණීම සමඟ මෙරට සංස්කෘතිය, සදාචාරය , ශිෂ්ටත්වය, ජාතිකත්වය පිළිබඳ කවර හෝ ආකාරයේ පිබිදීමක් ඇති වුවා ද යන්න නැවත සළකා බැලිය යුතුය. උදාහරණයක් වශයෙන් විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ කටයුතු කරන මා හට ඉතා සංවේදී අත්දැකීමක් තිබේ. 

මෙරට මව් භාෂාව පිළිබඳ පර්යේෂණ කිරිම , අධ්‍යයනය කිරිම , දත්ත රැස් කිරිම ඒ හා බැදුණු විවිධ පර්යේෂණ කටයුතු සිදු කිරිමේ අවශ්‍යතාවය බරපල ලෙස මතු වී තිබේ. භික්ෂුන් වහන්සේලා පාර්ලිමේන්තුවට ආ කාල වකවානුව මෙරට විශ්වවිද්‍යාලවල මව් භාෂාව පිළිබඳ වු කටයුතු නැවත සමාලෝචනය කළ යුතුය. උදාහරණයක් ලෙස උන්වහන්සේලා පාර්ලිමේන්තු ආ වකවානුවල මෙරට විශ්වවිද්‍යාල ප්‍රවේශයට මව් භාෂාව හැදැරිමට පැමිණියේ විශේෂ ප්‍රවේශයෙන් හෙවත් අඩු ලකුණුවලින් පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පමණි. මව් බස පර්යේෂණ කිරිම පිරිහෙමින් තිබේ. වෙනත් භාෂා අරාබි භාෂාව, දෙමළ භාෂාව, ඉංග්‍රීසි භාෂාව සහ වෙනත් විදේශීය භාෂා පර්යේෂණ කිරිම, අධ්‍යයන කිරිම මීට සාපේක්ෂව වර්ධනය වී තිබේ. 

ජාතිය බේරා ගැනීම , හෙළ උරුමය ගොඩ නැඟීම, මව් බසේ සංස්කෘතිය අනන්‍යතාවය රැකීමට උන්වහන්සේලා පාර්ලිමේන්තුවේ සුඛ විහරණය කරද්දි මව් බසේ තත්ත්වය එසේ ඛේදවාචකයට පත් විය. භික්ෂුන් වහන්සේලා නැවත බලය ඉල්ලන්නේ කුමකට ද? මේ වන විට රටේ සමාජ, සංස්කෘතික විලෝපනය බරපල ගැටුමක් බවට පත් වී තිබේ. 
අලුත්ම සංඛ්‍යාලේඛන පෙන්වා දෙන පරිදි එක්සත් ජාතීන්ගේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම තොරතුරු අනුව ලංකාව දැන් ලෝකයේ වැඩිම දිවි නසාගන්නා රට බවට පත් වී තිබේ. 1986 ලෝක ක්‍රිකට් ශූරතාවය දිනා ගන්නා වර්ෂයේ දි අපි දිවි නසා ගැනීමේ කප් එක ද ඔසවා ගත්තෙමු. දැන් නැවත වතාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පහළට වැටෙද්දි අපි දිවි නසාගැනීමේ කප් එක ඔසවා ඇත්තෙමු. මේ පිටිපස ආගමික නායකයින්ට කළ හැකි කාර්යය භාර්යය කුමක් ද ? ආගමික නායකයින්ට කාර්යය භාර්යයක් නොමැති ද ? එය නැවත සමාලෝචනය කළ යුතුව තිබේ. බල තරඟය, බල පොරය , මුදල් ගරා ගැනීම් , අල්ලස් හා දූෂණ වංචා වලට තෝතැන්නක් වු දේශපාලනය තුළ භික්ෂුන් වහන්සේලා කළ යුතු කාර්යය භාර්යය කුමක් ද ? 40 දශකයේ දි විද්‍යාලංකාර පිරිවෙන පදනම් කරගෙන ඓතිහාසික භික්ෂු දේශපාලන ප්‍රකාශනය ප්‍රකාශයට පත් වීමයි. ඉන් උන්වහන්සේලා අපේක්ෂා කළේ රට ජාතිය ආගම පිළිබඳ අවවාද අනුශාසනා කිරිමේ, මඟ පෙන්වීමේ , උපදේශන කාර්යයේ භික්ෂුන් වහන්සේලා සතු වු කාර්යයි. ඒත් අවාසනාවකට මේ වන විට පාර්ලිමේන්තුවට, ප්‍රාදේශීය සභාවට උන්වහන්සේලා පොරකමින් සිටි. උන්වහන්සේලා කළ යුතු කාර්යය කුමක් ද ? මව්වරුන් දරුවන් ගඟට විසි කරයි. දරුවන් අතරමඟ දමා පියවරුන් ගමන් කරති. දිවි නසා ගැනීම, ප්‍රචණ්ඩතාවය, අපරාධ, වංචා , සමාජ දූෂණයන් ඉහවහ ගෙන යමින් තිබේ. භික්ෂුන් වහන්සේලා නැවත දේශපාලනයට පිවිසීමට පෙර තමන්ගේ භූමිකාව නැවත සමාලෝචනය කළ යුතුය. අවසර හාමුදුරුවනේ, මේ ගැන නැවත සිතා බලනු මැනවි. 

සටහන් කළේ : සුමේන්ද්‍ර පෙරේරා

පුංචි රෝමයේ සහජීවනයේ නත්තල


 ලොවට ගැලවීමේ පණිවිඩය ගෙන දුන් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහි කරන මෙන්ම උන්වහන්සේගේ විජයග්‍රාහි දෙවන ආගමනය බලාපොරොත්තුවෙන් ලෝකවාසි කිතුනු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මංගල්‍යකි, නත්තල් මංගල්‍යය. කිතුනු ජනතාවගේ ජීවමාන එf`ඞ්රාණන් වන පාප්තුමා වැඩ සිටින රෝම පුරවරය නත්තලේ සීතලෙන් මෙන්ම නත්තල් අසිරියෙන් ඇලලී යන්නේ ලොවට සාමයේ කුමරුවාණන්ගේ ආශීර්වාදය ගෙන දෙමිනි. ඒ රෝම පුරවරය මෙන් ශ්‍රී ලංකීය කිතු සසුන තුළ වැදගත් කේන්ද්‍රස්ථානයක්  වු පුංචි රෝමය නම් වු මීමුරයේ  අසිරිමත් නත්තල, ලක්වාසි කිතුනු ජනතාවට පසක් කරන්නට වෙර දරන්නේ සාමයේ, සහජීවනයේ පණිවිඩය යි.

මීගමුව නැතිනම් මීමුරය කී සැනින් නිසඟයෙන් අප මුවට ගලා එන්නේ සුන්දර වෙරළබඩ තීරය සහ ඒ හා සමඟ උරෙන් උර ගැටෙමින් ජීවත් වන්නට වෙර දරන ධීවර ප්‍රජාවයි. මීගමුව පුරවරයට ,  පුංචි රෝමය ලෙස නම් පටබැඳීමට හේතූන් වන්නේ මීගමුව පුරවරය තුළ ජීවත් වන ප්‍රජාවගෙන් අති බහුතරය කතෝලික ජනාතාව වීම සහ කතෝලික සසුනේ දැවැන්ත ප්‍රතාපවත් චරිතයන්ගේ නිජ භූමිය මීමුරය වීමයි. මෙහි සුවිශේෂීතාවය වන්නේ කිසිදු දිනක කතෝලික, බෞද්ධ, මුස්ලිම් හා හින්දු ලෙස මීගමුවේ පුරවැසියන් අතර කිසිදු භේදයක් නොමැති වීමයි. බුදු තෙමඟුලට වෙසක් පහන් දල්වන සහෝදරත්වයේ දෑතින්ම නත්තලට නත්තල් ගස සැරසීමෙන් පුංචි රෝමයේ ආගමික සහජීවනය මනාව ත්‍රිව වේ. මීගමුව පුරවරය හෙවත් පුංචි රෝමය තුළ දිවයිනේ ප්‍රධාන  කතෝලික දෙව්මැදුරු රැසක් අපට  හමුවන අතර එම කතෝලික දේවස්ථාන සංඛ්‍යාව විසිපහකටත් අධිකය. එහි සුවිශේෂිබව වන්නේ දිවයිනේ ඓතිහාසික ලෙස වැදගත් කතෝලික දේවස්ථාන ද එම දේවස්ථාන ම වීමය. මීගමුව පුරවරය මධ්‍යයේ පිහිටි මහවීදිය සාන්ත මරියා දේවස්ථානය පුංචි රෝමයේ සියලුම කතෝලික දේවස්ථානයන්ට මව් දේවස්ථානය ලෙස වැජඹෙයි. තවද මහවීදිය සාන්ත මරියා දේවස්ථානයේ සුවිශේෂීභාවය වන්නේ වසර දෙසීයකට ආසන්න ඉතිහාසයකට උරුමකම් කීම සහ නත්තල් සමයේ මීගමු පුරවරයේ විශාලතම ගවලෙන නිර්මාණය වීමයි. මහවීදිය සාන්ත මරියා දේවස්ථානය ගොඬනැගී ඇත්තේ ධීවර ප්‍රජාවගේ අප්‍රතහිත කැපවීමෙනි. එදා ජේසුස් වහන්සේ සිය ගෝලයින් ලෙස තෝරා ගනු ලැබුවේ ද ගලීල මුහුදේ ධීවරයින් වු නිසා එයින් පෙනි යන්නේ පුංචි රෝමය හා කිතු දහම අතර ඇති අන්‍යෝන්‍ය සබඳතාවයයි. සාන්ත සෙබස්බතියන් දේවස්ථානය කටුවපිටිය, සාන්ත අන්තෝනි දේවස්ථානය කොච්චිකඬේ, සාන්ත අන්තෝනි දේවස්ථානය දළුපොත, සාන්ත ආනා දේවස්ථානය කුරණ, සාන්ත ජුසේ මුනි දේවස්ථානය පමුණුගම,ශුද්ධ වු අඩක්කල දේවමාතා දේවස්ථානය තුඩැල්ල, සාන්ත රෝකුස් මුනි දේවස්ථානය දෑලතුර, සාන්ත නිකුලා මුනි දේවස්ථානය බෝපිටිය, ශුද්ධ වු ජපමාල දේවමාතා දේවස්ථානය දෙහියාගාත, සාන්ත සෙබස්තියන් දේවස්ථානය කදාන, ශුද්ධ වු වික්ෂෝප දේවමාතා දේවස්ථානය ජා-ඇල, සාන්ත ආනා දේවස්ථානය වැලිගම්පිටිය, සාන්ත මරිය මග්දලේනා මුනිශ්වරියගේ දේවස්ථානය දුන්ගාල්පිටිය, සාන්ත බාර්බරා මුනිශ්වරියගේ දේවස්ථානය තලාහේන, කැපුන්ගොඩ සාන්ත අන්තෝනි දේවස්ථානය,ශුද්ධ වු කානික්ක දේවමාතා දේවස්ථානය දුන්ගාල්පිටිය ආදි කතෝලික ප්‍රෞඩත්වය හොවා දක්වන දෙව්මැදුරු රාශියකින් නත්තල් දා මධ්‍යම රාත්‍රියේ සීනු හැඬවෙන්නේ පුංචි රෝමයේ අසිරිය සිරිලකෙහි මවා පාමිනි. පෘතුගීසී සමයේ මෙරටට හඳුන්වා දෙන කතෝලික දහම චිරන්තන කාලයක් රැදී පැවතුණු පුංචි රෝමයේ බෞද්ධ බැතිමතුන්, මුස්ලිම් බැතිමතුන් හා හින්දු බැතිමතුන් එක්ව ගායනා කරන කැරෝල් ගීත පසක් කරන්නේ කිතු සමිඳුන් දේශනා කළ සහෝදර ප්‍රේමය යි. චතාරික සමයට දූවේ පාස්කු නාට්‍ය බැලීමට එන ජනතාව නත්තල් සමයට පුංචි රෝමයේ කැරොල් ගායනා රසවිඳින්නේ කිසිදු භේදයකින් තොරව ය. නත්තල් සමය තුළ පුංචි රෝමයටම පමණක් ආවේණික වු කැරොල් කරත්ත සම්ප්‍රදායක් පැවති බව සාහිත්‍ය මූලාශ්‍ර පෙන්වා දෙයි. එහෙත් වර්තමානය වන විට එම නත්තල් කැරොල් කරත්ත සම්ප්‍රදාය අභාවයට ගිය නමුදු, දේවස්ථානවල, පාසල්වල සහ රාජ්‍ය ආයතනවල කැරොල් ගායනා සංවිධානය වේ.

නත්තල් සමයට සූදානම් වන පුංචි රෝමයේ ජනතාව ආගමන සමය තුළ නිවසින් නිවසට ජේසු බිළිඳු ප්‍රතිමාව වැඩම කරවමින් යාච්ඤාාවේ යෙදෙන්නේ නත්තල් සමයට අධ්‍යාත්මිකව සූදානම්වීමේ අවශ්‍යතාවය පෙන්වා දෙමින් ය. පුංචි රෝමය පුරා ව්‍යාප්තව ඇති දේවස්ථානවල සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවති. මෙසේ දේවස්ථාන ආශ්‍රීතව ගොඩ නැඟෙන පරිසරය තුළින් මිගමුව පුරවරයෙන් දැයට දායාද කළ කලාකරුවන් , ජන නායකයින් සහ පූජක පුතුන් ගැන කථා නොකරම බැරිය. පුංචි රෝමය ලෙස මිගමුව පුරවරයට නම් පටබැඳීමට මුඛ්‍ය සාධකයක් වූයේ ශ්‍රී ලාංකීය කතෝලික සසුනට ඉතා විශාල පූජක පුතුන් දායාද කරමින් සමිඳු මිදි උයන අස්වැද්දීමට කළ අප්‍රතහිත මෙහෙයයි. කිතුනු ලක් සසුනේ ප්‍රථම කාදිනල් හිමිපාණන් වන අති උතුම් තෝමස් කාදිනල් කුරේ හිමිපාණන්ගේ උපන් ග්‍රාමය වන්නේ මීගමුව පෙරියමුල්ලයි. කතෝලික සසුනේ දැවැන්ත යුග පුරුෂයින්ගේ නිජ භූමිය වු පුංචි රෝමය තුළින් බිහි වු තවත් වැදගත් චරිතයක් බවට පත්වන්නේ අති උතුම් නික්ලස් මාක්ස් ප්‍රනාන්දු අගරදගුරු හිමිපාණන්ය. උන්වහන්සේ මීගමුවේ මුන්නක්කරය ග්‍රාමයේ ජන්ම ලාභය ලබා කොළඹ අගරදගුරු පදවියේ අගරදගුරු හිමිපාණන් ලෙස වසර විසිපහක් සිදු කළ සේවය පුංචි රෝමයේ අභිමානනීයත්වය විදහා දක්වයි. මානව සිත් සතන් ආගම ධර්මයෙන් මෙන්ම කලාවෙන් සුවපත් කිරිමට වරම් ලද්දාවු කලාකරුවන් රැසකට තෝතැන්නක් වූයේ ද මීගමුව පුරවරයයි. සිංහල සිනමා වංශය තුළ හමුවන ප්‍රථම කාන්තා ප්‍රතිරූපය වන්නේ ඇයයි. නමින් රුක්මණි දේවිය වන ඇය මීගමුව මහවීදිය සාන්ත මරියා දේවස්ථානයේ සැදැහැවතෙකි. සෑම දිනකම දේවස්ථානයට යන ඇය සිය අවසන් ගමන යන්නේ ද මහවීදිය දේවස්ථානයේ දීමය. පුංචි රෝමයේ ජීවත්වන ජනතාවට මහ පල්ලිය වන්නේ මහවීදිය සාන්ත මරියා දේවස්ථානයයි. වසර දෙසියක පමණ ඉතිහාසයකට උරුමකම් කියන මෙම දේවස්ථානය පුංචි රෝමයේ මව් දේවස්ථානයයි.

පුංචි රෝමය පිළිබඳ මෙලෙස අද අපට ඉතා ආඩම්බරයෙන් කතා කිරිමට හැකිවන පරිදි එහි කතෝලික ඉතිහාසය ලියැවීමට මෙන්ම පුංචි රෝමයේ කිතුනු දහම නොනැසී චිරන්තන කාලයක් රැදි පැවතීමට ශුද්ධවර ජුසේවාස් පියතුමන්ගෙන් සිදු වු සේවය ප්‍රශංසනීයය. එවකට එනම්, ලන්දේසී පීඩන යුගයේ දි රහසේ සැඟව සිටින කතෝලික බැතිමතුන් සොයා යන ගමනේ දි මීගමුව ප්‍රදේශයේ කතෝලික බැතිමතුන් සිටින බව දැනගත් ශුද්ධ වු ජුසේවාස් පියතුමා මීගමුවට පැමිණ කතෝලික ජනතාව වෙත ප්‍රසාද නිධාන දානය කරමින් ඔවුන් දිරිමත් කළ ආකාරය සභා ඉතිහාසය තුළ සඳහන්ය. එසේම ලන්දේසී පීඩන යුගයේ දි  පුංචි රෝමයේ වාසය කළ දොන් අපොන්සු පෙරෙයිරා නැමැති ප්‍රභූවරයෙකු තමන් සතු සියල්ල පරිත්‍යාග කර රටින් පිටුවහල් කරන ලද්දේ කතෝලික දහම වෙනුවෙන් සාක්ෂි දැරිම නිසාය. එවන් පසුබිමක් තුළ පුංචි රෝමය අද වන විට දිවයිනේ ප්‍රමුඛතම කතෝලිකයින් ජීවත්වන නගරයක් බවට පත්ව ඇත.

නත්තල කියු සැනින් කතෝලික සහ කතෝලික නොවන අයගේ මුවගට නැඟෙන නමක් වනුයේ නත්තල් කැරොල්ය. නත්තල් කැරොල් ගායනාවල ඉතිහාසය ද පුංචි රෝමය හා සුසැදිව බැඳී පවති. ගෞරවනීය ගෞරවනීය ජකොමේ ගොන්සාල්වෙස් පියතුමා උන්වහන්සේගේ ස්ථිර පදිංචිය ලෙස මීගමුවේ බෝලවත්ත ප්‍රදේශය තෝරා ගන්නේ වර්ෂ 1730 - 1740 අතර කාලයේ දීය. දෙවිඳු උපන්නේ සතුනි, නමෝ නමෝ මරිය ආදි නව කැරොල් ගී සම්ප්‍රදායකට මං පෙත් විවර වන්නේ ද පුංචි රෝමය මුල් කරගනිමිනි. ඒ අනුව පෙනි යන්නේ ශ්‍රී ලාංකීය නත්තල හා පුංචි රෝමය අතර වු චිරන්තන සබැඳියාවයි. ගෞරවනීය ජකොමේ ගොන්සාල්වෙස් පියතුමාගෙන් පසු නත්තල් කැරොල් ගී සම්ප්‍රදාය ඉදිරියට ගෙන යමින් ලාංකික අනන්‍යතාවයෙන් යුතු විචිත්‍රවත් කැරොල් සම්ප්‍රදායක් බිහි කරන්නේ මීගමුවේ දංකොටුවේ උපත ලද මල් පැලේ උපන් පන්සලේ පියතුමා යන විරුදාවලිය ලත් ගරු මර්සලින් ජයකොඩි පියතුමාය. කිතුනු ලේඛන කලාවේ මිණි පහන ලෙස හැඳින්වෙන මර්සලින් ජයකොඩි පියතුමාගේ කැරෝල් ගීතිකා අදටත් ලක්දිව පුරා ගායනා වෙද්දි පුංචි රෝමයේ ප්‍රතාපවත් තව තවත් ආලෝකමත් වන්නේ ය.

කිතු සමිඳුන් දේශනා කළ කිතුනු දහමේ හරය වු“ මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න ” යන  පාඨය පෙරදැරි කරගෙන බලන කල පෙනී යන්නේ සුරලොව දෙව් දුවන්ගේ යශෝ රාවයෙන් එකලු වන සාමයේ සීනු හඬින් නින්නාද වන පුංචි රෝමය නත්තල් සමයේ අසිරිය වැළඳ ගන්නේ සාමයේ, සහජීවනයේ සහ සහෝදරත්වයේ පණිවිඩය පතුරුවාලමිනි. බුදු තෙමඟුලට වෙසක් පහන් දැල්වෙන සහෝදරත්වයේ දෑතින් ඉදිවෙන සාමයේ ගවලෙන බඳු පුංචි රෝමයේ සහජීවනය චිරාත් කාලයක් පැවතේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.

දමිත් සුමේන්ද්‍ර



ඔබ අන්තර්ජාලයේ සැරිසරන්නේ කුමක් සඳහා ද ?


මානව සමාජය තුළ මානවයා සහ සමාජය අතර සබඳතාවය ගොඩ නඟන සේම මානව සමාජයේ පැවැත්ම තීරණය කරනු ලබන ප්‍රධානතම සාධකයක් වන්නේ මානව සන්නිවේදනය යි. ආදි මානව ඉතිහාසය තුළ මානවයා සංකේත, ශබ්ද , රූප හා අක්ෂර භාවිතයෙන් සිය අදහස් හැඟීම් අන්‍යයන් හා බෙදා ගත්තේය. රූපය අක්ෂර බවට පත් වී මුද්‍රණ යන්ත්‍රයේ බිහිවීමත් සමඟ සමාජයේ ඉතා වේගයෙන් මානව අදහස් සංසරණය වන්නට වු අතර පසුව සමාජය තුළ පෙරළියක් ඇති කිරිමට බලපෑ සාධයක් වන්නේ ජන මාධ්‍යයේ ආගමනය යි. පසුකාලීනව ජන මාධ්‍ය අභිබවා නව මාධ්‍යයේ : භැඅ ඵැාස් * ආගමනය සිදු වන්නේ සමස්ථ මාධ්‍ය සංස්කෘතිය වෙනස් කරවමිනි. එනම්, අන්තර්ජාලයේ ආගමනය යි. වර්තමානයේ සාධනීය මෙන්ම නිශේධනීය තත්ත්වයන් යටතේ විග්‍රහයට භාජනය වන අන්තර්ජාලය විශ්ව ගම්මාන : ඨකදඉ්ක ඪසකක්ටැ * සංකල්පයක් කෙරෙහි පවා ව්‍යාප්තව ඇත. ඒ නයින් බලන කල සංකල්පයක්, ක්‍රියාවලියක් මෙන්ම සංස්කෘතියක් යන විවිධ දෘෂ්ටි කෝණයන්ගේ සිට අන්තර්ජාලය යන වදන අරුත් ගැන්විය හැක.

නූතන ජන මාධ්‍ය අන්තර්ගතයට ඉතා ප්‍රබල බලපෑමක් එල්ල කරන අන්තර්ජාලය තවත් මාධ්‍යක් ලෙස නොව විවිධ වූ මාධ්‍යන් ගෙන යන්නාවු මාධ්‍ය වාහකයක් ලෙස හැඳින්විය හැක. පුවත් පත් කියවීම, රූපවාහිනිය නැරඹීම, සිනමා කෘති රසවින්දනය ආදි විවිධ මාධ්‍ය අන්තර්ගතයන් අන්තර්ජාලය ඔස්සේ ලබා ගැනීමට හැකි වීම , නූතන ජන මාධ්‍ය අන්තර්ගතය ප්‍රබල ලෙස වෙනසකට ලක් කර ඇති බවට නිදර්ශනයෝ ය. අන්තර්ජාලය භෞතිකව, සංවර්ධිත රටවල මෙන්ම සංවර්ධනය වෙමින් පවත්නා රටවල ද නාගරික හා ග්‍රාමිය ප්‍රදේශවල ද පවතින සමාජ , ආර්ථික, සංස්කෘතික සාධක පරිවර්තනය කිරිමෙහිලා බලපානු ලබයි. මේ පිළිබඳව විවිධ පර්යේෂණ මගින් අනාවරණය වී ඇති කරනු අනුව අන්තර්ජාලය සාධනීය මෙන්ම නිශේධනීය තත්ත්වයන් සමාජගත කරනු ලබයි.

අන්තර්ජාලය ලෙස අප හඳුන්වන සමස්ථ ජාල පද්ධතිය සැකසෙන්නේ වෙබ් අඩවි ලක්ෂ ගණනක සංයෝජනයකිනි. එබැවින් මෙම විවිධ වු වෙබ් අඩවි විවිධ අරමුණු මුල් කරගනිමින් පරිහරණය කරනු ලබය අතර විනෝදාස්වාදය, තොරතුරු ලබා ගැනීම, අධ්‍යාපනය, මූලික මිනිස් අවශ්‍යතා ඉන් සමහරකි. එසේම පුද්ගලයාට හානිදායක වන අසභ්‍ය වෙබ් අඩවි ද අන්තර්ගත වන අතර ඉන් බාල පරපුරට මෙන්ම තරුණ පරපුරට එල්ල කරනු ලබන බලපෑම ඉතා ප්‍රබලය. මෙවැනි අයහපත් තත්ත්වයන් හමුවේ මෙවැනි අසභ්‍ය වෙබ් අඩවි වාරණය කිරිම වර්තමානයේ සාකච්ඡාවට බඳුන් විය යුතු කරුණක්ව පවති. අන්තර්ජාලය සමාජ සබඳතා ගොඩ නඟනු ලබන ප්‍රධාන මෙවලමක් බවට අද පත්ව ඇත්තේය. ඒ අතරින් සමාජ ජාල ප්‍රධාන වෙයි. අන්තර්ජාලය මුල් කාලයේ දි නිර්මාණය කරනු ලබන්නේ යුධමය කටයුතු සඳහා වූවත් අද වන විට අන්තර්ජාලයේ සීමා ඉන් ඔබ්බට විහිදි ඇත්තේ අන්තර්ජාලයේ පවතින ප්‍රයෝජනවත් බව සහ ජාලමය ස්වරූපය පෙන්වමිනි.

අධ්‍යාපනය හා සම්බන්ධ වෙබ් අඩවි ලක්ෂ සංඛ්‍යාත ගණනාවක් අන්තර්ජාලය තුළ අන්තර්ගත වීමෙන් පෙනී යන්නේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය වඩාත් පුළුල් ලෙස ව්‍යාප්තව පවතින ආකාරයයි. සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයේ සීමා පුළුල් කරමින් වර්තමානයේ ෑ  ෑාමජ්එසදබ සංකල්පය සමාජගතව පවති. ඊට අමතරව විෂයානුබද්ධ කාරණා ද අන්තර්ජාලය හා සමඟ එක්ව පවති. මේ අනුව පෙනි යන්නේ ඉතා ක්ෂණිකව හා ගුණාත්මකව නිවැරදි අධ්‍යාපන ක්‍රමයක් ගොඩ නැංවීමෙහිලා අන්තර්ජාලයේ දායකත්වය යි. අන්තර්ජාලය හා සම්බන්ධ අධ්‍යාපන ක්‍රමයේ දි අප භෞතික ලෙස පරිහරණයට ගන්නා පොත අද වන විට ෑ  ඊදදන නැමැති අන්තර්ජාල පිටපතක් බවට පරිවර්තනය වී ඇත. දිනෙන් දින දියුණු වන අන්තර්ජාලය අධ්‍යාපන ක්ෂේත්‍රයට පමණක් නොව විවිධ වූ සමාජ , ආර්ථික , දේශපාලන ක්ෂේත්‍ර දක්වා පැතිර ගොස් හමාරය. වාණිජ ක්‍රියාවලියට මෙම අන්තර්ජාල සේවා කරනු ලබන බලපෑම අති ප්‍රබලය. ෑ  ඊ්බනසබට ල ෑ  ඵදබැහ ල ෑ  ඔසජනැඑ ල ෑ ඊමිසබැි ල ෑ  ීයදචචසබට ල ෑ  ක්‍ය්බබැකසබට ආදි ලෙස සමස්ථ ආර්ථික ක්‍රියාවලිය වෙනස් කිරිමට අන්තර්ජාලයට හැකි වී ඇත. භෞතික දේශ සීමා අභිබවමින් ගෝලීය සබඳතා දියුණු කරමින් පාරිභෝගික අවශ්‍යතා ඉතා ක්‍රමවත් ව සහ පහසුවෙන් ඉටු කර දීමට වර්තමානයේ බොහෝ ව්‍යාපාරකරුවන් මෙම ෑ  ක්‍දපපැරජැ ක්‍රියාවලිය සහ සම්බන්ධ වී ඇත. මෙය , පාරිභෝගික අවශ්‍යතා වෙනුවෙන් භාණ්ඩ මිල දි ගැනීම වෙනුවෙන් බොහෝ වෙබ් අඩවි නිර්මාණය වී ඇති ආකාරය ජන මාධ්‍ය මගින් සහ අන්තර්ජාල භාවිතයෙන් වටහා ගත හැක. මෙලෙස වාණිජ ක්ෂේත්‍රය කෙරෙහි අන්තර්ජාලයේ ආගමනය ඵලදායි ක්‍රියාවලියක් ලෙස පෙන්වා දිය හැකි අතර ජන මාධ්‍ය අංශයෙන් විමසා බලන කල ද ෑ  භැඅි ඡ්චැර වැනි සංකල්පයන්ගෙන් ජන මාධ්‍ය ක්ෂේත්‍රයේ නිම් වළළු ද පුළුල්ව ඇති ආකාරය පෙනේ.
මේ අනුව නුතන සමාජය තුළ ප්‍රබල ලෙස කතා බහට සහ අවධානයට ලක් වන අන්තර්ජාලය භාවිතා කිරිමේදි බොහෝ සැළකිලිමත් විය යුතු බව දන්වන්නේ අන්තර්ජාලය තාක්ෂණමය උපකරණයක් වූවත් එය ගනුදෙනු කරනු ලබන්නේ මිනිස් ජීවිත හා සමඟ වන නිසාවෙනි. එමනිසා අන්තර්ජාලය නැමැති මාධ්‍ය වාහකය පුද්ගලයාගේ සහ සමාජයේ පැවැත්මට හිතකර ලෙස භාවිතා කිරිමට ශික්ෂණයක් පුද්ගල මනස තුළ ඇති කරගත යුතුය.

දමිත් සුමේන්ද්‍ර
ජන සන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය


කලාවේ මුලාව

මානව පරිණාමයේ ඉතිහාසය දෙස බැලීමේ දි මානවයා විසින් අත්පත් කරගත් ජයග්‍රණ
අතරින් කලාවට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. ඒ මන්දයත් මිනිස් මනස සුවපත් කිරිමට , මනසට විශ්‍රාන්තිය ගෙන ඒමට කලාව සමත් වන හෙයිනි. රූපය, සංගීතය, සිතුවම, රූපනය ආදි විවිධ කලා මාධ්‍යන් මගින් සිදු වන්නේ වෙහෙසකර වු මනසට සහනය , විවේකය ගෙන දීමකි. එමනිසා අන් කවර මානව නිර්මාණයකටත් වඩා කලාව, පුද්ගල මනසට කරනු ලබන බලපෑම සුවිශාලය. යහපත් පුද්ගල චරිතයක් බිහි කිරිමට මෙන්ම යහපත් පුද්ගල චරිතයක් නිශේධනිය තත්ත්වයන් කරා රැගෙන යාමට ද කලාවට ඇත්තේ නිසඟ හැකියාවකි.

නූතන ජන මාධ්‍ය සංදර්භය තුළ කලාවට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි. තොරතුරු සම්පාදනය, පෙළඹවීම හා අධ්‍යාපනය අරමුණු කොට ගත් ජන මාධ්‍ය අරමුණු අතර විනෝදාස්වාද සම්පාදන කාර්යයට මුලික ස්ථානයක් හිමි වේ. ජන මාධ්‍ය රාමුව තුළ දි ජන මාධ්‍යයේ වඟකීම විය යුත්තේ ග්‍රාහකයා වෙත උසස්  මට්ටමේ වැඩසටහන් ගෙන ඒමයි. ජන මාධ්‍යයේ වැඩසටහන් ආකෘතිය සකස් විය යුත්තේ ප්‍රේක්ෂකයා හට වැඩදායි සහ ආදර්ශවත් අන්තර්තයන්ගෙන් ය. මෙවැනි අරමුණු ලිඛිත මාධ්‍යට පමණක් සීමා වී යල් පැන ගිය කරුණු බවට පත් වී හමාරය. වර්තමාන ජන මාධ්‍ය වැඩසටහන් ආකෘති බොහෝමයකට පාදක වන්නේ ආර්ථිකමය කරුණුය. එමනිසා වර්තමාන ජන මාධ්‍ය වැඩසටහන් ආකෘතිය තුළින් සාධනීය තත්ත්වයන් මෙන්ම නිශේධනීය තත්ත්වයන් ද ප්‍රේක්ෂකයා හට ගෙන එනු ලබයි.

 ඒ කෙසේ වෙතත් ප්‍රේක්ෂකයා මුලා නොවි සැබෑ තත්ත්වයන් අවබෝධ කර ගැනීම වඩාත් සුදුසු වෙයි. එමනිසා අතීතයේ පැවති කලාව වර්තමාන ජන මාධ්‍යකරුවා මුලාවක් කොට ප්‍රේක්ෂකයා වෙත ගෙන එන්නේ හුදෙක්ම ප්‍රේක්ෂක රසාස්වාදය උදෙසාම පමණක් නොව ආර්ථිකමය ලාභ ප්‍රයෝජන ද මුල් කරගෙනය. මෙසේ කලාව හා ජන මාධ්‍ය අතර වන සම්බන්ධය ගැන විමසා බලන විට නිසගයෙන්ම අප මුවගට නැගෙන වචනයක් වන්නේ රියැලිටි වැඩසටහන් ය. සංගීතය නැමැති විශ්වීය භාෂාවේ සීඝ්‍ර පරිවර්තනයක් මෙන්ම ජන මාධ්‍ය හා බැඳි කලාවේ නව මානයක් සේ දැක්විය හැකි රියැලිටි කලාව යුරෝපාකරයෙන් ආසියාකරයට හිමි වන කලාත්මක නොවු ආර්ථිකමය උපාය මාර්ගයකි. නමුත් අද වන විට දේශීය වැඩසටහන් රාමුවකට සරිලන සේ නිර්මාණය වී ඇති රියැලිටි වැඩසටහන් ආකෘතිය තුළින් තරු සංකල්පයක් සමාජගත කරනු ලබන්නේ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින්ය. ගායන, නර්තන, රූපන ආදි විවිධ වු ක්ෂේත්‍රයන් කෙරෙහි ව්‍යාප්තව ඇති රියැලිටිකරණය ප්‍රමිතිගත ස්වරූපයකින් ඉදිරිපත් වන්නේ නම් අප කලාව ලෙස ව්‍යවහාර කරනු ලබන සමස්ථයේ දියුණුවට එය මහත් පිටුවහලක් වනු ඇත. ශිල්පීය දක්ෂතාවයට මුල් තැන දෙමින් , ශිල්පියා හුවා දක්වන පෙර කල පැවති යහ කලාවක ආගමනය වර්තමානයට අවශ්‍යව පවති. ලංකාවේ විශිෂ්ට ගණයෙහි ලා සැලකෙන කලාකරුවන් සිටින මෙවන් කලා කෙතකට අවශ්‍ය වන්නේ තවත් අම්බරුවන් නොව කෙත අස්වැද්දිය හැකි ගොවීන්ය. කෙටි පණිවිඩයෙන් ජනප්‍රියතාව ලබා ගන්නා තරු එක රැයෙහි පායා කඩා හැලෙන වල්ගා තරුවක් බවට පත් වන්නේ මෙම රියැලිටිකරණයේ ආදීන පෙන්වමිනි. කලාවෙහි අභිවෘද්ධිය තකා ක්‍රියා කරන කලාකරුවන්ගේ අවධානය මෙම ගැටළුව අරඹයා යොමු වන්නේ නම් ඉහතින් දැක් වු කලාව මීට වඩා යහපත් තත්ත්වයකට පත් කිරිමට රටක් ලෙස අපට හැකි වනු ඇත. එමනිසා ප්‍රේක්ෂකයා හට උසස් රසවින්දනයක් ගෙන දීමට යහ පාලන රජයක් පවතින මෙවන් කාල වකවානුවක , එම යහ පාලනයේ යහපත් භාවය කලාවට ද හිමිවන්නේ නම් එය දේශපාලනයට වඩා දිගු කල් පවතින යහතින් පවතින ක්‍රියාදාමයක් බවට පත්වන්නේ ය. රියැලිටිකරණය පමණක් නොව මෙගා ටෙලිනාට්‍ය රැල්ලේ ද පවතින්නේ ලාංකීය ටෙලිනාට්‍ය කලාවට කණ කොකා හඬන පෙර නිමිතිය. වෙන්දේසි පොළවල් වලින් ලබා ගන්නා ටෙලිනාට්‍ය දේශීය භාෂාවට හඬ කවා විකාශනය කිරිම මගින් ආර්ථිකමය ප්‍රතිලාභ පාලන තන්ත්‍රයට හිමි වූවත් මෙමගින් නව නිර්මාණකරුවන්ට , පර්යේෂකයින්ට නිර්මාණකරණයෙහිලා ඇති ඉඩ කඩ සීමා වනු ඇත. එමනිසා කලාව ආගාධයට ගමන් කරමින් පවත්නා මෙවන් යුගයක කලාව මගින් ප්‍රේක්ෂකයා මුලා කරන මෙවන්  යුගයක අවසානය දැකීමට දැන් කාලය එළැඹ ඇත. යහ පාලන සහ යහ කලාවක පැවැත්ම වර්තමාන ප්‍රේක්ෂකයාට අවශ්‍යව ඇති බව පවසන්නේ කලාව ආර්ථික මෙවලමක් ලෙස යොදා ගනිමින් කලාව මුලා කරන වාණිජ කලාකරුවන්ගේ කලාවට තිත තබන්නට කාලය එළැඹ ඇතැයි යෝජනා කරමිනි.

දමිත් සුමේන්ද්‍ර

ගෞරවනීය පුවත්පත් කලාවේ පෙර ගමන්කරු “ප්‍රව්දා”

ලොව පවතින පැරණිතම කර්මාන්තයන් අතර පුවත්පත් කර්මාන්තය 
ට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක් මෙන් ම අසිරිමත් ස්ථානයකි. ඒ අසිරිමත් ලෝක පුවත්පත් ඉතිහාසය අධ්‍යයනය කිරිමේ දී හමුවන සුප්‍රකට පුවත්පත් විශාරදයෙක් වන්නේ ජෝන් සී. මෙරිල් ය   ( න්‍දයබ ක්‍ග ඵැරරසකක ). ඔහු විසින් 1962 දී රචනා කරන ෑඛෂඔෑ ඡඍෑී නම් සුප්‍රකට ග්‍රන්ථයේ ලෝකයේ පවතින ගෞරවනීය මට්ටමේ පුවත්පත් ලෙස රුසියාවේ ප්‍රව්දා පුවත්පත, ප්‍රංශයේ ලමොන්ඩෙ පුවත්පත, ජපානයේ අසාහි ෂින්බුන් පුවත්පත සහ එංගලන්තයේ ටයිම්ස් පුවත්පත නම් කරනු ලබයි.
ලොව පවතින පුවත්පත් අතර රුසියාවේ ප්‍රව්දා පුවත්පතට හිමිවන්නේ වැදගත් ස්ථානයකි. ජෝන් සී. මෙරිල්ට අනුව එය රුසියානු විප්ලවයට ජීවය ලබා දුන ප්‍රධාන ජීවනාලියක් බඳු විය. ලොව ගෞරවනීය පුවත්පත් ලෙස ජෝන් සී. මෙරිල් දක්වන්නේ සමාජ වඟකීමකින් යුතු ව ප්‍රවෘත්ති වාර්ථාකරණයෙහි යෙදෙන දැනුවත්භාවය අතින් ඉහළ මට්ටමේ පසුවන පුවත්පත් ය. මිනිසුන් මෙන් ම ජන මත නායකයින් ද මෙම පුවත්පත් කියවනු ලබන්නේ මහත් අභිරුචියකිනි. පුවත්පත් කලාව සහ පුවත්පත් පාඨකයා ගැන ගෞරවකින් කටයුතු කිරිම නිසා ඉහත කි පුවත්පත් ජනතාව අතර ප්‍රචලිත වී ඇත. ප්‍රව්දා පුවත්පතට මුලික අඬිතාලම සපයන්නේ 1990 දී නිකුත් වු ඉස්කාරා පුවත්පත යි. මෙම සමයේ රුසියාව පුරා පැතිර යමින් තිබුණු රාජ්‍ය විරෝධි ව්‍යාපාරයන්ට රුකුලක් මෙම පුවත්පත ප්‍රථමයෙන් ම මුද්‍රණය වන්නේ රුසියාවෙන් පිටත ජර්මනියේ මුද්‍රණාලවලය. එමගින් අද මෙන් ම එවකට සමාජයේ පැවති පුවත්පත් වාරණය සහ ප්‍රකාශන නිදහසේ සීමිත බව නිරූපණය වේ. රුසියාවේ සමාජ, දේශපාලන සංස්ථාවේ මහත් ආන්දෝලනයක් ඇති කළ මෙම පුවත්පත පසුව ජර්මනියෙන් පිටත එංගලන්තය කරා මුද්‍රණය කිරීම මාරු කරන ලදි. මෙසේ රහසිගතව මුද්‍රණය වු ඉස්කාරා පුවත්පතට ලෙනින් ආරූඪ නාමයන් භාවිතා කරමින් ලිපි ලියන පද අතර නව දේශපාලන පක්ෂයක් ගොඬ නැඟීමේ කර්තව්‍ය මෙයින් ආරම්භ කරන ලදි. පුවත්පතක් ලෙස රුසියානු සමාජයේ ජනමතය නිර්මාණය කිරීමෙහිලා ඉස්කාරා පුවත්පත ගෙන ගිය ව්‍යාපාරයට ප්‍රතිචාර දැක් වු කම්කරු ප්‍රජාව ප්‍රබල පුවත්පතක අවශ්‍යතාවය පෙන්වා දුන්නේය.
ඒ අනුව 1912 මැයි 05 වන දින දිනපතා ප්‍රව්දා පුවත්පතේ මංගල කලාපය නිකුත් විය. ප්‍රව්දා පුවත්පතේ කතුවරුන්ට නිතර ම උපදෙස් ලබා දුන් ලෙනින් ඔවුන් හා එක්ව එකට වැඩ කළෝය. ලෙනින් ප්‍රව්දා පුවත්පත යොදා ගත්තේ සාමුහික උද්ඝෝෂකයෙකු , ප්‍රචාරකයෙකු ලෙස හා බහු ජනතාව අතර සංවිධායකයෙකු ලෙසය. ජනතාවට වඟකියන පුවත්පතක් ලෙස ප්‍රව්දා ආරම්භයේ සිට ම කටයුතු කළ අතර පුවත්පතේ මුල් වසර දෙක අධ්‍යයනය කිරීමේ දී පළ වු ලිපි විශේෂාංග අතරින් දස දහසක්ම කම්කරු උද්ඝෝෂණ ව්‍යාපාර විය. කම්කරු රක්ෂණ කටයුතු, සාහිත්‍ය හා කලාව , මැතිවරණ, කම්කරු ගොවි සංවිධාන ආදි ලෙස සමාජයේ සෑම අංශයක් ම විද්‍යාමාන වන අන්දමේ ලිපි පළ විය. මෙලෙස ගෞරවනීය ගණයෙහි ලා සලකන ප්‍රව්දා පත්‍රය නිතර ම උත්සහ කළේ බලයේ සිටි සාර් පාලනය අහෝසි කර රුසියාව තුළ ප්‍රබෝධයක් ඇති කිරීමය. දිනෙන් දින රුසියාව තුළ සහ රුසියාවෙන් පිටත හුවමාරු වන ප්‍රව්දා පුවත්පත සාර් පාලනයේ පැවැත්මට මහත් තර්ජනයක් විය. එමනිසා ප්‍රව්දා පුවත්පතේ එවකට සංස්කාරකවරයා අත් අඩංගුවට ගන්නා ලද අතර මුද්‍රණාලය විනාශ කළේය. සේවකයින් අත් අඩංගුවට ගත්තේය. මෙම පසුබිම ඉන් නොනැවතුනු ප්‍රව්දා පුවත්පතේ කාර්යය මණ්ඩලය විවිධ නම් වලින් ප්‍රව්දා පුවත්පත ප්‍රකාශයට පත් කරන ලදි. . 1913 ප්‍රව්දා සාර් පාලකයින් විසින් තහනම් කිරිම සමඟ නිකුත් වු පුවත්පත ‘ රබෝඩියා ප්‍රව්දා ’ ( කම්කරු ඇත්ත ) නම් පුවත්පත 1913 ජුලි 13 සිට අගෝස්තු 1 දක්වා ප්‍රකාශයට පත් විය. එම පුවත්පත ද සාර් පාලකයින් විසින් තහනම් කිරිම සමඟ ‘ සේවර්නයා ප්‍රව්දා ’ ( උතුරු ඇත්ත ) 1913 අගෝස්තු 1 සිට සැප්තැම්බර් 7 දක්වා පලකළ අතර එම පුවත්පත ද තහනම් කරන ලදි. මෙසේ වරින් වර බෝල්ෂෙවික්වරුන් විසින් පළ කළ පුවත්පත තහනම් කිරිම සමඟ විවිධ නම්වලින් ප්‍රව්දා ප්‍රකාශනයට පත් කරන ලදි.  ‘ තෘදා ප්‍රව්දා’ ( ශ්‍රමයේ ඇත්ත ) සැප්තැම්බර් 11 සිට ඔත්තෝම්බර් 9 , ‘ ස ප්‍රව්දා ’ ( ඇත්ත සමග ) ඔක්තෝම්බර් 1 සිට සැප්තැම්බර් සිට දෙසැම්බර් 5 , ‘ප්‍රොලිතාර්ස්කයා ප්‍රව්දා’ ( නිර්ධන පංති ඇත්ත ) 1913- 21 ජනවාරි 1914 තෙක් , ‘ ප්‍රත් ප්‍රව්දා ’ ( ඇත්ත මග ) 22 ජනවාරි සිට 21 මැයි තෙක් , ‘ රබෝචි’ ( කම්කරුවා ) 22 අප්‍රේල් සිට 7 ජූලි , ‘ තෘදවායා ප්‍රව්දා ’ ( ශ්‍රමික ඇත්ත ) 23 මැයි සිට 1914 ජූලි 08 තෙක් . 1912 සිට 1914 දක්වා විවිධ නම්වලින් ප්‍රව්දා පුවත්පතට ආදේශයන් ලෙස මෙම පුවත්පත් 645 වාරයක් ප්‍රකාශයට පත් කරන ලදි. මෙයින් කලාප 190 නට සාර් ආණ්ඩුවේ වාරණ නීති බලපානු ලැබිය. 

1917 ඔක්තෝම්බර් මස 25 වන දින රුසියානු ඔක්තෝම්බර් විප්ලවයේ ජයග්‍රහණ ප්‍රකාශයට පත් කළ අතර යළිත් ප්‍රව්දා පුවත්පත ප්‍රකාශයට පත් කරන බව ද නිවේදනය කළේය. රුසියාවේ ප්‍රව්දා පුවත්පතෙහි නාම ඵලකයට ඉහළින් ලෝකයේ සියලු ම කම්කරුවනි එක් වව් යනුවෙන් මුද්‍රණය කිරීම ආරම්භ විය.
මුල් යුගයේ සිට ම ජනතාවට වඟකීමකින් යුතු ව තොරතුරු වාර්තාකරණයේ යෙදුණු ප්‍රව්දා පුවත්පත සමාජ දැනුවත්භාවය තුළින් ජනතාව දිනා ගත්තේය. ලෝක පුවත්පත් ඉතිහාසය තුළ ප්‍රව්දා පුවත්පතේ වර්ධනය අසිරිමත් කතාන්තරයක් ලෙස ඉතිහාසගත වන්නේ ඉහත දැක් වු හේතුව නිසාය. ජනතාවට වඟකියන ජාතික චින්තනය ගොඩනැඟීමට ප්‍රව්දා ගත් උත්සහය ඉතිහාසගත වන්නේ සමබර තොරතුරු වාර්තාකරණයේ අවශ්‍යතාවය විද්‍යාමාන කරමින්ය.
දමිත් සුමේන්ද්‍ර

රුසියානු විප්ලවයේ සටන්කාමි ප්‍රකාශනයක් වු ප්‍රව්දා රුසියානු ඉතිහාසය අධ්‍යයනය කිරීමේ දී සහ සෝවියට් රුසියාවට මුල් අඬිතාලම දැමිමේ දී ඉතා දුෂ්කර , වෙහෙසකර සටන්කාමී ජනමතය මෙහෙය විමේ කේන්ද්‍රීය පුවත්පතක් ලෙස ප්‍රව්දා පෙන්වා දිය හැකිය. මෙම ප්‍රව්දා පුවත්පත ඉතිහාසය අධ්‍යයනය කරන විට අවස්ථා 15 දී පමණ සාර් ආණ්ඩුව යටතේ තහනමට ලක් වෙයි. නමුත් නැවත ලෙනින් විසින් වෙනත් නම්වලින් ප්‍රව්දා පුවත්පත ප්‍රකාශයට පත් කළේය. සමාජවාදි සෝවියට් දේශයේ ප්‍රධාන ජනමතය මෙහෙය වු ප්‍රව්දා 80 දශකයේ දී විවිධ පාලන ආයතනයන් යටතේ ඵල වු අතර විවිධ සංකීර්ණත්වයන්ට ද මුහුණ දුනි. රුසියානු වර්තමාන රාජ්‍ය නායකයා වන පුටීන් අදහස් දක්වන ආකාරයට සෝවියට් දේශයේ බිඳ වැටීම ඉතිහාසයේ සමාජයේ ඛේදවාචකයක් වු නිසා එම ඉතිහාසයේ වැදගත් ස්ථානයක් ලෙස ප්‍රව්දා පෙන්වා දිය හැකිය. අද වන විට එම ඓතිහාසික ඛේදවාචකය නිවැරදි වෙමින් පවතින බව අද පවතින දේශපාලන ගමන් මඟ දෙස බලන විට පෙනී යයි. ප්‍රව්දා පුවත්පත ඉතිහාසයේ දී සිය කාර්යය භාර්යය ඉටු කළා සේ අනාගතයේ දීත් එම කාර්යය භාර්යය ඉටු කරනු ඇතැයි සමකාලීන දේශපාලන සංදර්භය තුළ සිතිය හැක.” 
                                           - මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස

සුජීව සිරිමෙවන් සමඟ පැයක්.... රසවින්දනයේ ස්පර්ශයන්

සුජීව සිරිමෙවන් සමඟ පැයක්.... රසවින්දනයේ ස්පර්ශයන්

සිතුවිලි එක්ක මේ ලෝකේ ජීවත් වෙන ඔබට මට, ජිවිතයේ රසය විඳගන්න බොහෝමයක් ක්‍රම තියෙන
වා. ලෝකයේ මිනිස්සු විවිධාකාර වුණත් ජිවිතේ, අපි හැමෝටම මුහුණ දෙන්න තියෙන ජීවිතේ ගොඩාක් දේවල් ඒකාකාරයි. ඒ නිසා මිනිස්සු හැටියට අපි කැමතියි... අලුත් අලුත් රසයන් සොයා යන්න. සමහර අය තමන් කැමති, තමන්ගේ සිතැඟි කලාවක් ගැන උනන්දුවක් දක්වන්නේ මේ නිසා. ඒ වගේම අලුත් අලුත් දේ හොයාගෙන යන්න මේ රසය අපිට ලොකු උදව්වක් වෙනවා.
ඒ නිසාම රසය කියන්නේ විවිධ වු ආකාරයට හඳුන්වන්න පුළුවන් දෙයක්. ඒ නිසාම අපි ගීතය, චිත්‍ර කලාව, ක්‍රීඩාව, ස්වාභාව සෞන්දර්ය වගේ දේවල්වලට කැමැත්තක් දක්වන්නේ මේ දේවල්වල සැඟවිලා තියෙන රසයට අපි දක්වන ආශාව නිසයි. මොකද ඒ අප විඳින රසයට පුළුවන් වෙනවා අපි තුළ අලුත් අදහස් වගේම අලුත් මිනිසෙක් ගොඩනඟන්න. අලුත් මිනිසෙක් තනන්න රසයට පුළුවන් නම්, ඔබ, මම කළ යුත්තේ තව නව රසයන් හඹා යාමයි. ඒ වගේම අලුත් විදියට ලෝකය දැකීමයි. ඒ තුළින් අපිට පුළුවන් වෙනවා රසවත් ලෝකයක් බිහි කරන්න වගේම, රසවත් මිනිසෙක් ගොඩනඟන්න.
එහෙමනම් අපි කළ යුත්තේ රසය සොයා යන මේ ගමනේ දී මේ රසය ගැන දන්නා කෙනෙකුගෙන් රසය ගැන අසා දැනගැනීමයි. ඒ නිසා ඈ දෙවනේ ගමනේ මංගල කලාපයේ දී අප හමුවන්නේ අපේ රටේ ඉන්න රසකාමීයෙක්. ඔහු නමින් ප්‍රවීණ විචාරක සුජීව සිරිමෙවන්. අද සිට රසවින්දනයේ නව නිම්වලළු පුළුල් කරන්නට අප හා එක්වන සුජීව සිරිමෙවන් සමඟ ඈ  අප සූදානම් වෙනවා ඔබේ රසයට වැඩි යමක් එකතු කරන්න. ඉතින් මේ දිගහැරෙන්නේ ඈ ඔබගේ රසවින්දන පිටුවට, සුජීව සිරිමෙවන්ගේ පන්හිඳෙන් හැඩගැන්වෙන නව රසය යි.

ඔව්. මුලින්ම මම ඈ දෙවෙනි ගමනට සුභ ප්‍රාර්ථනා එක් කරනවා. ඒ වගේම පාඨකයා වෙත නිවැරදි දැනුමක් ලබා දීමට ඈ දරන මේ උත්සහය මම අගය කරනවා. ඉතින් කලින් කිව්වා වගේ අද ඉඳන් අපි ඔබව රසවින්දනයේ නවමු මානයන් වෙත ගෙන යන්නට සූදානම් වෙනවා. අද අපි රසාස්වාදයට ලක් කරන්නේ බිරිඳ ගැන.
සමාජයේ බිරිඳක් කොයි වගේ වෙන්න ඕනේ ද කියලා සමාජය ඇතුළේ විවිධ කතිකාවත් ගොඩනැඟෙනවා. මතවාද ගොඩනැඟෙනවා. සංවාද ගොඩනැඟෙනවා. සමාජයේ ජීවත් වන අය ම තමන්ගේ බිරිඳ පිළිබඳව නොයෙක් අදහස් ඉදිරිපත් කරනවා. තමන්ගේ බිරිඳ පිළිබඳ ඇගයීමයක් වගේම සමහරක් වෙලාවට තමන්ගේ බිරිඳ විවේචනයට ලක් කරනවා. මේ මෑතක දී මට අහන්නට ලැබුණු දෙයක් තමයි; ස්වාමි පුරුෂයෙක් තමන්ගේ බිරිඳට මාසයකට දෙකකට සැරයක්වත් කායිකව ප්‍රහාරයක් එල්ල කරන්න ඕනේ කියලා කරන යෝජනාව. අතින් පයින් පහර දීලා එයාට මතක් කරලා දෙන්න ඕනේ කියනවා එයා ගැහැණියක් කියලා. ඒ වගේ පුරුෂාධිපත්‍යධාරී මතවාදවල ඉඳගෙන තමන්ගේ බිරිඳට ප්‍රතිචාර දක්වන ස්වාමි පුරුෂයෝ අපේ සමාජයේ දකින්නට ලැබෙනවා. ඒ වගේම ඉතාම ආදරෙන් තමන්ගේ බිරිඳව ඇගයීමට ලක් කරන ස්වාමි පුරුෂයෝ ඉන්නවා. 
මම හිතන විදියට ගොඩාක්ම වෙලාවට අපේ සමාජයේ දකින්න ලැබෙන දෙයක් තමයි, විවාහ වීමට කලින් ප්‍රේම කරන අවස්ථාවේ දී පෙම්වතුන්, පෙම්වතියන් විදියට ඉන්න දෙදෙනෙක් ; ඒ දෙදෙනා අගය කරගන්නා තරම් , ඒ දෙදෙනf වර්ණනා කරගන්නා තරම්, ඒ දෙදෙනට කියන බොළඳ සුන්දර ප්‍රේම වදන් වගේ ආදරණීය ඇමතුම්වලින් විවාහ දිවියට පත් වුණාට පස්සේ ඔවුන්නොවුන් ආමන්ත්‍රණය කරගන්නේ නැති එක. යුග දිවියෙන් කාන්තාවක් අපේක්ෂා කරන උත්තරීතර බලාපොරොත්තු තියෙනවා. ඒ උත්තරීතර බලාපොරොත්තු අතර තියෙන ඉතා වැදගත් දෙයක් තමයි; සාද කතා, සාද තෙපුල්. ඒ කියන්නේ ඔවුනොවුන් ඉතාම ආදරයෙන්, ළෙංගතුව තම තමන්ගේ ජීවිතය ගැන තම තමන්ගේ හැඟීම් ගැන කරන කතා බහ. ප්‍රේම කරන අවධියේ දී පෙම්වතුන් බොහෝ වේලාවක් අරගෙන ඒ ප්‍රේම අල්ලාප සල්ලාපවල යෙදුණත් යුග දිවියට පිවිසුණාට පස්සේ ඔබ දන්නවා; ඒ ප්‍රේම අල්ලාප සල්ලාපයේ යෙදෙන්න වෙලාව නැති වෙනවා.

එකක් ඔවුන්ගේ දිවියේ කාර්යබහුලකම නිසා වෙන්න පුළුවන්; හැබැයි ඒ කාර්යබහුලකම නිසාම කියනවාටත් වඩා මම හිතන්නේ ඇත්තටම ඒගොල්ලන්ට ඒ පිළිබඳව අවශ්‍යතාවක් නැතිකම නිසා තමයි ඔවුන් ඒ වගේ අවස්ථාවක් උදා කරගන්නේ නැත්තේ කියලයි මම හිතන්නේ. ඒක එහෙම වෙන්න හේතුව ගොඩක් වෙලාවට පෙම්වතුන් හැටියට හිටපු ඔවුන්ට යුග දිවියෙ දී ඔවුන්ගේ බැඳීමේ සම්බන්ධතාව නීරස වෙලා යන එක. ගොඩක් වෙලාවට යුග දිවියේ ආරම්භයේ දී මුලින් මුලින් ස්වාමි පුරුෂයා බිරිඳ කරන දේවල් අගය කරන්න පටන් ගන්නවා. රසවත් කෑමක් පිළියෙල කරලා දුන්නත් අගය කරනවා; නමුත් ටික කාලයක් යන කොට ඒවා බිරිඳ විසින් කළ යුතු යුතුකම්, වඟකීම් හැටියට හිතලා ඒ අගය කිරීම ස්වාමි පුරුෂයා අතින් මඟ හැරෙනවා. ඒ වගේම තමයි අනිත් පැත්තත්. ස්වාමි පුරුෂයා කරන පුංචි පුංචි දේවල්, සමහර විට බිරිඳ එක්කගෙන යන්න මඟට එන එක වගේ දේවල් බිරිඳ ඇගයීමට ලක් කරන්නේ නැහැ. අපි වැඩිහිටියෝ බවට පත් වුණත් අපි ගොඩක් වෙලාවට කැමතියි කාගේ හරි ඇගයීමක් ලබන්න. කාගේ හරි ඇගයීමක් ලැබීම අපි ප්‍රහර්ෂයට පත් වන කාරණාවක්. ගොඩක් අය ගොඩක් වෙලාවට උත්සහ කරන්නේ නැහැ තමන්ට උදව් කරන කෙනා ඇගයීමට පත් කරන්න. 
මේ වගේ ගොඩාක් දේවල් විවාහ ජීවිතයේ තියෙද්දි අපිට ගීතයක් අහන්න ලැබෙනවා; ඒ අපි අතරින් වියෝ වුණු ප්‍රවීණ ගී පද රචකයෙක් වුණු අධිනීතීඥ රන්බණ්ඩා සෙනෙවිරත්න පබඳින ලද නීලා වික්‍රමසිංහ ගායනා කරන ලද ප්‍රේමසිරි කේමදාසයන් සංගීතවත් කරපු අපූරු ගීතයක්. වෙනස් විදියකට යුග දිවියේ එක්තරා අවස්ථාවක් නිරූපණය කරන ගීතයක් හැටියට මේ ගීතය සලකන්න පුළුවන්. 

ඔබ ගෙදර එන්න පහන් තරුව පායන විටවත්
කම් නැත මගේ හිමි සඳුනේ දෑස දුහු වෙලා තිබුණට
මුව තැවරුණු දුම සුවඳයි නිදිබර සුස්මෙන් සුස්මට
ආගිය තැන් නාසන්නෙමි සංකා නොම ගන්න


අපි දන්නවා අලුතින් විවාහ වු ස්වාමි පුරුෂයා බොහොම ආදරෙන් තමන්ගේ බිරිඳව ඉතා ඉක්මනින් දැකගන්න බලාපොරොත්තුවෙන ඉතා ඉක්මනින් ගෙට ගොඩ වෙනවා. රැකියාවේ කවර බාධක තිබුණත්, අතරමඟ මොන වගේ බාධක තිබුණත්, ඉතා ඉක්මනින් තමන්ගේ නිවසට ගොඩ වැඳිලා තමන්ගේ ආදරණීය ප්‍රිය බිරිඳ දැක ගැනීමට උනන්දු වෙනවා. නමුත් කල් යන කොට; බිරිඳට වඩා වැදගත් වෙන යාළුවෝ, බිරිඳට වඩා වැදගත් වෙන මත්පැන්, බිරිඳට වඩා වැදගත් වෙන වෙන වෙනත් බොහෝ දේවල් ස්වාමි පුරුෂයාගේ ලෝකේ ප්‍රමුඛතාවට පත් වෙනවා. එයින් සිද්ධ වෙන්නේ බිරිඳ, ස්වාමි පුරුෂයා එනකල් හැමදාමත් මඟ බලාගෙන ඉන්න එක. මෙන්න මෙහෙම අවස්ථාවක් තමයි මේ රන්බණ්ඩා සෙනෙවිරත්න මේ නිර්මාණයට අරගෙන තියෙන්නේ. අපි අහලා තියෙන විදියට, අපි දැකලා තියෙන විදියට මේ තත්ත්වය නිසා බිරින්ඳෑවරු ගොඩාක් යක්ෂාවේශ වෙනවා. මාරාවේශ වෙනවා. එහෙම යක්ෂවේශ වෙලා, මාරාවේශ වෙලා තමන් ගෙට ගොඩවඳිනවත් එක්කම ස්වාමි පුරුෂයාට බැන වදින්න පටන් ගන්නවා. සමහර වෙලාවට ස්වාමි පුරුෂයෝ , බිරිඳ අතරමඟ දකින්නත් කලින්, රූපේ දකින්නත් කලින් බැන වදින්න පටන් ගන්නවා. 
කට ගොන්නක් බීගෙන, සිහි කල්පනාවක් නැතිව ගෙට ගොඩ වැදුණා විතරක් නෙමෙයි, ආගිය තැනක් විමසනවට කැමති නැති ස්වාමි පුරුෂයෝ ඉන්නවා. කොහෙද ගියේ කියලා අහන එක පවා; ඉන්නේ කොහෙද කියලා අහන එක පවා, එහෙමත් නැතිනම් කා එක්ක ද ඉන්නේ කියලා අහන එක පවා මොන ක්‍රියාවක ද නිරත වෙලා ඉන්නේ කියන එක පවා ස්වාමි පුරුෂයාට කේන්ති යන කාරණාවක් වෙනවා. දැන් මෙහෙම වාතාවරණයත් ඇතුළේ වෙනස් විදියේ බිරිඳක් අපිට ප්‍රතිනිර්මාණය කරලා පෙන්වනවා; රන්බණ්ඩා සෙනෙවිරත්න මේ ගීතය ඇතුළේ. මේ බිරිඳ මහ රෑ දෙගොඩ හරියේ සමහර වෙලාවට පාන්දර යාමේ වෙනකල් ඉඳලා ගෙදර එන තමන්ගේ සැමියව ආමන්ත්‍රණය කරන්නේ. එහෙමවත් එන්නේ නැති සැමියට තමයි මේ කියන්නේ ඔබ ගෙදර එන්න පහන් තරුව පායන විටවත් කම් නැත මගේ හිමි සඳුනේ දෑස දුහු වෙලා තිබුණට මුව තැවරුණ දුම සුවඳයි නිදිබර සුස්මෙන් සුස්මට. තමන්ගේ ආදරණීය සැමියා නිවසට එන්නේ නැති විට ඇය සැමියට කියනවා ඔබ ගෙදර එන්න පහන් තරුව පායන විටවත්.......  අපි දන්නවා පහන් තරුව පායන්නේ පාන්දර; ඒකෙන් කියන්නේ පාන්දර වෙලා හරි ඔයා ගෙදර එන්න. කොයි මොහොතක හරි ගෙදර එනකල් මඟ බලාගෙන ඉන්න ප්‍රිය බිරිඳකගේ රූපය අපේ රසික සිත්වල අඳිනවා . ඔබ ගෙදර එන්න පහන් තරුව පායන විට.... කම් නැත මගේ හිමි සඳුනේ දෑස දුහු වෙලා තිබුණට....... දෑස් බොර වෙලා මධු විතින් මත්වෙලා, නිදි මරලා, වෙනත් සියලු සතුටු චර්යාවන්වල නිරත වෙලා තමයි සැමියා එන්නේ. මුව තැවරුණු දුම සුවඳයි නිදිබර සුස්මෙන් සුස්මට..... හුස්මක් හුස්මක් ගානේ එන්නේ දුම් සුවඳ. සිගරට්වල සුවඳ. මත්පැන්වල සුවඳ වහනය වෙන්නේ. ඒ විතරක් නෙමෙයි ඊළඟට කියනවා මේ ගීතයේ දී,

කම්පා නැත නියවත් සුණු ඔබ මුව තැවරී තිබුණට
නානඳුනනා කෙස් දෑලක් සළු පිළි අතරේ තිබුණට
ආ ගිය තැන් නාසන්නෙමි සංකා නොමගන්න

ඉතා අපූරු දෙයක් කියනවා මේ පද පේළියෙන්. සමහර වෙලාවට මේ පෙම්වතාගේ ශරීරයේ වෙනත් ළඳකගේ වත්සුණු තැවරිලා තියෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් නාඳුනනා කෙහෙ රැල්ලක් පෙම්වතාගේ සළුපිළි අතර තියෙන්න පුළුවන්. ඒ වුණාට මම ඔයාගෙන් අහන්නේ නැහැ කොහෙද ඔයා ගියේ කියලා. ආ ගිය තැන් මම අහන්නේ නැහැ. සංකා ගන්න එපා. ඊළඟට කියනවා මේ සැමියා එනකල් බලාගෙන ඉන්න බිරිඳ වතුර උණු කරගෙන, සියලුම ආහාර බෙදාගෙන ඉන්නවා කියලා. එතනදි කියනවා රචකයා මට නිදිමත නැත හිමියනි ඔබට බත බෙදන්න කියලා. 

තෝන්තුවා වෙන්න එපා ගතම මැලවිලා තිබුණට
උණු දිය සනහා පිස දා හිස පීරමි නිදියන විට තවුසෙකු සේ සැතපෙනු
දැක මට හැක හිනැහෙන්න

තමන්ගේ සැමියව ගෙදරට ආවට පස්සේ මේ බිරිඳ පිළිගන්න සූදානම් වෙන ආකාරය හරී අපූරුවට රසිකයා තුළ මවලා තියෙනවා. උණු වතුරෙන් මං ඔයාව නාවලා පිසදාලා තවුසෙකු සේ නිදාගෙන ඉන්න හැටි දැකලා මට හිනාවෙන්න පුළුවන් කියලා කියනවා. මං හිතනවා මේක එක්තරා ආකාරයක උත්ප්‍රාසයක් වෙන්න පුළුවන් කියලා .. මොකද සමාජයේ මේ වගේ බිරින්ඳෑවරු දකින්නට නොලැබෙන නිසා. එක්තරා විදියකට මේ ගීතේ ඇතුළේ අපට මුණගස්වන බිරිඳ බෙහෝ විට අප සමාජයේ දකින්න නොලැබෙන, නමුත් බොහෝ පිරිමි බලාපොරොත්තු වෙන බිරිඳක්  කියලා කියන්න පුළුවන්. 
මෙහෙම බිරින්දෑවරු ඉන්න කොට මතක් වෙනවා අපේ ධර්මසේන හාමුදුරුවන්ගේ සද්ධර්මරත්නාවලියේ කුණ්ඩලකේශීගේ කතා වස්තුව. මේ කතා වස්තුවේ දී කුණ්ඩලකේශි ආදරය කරන්නේ මරන්න ගෙනියන සොරෙකුටයි. මේ මරන්න ගෙනියන සොරාව ලබාගන්න කුණ්ඩලකේශි නොකා නොබී කොහොම හරි තමන්ගේ අරමුණ උපක්‍රමශීලීව ඉටු කරගන්නවා. කුණ්ඩලකේශි මේ සොරාව ලබා ගෙන ඊට පස්සේ හැසිරෙන ආකාරයත් හැඟීම්බරයි. ධර්මසේන හාමුදුරුවෝ සද්ධර්මරත්නාවලියේ දී මෙහෙම කියනවා; 

එතෙක් පටන් ඈ සව් බරණ ලා සැරහී තුමූම ඕතොමෝ හට බත් මාළු පිසති; කවති; පොවති; ඉස සෝදති; නාවති. 

නමුත් මේ තරම් ආදරයෙන් සත්තුක කියන සොරාට කුණ්ඩලකේශි සැළකුවත් සොරාට කුණ්ඩලකේශි ගැන ආදරයක් නැහැ. කාන්තාවකගේ ආදරය පල් හොරෙකුට වගේම හොඳ මිනිහෙකුට ලැබෙන්න පුළුවන් හැටි අපිට දැන් පෙනෙනවා. අපිට මේකෙන් පෙනෙනවා බිරිඳකගේ ආදරය කොතරම් නිකළැල් වුණත්, ස්වාමි පුරුෂයාට ඒක හිසරදයක් වෙනවා. දැන් මෙච්චර සත්තුක හොරාට ආදරය කරන කුණ්ඩලකේශීගේ ආදරය ලොකු හිරගෙයක් වෙනවා. මොකද ඔහුට ඕනේ කරන්නේ කුණ්ඩලකේශීව මරලා කුණ්ඩලකේශීගේ ආභරණත් අරගෙන පලායන්න. ඒ නිසා සත්තුක කුණ්ඩලකේශීව මරන්න ලැහැස්ති වෙනවා. මේක ඉතාම කුරිරු අදහසක්. තමන්ව මරණයෙන් මුදවා ගත්තු කෙනාවම මරන්න සත්තුකට ඕනේ වෙනවා. දැන් මෙහෙම යද්දි එක දවසක් සත්තුක සොරා ඇඳට වෙලා නොකා නොබී ඇඳට වෙලා බොරුවට කණගාටුවෙන් වගේ ඉද්දි කුණ්ඩලකේශී අහනවා ඇයි මෙහෙම ඉන්නේ කියලා. එතකොට කුණ්ඩලකේශී අහන පැනයට , සත්තුක සොරා උත්තර දෙනවා. මම චෝර පබ්බතයේ ජීවත් වෙන දෙවියන්ට බාරයක් වුණා මාව මරන්න යනකොට මාව බේරගන්න කියලා. මට මගේ ජීවිතේ වගේම ඔබවත් ලැබුණා. ඒ හින්දා ඒ බාරේ පිදේනීය පූජා කරන්න අවශ්‍යයි කියලා කියනවා. මේක අහන ආදරණීය කුණ්ඩලකේශී ඒකට කැමති වෙලා, ඒ පිදේනීය පූජා කරන්න චෝර පබ්බතයට යනවා. ඒ හින්දා කුණ්ඩලකේශී , සත්තුකට තියෙන ආදරය හින්දා ලස්සනට සළුපිළි ඇඳලා සූදානම් වුණාට පස්සේ දෙන්නම චෝර පබ්බතයට යනවා. 

ඊට පස්සේ දෙන්නම චෝර පබ්බතයට දෙන්නම ගියාට පස්සේ, සත්තුක කුණ්ඩලකේශීට කියනවා මම මෙතනට ආවේ පිදේනියක් පූජා කරන්න නෙමෙයි, උඹව මරන්නයි කියලා. එතකොට කුණ්ඩලකේශී කල්පනා කරලා කියනවා මෙතරම් ඔබට ආදරය කරන මාව ඇයි මරන්නේ කියලා. ඇය තමන්ගේ සැමියට කියනවා, මගේ ආභරණත් අරගෙන, මගෙන් වැඩකාරකම් කරගන්න ඒත් මාව මරන්න එපා කියලා. ඒත් සොරා කියනවා උඹව මැරුවේ නැතිනම් උඹ ගිහිල්ලා මං ගැන මිනිස්සුන්ට කියයි; ඊට පස්සේ ඒගොල්ලෝ මාව මරයි කියලා. 
දැන් කුණ්ඩලකේශී තේරුම් ගන්නවා මේ මිනිහා කොයිතරම් කුරිරු කැත, දුෂ්ට මිනිහෙක් මිනිහෙක් ද කියලා. මෙන්න මෙතන දී කුණ්ඩලකේශී උපක්‍රමශීලී වෙනවා. ප්‍රේමය වෙනුවෙන් දිවි පිදීමට වඩා උපක්‍රමශීලීව තමන්ගේ දිවිය ආරක්ෂා කරගන්න උපායක් කල්පනා කරනවා. ඒ මේ මිනිහා තුළ තියෙන නොමිනිස් ගුණ නිසයි. බෞද්ධ සාහිත්‍යයේ අපිට හමුවෙන බුද්ධිමත්ම කාන්තාවක් වෙමින් ඈ තමන්ගේ දිවිය බේරා ගන්න උත්සහ කරනවා. ඊට පස්සේ ඈ සොරාට කියනවා මම මැරෙනවා කමක් නැහැ මම දුක් වෙන්නේ නැහැ ඒත් මට මගේ අවසාන ඉල්ලීම ඉටුකරගන්න ඕනේ කියලා කියනවා. ඒ තමයි ඔබට  වඳින්න තියෙන බලාපොරොත්තුව. සත්තුක ඊට පස්සේ ඒ ඉල්ලීමට කැමති වෙනවා. ඊට පස්සේ කුණ්ඩලකේශී, සත්තුකට ඉදිරියෙන්, පිටුපසින්, පැත්තෙන් සිට වැඳලා, අවසානයේ පිටුපස ඉඳලා වඳින්න සූදානම් වෙන නිමේෂයේ දී සොරාව චෝර පබ්බතයෙන් පහළට තල්ලු කරනවා. මේ කුණ්ඩලකේශී තමන්ගේ සැමියට ගොඩක් ආදරය කළා. ඉතාම හොඳින් තමන්ගේ සැමියට ආදරය කළ ප්‍රේයනීය යුවතියක් කුණ්ඩලකේශී කියන්නේ. 
මේ බිරින්ඳෑවරු ගැන කතා කර කර ඉද්දි අපිට හමුවෙනවා මේ කුණ්ඩලකේශී කතාව අරගෙන, කුණ්ඩලකේශී නමින් කවියක් නිර්මාණය කරපු රුවන් බන්දුජීව කියන නූතන කවියා. එතන දී මේ කුණ්ඩලකේශී කතා පුවත සද්ධර්මරත්නාවලියෙන් ඔසවා අරගෙන නූතන අත්දැකීමක් ඉදිරිපත් කරනවා. තමන්ගේ සැමියගේ තියෙන දුෂ්ටබව සියල්ල ඉවසාගෙන හිටපු බිරිඳක් අවසාන මොහොතේ දී ගන්න තීරණයක් මේ පද්‍ය පන්තියට වස්තු විෂය වෙනවා. ගොඩක් වෙලාවට මේ පද්‍ය පන්තිය කුණ්ඩලකේශී කතා වස්තුවට සමාන වෙනවා. බන්දුජීව කවියා කියනවා,

කෙස්ස උස් කරන් බැඳගෙන රෙද්ද තද කරන් ඇඳගෙන
රතු බුනීල මල් පෙති බිම අතුරපු දේවී
සත්තුක නිදි ඇඳ වටේට තුන් වටයක් පැදකුණු කර මන්න පාර හතක් දීපූ කුණ්ඩලකේශී


දැන් අපිට මේ ගෙන එන්නේ වෙනස් කුණ්ඩලකේශී චරිතයක්. මේ කුණ්ඩලකේශී තමන්ගේ සැමියා මරලා තියෙන්නේ කෙස්ස උස් කරන් බැඳගෙන, රෙද්ද තද කරන් ඇඳගෙන රතු බුනීල මල්පෙති බිම අතුරපු දේවී.... මේ රතු බුනීල මල් පෙතිවලින් කවියා සංකේතවත් කරන්නේ රුධිරය යි. ලේ හැම තැනම විසිවෙන්න මන්න පාරෙන් කොටලා තමන්ගේ සැමියව මරනවා. දැන් මෙතන දී නූතන සත්තුක ඇඳේ නිදයන් ඉද්දියි බිරිඳ සැමියව ඝාතනය කරන්නේ. ඇයි ඒ ?

මාල කඩනවා සත්තුක කංසා බෙදනවා සත්තුක
රාජ පුරුෂයන් නිතරම පැලට පනීවී
බතක් මාළුවක් බැඳගෙන පියාඹාගෙනගිහින් වැලිකඩ
කසෙන් තැලුම් කා සත්තුක සනසපු දේවී


මෙහිදි කවියා මේ සැමියගේ තියෙන දුරාචාරකම් සියල්ල මතක් කරනවා. මාල කඩන හොරෙක්, කංසා බෙදන හොරෙක්, අපචාර කරන මිනිහෙක්, ඒ හින්දම හැම තිස්සෙම ගෙදරට පොලීසියෙන් පනිනවා. බන්ධනාගාර ගතවෙලා ඉන්න තමන්ගේ සැමියව බලන්න යන යහපත් බිරිඳකගේ රූපය අපිට මවා පෙන්වනවා. මේ බිරිඳ සැමියෙකුට දක්වන අසීමීත සෙනෙහස අපිට එයින් මනාව රූපණය වෙනවා. කොතරම් නරක මිනිහෙක් වුණත් තමන්ගේ සැමියට ආදරය කරන්න මේ බිරිඳ පසුබට වෙන්නේ නැහැ. 

සූදූ කෙළිනවා සත්තුක මඩමේ ළඟිනවා සත්තුක
මොනවා කළත් මේ වෙනකම් ඉවසපු දේවී
එපා තාත්තේ කිය කිය දූ හීනෙන් හඬන හඬින්
තිගැස්සිලා නිදි පැදුරෙන් විසි වුණු දේවී


දැන් මෙතන දි අපිට කවියා පෙන්වලා දෙන්නේ සූදූ කෙළින, මඩමේ ළඟින මේ හැම දේම ඉවසගෙන හිටපු බිරිඳ එක්තරා සිද්ධියක් උහුලන්නේ නැහැ. ඒ තමයි එපා තාත්තේ කිය කිය දූ හීනෙන් හඬන හඬින් තිගැස්සිලා නිදි පැදුරෙන් විසිවුණු දේවී.... එපා තාත්තේ කිය කිය දූ හීනෙන් හැඬීමෙන් අපිට සිතන්න යමක් ඉතිරි කරනවා. මේ සැමියා තමන්ගේ දුවට අතවර කරන්න හදනවා. කොයිතරම් ආදරයෙන් අනිත් හැම වරදක්ම ඉවසුවත්, ඉවසන්න බැරි වරදක් එනවා. අන්න ඒ මොහොතෙ දී බිරිඳ කුණ්ඩලකේශීව අනුගමනය කරනවා. තමන්ගේ සැමියගේ සියලු වැරදි ඉවසපු බිරිඳ අවසාන මොහොතෙ දී මන්න පාර හතක් දීලා තමන්ගේ සැමියව මරනවා.
මම හිතන්නේ හැම බිරිඳක් තුළම කුණ්ඩලකේශී කෙනෙක් ජීවත් වෙනවා. තමන්ගේ සැමියට කුණ්ඩලකේශී වගේ ආදරය කරන බිරිඳක් ජීවත් වෙනවා. හැම බිරිඳක් තුළම හැඟීම්බර ගැහැණියක් ජීවත් වෙනවා. ඉතින් ඒ ආදරණීය හැඟීම්බර ගැහැණියව තේරුම් ගන්න අප සමාජය උත්සහ කරන්න ඕනේ කියලා මට හිතෙනවා.
මේ විදියට අපිට බිරිඳ ගැන ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්. ඒත් අපිට අදට ලැබෙන කාලය මෙතනින් ඉවරයි. කතා කළ යුතු දේවල් ගොඩාක් තියෙනවා. ඒත් මම හිතනවා මේ රසවින්දනයෙන් ඔබට ලැබුණු දැනුම ඔබගේ දිවියට නව අරුතක් එක් කරයි කියලා. ඒ විදියටම අපි ලබන කලාපයේ දී අම්මා ගැන කතා කරන්න බලපොරොත්තුවෙන් අදට සමුගන්නවා.

සටහන
සුමේන්ද්‍ර පෙරේරා 


කිතු සිරිත කාව්‍යට නැඟූ ගොන්සාල්වෙස් පියතුමා

ලෝකයේ දිවි ගෙවන සමස්ත කතෝලික ජනතාව අතර ගෞරව බුහුමානයට පාත්‍ර වන ශුද්ධ වූ බයිබලය පිළිබඳව කතෝලික මෙන්ම කතෝලික නොවන ඇතැම් පිරිස් තුළ ද ඇත්තේ ගෞරව සම්ප්‍රයුක්ත භක්තියකි. ඒ දේව වචනය ශුද්ධ වූ බයිබලයේ අන්තර්ගත වන නිසාවෙනි. ක්‍රි.පූ. 900 සිට ක්‍රි.ව. 100 අතර කාල සමයේ දී රචනා වන ශුද්ධ වූ බයිබලය ප්‍රධාන වශයෙන් ගද්‍ය ස්වරූපයෙන් ඉදිරිපත් කිරීමට බයිබල් කතුවරයා උත්සහ දරා ඇති බව බයිබලය අධ්‍යයනයෙන් පෙනී යන්නේ ය. එකී ශුද්ධ වූ බයිබලය එසේ නොමැතිනම් කිතු සිරිත සිය පන්හිඳෙන් කාව්‍යට නැඟූ ප්‍රතිභා සම්පන්න පඬිවරයා පිළිබඳ බොහෝ දේ වර්තමානය වන විට කතෝලික ශාසනයෙන් වියැකී යන බව මාගේ අදහසයි. එබැවින් සිංහල කතෝලික සාහිත්‍යයේ පුරෝගාමීයා වශයෙන් විරුදාවලිය ලත් ගෞරවනීය ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා විසින් විරචිත වේද කාව්‍ය තුළින් මතුවන කිතු සිරිතේ මනස්කාන්ත සාහිත්‍ය දර්ශනය ගෙන හැර පෑම මෙම ලිපියේ අරමුණ යි.

1705 දී ලක්දිවට පැමිණෙන ඔරතෝලියානු නිකායික ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා විසින් රචනා කරන ලද සමස්ත ග්‍රන්ථ සංඛ්‍යවෙන් සිංහල භාෂාවෙන් රචනා වූ ග්‍රන්ථ සංඛ්‍යාව විස්සක් වන අතර ඉන් වේද කාව්‍යට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ක්‍රි.ව. 1725 දී පමණ රචනා වූවා යැයි සඳහන් වන වේද කාව්‍ය තුළ මුළුමනින්ම කිතු සිරිත පද්‍ය පන්ති අතර කැටි කොට දක්වන්නට ගත් වෑයමක් වශයෙන් නම් කළ හැක. පද්‍ය පන්ති 528 කින් සමන්විත වන වේද කාව්‍ය තුළ ලෝකය මැවීමේ සිට ක්‍රිස්තුස් වහන්සේගේ ස්වර්ගාරෝහණය දක්වා ප්‍රධාන සිදුවීම් පද්‍ය මගින් ගෙන හැර දැක්වීමට ගොන්සාල්වෙස් පියතුමා දක්වා ඇත්තේ නිසඟ කාව්‍ය ප්‍රතිභාවකි. සුගති උද්‍යානය, ශුද්ධ වූ ත්‍රීත්වය, මනුෂ්‍යා මැවීම, දෙව් මව් උපත, කිතු උපත, දස පණත, කුරුසයේ මරණය සහ ස්වර්ගාරෝහණය ආදි වශයෙන් ශුද්ධ වූ බයිබලයේ ප්‍රධාන සිදුවීම් අනුප්‍රාසය, ළය, එලිවැට ආදි කාව්‍ය අලංකාර තුළ සංයෝජනය කරලීමට ගොන්සාල්වෙස් සාහිත්‍ය සමත්කම් පෑවේය.
එවකට ශ්‍රී ලංකාවේ පැවති දේශීය සංස්කෘතියට අනුගතව කාව්‍යකරණය සිදු කළ ගොන්සාල්වෙස් පියතුමා විසින් සිංහල භාෂාවෙන් , සිරිලක පරිසරයට ආගන්තුක වූ ශුද්ධ වූ බයිබලයේ සිදුවීම් පද්‍ය මගින් සැදැහැවත් ජනතාව වෙත ඉදිරිපත් කරන ලදි. ගොන්සාල්වෙස් පියතුමා වේද කාව්‍ය ආරම්භ කරනු ලබන්නේ සම්භාව්‍ය සිංහල ලේඛකයන් මෙන් දේව නමස්කාරයකිනි. ශුද්ධ වූ ත්‍රීත්වයට සිදු කරන නමස්කාරයෙන් වේද කාව්‍ය සැදැහැවත් දනන් වෙත ගෙන යනු ලබන්නේ මෙලෙසිනි.

රිවි සෙබා දෙරණ’ඹ            ර
මැවු ලෙව් මෙ අප සිරි ස      ර
නමදිමි එ සුර ව                ර
සදා බැති පෙම් සිතිනි නිරතු   ර


ශුද්ධ වූ බයිබලයේ සඳහන් වන ලෝකය මැවීම සහ ඒදන් උයනේ සිරි අසිරිය දේශීය පරිසරයට ගලපා ඉදිරිපත් කර ඇත්තේ මෙලෙසිනි.

අඹ දඹ කරඹ ද රස මොර ගිර          ඹා
ලොබ කර බුදිනා මී අඹ පත            ඹා
ලඹ කර තුරු නැමී මා මොර ඇට       ඹා
නිබඳම බුදිනට මැව්වේ සසො           බා

ඒදන් උයන පිළිබඳව ඕලන්ද පාලනයෙන් පීඩාවට පත්ව සිටි කතෝලික බැතිමතුන්ට දැනවීමට ගොන්සාල්වෙස් පියතුමා යොදා ගනු ලබන්නේ දේශීය පරිසරය යි. අප පරිසරයේ දී නිතර අපට ඇස ගැටෙන වස්තූන් තුළින් ගොන්සාල්වෙස් පියතුමා කාව්‍ය පබඳින්නේ දේශීයත්වය තුළින් ගොඩනැඟුණු ලක් කිතු සසුනක් ස්ථාපිත කිරීමේ බලාපොරොත්තුවෙනි. ශුද්ධ වූ බයිබලයේ සඳහන් නොවන විසිතුරු පලතුරු වර්ග සුගති උද්‍යානයේ ඇති බව දක්වන්නට ගොන්සාල්වෙස් පියතුමා උත්සහ දරා ඇත. පේර, ජම්බු, නාරං, අන්නාසි, වීර, පලු, සිදරන්, රසැඹිල්ල... ආදි නොයෙක් වර්ගයේ පලතුරු සහ ඉද්ද, මානෙල් ආදි වු පුෂ්පයන්ගෙන් සුගති උද්‍යානය සැරසීමට එතුමෝ සමත් විය. සුගති උද්‍යානයේ අසිරිය මෙන්ම කිතු උපතේ අසිරිය ද මනහර කාව්‍ය රචනයෙන් පබඳින්නට එතුමා සමත් වූයේ මේ ආකාරයට ය.

පුන් සඳ වලාවෙන් පෑවූවා ලෙසි                 නේ
රන් කරඬුවෙන් එලියට ගත් මැණික මෙ         නේ
තැන් ලොව පසිඳු පිත් දෙව් කුමරුන් උප        නේ
පින් ඇති දෙවිඳු කන්‍යා කුසින් බිහි වු            ණේ

ශ්‍රී ලාංකික බෞද්ධ සාහිත්‍යයේ එන ඇතැම් ආභාෂයන් ගොන්සාල්වෙස් පියතුමාගේ කාව්‍ය රචනාවන් තුළින් මනාවට පිළිඹිබු වේ. බෞද්ධ භික්ෂූන්ගෙන් සහ ගස්කොන් අධිකාරම් තුමාගෙන් සිංහල භාෂාව පිළිබඳ ලත් දැනුම නිසාවෙන් නිසඟයෙන් ම එතුමාගේ කාව්‍යකරණයට බෞද්ධ සාහිත්‍යයේ බලපෑම එක් වන්නට විය. සිංහල බෞද්ධ සාහිත්‍යයේ එන පුන් සඳ, දඹදිව, විසාලා නුවර, යමයින්, බිම්බර සේනාව, පෝරුව ආදි වචනාර්ථයන් ගොන්සාල්වෙස් පියතුමාගේ වේද කාව්‍යයේ පද්‍ය පන්තීන් අතර දී අපට හමු වේ. ජකෝමේ ගොන්සාල්වෙස් පියතුමා ලක්දිවට වැඩම කර එවකට පැවති බුදුගුණාලංකාරය, ගුත්තිල කාව්‍යය, සුභාෂිතය ආදි සම්භාව්‍ය පතපොත පරීශීලනය කරන්නට වූයේය. එබැවින් අපට මුල් යුගයේ දී ආගන්තුක වූ කිතු සමය කෙරෙහි ජනතාවගේ භක්තිය ලබා ගැන්මට එතුමෝ මෙවැනි කාවf්‍යා්පක්‍රම භාවිත කරන්නට විය. එබැවින් දේශීය කතෝලික සාහිත්‍යක් කෙරෙහි ලක්දිව කිතු සසුන මෙහෙය වූ පඬිවරයා බවට පත් වන්නේ ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා ය.
වේද කාව්‍යයේ දී ගොන්සාල්වෙස් පියතුමා විසින් රජ තුන් කට්ටුව ජේසූ බිලිදාණන්ව බැහැදැකීමට යාම පද්‍යයෙන් ඉදිරිපත් කරනු ලබන්නේ මේ ආකාරයෙනි.

රජ තුමෝ තුන් දෙ                      න
දෙවියන් දකින අදරි                     න
වෙන වෙන පඬුරු ගෙ                  න
තොසින් නික්මව යන්නට නො ලසි     න

ක්‍රිස්තුස් වහන්සේගේ නාමයට නමස්කාර කරමින් පද්‍යයෙන් ශුද්ධ වූ බයිබලය රචනා කර එවකට පීඩා විදි කතෝලික ජනයා වෙත වේද කාව්‍ය ඉදිරිපත් කරනු ලබන්නේ ඔවුන් තුළ දේව භක්තිය සහ දිව්‍ය සංරක්ෂණය ඇති කරලීම පිණිස ය. එමනිසා උන්වහන්සේ සියතින් පබැඳෙන කවියෙහි සාහිත්‍ය පිළිබඳ අවධානය යොමු කර වූයේ නැත. නමුත් ගොන්සාල්වෙස් පියතුමාගේ පද්‍ය සංකල්පනාවන් තුළ සම්භාව්‍ය සාහිත්‍ය ගුණාංගයන් අන්තර්ග්‍රහනය වූ නිසාවෙන් එඞ්මන්ඞ් පීරීස් රදගුරු තුමා වැනි චරිත ගොන්සාල්වෙස් සාහිත්‍ය ප්‍රශංසාවට ලක් කළේ ය. එනමුත් ගොන්සාල්වෙස් පියතුමාගෙන් පසු එතුමෝ ගොඩනංවන ලද දේශීය කිතුනු සාහිත්‍ය නම් වූ භවනේ සුවිසල් ප්‍රාකාරය ගොඩනංවන්නට දැවැන්ත පුරුෂයෙක් නොවීය. එබැවින් බි්‍රතාන්‍ය පාලන යුගයේ දී ලක්දිව කතෝලික සාහිත්‍ය ඉංග්‍රිසි සාහිත්‍යයේ පරිවර්තනයක් බවට පත් විය. ඉන්පසු එනම් නිදහසින් පසු යුගයේ දී ගරු. එඞ්මන්ඞ් පීරිස් රදගුරු තුමා සහ ගරු. මර්සලීන් ජයකොඩි පියතුමා අතින් සිදු සාහිත්‍ය සේවය ගොන්සාල්වෙස් සාහිත්‍යයේ ඉදිරි පිම්මක් වූයේ ය.

සාහිත්‍ය යනු යම්කිසි ජාතියක හෝ ජන කොටසක අනන්‍යතාවය පිළිඹිබු කරන කැඩපතකි. එසේනම් කිතුනු ජන කොට්ඨාසයේ අනන්‍යතාවය පිළිඹිබු කරනු ලබන ගොන්සාල්වෙස් පියතුමාගේ සාහිත්‍ය පිළිබඳව අපගේ අවධානය දැන් යොමු විය යුතුව ඇත. මන්දයත් දිනෙන් දින අභාවයට යන ගොන්සාල්වෙස් සාහිත්‍ය පිළිබඳව අනාගත පරපුර දැනුම්වත් කිරීම මෙන්ම සාමාන්‍ය ජනයා අතර ගොන්සාල්වෙස් සාහිත්‍ය ප්‍රචලිත කිරීම සභා නායකයන්ගේ අවධානයට ලක් විය යුතු කාලෝචිත පියවරක් වන්නේ ය. 
වරක් ගැයීම දෙවරක් යැදීමක් බව යථාර්ථයක් වන්නේ නම් වේද කාව්‍ය ශුද්ධ වූ බයිබලය ගැඹුරින් මෙනෙහි කිරීමක් වන්නේ ය.

දමිත් සුමේන්ද්‍ර
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය

We can do it.....

මිනිස් සිත හරි පුදුමාකාරයි. සතුට සේම දුක ද එක සේ විඳ දරා ගන්නට හැකි ශක්තියක් සිතකට තිබිය යුතුය. දුක වේදනාවක් නම් අප ළං කර ගත යුත්තේ සතුට. සතුට නිකම්ම ලැබෙන දෙයක් නොවන බව ද සත්‍යයකි.
එහෙනම්, අප සතුට කරා යා යුත්තේ කුමන ආකාරයෙන් ද? සතුට ඇති තැන නිරෝගී සුවය ද නිරෝගී සුවය ඇති තැන පරමායුෂ ද පරමායුෂ ඇති තැන ශක්තිය ද ශක්තිවන්තයෙකු ද බිහි වන්නේ ය. එලෙසින්ම මේ සියල්ල ඇති මිනිස් සිතට ලැබෙන්නේ අපමණ අගයක් බව ද අප වටහා ගත යුතුය. එහෙම බලන විට මානව දිවිය නිරෝගීමත්ව තබා ගැනීමට අපට අවශ්‍ය කරන ප්‍රධාන සාධකවන් අතරින් ව්‍යායාමය ප්‍රධාන තැනක් ගනී. මිනිසාගේ කායික මෙන්ම මානසික සුවය පවත්වාගෙන දී ව්‍යායාම මගින් ලබා දෙන්නේ නොමඳ අත්වැලකි. එලෙසින් වෙනස් වන ජීවන රටාවකට අනුගත වෙමින් මානවයාට අවශ්‍ය ව්‍යායාමය ලබා දීමට මේ වන විට ව්‍යායාම මං තීරූ හා ජිම් මධ්‍යස්ථාන අද වන විට ලෝකය පුරා එකසේ පැතිර තිබේ. ඒ නිසා ජිම් ගැන කතා කරන්නට අද බාල, තරු ණහා වැඩිහිටි පුද්ගලයින් ද යොමු වෙයි.
ලෝකය පුරා ජනප්‍රියත්වයක් ලබා ගැන ඇති මාතෘකාවක් වන ජිම් ගැන අප ලබා ඇති දැනුම කෙබඳු ද ? නිවැරදිව අප ජිම් මධ්‍යස්ථානයක ක්‍රියාවලිය වටහා ගෙන තිබෙනවා ද ? නැතිනම් අපි ජිම් භාවිතා කරන්නේ අනිත් අය කරන්නන් වාලේ කිරීමට ද ? ඒ හින්දා මේ ප්‍රශ්න අප, අපෙන්ම ඇසිය යුතුයි.
හැබැයි මේ ලෝකේ තියෙන හැම ප්‍රශ්නයකටම පිළිතුරක් තියෙනවා වගේම, මේ ප්‍රශ්නයටත් නිවැරදි පිළිතුරක් සොයා ගත යුතුයි. එහෙම නම් අප කළ යුත්තේ දන්නා දැනුමැත්තෙකුගෙන් පිහිට පතා , මේ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරක් ගැනීමයි. ඈ ඒ සඳහා ඉහළ සුදුසුකම්ලාභිනියක හමු වූවාය. වෘත්තියෙන් වෛද්‍යවරියක වු ඇනා කරලිනා අද මාලඹේ ඊදාහ ෘදජ ආයතනයේ ප්‍රධානියා වෙයි. මේ උක්ත කරුණු අරඹයා දිගහැරෙන්නේ ඇගේ විවරණය යි.
ඔව්. මුලින්ම මම ඈ දෙවනි ගමනේ මංගල කලාපයට මගේ සුභ ප්‍රාර්ථනා කරනවා, ලංකාවේ කාන්තා සඟරාවල හැරවුම් ලක්ෂයක් ඇති කරන්න ඈ ට හැකියාව ලැබේවා යි කියා මම ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා.
ඇත්තටම අපි අද මේ කතා කරන්න යන මාතෘකාව වඩාත් කාලෝචිතයි කියලා මට හිතෙනවා. මොකද අද වෙන කොට බාල, තරුණ, වැඩිහිටි කා අතරත් කතා බහට ලක්වෙන මාතෘකාවක් වෙලා තියෙන්නේ ජිම්. අපි ජිම් එකකට යන්න කලින් දැනගන්න ඕනේ ජිම් මධ්‍යස්ථානයක් කියන්නේ මොකද්ද කියලා. ඇත්තටම ජිම් එකක් කියන්නේ ශරීර සුවතා මධ්‍යස්ථානයක්. ඒ වගේම තමයි ජිම් එකකට එන අය ළඟ විවිධ අරමුණු තියෙන්න පුළුවන්. ශරීරයේ බර අඩු කර ගන්න, ශරීරයේ මාංශ පේශී වර්ධනය කර ගන්න, ක්‍රීඩා කටයුතුවලට අවශ්‍ය ශරීර යෝග්‍යතාවය පවත්වා ගන්න වගේම රෝග වළක්වා ගැනීම අරමුණු කර ගෙනත් බොහෝ දෙනා අද ජිම් භාවිතා කරනවා. වැදගත්ම දෙයක් තමයි ලෝකයේ වගේම ලංකාවෙත් සියයට අසූවක් පමණ ප්‍රතිශතයක් ජිම් භාවිතා කරන්නේ ශරීරයේ බර අඩු කර ගන්නයි. ඒ නිසා ජිම් එකක් කියන්නේ කායික වගේම මානසික සුවය පවත්වා ගැනීමට අපට උපකාරී වන ශරීර සුවතා මධ්‍යස්ථානයක් කියලා සරලව පෙන්වා දෙන්න පුළුවන්.
ඒ වගේම අද ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි, ජිම් එකකට ගියොත් අපිට ලැබෙන ප්‍රයෝජන මොනව ද කියලා. ගොඩක් අය හිතන්නේ ජිම් එකකට කවුරු හරි යන්නේ මංශපේශී වර්ධනය කරගන්න කියලා. ඇත්තටම ඒක සම්පූර්ණයෙන්ම වැරදි අදහසක්. ජිම් එකකින් අපිට ලැබෙන ප්‍රයෝජන වර්ග දෙකක් තියෙනවා. ඒ තමයි කායික වශයෙන් ලැබෙන ප්‍රයෝජනයි. මානසික වශයෙන් ලැබෙන ප්‍රයෝජනයි. ශරීරයේ බර අඩු කර වීම, ශරීරයේ මාංශ පේශී වර්ධනය වීම, ක්‍රීඩා කටයුතුවලට අවශ්‍ය ශරීර යෝග්‍යතාවය පවත්වා ගැනීම වගේම රෝග වළක්වා ගැනීම ජිම් එකකින් අපිට ලැබෙන කායික ප්‍රයෝජන හැටියට පෙන්වන්න පුළුවන්.
ඒත් අද ගොඩක් අය හරියටම දන්නේ නැහැ ජිම් එකකින් මානසික සුවයට ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා. මෙතන දි කියන්න ඕනේ දෙයක් තමයි ලෝකයේ සියදිවි නසා ගැනීම් අතින් ලංකාව ඉහළ ස්ථානයක පවතිනවා. වෛද්‍යවරු පෙන්වා දෙන්නේ සියදිවි නසාගැනීමට බලපාන්නේ මානසික ආතතිය කියලා. ඉතින් ඒ මානසික ආතතිය අඩු කරගන්න ජිම් එකෙන් නැතිනම් ව්‍යායාමයෙන් ලොකු උදව්වක් ලැබෙනවා. ඒ වගේම දවස සතුටින් ගෙවන්න, දවසේ වැඩ ටික හොඳින් කරගන්න, අභියෝගවලට මුහුණ දෙන්න වගේම ආත්ම තෘප්තිය ඇති කරගන්නත් ජිම් එකෙන් ලොකු උදව්වක් ලැබෙනවා. ඒ හින්දා අපි දැනගන්න ඕනේ ජිම් යන එක කරන්නං වාලේ නොකර, හොඳින් දැනුවත් වෙලා ජිම් එකකට යන්න.
මම ඉස්සෙල්ලා කියපු විදියට ජිම් එකකට ගියාම ඒකෙන් අපිට ගොඩක් ප්‍රයෝජන තියෙනවා. ඒ ප්‍රයෝජන ගන්න ඕනේ නම් අපි හරි වයසේ දිම ව්‍යායාම නැතිනම් ජිම් එකකට යන්න පටන් ගන්න ඕනේ. ඇත්තටම ගොඩක් අය මගෙන් අහන දෙයක් තමයි  ජිම් භාවිතා කිරීමට වයස් භේදයක් තියෙනව ද ? කියලා.  සාමාන්‍යයෙන් වයස අවුරුදු 12 න් ඉහළ දරුවන්ගේ සිට ඕනෑම පුද්ගලයෙක්ට ජිම් එකකට යන්න පුළුවන්. මොකද ජිම් එකක දි කරන බර ඉසිලීම් වැනි ව්‍යායාම අවුරුදු 12 න් පහළ දරුවන්ට ගැලපෙන්නේ නැති නිසා , ජිම් එකක් භාවිතා කරන්න හොඳම වයස වෙන්නේ අවුරුදු 12 යි. ඒ වගේම තමන්ගේ ජීවිත කාලය පුරාවමට ව්‍යායාම කිරීම දෛනික පුරුද්දක් විදියට පවත්වා ගෙන යෑම බාල, තරුණ, මහලු කාටත් ප්‍රයෝජනවත් දෙයක් වෙනවා.
අපි දැන් කතා කළා ජිම් එකකට යන්න හොඳම කාලය මොකද්ද කියලා. හොඳම කාලයේ දි අපි ජිම් එකකට ගියත් අපි මුලින්ම අපේ සෞඛ්‍ය තත්ත්වය ගැන සැළකිලිමත් වෙන්න ඕනේ. ජිම් එකක සාමාන්‍ය ක්‍රියාවලිය වෙන්නේ අලුතින් එන පුද්ගලයින්ව ප්‍රථමයෙන්ම වෛද්‍යවරයෙකු ලවා රෝග පරීක්ෂාවකට ලක් කිරීම. ඊට පස්සේ අධික රුධිර පීඩනය, දියවැඩියාව, හෘද රෝග වැනි රෝග තියෙනවා නම් සති තුනක විතර කාලයක් ව්‍යායාමයට අවශ්‍ය ශරීර යෝග්‍යතාවය නිර්මාණය කරලා තමයි  ජිම් එකේ ව්‍යයාම පාඨමාලාවට ඇතුළත් කර ගන්නේ. වැදගත්ම දෙය තමයි, වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත ජිම් එකකට ඇතුළත් වීම. ඒ උපදෙස් අපි හරියටම පිළිපැද්දොත් අපි ජිම් එකකට යන අරමුණ ඉතාමත් හොඳින් ඉටුකරගන්න පුළුවන්.
මම දන්නවා අපේ ඈ පාඨකයන්ගෙන් සමහර අය ජිම් එකකට යන්න ආසාවෙන් ඉන්නේ කියලා. ඒ නිසා ඒ වගේ අලුත් අය දැනගන්න ඕනේ ජිම් එකක ක්‍රියාවලිය කොහොම ද හැදෙන්නේ කියලා. මුලින්ම අලුතින් ජිම් එකකට එකතු වන අයව මූලික වෛද්‍ය පරීක්ෂණයකින් පසුව සති තුනක පමණ කාලයක් ව්‍යායාමවලට ගැලපෙන්න හෘදයේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරනවා. ඊට පස්සේ ක්‍රම ක්‍රමයෙන් ශරීරයේ සෞඛ්‍ය තත්ත්වය හා සාමාජිකයාගේ අරමුණ අනුව පළපුරුදු පුහුණුකරුවන් යටතේ ව්‍යායාම වැඩසටහනට යොමු කරනවා. වැදගත්ම දෙයක් තමයි, තමන්ගේ අරමුණ ඉටු වුණාට පස්සේ බොහෝ දෙනා ව්‍යායාම කිරිම නතර කරනවා . ඒක සම්පූර්ණ වැරැද්දක්. මොකද බොහෝ වෙහෙස මහන්සි වෙලා තමන් සාර්ථක කර ගත්තු අරමුණ ටික කාලයකින් නැතිවෙලා යනවා. ඒ නිසා ව්‍යායාමය කියන්නේ මුළු ජීවිත කාලය පුරාවටම පවත්වා ගත යුතු පුරුද්දක්.
අද අපේ සමහර අය දිනපතා ජිම් එකකට එනවා. සමහර අය සුවතා මං තීරුවල ව්‍යායාම කරනවා. තවත් සමහර අය නිවසේ ඉඳන් ව්‍යායාම කරනවා. ඒ වුණාට අපි කරන ව්‍යායාමවලින් අපට ලැබෙන ප්‍රයෝජනය සියයට විස්සක් විතරයි. ඉතුරු සියයට අසූවම තියෙන්නේ ගෙදර මුළුතැන්ගෙයි. තමන් දැනගන්න ඕනේ තමන්ගේ අරමුණට යන්න ඕනේ නම් තමන් තුළ දැඩි අධිෂ්ඨානයක් තියෙන්න ඕනේ කියලා. අපි හැම වෙලාවෙම උත්සහ ගන්න ඕනේ සමබර වගේම නිරෝගීමත් ආහාර වේලක් ගන්න. එළවළු, පලතුරු, ධාන්‍ය වර්ග, කෘමිනාශක භාවිතයෙන් තොර ආහාර, කෙඳි සහිත ආහාර, මුහුදු ආහාර භාවිතයට ගැනීම වැදගත් වෙනවා. ඒ වගේම තමයි අපි සමහර ආහාර පුරුදු අතාරින්න ඕනේ. ෂෝර්ට් ඊට්ස්, නූඞ්ල්ස් , සත්ත්ව මේදය සහිත ආහාර වැනි ක්ෂණික ආහාර භාවිතයෙන් මුළුමනින්ම වැළකීමට අපි වග බලාගන්න ඕනේ. ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි දිනකට වතුර ලීටර් 7 ක් 8 ක් විතර පානය කරන්න අවශ්‍ය වෙනවා, වගේම පැය අටක පමණ නින්දයක් අනිවාර්්‍යයෙන්ම ලබා ගන්න ඕනේ. ලෝකේ තියෙන හොඳම ජිම් එකක, හොඳම පුහුණුකරුවන් ළඟ කුමන ආකාරයේ ව්‍යායාමවල නිරත වුණත් ආහාර පාලනයක් තමන් ළඟ නැතිනම් තමන්ගේ අරමුණ ඉටු කරගන්න බොහෝම අසීරු වෙනවා. ඒ නිසා අපි දැනගන්න ඕනේ අපේ ව්‍යායාමයේ දි ආහාර පාලනය වැදගත් දෙයක් වෙනවා කියලා. කොහොම වුණත් ජිම් එකක දි ව්‍යායාම වගේම නිවැරදි ආහාර පාලන ක්‍රමවේදයන් ගැන උපදෙස් දෙන නිසා ජිම් එකක් භාවිතා කරන එක අපි කාටත් වැදගත් දෙයක් වෙනවා. ඒත් ව්‍යායාම කරන්න ජිම් එකක් අවශ්‍ය වෙන්නෙම නැහැ. තමන්ට පුළුවන් විදියට ඇවිදින්න, දුවන්න පුළුවන් නම් හැමදාම ඔබට හොඳ ව්‍යායාමයක් ලබා ගන්න පුළුවන්. ඒ වුණාට ජිම් එකකට ගියාම අපිට අලුත් ව්‍යායාම ඉගෙන ගන්න වගේම හොඳ සේවයක් ලබා ගන්න පුළුවන්. අපිට ලැබෙන ඒ සේවය හින්දා අපේ අරමුණ හොඳින් ඉටුකරගන්න පුළුවන්.
අපි ලබන මාසයෙත් හමුවෙන බලාපොරොත්තුවෙන් මට කියන්න තියෙන්නේ, තමන්ට පැහැදිලි අරමුණක් තිබීම ව්‍යායාමයේ දි වැදගත් වෙනවා. නිරෝගීමත් ජිවිතයකට මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොර වීමත් වැදගත් වෙනවා. මත්ද්‍රව්‍ය භාවිතය නිසා ශරීරයේ ඇති වන විස නැති කිරීමට ව්‍යායාමයට හැකියාවක් නැහැ. ඒ නිසා අනිවාර්්‍යයෙන්ම මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොරවීම මෙහිදි වැදගත් වෙනවා. ඒ වගේම තැන කොතැන වුණත් තමන්ගේ හිතේ තියෙන අධිෂ්ඨානය අනුව ව්‍යායාමයේ නිරත වීම වැදගත් වෙනවා. කොච්චර කාර්යය බහුල වුණත් ව්‍යායාමයට වේලාවක් වෙන් කරගෙන ජිවිත කාලය පුරාවටම පුරුද්දක් හැටියට ව්‍යායාමය පත් කර ගන්න ඈ පාඨක අපි අධිෂ්ඨාන කරගන්න ඕනේ. ඒ නිසා අධිෂ්ඨානයෙන් යුතුව කැපවීමෙන් ව්‍යායාමයේ නිරත වුණොත් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වෙනවා. මේ විදියටම අපි ලබන මාසයේදීත් ව්‍යායාම ගැන ඔයාව දැනුවත් කරන්න බලාගෙන විරාමයක් තියෙනවා. මතක තියාගන්න ඕනේ මේ විරාමය ඔබේ ජීවිතයේ නිරෝගීමත්කම වැඩි කරන, සතුට ගෙන එන කාලයක් කරගන්න ඔයා සැළකිලිමත් වෙන්න ඕනේ කියලා.







ශ්‍රී ලංකාවේ ආගමික සන්නිවේදනය උදෙසා මුද්‍රිත මාධ්‍යයේ දායකත්වය


ශ්‍රී ලංකාවේ ආගමික සන්නිවේදනය උදෙසා මුද්‍රිත මාධ්‍යයේ දායකත්වය


ලංකාවේ බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයත් සමඟම ආරම්භ වන පුවත්පත් කලාව, ලංකාවේ එවකට පැවති දේශපාලනය, සමාජය සහ ආර්ථිකය යන කාරණා සමඟ ඍජුව බැඳී පැවතුණි. බි්‍රතාන්‍ය පාලන සමයේ දී ආරම්භ වන පුවත්පත් කලාව සුවිශේෂී වෙනස්කම් රැසකට භාජනය කරනු ලබන්නේ 1860 දී ආරම්භ වන ලංකාලෝකය පුවත්පතයි. ඉන් ආරම්භ වන ලාංකේය පුවත්පත වර්තමාන පුවත්පතේ ආකෘතියට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වූයේය. එයට බලපෑ ප්‍රධාන සාධකය වන්නේ 19 වන සියවසේ මෙරට ඇති වන ආගමික ශාස්ත්‍රීය පුනරුද ව්‍යාපාරයයි. 1860 දී ආරම්භ වන ලංකාලෝකය පුවත්පතේ අන්තර්ගතය තුළ වඩාත් කැපී පෙණුන සාධකය වන්නේ ආගමික කරුණු පාඨකයා වෙත ගෙන ඒමයි. එතැන් සිට ආරම්භ වන ලාංකේය මුද්‍රණ කර්මාන්තයේ මුහුණුවර ආගමික මුහුණුවරකට වෙනස් වන්නට මුල පිරී ය. පුවත්පත් හා සඟරා ඉතිහාසය පිළිබඳ කලුකොදයාවේ පඤ්ඤාසේකර හිමියන් දක්වන ආකාරයට මෙරට ආගමික සන්නිවේදන ව්‍යාපාරයෙහිලා මූලික වශයෙන් දායක වු පළමු මුද්‍රිත මාධ්‍ය වන්නේ සඟරා ය. කලුකොදයාවේ පඤ්ඤාසේකර හිමියන් සිය පුවත්පත් සඟරා ඉතිහාසය ග්‍රන්ථ වෙළුම් තුළ දී මෙරට පවතින ආගමික පුවත්පත් හා සඟරා පිළිබඳ දක්වන සංක්ෂිප්ත විශ්ලේෂණය සහ පසුකාලීනව මහාචාර්ය සඳගෝමී කෝපරහේවා දක්වන පර්යේෂණ මෙහිදි සිදු කරනු ලැබූ ශාස්ත්‍රීය පර්යේෂණයන් වෙති.
ආගමික පුවත්පත් වශයෙන් ඍජුව පුවත්පත් ඉතිහාසයේ දී හමුවන පුවත්පත් එසේ නම් නොකළ ද ඒවායෙහි අන්තර්ගතය අනුව එම පුවත්පත් ආගමික පුවත්පත් වර්ගීකරණයට ලක් වෙයි. මුල් යුගයේ දී එනම් 19 වන සියවසේ දී ආරම්භ වන සිංහල පුවත්පත් ඉතිහාසය මුළුමනින්ම මතු වන්නේ ආගමික පුවත්පත් තුළිනි. එබැවින් මෙරට පුවත්පත් ඉතිහාසයෙන් ආගමික පුවත්පත් වෙන් කර දැක්වීම අපහසු කරුණක් වන බැවිනි. මූලික වශයෙන් බෞද්ධ, ඉස්ලාම් හා හින්දු ආගම් මුල් කරගනිමින් ආරම්භ වන ආගමික පුවත්පත් කර්මාන්තය සීඝ්‍ර වශයෙන් 19 වන සියවසේ දී ව්‍යාප්ත වුව ද 21 වන සියවස වන විට ආගමික පුවත්පත් කර්මාන්තය අභාවයට ලක් වන ආකාරය හඳුනාගත හැකිය. 19 වන සියවසේ ඇති වු ආගමික ශාස්ත්‍රීය ප්‍රබෝධයට මුල් වු මුද්‍රිත මාධ්‍ය අද වන විට පවතින්නේ පසුගාමී මට්ටමක ය.
මෙම පර්යේෂණයේ දී ලංකාවේ 19 වන සියවසෙන් ආරම්භ වූ ආගමික පුවත්පත් කර්මාන්තයේ ආගමනය 20 වන සියවස හරහා 21 වන සියවසේ පවතින ස්ථානය අධ්‍යයනයට ලක් කෙරේ. ප්‍රධාන වශයෙන්ම පුවත්පත් මාධ්‍ය සමාජයේ ප්‍රතිරූපයක් වන බැවින් 19 වන සියවසේ සමාජ නිරූපණය මුල් යුගයේ පුවත්පත් තුළින් ද 21 වන සියවසේ සමාජ නිරූපණය නූතන යුගයේ පුවත්පත් තුළින් ද විදහා දැක්වෙයි. 21 වන සියවස වන විට ප්‍රධාන තලයේ පවතින ආගමික පුවත්පත් තුළින් නිරූපණය වන සමාජමය තොරතුරු වාර්තා කිරීම සිදු වන්නේ පවතින ආගමික මතවාදයන් මත භේදයන්ට ලක් කරමිනි. පුවත්පත් මෙන්ම සඟරාවන් තුළින් සිදුවන ආගමික සන්නිවේදන කාර්යයේ දී එහි සාර්ථකත්වය 19 වන සියවස සහ 21 වන සියවස අතර සංසන්දනාත්මකව විශ්ලේෂණය කිරීම කාලෝචිත ය.



Tuesday, 5 March 2019

ජනමාධ්‍ය අපරාධ සඳහා මුල් පොත් තබයි ද ?

අපරාධ අද සමාජයේ පමණක් නොව අතීතයේ පටන් පවතින දෙයකි . මිනිසා සහ ඔහුගේ මනස අතර වන ගැටුම තුළින් අවසානයේ ඔහුගේ මනසේ වුණු අමානුෂික හැසිරීම නිරූපණය වීම අපරාධයෙ ස්වරූපය වන්නේය .
අපරාධය එලෙස අර්ථ දක්වන විට ජනමාධ්‍ය යනු විසර්ජන සාධකයකි . යථෝක්ත සාධක දෙක එනම් , අපරාධ සහ ජනමාධ්‍ය මිතුරන් වීමට ද හැකිය . මන්ද  අපරාධය සමාජය තුළ රඳා පවතින්නේ ඊට ලැබෙන ජනප්‍රිය බව තුළය . අද ලංකාවේ බොහෝ රූපවාහිනී නාලිකාවල අපරාධ , අනතුරු සඳහා මූලික ස්ථානයක් ලබා දෙයි . විශේෂයෙන් අනතුරු වැනි කාරණා වාර්තා කිරීමේදී cctv දර්ශන, digital remake, ඇසින් දුටුවන්ගේ අදහස් යොදා ගනී . තවද එම පුවත මාසයක් නැතිනම් වසරක් පුරාවට විකුණා කන්නට ජනමාධ්‍යට හැකිය . ඔවුන් එයින් ලාභ ලැබුවත් , එය ජනතාවගේ ජීවිතය අනතුරේ දැමීමකි . එමනිසා නූතන ජනමාධ්‍ය අපරාධ සඳහා ජනතාව යොමු කරන ආයතනයක් බවට පත්වෙයි .

දමිත් පෙරේරා 

කවුද මේ Social Media Influencers කියන්නේ?

  කවුද මේ Social Media Influencer කියන්නේ? 🏷️සමාජයේ ජීවත් වන පුද්ගලයන්ගේ මතවාද සකස් කිරීමට දායක වන පිරිස් ජනමත නායකයින් හෙවත් Public Opinio...